IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


තානාපති කාර්යාල නිලධාරිනිය පැහැරගත් නාඩගමේ ඇත්ත

(නාලක සංජීව දහනායක)
 
ස්ව්ස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගෙන ගියායැයි කියනු ලබන නාඩගමේ අලගිය මුලගිය තැන් ළඟදීමට රටට හෙළිකරන බව කාර්මික අපනයන, ආයෝජන ප‍්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා අද (7) පැවැසීය.  
 
එම කුමන්ත‍්‍රණයේ සුලමුල ආණ්ඩුව මේ වනවිට හෙළිකරගෙන තිබෙන බව කී අමාත්‍යවරයා ඊට අදාළ සී.සී.ටී.වී දර්ශන ද සහිතව අදාළ තොරතුරු ළඟදීම රටට හෙළි කරන බවද අමාත්‍යවරයා කීය.
 
මීගමුව නගර ශාලාවේ දී අද  (7)  පැවැති මීගමු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන බල මණ්ඩල රැස්වීමේදී අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.
 
 අමාත්‍යවරයා මෙසේද පැවැසීය.
 
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා හා අලූත් ආණ්ඩුව අප‍්‍රසාදයටපත් කරන්න දේශීය හා විදේශීය කුමන්ත‍්‍රණයක් මේ වනවිට ක‍්‍රියාත්මක වෙමින් තිබෙවනවා.  ඒ පිටුපස බටහිර රටවල් හා දෙමළ ඩයස් පෝරාවත්, රාජ්‍ය නොවන සංවිධාන හා දේශපාලන පක්‍ෂ කිහිපයක් ඉන්නවා. ස්ව්ස්ටර්ලන්ත තනාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැරගෙන ගිය බව කියන්නේ ඒ අයයි.
 
 එම නිලධාරිනයගේ කටට පිස්තෝලය ඔබල පැහැරගෙන ගියබව රාජිත සේනාරත්න හිටපු ඇමතිතුමා පසුගියදා මාධ්‍යයට කිව්වා. නමුත් එවැන්නක් සිදුවෙලා නැති බව පරීක්‍ෂණ මෙහෙයවන කණ්ඩායම් කියනවා. එහෙමනම් රාජිත සේනාරත්න මෙහෙම ප‍්‍රසිද්දියේ කියන්නේ කොහෙමද? ඒ පිළිබදව වහා පරීක්‍ෂණයක් කළ යුතුයැයිද අමාත්‍යවරයා කීය.



අදහස් (24)

තානාපති කාර්යාල නිලධාරිනිය පැහැරගත් නාඩගමේ ඇත්ත

Wasantha Sunday, 08 December 2019 07:33 AM

රාජිත ඕනෑ කියලා දැන් කොයි කාලයක්ද? කලිනුත් කිව්ව දේට කිසිම ඇක්ෂන් එකක් නැහැ. අපි බලාගෙන ඉන්නේ.. කියලා කියලා හරියන්නේ නැහැ.

:       98       192

ප්‍රියන්ත Sunday, 08 December 2019 02:34 PM

කොළඹ ආනන්ද විදුහලේ 10 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලැබූ ප‍්‍රසන්න රණතුංග කාර්මික අපනයන, ආයෝජන ප‍්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශ 3ක් තබා එකක්වත් දැරීමට හැකියාවක් තිබේද? මොහේ දැනුම සහ හැකියාව කුමක්ද? එම ආයතනවල කාර්යාල සහකාර සේවයේ යෙදෙන අයවලුන් මෙයාට වඩා උගත්ය. විද්‍යානුකූලව පත්කර ඇති ඇමැතිමණ්ඩලය ගැන රටේ උගත්, බුද්ධිමතුන් සිතන්නේ මෙවැනි ආකාරයකටයි. ගම්පහ ජනතාව ප‍්‍රසන්න රණතුංග පිළිබඳව හොඳින් දනී..

:       18       2216

ආනන්ද Sunday, 08 December 2019 10:06 PM

පවුලේ අය ආනන්දෙ වුණාට කවුරුවත් හරියට ඉගෙන ගත්තේ නැහැ.. සහෝදරයන් ටිකත් දේශපාලනෙන්ම හැදුණු අය...

:       0       103

ලියනආරච්චි උඩුගම්පොල Sunday, 08 December 2019 11:58 PM

ඔබ එක ඇමතිවරයකු ගැන සදහන් කර ඇති නිසා අනෙක් අයගේ සුදුසු කම් මොනවද කියා සොයා බැලුවිට කැබිනට් ඇමතිවරු සියලු දෙනාම අපොස උසල් පෙළ දක්වාවත් අධ්‍යාපනය ලබා නැත. කෝටි දෙකක් වන ජනතවට රටට බලපාන තීන්දු තීරණ ගැනීමට මොවුන් පත්කර ඇතිබව පෙනේ.

:       0       282

ධර්මාශෝක Sunday, 08 December 2019 07:46 AM

එක දිගටම සිදුවුණු හැම කුමන්ත්‍රණයක්ම පටන්ගත්තු තැනම ලොප්වුණා. කුමන්ත්‍රණකරුවන් වෙතම බූමරංගයක් වගේ කැරකිලා එනවා. රටට හිතවත් නොපෙනෙන පිරිසකගේ සහය ලැබෙනබව හිතන්න පුලුවන්...

:       554       430

Thiw Sunday, 08 December 2019 07:51 AM

ලංකාවේ හොඳම ප්‍රතිකාර සහිත රෝහලක් තමයි ස්විස් එම්බසිය... ඕනෑම ලෙඩකට ප්‍රතිකාර කරනවා. 2009 මේ වගේම විහිලුවක් දුන්නා මෙයාලා.. මේ සැරේනම් ගලේ පහරපු බළලාට වුණු වැඩේ වෙලා තියෙන්නේ...

