IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


තේරීම් කාරක සභාවට නොයෑමට සන්ධානයේ තීරණයක්

(ඩයනා උදයංගනී)

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානය හෝ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරමින් කිසිවෙකුත් සහභාගී නොවීමට තීරණයක් ගෙන ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර මහතා පැවසීය.
 
මෙම තේරීම් කාරක සභාව ප‍්‍රශ්නයට විසදුමක් ලෙස පත්කළ එකක් නොව ප‍්‍රශ්නය යටගැසීමේ උත්සාහයක් බව පෙනී යන නිසා මෙම තීරණය ගත් බවද මහලේකම්වරයා කීවේය.
 
එබැවින් පාර්ලිමේන්තුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් 96 දෙනාගෙන් කිසිවෙකුත් මෙයට සහභාගී නොවන බව හෙතෙම සදහන් කළේය.
 
මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (23) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 ( ඡායාරූපය- රොමේෂ් ධනුෂ්ක සිල්වා ) 
            



අදහස් (4)

තේරීම් කාරක සභාවට නොයෑමට සන්ධානයේ තීරණයක්

රවින් Thursday, 23 May 2019 08:44 AM

වර්ජනය යනු ප්‍රශ්න වලට විසදීමක් නොවේ. ප්‍රශ්න දික්ගැස්සිමක් පමණි.

:       0       0

ලසන්ත Thursday, 23 May 2019 11:20 AM

රිෂාඩ් බදියුදීන් පළමුවෙන් ඇමතිකම් දැරුවේ සංධානයේ රජය යටතේ කියලයි මතක. සිංහලයන්ගේ බඩගෝස්තරවාදී දේශපාලනයට අනුව බෙදී සිටීම නිසා සුලු ජාතීන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා. මෙම තීරණයෙන් වෙන්නේත් නියපොත්තෙන් කඩන්න පුලුවන්දේ පොරවෙන් කපන්න ඉඩහැරීමක්

:       0       0

fasmy Thursday, 23 May 2019 01:16 PM

මෙතෙනට යන්නේ නැ කියන්නේ ඔයාල ජාතිවාදී වෙලා කියන තේරුම අපි ගන්නේ

:       0       0

Don Friday, 24 May 2019 04:03 AM

තේරීම් කාරක සභාවක් ඉල්ලුවේ මෙයාලමයි. සහභාගී වෙන්න බැහැ කියන්නෙත් මෙයාලමයි. හතර බීරි කතා.

:       0       15

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 541 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 340 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1089 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 63 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2338 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 430 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 228 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site