(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හිටපු වනජිවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු පිරිසක් මතුගම යටදොල ප්‍රදේශයේදී තමාට පහර දුන් බව කියමින් අගලවත්ත ප්‍රදේශීය සභා මන්ත්‍රී වින්දික කරුණාසේන මහතා රෝහල් ගත වී ඇතැයි පොලිසිය කියයි.
පහරකෑමට ලක්වූ බව කියන මන්ත්‍රීවරයා පාලින්ද නුවර ප්‍රදේශීය සභාවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සමඟ අද (8) ගාලු මුවදොර පැවැති එක්සත් ජාතික පක්ෂයේ රථ පෙළපාළියට සහභාගි වීම සඳහා පැමිණෙමින් සිටියදී ඔවුන් පැමිණි වාහනය පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයාගේ නිවස ආසන්නයේ නවතා තිබෙන අවස්ථාවේ මෙම පහරදීම සිදුකළ බව පහරකෑමට ලක්වූ මන්ත්‍රීවරයා පොලිසියට කරන ලද ප්‍රකාශයේ සඳහන් වේ.
වාහනයෙන් බැස සිටින අවස්ථාවේදී තමන් අසලට පැමිණි පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා පරුෂ වචන කියමින් මුහුණ හා ගෙල ප්‍රදේශයට පහරදී තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා පැළඳ සිටි සපත්තුවෙන් උදර ප්‍රදේශයට පහරදුන් බව පැමිණිල්ලේ සඳහන් වේ.
තෙවරප්පෙරුම මන්ත්‍රීවරයාගේ පුතා සහ තවත් පුද්ගලයන් තිදෙනෙකු පොලු මුගුරු රැගෙන එම ස්ථානයට පැමිණ පහරදුන් බව බවද පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය පැවැසීය.
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
තෙවරප්පෙරුම පහර දුන්නැයි ප්‍රා.මන්ත්‍රීවරයකුගෙන් පැමිණිල්ලක්
rocky Thursday, 08 November 2018 02:44 PM
තෙවරප්පෙරුම මහත්තයා මිනිස්සුන්ට නිකම් පහර දෙන්නේ නැහැ. මොකක්හරි අසමජ්ජාති වැඩක් කරලා ඇති!
rasika Thursday, 08 November 2018 03:18 PM
ඔන්න යූ.එන්.පී. චණ්ඩින්ගේ හැටි.. කෝ හිටපු අගමැති මොනවද කලේ මෙයට.. යහපාලනේ කියන්නේ ඕකද? පක්ෂේ අයවවත් බේරගන්න බැරිනම් තව කොහෙද විරුද්ධ පක්ෂය ගැන..
Shan Thursday, 08 November 2018 03:50 PM
සෙට් එකම ඇතුළට දාන්න දවස් 15ක්...
chinthaka Thursday, 08 November 2018 04:53 PM
මේ මනුස්සයට බලය නැතුව මෙහෙම නම් බලය ඇතුව කොහොමට හැසිරෙයිද?
RNG Thursday, 08 November 2018 05:27 PM
දැන් මොන පක්ෂයෙද දන්නෙ නෑ.. ගුටි බැට හුවමාරු වෙන්නේ....
Darshana Friday, 09 November 2018 03:47 AM
ඔන්න යහපාලනයේ මන්ත්‍රීවරු....
Siri Friday, 09 November 2018 05:32 AM
ඔය කසකාරයෝ.පෙරහැර ලඟම එනවා !
asoka Friday, 09 November 2018 07:26 AM
තෙවරප්පෙරුම එයත් එක්සත් ජාතික පාක්ෂිකයෙක් නේ .