IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


තැපැල් - උප තැපැල් කාර්යාල සෙනසුරාදා වැසීමෙන් මිලියන 17 ක ඉතිරියක්

(විනීතා එම් ගමගේ)

සෙනසුරාදා දිනවල තැපැල් කාර්යාල වසා තැබීමේ තීරණය දිගටම ක‍්‍රියාත්මක කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

සෙනසුරාදා දිනවල තැපැල් කාර්යාල වසාතැබීමෙන් දෙපාර්තමේන්තුවේ වියදම විශාල වශයෙන් අඩුවන බැවින් ඒවා වසා තැබීමට තීරණය කර ඇති බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

සාමාන්‍යයෙන් එක් සෙනසුරාදා දිනක තැපැල් කාර්යාල හා උප තැපැල් කාර්යාල විවෘත කර තැබීමේ දී රුපියල් මිලියන 20 කට ආසන්න මුදලක් වැයවන අතර එවැනි දිනයක ආදායම ලැබෙන්නේ රුපියල් මිලියන 3කට ආසන්න මුදලක්  බව ද එම ආරංචි මාර්ග සදහන් කරයි.

මෙම රුපියල් මිලියන 20 න් රුපියල් මිලියන 18 ක් සෙනසුරාදා දිනය සදහා ගෙවන අමතර දිනක වැටුප සදහා ද ඉතිරි මිලියන දෙක දිනයට අදාල අතිකාල සදහා ද වැය වෙයි.

කෙසේ වෙතත් මෙම තීරණය පිළිබදව තැපැල් වෘත්තිය සමිති දැඩි විරෝධය පළ කර ඇත.

මේ  සම්බන්ධව තැපැල්පතිවරයා වෙත ලිපියක් යවමින් ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ දන්වා ඇත්තේ කොරෝනා රෝගය පැතිර ගිය සමයේ තැපැල් සේවකයින් කළ කැප කිරීම් නොසලකා හරිමින් තැපැල් සේවකයින් ඉමහත් කැප කිරීමකින් උපයාගන්නා අතිකාල දීමනාව හා සෙනසුරාදා දීමනාව කප්පාදු කිරීමට මෙම තීරණය ගෙන ඇති බවය.

මේ පිළිබ`දව වෘත්තිය සමිතිවල දැඩි විරෝධය පළ කරන බවත් වහා එම තීරණය ඉවත් කරගන්නා ලෙස ඉල්ලා සිටින බවත් එම ලිපියෙන් දන්වා ඇත.
මේ අනුව සියලූ තැපැල් සේවකයින් හෙට (7* මධ්‍යම රාත‍්‍රියේ සිට තම සාමාන්‍ය සේවාවාරය පමණක් ඉටු කරන බවත් අතිකාල කිරීමට බල නොකරන මෙන් ඉල්ලා සිටින බවත් ඔවුන් එම ලිපියේ ස`දහන් කර ඇත.

එමෙන්ම කිසිදු පුරප්පාඩුව හෝ වෙනත් අතිරේක සේවාවාරයක සේවය කිරීමට බල නොකරන මෙන් ද  එමගින් ඉල්ලා ඇත.  

මේ පිළිබදව තැපැල්පති රෝහණ ආරියරත්න මහතාගෙන් ලංකාදීපය කළ විමසුමක දී ඔහු සදහන් කළේ අද (06) වෘත්තිය සමිති සමග කරන සාකච්ඡුාවක දී තීරණයකට එළැඹීමට බලාපොරොත්තු වන බවය.

කෙසේ වෙතත් පවතින තත්ත්වය තුල අද දින තැපැල් හා උපතැපැල් කාර්යාල වසා තැබීමට ගත් තීරණය ක‍්‍රියාත්මක වන බවත් හෙතෙම කියාසිටියේය.



අදහස් (22)

තැපැල් - උප තැපැල් කාර්යාල සෙනසුරාදා වැසීමෙන් මිලියන 17 ක ඉතිරියක්

Siri Sean Friday, 05 June 2020 08:49 AM

අනේ එහෙනම් තව දවසක් වහමු..., සතියට දවස් 4ක් හරියට වැඩ කරමු. ඉතිරි දවස් ටික වගාකරමු.

