IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


තේ කම්හල් හිමියෝ මිල සූත්‍රයට කටු ගහති

(විනීතා එම් ගමගේ)

තේ කම්හල්වලට අමු දළු සපයන්නන්ට කම්හල් හිමියන් විසින් අමුදළු කිලෝවක් සඳහා ගෙවිය යුතු මිල වෙනුවට රුපියල් 20 ත් 30 ත් අතර මුදලක් අඩුවෙන් ගෙවන බව තේ දළු සපයන්නෝ පවසති.

මේ වනවිට අමු තේ දළු කිලෝවක් සඳහා රුපියල් 140 කට ආසන්න මුදලක් ගෙවිය හැකි වුවත් ගෙවනු ලබන්නේ රුපියල් 110 ක පමණ මුදලක් යැයි දකුණේ තේ දළු සපයන්නෝ  කියති.

අමු තේ දළු කිලෝ එකක් සඳහා ගෙවිය යුතු මුදල සඳහන් වන මිල සූත‍්‍රයක් තේ කොමසාරිස්වරයාගේ චක‍්‍රලේඛයක් මඟින් නිකුත් කර ඇති අතර එහි සඳහන් වන අන්දමට අමු දළු කිලෝ සියයකින් තේ කිලෝ 21ක් නිෂ්පාදනය කළ හැකිය.

ඒ අනුව තේ කිලෝවක් සඳහා ලැබෙන මිල 4.65 න් බෙදා සියයට 68 න් ගුණ කළ විට එන මුදල අමු දළු කිලෝවක් සඳහා කම්හල් හිමියන් විසින් ගෙවිය යුතුය.

එහෙත් බොහෝ කම්හල් හිමියන් විසින් මේ වනවිට අමුදළු සපයන්නන්ට ගෙවනු ලබන්නේ තේ කිලෝවක මිල 4.88 න් බෙදා එය සියයට 68 න් වැඩි කළ විට එන මුදල බවත් මේ නිසා දළු කිලෝවකට මේ දිනවල ගෙවිය හැකි මුදලින් රුපියල් විස්සත් තිහත් අතර මුදලක් අමු දළු සපයන්නන්ට අහිමි වන බවත් අමු දළු සපයන්නන් පෙන්වා දෙති.

මේ පිළිබඳව කළ විමසීමක දී කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති මහින්ද විදානපතිරණ මහතා කියා සිටියේ දකුණේ හා රත්නපුර ප‍්‍රදේශ රැසකින් කුඩා තේ වතු සංවර්ධන අධිකාරියට ද අමුදළු සපයන්නන් ගෙන් පැමිණිලි විශාල ප‍්‍රමාණයක් ලැබී ඇති බවය.

තේ දළු සඳහා ගෙවනු ලබන මිල සූත‍්‍රය සඳහන් තේ කොමසාරිස්වරයාගේ චක‍්‍රලේඛය වෙනස් කර නොමැති බවත් එම සූත‍්‍රය වෙනස් කරමින් හිතු හිතු මිලගණන් අමු දළු සපයන්නන්ට ගෙවිමට කම්හල් හිමියන්ට කිසිදු අයිතියක් නැති බවත් හෙතෙම කියා සිටියේය.

තව දුරටත් මේ පිළිබඳ තොරතුරු රැස්කරගෙන තේ කොමසාරිස්වරයාට පැමිණිලි කරන බවත් අමු දළු සපයන්නන්ට කිසිසේත්ම අසාධාරණයක් වන්නට ඉඩ නොතබන බවත් විදානපතිරණ මහතා කියා සිටියේය.

අමු දළු සපයන්නන්ගෙන් අති බහුතරය කුඩා තේවතු හිමියන් යැයි කී සභාපතිවරයා දුෂ්කරතා රැසක් මධ්‍යයේ අමු දළු සපයන මේ පිරිස ආරක්ෂා කළ යුතුව ඇති බවත් ඒ වෙනුවෙන් ගත යුතු උපරිම පියවර ගන්නා බවත් සඳහන් කළේය.

