IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


තෙල් සංස්ථාවේ සිද්ධියට වගකිවයුතු කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

(ඩයනා උදයංගනී)
          
තමන් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයට ඉකුත් 28 වැනි දා ගිය අවස්ථාවේ ඇතිවූ සිද්ධියට වගකිව යුතු කිසිවෙක් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව හිටපු ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.
 
එදින ඇතිවූ සිද්ධියේදී තමා හෝ තමන්ගේ ආරක්‍ෂකයින් ගැටුමක් ඇතිකර නොගත් බවත්, ගැටුමක් ඇතිකලේ නාගරික මන්ත‍්‍රීවරයෙක් ඇතුළු තෙල් සංස්ථා භූමියට පිටතින් පැමිණි පිරිසක් බවත් සිද්ධිය දැක්වෙන සී.සී.ටී.වී කැමරා දර්ශන පරීක්‍ෂා කිරීමේදී හොඳින් පැහැදිලි වන බව ද හිටපු ඇමැතිවරයා සදහන් කළේය.
 
තමන් අද ජීවත්ව සිටින්නේ තමන්ගේ ආරක්‍ෂක නිලධාරියා නිසා බව කී ඇමතිවරයා තමා නිදහසේ සිටියදී ඔහු සිරගතව සිටීම ගැන මෙන්ම සිද්ධියට වගකිව යුතු කිසිවෙක් සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක නොවීම ගැන කණගාටු වන බව ද කීවේය.
          
මෙම සී.සී.ටී.වී කැමරා දර්ශන මාධ්‍ය වෙත මුදාහැරීමට තමන් තීරණය කළේ ඉන්පසු හෝ තමාට සාධාරණයක් වනු ඇතැයි යන අපේක්‍ෂාවෙන් බව ද හිටපු ඇමතිවරයා පැවසුවේ කොළඹ දී අද (8) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

වීඩියෝ දසුන් නැරඹීමට පිවිසෙන්න

https://youtu.be/LGZQmifUEd8



අදහස් (9)

තෙල් සංස්ථාවේ සිද්ධියට වගකිවයුතු කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

Hafeel Thursday, 08 November 2018 11:32 AM

එක තමයි කියන්නේ ඔබතුමාගේ ලොක්ක අවුරුදු 4 ක්ම ආරක්ෂා කළාට, මේගොල්ල එහම නැහෙ. දැන් තේරනවද වෙනස?

:       0       0

chaminada Thursday, 08 November 2018 12:43 PM

බලපෙරලිය කලේ එවැනිදේ කරන්න කියලයි අපිට හිතෙන්නෙ

:       0       0

Saththaya Thursday, 08 November 2018 12:53 PM

අපි ඔබ සමගයි . ආරක්ෂක නිලධාරියකු දෙන්නේ තුවක්කුවක් සමග ඔබගේ ජීවිතය ආරක්ෂා කිරීමටයි , නැතිනම් කාගෙන්වත් මැරුම් කන්න නෙවයි .

:       0       0

shan saudi Thursday, 08 November 2018 01:30 PM

පොඩ්ඩක් රෙස්ට් කරන්න... 14 වෙනිදාට පස්සේ අපි සේරම ගම්මු... ඔය ඉන්නේ .. ඒ අය මැරුණේ නැහැනේ. කොකාගේ වාරේ 14න් ඉවරයි.

:       0       0

ගල්කටස් Thursday, 08 November 2018 01:35 PM

ගන්න ඕනෑ කෙනා ගත්තා එක්ස්ප්‍රස් අැප අරන් තවත් ගන්න අහන්නේ.. එ්කත් සේවකයින්ගේ පිටින් යවන්නද...? කොහොමත් පොලිසිය නම් ෂුවර් නැහැ.. මෙයා යූ.එන්.පී., අරයා පො⁣හොට්ටුවේ... හැබැයි අගමැතිතුමනි, නීතිය නමන්න එපා. පසුගිය වැරදි, නිවැරදි කරාවි කියන විශ්වාසය මිනිසුන් තුළ තියෙනවා. මෙයා ඉන්න ඕනේ එළියේ නෙමෙයි... දුමින්ද සිල්වාගේ ක්‍රියාවට වඩා බරපතලයි මේක...

:       0       0

adiri Thursday, 08 November 2018 03:11 PM

කවුද නාගරික ඇමති?

:       0       0

Nandalal DE SILVA - France Thursday, 08 November 2018 05:51 PM

තමන්ට හෙල්ප් කිරීමට පැමිණි හෙන්චයියලා අත්අඩංගුවට ගන්නේ මොළයක් නැති ගොබ්බයින් බව ඔබ තවම නොදන්නේද?

:       0       0

Kumar Friday, 09 November 2018 02:47 AM

මහත්මයා තව ටික දිනක් ඉවසා ගෙන ඉන්න.

:       0       131

Sunil Friday, 09 November 2018 02:59 AM

එක්කෙනෙක්ව අරන් තියෙනවා.

:       1       9

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 55 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 136 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 176 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 358 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 127 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1568 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 280 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1632 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1515 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site