:       0       108

චමින්දFriday, 05 June 2020 12:46 PM

සමහර ලියුම් බෙදන මහත්වරු උදයේම ලියුම් බෙදලා වරුවෙන් ගෙදර ගොස් ව්‍යාපාර කරනබව පේනවා. දැන් කාලේ විදුලි පණිවුඩත් නැහැනේ. පෙර තැපැල් කාර්යාලවලින් ඉටුකළ වැඩ බොහොමයක් දැන් අන්තර් ජාලය හරහා කරන්න වේලා. උදාහරණයකින් කිව්වොත් උසස් පෙළ අයදුම්පත් ඉදිරිපත් කිරීම දක්වන්න පුළුවනි. ඒ වගේම තමයි රැකියා දීමට කාර්යාල වලට විවිධ නිලයන්ට කරන පත්වීම්ද අඩුකළ යුතුය. පෙර මම එක් කාර්යාලයක වැඩකළ කාලයේ එහි සිටියේ නිලධාරීන් හා සුළු සේවකයින් 8 දෙනයි. මම ළඟදී එහි ගියාම දැක්කා දැනට එහි 60කට ආසන්න පිරිසක් සිටින බව...

:       1       32

lalSaturday, 06 June 2020 10:41 AM

අතිකාල කියන්නේ වැඩ නියමිත කාලයේ ඉවරකරගන්න බැරිතරම් වැඩිනම් අමතර දිමනාවක් ගෙවලා කරනා දේවල්... නමුත් ලංකාවේ මේ වගේ තැන්වල අතිකාල කියලා හිතන්නේ පඩිය වැඩි කරගන්න තියෙන ක්‍රමයක් කියලා තමයි සේවකයෝ හිතන් ඉන්නේ. වැඩ ඇතත් නැතත් අතිකාල කරනවා හැමෝම. ඉහල සිට පහලටම. අපරාදේ රටේ සල්ලි...

:       0       0

lankaSaturday, 06 June 2020 10:40 AM

මේ කියන විදියට මුළු තැපැල් දෙපාර්තමේන්තුවේම මාසෙක සේවක පඩිය එක අයෙකුට රුපියල් 50,000 ක් බැගින් ගෙව්වුවත් සේවකයෝ 100,000 කට වැඩියේ ඉන්න ඕන... සෙනසුරාදා දින 4 හෝ 5 සඳහා පමණක් කෝටි 80 - 100ත් අතර වැය වෙනවා. ඉතුරු දින 24 හෝ 25 සඳහා දිනකට මිලියන 18 ක් බැගින් හිතුවොත් කෝටි 450 ක් පමණ වැය වෙනවා. එකතුව කෝටි 550ක් පමණ මුළු තැපැල් දෙපාර්තමේන්තුවේම සේවක පඩි පමණක් වශයෙන් වියදම් වෙනවා. අපි දන්නවා බහුතරයක් සේවකයන් මාසෙකට රුපියල් 50,000 ක් පඩි ලබන්නේ නැහැ. ඒ නිසා එක සේවකයෙකුගේ පඩිය සාමාන්‍ය 50,000ක් ලෙස සලකා ගණන් බැලුවත් සේවකයන් 110,000 ක් වත් සිටිය යුතුයි. ලංකාවේ තැපැල් දෙපාර්තමේන්තුවේ මුළු සේවක ප්‍රමාණය කොපමණද?

:       0       0

sam Friday, 05 June 2020 08:56 AM

රජයේ කාර්යාල ඔක්කොම වහලා දැම්මා නම් මුළුරටම ගොඩ ගන්න පුලුවන් කියලා බන්දුල ගුණවර්ධන මහත්තයාටවත් තේරෙන්නේ නැද්ද?

:       0       39

සමිත සේනක අලුත්ගමගේ. Friday, 05 June 2020 09:07 AM

සෙනසුරාදා දිනයක් වැඩ නොකිරීමෙන් ජාතික ධනය රුපියල් මිලියන 17 ක් ඉතිරි වෙනවා. පොඩි පහේ ඕටී කෙරිල්ලක් එහෙම නොවෙයි... වත්තීය සමිති කාරයිනුත් එක්ක තමයි වැඩේ බේරගන්න බැරි.. රටට හෙණ ගැහුවත්, තමන්ගේ මල්ල පිරෙන්න ඕනෑ... ඒක තමයි න්‍යාය.

