(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)
තේ නිෂ්පාදනයේදී සීනි කලවම් කිරීම සම්බන්ධ තේ නිෂ්පාදන කරුවන්ට එරෙහිව දැඩි පියවර ගැනීම කෙරෙහි වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවැසීය.
කුරුණැගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා එසේ පැවැසීය.
දයාසිරි ජයසේකර මහතා - තේ කුඩුවලට සීනි කලවම් කිරීමෙන් තේ වල ගුණාත්මක භාවය අඩු වෙනවා. මේ දේ කරන කර්මාන්තශාලා හයසිය ගණනක් තියෙනවා.නමුත් අහුවුණේ 53යි.මේ නිසා කුඩා තේවතු හිමියන් අමාරුවේ වැටිලා.මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද?
ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා - මේවා වැටලීම් කරලා අහුවෙන අය අධිකරණයට ගියාම නීතිඥ මහත්වරු නොයෙක් දේවල් කියලා ඒ අය නිදහස් කර ගන්නවා.මේ නිසා මේ අයට දඬුවම් දීමට ඇති පාර්ලිමේන්තුවේ නීති හදන්න ඕන.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති ගයන්ත කරුණාතිලක මහතා - දැනට කරන්නේ මේකට අහුවුණාම තේ නිෂ්පාදනය තාවකාලිකව අත්හිටුවනවා.වරද සමථයකට පත් කිරීමේ ගාස්තුව අය කරනවා.තේ කොමසාරිස්ට බලය තියෙන්නේ බලපත්‍ර අවලංගු කිරීම සහ අධිකරණ ක්‍රියා මාර්ග වලට යොමු කිරීමයි.
වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මේ ගැන දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමට පියවර ගනිමින් සිටිනවා.
ඕමාන මුහුදේදී අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනකු බේරා ගැනීමට ඉරාන හදිසි සේවා සමත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බවට කළ පොරොන්දුවකින් එක වාර්තාවක් අතපුච්චාගත් බවත් බලයට පැමිණි පසු පාස්කු දින ත්‍රස්ත ප්‍රහ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම
සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීම සදහා පොලිස් නිලධාරීන් 100 ක් පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේ පුහුණුවීම් සිදුකරමින් පවතින බව පොලිස් මූලස්ථානය පවසය
අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම මානවහිතවාදී දේශපාලනඥයකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්
ඥානාර්ථ ප්‍රදීපය කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණී පියතුමා අනිද්දා(19) පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
තේ වලට සීනි කලවම් කරන කර්මාන්තකරුවන්ට දැඩි පියවර
රවින් Thursday, 20 September 2018 09:11 AM
කොහොමද පියවර ගන්නේ. තේ /සිනි පිලිබඳ සොයා බලන්න පත්කළ කමිටු පුටු හොඳ නැහැ කියලා අලුත් පුටු ඇනවුම් කරලා. පුටු එනකම් වැඩ නැහැ කියලා ප්‍රවෘත්තියක් තිබුනේ පහුගිය දවස් වල ..