 



අදහස් (5)

තේ කම්හල් හිමියෝ මිල සූත්‍රයට කටු ගහති

sam Monday, 18 May 2020 10:41 AM

තේ කිලෝවක් රු. 750 කියා සැලකුවොත්, තේ කොමසාරිස්ගේ චක්‍රලේඛනය අනුව (4.65 න් බෙදා) දළු කිලෝවකට රුපියල් 109.67 ලැබෙනවා. කම්හල් හිමියන්ගේ මිල සුත්‍රය අනුව (4.88 න් බෙදා ) රුපියල් 104.50 ක් ලැබෙනවා. මේ දෙක අතර වෙනස රුපියල් 'විස්සත් තිහත්' අතර වෙන්නේ කොහොමද?

:       54       23

Samitha Senaka Aluthgamage. Monday, 18 May 2020 10:46 AM

සත්‍ය වශයෙන්ම තේ කම්හල් හිමියන්ගෙන් කිහිප දෙනෙකු පමණයි අමු දළු නිෂ්පාදකයන් වෙත යහපත් සේවයක් කරන්නේ. අමු දළු කිරන අවස්ථාවලදී පවා සමහර සේවකයන් වංචා කරනවා. වතුරට කැපීම, ගෝනි බර, ආදියේදීත් ගැටළු ඇතිවෙනවා. තවද, ඉවත දැමිය යුතු කසල තේ නීතිවිරෝධී ලෙස විකුණා අමතර ලාබයක්ද ලබනවා. ඒත්, මේවාට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මහින්ද විදානපතිරණ මහතා තේ කර්මාන්තය ගැන හසළ බුද්ධියක් ඇති කෙනෙක්. එතුමාගෙන් යහපත් සේවයක් බලාපොරොත්තු වෙන්නට පුළුවන්....

:       1       109

sunil gikiyanage Monday, 18 May 2020 02:50 PM

ඇමෙරිකාවේත් ලංකාවේ තේ කියලා විකුණ කසල තේ තියෙනවා. සමහර ප්‍රසිද්ධ නම්වලින්. තව වැඩිකාලයක් යන විට ලන්කාවේ තේ නම සම්පූර්ණයෙන්ම නැතිවෙනවා මේ විදිහට ගියොත්

:       1       0

සුපුන් Monday, 18 May 2020 05:25 PM

කතා කරලා වැඩක් නෑ තේ ඉඩම් වෙනුවෙන් පුදුම දුකක් අපි විඳින්නේ. තේ මණ්ඩල රැස්වීම්, ඒවගෙන් ගෙවන සහනාදාර ලැබෙන්නේ එයාලගේ අඳුනන යහළුවන්ට විතරයි. තේ කර්මාන්ත ශාලා ඉතාම අඩුවෙන් ගෙවන්නේ. දළු ගෙනියන්න එන මිනිස්සු අඩුවෙන් කිරන්නේ. වගා කරුවම තමයි බැට කන්නේ හැම පැත්තකින්ම. මේ පිළිබද හොයන්න බලන්න කවුරුත් නෑ. ලෝකේ හොඳම තේ දෙන පහතරට තේ වලට කණකොකා හඬන කාලය වැඩි ඈතක නෑ. මන් කියන්නේ බොරු නම් සියලුම මාද්‍ය වලට මන් ආරාධනා කරනවා එන්න ඇවිල්ල මේ ගැනත් ප්‍රෝගෑම් කරලා මෙහෙ ඇත්ත ලෝකෙට කියන්න කියලා. තේ කර්මාන්ත ශාලා අසීමිත ලාබයක් ලබන්නේ. මන් ඒකට විරුද්ධ නෑ ඒ ඔවුන්ගේ ව්‍යාපාරය. නමුත් තේ ගොවියන්ට යන කලදසාවක් තියෙන්න ඕන.

:       0       44

primeshika Tuesday, 19 May 2020 01:09 AM

බර කිරන කොට 10.9කිලෝ තිබුණත් ගෙවන්නේ කිලෝ 10කට විතරයි... ඉතිරි ටික ආපහු දෙන්නෙත් නැහැ.

:       0       75

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 269 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 548 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 667 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 552 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 159 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1744 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 281 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1635 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1516 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site