:       20       181

Pradeep Friday, 05 June 2020 09:36 AM

වෘත්තීය සමිති කැමති වුනේ මොනවටද..? ෆින්ගර් ප්‍රින්ට් ඉන් අවුට් එකටත් විරුද්ධ වුනානේ.. වෘත්තීය සමිති වල ඕනවට නෙමෙයි රටේ යහපත සලකලා තීන්දු තීරණ ගන්න. බොහොමයක් රාජ්‍ය ආයතන අකාර්යක්ෂමයි. මේවා ගැනත් අවධානය යොමු කරන්න.

:       18       72

Wiki Friday, 05 June 2020 09:38 AM

සමහර ආයතන කොරෝනා නිසා සේවකයෝ වැඩට එන්නේ එකා දෙන්න දවසක් හැර දවසක්. හැබැයි අතිකාල පැය කරන්න ඔක්කොම ඉන්නවා. සෙනසුරාදට අතිකාල කරන්න ඔක්කොම එනවා.

:       0       45

Krishan Friday, 05 June 2020 09:54 AM

පසුගිය මාස දෙකක කාලය තුළ නොවැටී රාජ්‍ය සේවා පවත්වාගෙන යෑම සිදුවුණා.. එහෙම නම් ඒ ආකාරයට ඉදිරියටත් රාජ්‍ය සේවා පවත්වාගෙන යාමට හැකියාව පවතිනවා. එවිට අතිකාල දීමනා විදියට රජය දරණු ලබන වියදම් විශාල ලෙස රජයට ඉතිරි වෙනවා. මිනිසුන්ට නිතර අවශ්‍ය වන ආයතන සෙනසුරාදා,ඉරිදා දිනවලදී විවෘත කිරීම කල හැකියාවක් පවතිනවා ඒ ඒ නිලධාරීන් කොටස් වශයෙන් සේවයට ගෙන්වීම තුළ ප්‍රවාහන සේවා තුල තදබදය අඩුවිම අතිකාල ගෙවීමට නොමැති නිසා රජය දරණු ලබන වියදම් සීමාවීම රොස්ටර් ක්‍රමයක් ඇති කිරීමෙන් ජලය, විදුලිය ආදිය සඳහා රාජ්‍ය ආයතන දරණු ලබන වියදම් අඩුවිම, මහජනයා සේවා සලසා ගැනීමට පහසු දිනවල පැමිණීම නිසා සේවා සපයන ආයතන තුල තදබදය අඩුවිම, හඳුනාගත් සමහර රාජ්‍ය ආයතන තක්සේරු දෙපාර්තමේන්තුව වගේ රාජකාරි දින හතරකට සීමා කිරීම... වැනි දේ රජයට වාසිදායකය. අත්‍යාවශ්‍ය සේවා අවස්ථාවල ඔවුන් අතිරේක සේවාවල යෙදවීම ගෙවිම් වලින් තොරව ආදිය කළ හැකිය..

:       0       12

Teshan Friday, 05 June 2020 10:25 AM

ආයතන තියෙන්නේ ඉතිරි කරන්න නෙමෙයි. ආදායම් උපයන්න. එහෙම සැලසුම් නැති වුණාම වහලා දාලා මිනිස්සුන්ගේ OT එකට කෙලලා ඉතිරි කරා කියලා පාරම් බානවා. මරු තියරිය...

:       12       87

PradeepFriday, 05 June 2020 10:50 AM

ඔබේ කතාව හරි. නමුත් අාදායම් උපයන්න බැරිනම් වියදම් අඩු කිරීම ඵලදායක නැද්ද..? සේවකයිනුත් දැනගන්න ඕන ආයතනයට ලාභ ලබාදීලා තමන්ගේ වැටුප ලබා ගන්න. පෞද්ගලික අංශයේ අපි ඉගෙන ගෙන තියෙන්නේ "grow with the company" කියලා. නමුත් බොහොමයක් රාජ්‍ය ආයතනවල අය හිතන්නේ ආයතනයට හෙන ගැහුවත් කමක් නෑ. අපේ කොටස අපිට ලැබෙනවා නම් කියලා...

