IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


තැන්පත්කරුවෝ ඊ.ටී.අයි කාර්යාලය වටලති

(ශිරාන් රණසිංහ)

ඊ.ටී.අයි ( එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට්) තැන්පත්කරුවන් අද (20) බොරැල්ල වෝඩ් පෙදෙස පිහිටි එම ආයතනයේ ප්‍රධාන කාර්යාලය වටලා කළබලකාරී ලෙස හැසිරීම පොලිසිය මැදිහත් වී මේ වනවිට විසුරුවා හැර ඇත.

දහසකට අධික ඊ.ටී.අයි තැන්පත්කරුවන් පිරිසක් මෙලෙස ප්‍රධාන කාර්යාලය වටලා රැය පහන් කරන්නට තීරණය කර තිබුණද මේ වන විට එම අදහස අත්හැර දැමූ බව ඊ.ටී.අයි තැන්පත්කරුවන්  සුරැකීමේ ස්වාධීන සංගමයේ උප සභාපති සුසන්ත අල්මේදා මහතා පැවැසීය.

තැන්පත්කරුවන් 26,000 කට අධික පිරිසක් ඊ.ටී.අයි ආයතනයේ රුපියල් කෝටි 3600 ක  පමණ මුදලක් තැන්පත් කර ඇතැයි ද ඒ මහතා පවසයි. මහ බැංකුවේ ලියාපදිංචි වූ මූල්‍ය ආයතනයක් නිසා මෙහි මුදල් තැන්පත් කළ බවත් මහබැංකුව මැදිහත් වී සාධාරණයක් ඉටු කළ යුතු බවත් ඒ මහතා කියා සිටි.

තම මුදල් ආපසු ලැබෙන තුරු සටන අත්නොහරින බවද තැන්පත්කරුවෝ කියා සිටිති.



අදහස් (2)

තැන්පත්කරුවෝ ඊ.ටී.අයි කාර්යාලය වටලති

සතයපාල Friday, 21 September 2018 05:02 PM

පොලිසියට මේ තැන්පත් කරුවන්ගේ මුදල් ආපසු ලබා දීමට මැදිහත් වෙන්න බැරි නම් පොලිසිය මොන බම්බුවකටද දන්නේ නැහැ මේකට මැදිහත් වෙන්නේ...

:       0       0

will Sunday, 23 September 2018 04:36 PM

මේ සමාගම දැන් දුවන්නේ තැන්පත්කරුවන්ගේ වියදමෙන් එම වියදම් නවතා එයද තැන්පත්කරුවන්ට ලබාදීමට මහබැංකුව කටයුතු කළයුතුය. තවද තැන්පත්කරුවන්ගේ කෝටිගණනක මුදල්වළින් කොටසක් නිලධාරීන්ට අල්ලස් ලෙස දී මොවුන් රට පැනීමට ඇති අවකාශ වසාදැමිය යුතුය. ඔබසැමට බුදුසරණයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 15 0

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 303 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 398 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 68 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 534 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 1509 1

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site