:       0       136

ramaFriday, 05 June 2020 08:04 PM

තැපැල් දෙපාර්තමේන්තුව තියෙන්නේ ලියුම් බෙදන්න මිසක් මිනිස්සුන්ට සල්ලි මංකොල්ල කන්න නෙවෙයි. කරන සේවෙන් පාඩු නම් වහල දාන එක හොදයි...

:       0       1

Raveendra Friday, 05 June 2020 10:30 AM

මහජන මුදලින් තමන් ලබා ගන්නා වැටුපට අද රටේ කීයෙන් කී දෙනාද අවංකව තම සේවය ඉටුකරන්නේ...? මෙම ආයතනයටත් එය අමුතුවෙන්ම කියන්න ඕනෙද මන්දා.. අවංකවම තමන් ලබන වැටුපට සරිලන සේවයක් තමන්ගෙන් ඉටු වන්නේද යන්න ඔබ සැමත් නැවතවරක් සිතා බැලීමෙන් ඔබලා අතරින් කීදෙනෙකුට අවංකව සතුටුවිය හැකිද? අනේ මම ගන්න වැටුපට සරිලන සේවයක් කරමි යන දැහැමි වචන ටික තමන්ටම කියාගන්න.. මෙම අදහස් අප රටේ සියලුම රජයේ සේවකයන් කියවා බලා අඩුතරමින් දැන්වත් තම තමන්ගේ යුතුකම් රට වෙනුවෙන් ඉෂ්ඨ සිද්ධ කරයි යන්න. දියවන්නාවේ 225ට නම් මේවා අදාළ නොවේ..

:       0       15

Prabha Friday, 05 June 2020 10:35 AM

ලෝකෙත් එක්ක ඉදිරියට යන්න බැරි මේ කාළකන්නි වෘත්තීය සමිති නිසයි.

:       0       0

amila Friday, 05 June 2020 11:30 AM

පුලුවන්නම් විදුලිබල මණ්ඩලෙයි, ජල සම්පාදනෙයි සෙනසුරාදා ඉරිදා දෙකම වහලා දාන්න. මෙයාල සතියම අයිස් ගහලා සියලුම නඩත්තු කටයුතු කරන්නේ ඔය දවස් දෙකේ ඩබල් ඕටී ගන්න. ගෙදර ඉන්න දවස් දෙකට ලයිටුයි, වතුරයි නැතුව අපි දුක් විඳිනවා.. බිලුත් ගෙවාගෙන.

:       0       28

PradeepFriday, 05 June 2020 03:52 PM

ඔව්.. බිල් ලියන අය එන්නෙම ඉරිදට.

:       0       9

chandima Friday, 05 June 2020 11:38 AM

ජනතාවගේ නියෝජිතයන් යයි කියන එහෙත් පක්ෂ නායකයින් විසින් නම්කරන පින්ගුත්තරයින් 225 දෙනෙකුට ජනතා මුදලින් යානවාහන වරප්‍රසාද දීමනා ආදිය දෙමින් නඩත්තුකරන එක නවත්තලා පාර්ලිමේන්තුව වහලා තියෙන එකෙන් රටට වෙන ඉතිරියත් ඔය ගමන්ම කිව්වා නම්?

:       0       55

lalithm Friday, 05 June 2020 04:18 PM

කුණු ගෙනියන වාහනේ එන කෙනාට, ලියුම් බෙදන කෙනාට අපේ පැත්තේ නම් අව්රුද්දට දෙපාරක් සම්තින් එක නොදුන්නොත් හුටා තමයි. කොහොමත් පින් පඩි ගන්න රාජ්‍ය සේවයේ එවුන් ඉන්න රටේ ලියුම් බෙදන එක නම් පින් පඩියක් කියන්න බැහැ. අව්වේ වැස්සේ දුවිලි කාගෙන බල්ලෝ කවාගෙන කරන රස්සාවක්. තවමත් බයිසිකලේ පදින එකම ආණ්ඩුවේ රස්සාව වෙන්න ඕනේ. හැබැයි මේ අතිකාල ගැන කියන එකට නම් කියන්න ඕනේ හෙන ගහපන් කියල. රස්සාවට එන්නේ අතිකාල ගන්න නම් ඩබල් පින් පඩි.

:       0       0

Siva Saturday, 06 June 2020 02:10 AM

ප්‍රායෝගික නැති උනත් දියවන්නාවේ පින්ගුත්තර මඩුව වහල දාගන්න පුලුවන් කමක් තියෙනව නම් මීටත් වැඩිය ඉතිරියක් කරගන්න පුලුවන් වෙයි.

:       0       9

Abe. Saturday, 06 June 2020 02:13 AM

අනේ කොරෝනා නංගී ඔයා ලංකා මාතාව සමග සම්බන්ධ නොවුණා නම් අපේ ආණ්ඩුවෙ වැඩ කරන අයට මෙහෙම වෙන්නේ නැහැ. තව ඉස්සරහට මොනවා කරයිද දන්නේ නැහැ. මොනවා කරන්නද? අරගල කරන්නත් බැහැ. කොරෝනා නංගි කොතන ඉන්නවද දන්නේ නැහැනේ...

:       0       0

විමලේ Saturday, 06 June 2020 10:06 AM

සතියේ දවස්වලටවත් තැපැල් කන්තෝරුවලට සෙනඟ එනවා අඩුයි. බිල් ගෙවන්න, දඩ කොලේ ගෙවන්න වගේ අත්‍යාවශ්‍ය දේකට හැරෙන්න ලියුම් යවන මුද්දර ගන්න ඒවත් දැන් හොඳටම අඩුයි.

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 06 June 2020 01:03 PM

අනේ ,! මට බනින්න නං එපා. මං මේ කියන්නේ කාටත් හිනා යන කතාවක්. මෙය කාටවත් මඩ ගැසීමක් නොවෙයි හොඳේ. ඔන්න කාටද ටෙලිග්‍රෑම් එකක් යවන්න ඕනෑ වුණාලු... යවන්න ඕනෑ වෙලා තිබිලා තියෙන්නේ " තේ වතු රජය පාලනයට ගනී " යන්නලු. ඒ දිනවල ටොම්, ආතර්, නෙළී ආදී වශයෙන් කෝඩ් අනුව කියනා විට කලබලයට වැරැදි අයුරින් ලියැවිලා.... තේවතු කියන එකට රජය කියන වචනයේ ඇති ර යන්න එකතු වෙලා. ආය වෙනත් කාර්යාලයකට යනකොට ජය යන වචනය තනිව ඇති නිසා එයට පාල කියන කොටස එකතුකරලා... අන්තිමේ ටෙලිග්‍රෑම් එක ගිහිල්ලා තියෙන්නේ " තේ වතුර ජයපාල ණයට ගනී " කියලයි.

:       1       32

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධිවේගී පිවිසුවේ මෝටර් රථය පෙරලේ
2024 අප්‍රේල් මස 25 12 0

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.


සන්නස්ගලට ඇප
2024 අප්‍රේල් මස 25 2437 9

පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල


’’නිලධාරීන්ගෙ වැරදි නිසා බැනුම් අහන්නෙ අපි’’
2024 අප්‍රේල් මස 25 152 1

ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ වැරැදි තීන්දු තීරණ නිසා රජයටත් ජනතාවටත් විශාල පාඩු සිදු වෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.


මහින්දානන්දට එරෙහි නඩුවක තීන්දුව දෙන්න දිනයක්
2024 අප්‍රේල් මස 25 227 1

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක්‍රම වලින් උපයාගත් රුපියල් කෝටි දෙකාහමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිල


ගෝඨාභය කාදිනල් හිමිගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි
2024 අප්‍රේල් මස 25 280 1

කාදිනල් හිමිපාණන් එල්ල කළ ප්‍රධාන චෝදනා හතරම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනය නිකුත් කර තිබේ.


පොල් ගෙඩියක් 4000 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 25 194 0

යාපනය තරුණයින් පිරිසක් විසින් වාර්ෂිකව සිදුකරනු ලබන පොර පොල් තරඟයක් වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා පොල් ගෙඩි කිහිපයක් වෙන්දේසි කිරීමේදී එක් පොල් ගෙඩිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 315 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1697 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1543 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site