:       974       691

වසන්ත කුමාර Sunday, 08 December 2019 07:59 AM

කියකිය ඉන්නේ නැතුව ඉතින් කරන්නකෝ... ඒකටනේ ඔයාල පත් වුනේ..? රාජිතව අත්අඩංගුවට අරන් ප්‍රශ්න නොකරන්නෙ ඇයි?

:       0       554

Pappa Sunday, 08 December 2019 08:21 AM

ඔක්කොම පැත්තක තියලා අපට කියනවද මහත්තයෝ අර ටෙලිෆෝන් එකෙන් තර්ජනය කරලා ඉල්ලපු ලක්ෂ 900 නඩුවට මොකද වෙන්නේ කියලා...

:       255       2122

Rata Perata Sunday, 08 December 2019 08:26 AM

ගුවන් සේවයකින්ද මේක කරලා තියෙන්නේ? නැත්නම් සංචාරක තැනකින්ද? වහලෙක් වගේ හැම මගුලටම කට දානවා. තමන්ගේ වගේ විතරයි කරගන්න බැරි... රටේ අනිත් ඒවා ඔක්කොම දන්නවා.

:       206       687

පිටිගල මිලානෝ Sunday, 08 December 2019 08:31 AM

ස්විට්සර්ලන්ත....?

:       75       6

Nandalal DE SILVA - France Sunday, 08 December 2019 09:47 AM

"දීකිරි වලට බළල්ලුත් සාක්කියි". දැන් බලාගෙන යනකොට ගෝඨා, මහින්ද රජයේ ඉන්න ඇමතිවරු 15 දෙනාම රජයේ මාධ්‍ය ප්‍රකාශකයන් වෙලා. පත්කරපු මාධ්‍ය ප්‍රකාශකයන් දෙන්නා පන්නා දමා ඒ 15 දෙනාටම ඒ පදවි බාරදෙන්න. එතකොට හැමෝටම ඕනෑම බේගලක් මහජනයාට ගිල්ලවන්න පුළුවන්...! දැන්වත් හොඳයි තමන්ට දීපු ඇමති පට්ටමේ වැඩ හොඳින් කරගෙන ගොස් අනුන්ගේ ඉඩම්වල අලහාරනවා වෙනුවට අනිත් ඇමැතින්ගේත්, පොලිසියේත්, අධිකරණයේත් වැඩවලට හොම්බ නොදා හිටියොත්. මේ බරපතල සිද්ධිය ගැන දොඩවන්න මෙයාට තිබෙන බලය කුමක්ද? ගෝඨා, මහින්ද යුගලට ඇමැතිවරුන් පාලනය කරගන්න බැරිද?

:       338       1209

Buddika Sunday, 08 December 2019 10:04 AM

මට හිතෙනවා මේ මනුස්සයා මේකට සම්බන්ධයි.. එසේ නැතිනම් සිද්ධිය වෙන තැන මෙයා හිටියා කියලා. නැතිනම් කොහොමද මෙච්චර හොඳට මේවා දන්නේ? අර මනුස්සයෙක්ගෙන් දුරකථන කප්පම් ඉල්ලුවා... දැන් නඩුවෙන් මෙයා නිදහස් වෙයි නේද?

:       187       580

janis Sunday, 08 December 2019 10:51 AM

ආණ්ඩුවට කොන්දක් තිබේ නම් මේ බොන බොරු තකතීරු කතාද? ඇයි කෙලින් කියන්න බැරි? කවුද මේක කලේ කියලා...

:       80       317

samare - gampahaSunday, 08 December 2019 11:52 AM

මෙයා ඉන්න ඕනෑ හරි නම් කුඩුවේ. අර ඉඩම් නඩුවට. ඇවිද ගන්නවත් බැහැ. මිනිස්සුන්ගේ දේපළම කොල්ල කාලා. ආණ්ඩුව දන්නවා මේක කලේ ඒ ගොල්ලන්ගේ අය බව... මේ ප්‍රශ්නයට කලින් ඔය වෑන්කාරයන් "නිව්ස් හබ්" ආයතනයටත් ගිහින් මිරිහාන පොලිසියත් සමග තර්ජනය කරලා. දැන් හත්පලේ ගාගෙන ඉන්නේ... ලබන මාසේ වෙනකොට හොඳටම අනාගන්නවා. ඒක නිසා තමයි යුරෝපා සංගමයේ "එකම රටකවත්" තවම ජනාධිපතිට සුබපැතුම් එව්වේ නැත්තේ... ඒ තරමට අපේ අයගේ කැරැක්ටර් එක "පිරිසිදුයි"...

:       126       3024

anoma - gampahaSunday, 08 December 2019 02:17 PM

ඉස්සර දවසක ඡන්ද මධ්‍යස්ථානයකට පැනලා ඡන්ද පෙට්ටි කුඩුකළා වගේ මතකයි. මහජනයාගේ සල්ලි කොල්ලකාපු ශාපය නිසා තමයි. හරියකට ඇවිදගන්නවත් බැහැ. ලෙඩරෝග ඔක්කොම තියෙනවලු වැඩියෙන්ම තියෙන්නේ පිස්සු බලු රෝගයලු..

:       3       307

isurandi Sunday, 08 December 2019 10:52 AM

ප්‍රශ්න ඇදගෙන නානවා විතරයි. විසඳපු කෙංගෙඩියකුත් නැහැ. මේ දෙගොල්ලෝ මාරුවෙන් මාරුවට රටේ මිනිස්සුන්ව ගොනාට අන්දනවට වැඩිය.

:       63       563

උඩුගම්පොල Sunday, 08 December 2019 11:34 AM

තමුන් කවුද කියන එකත් අපි හොඳාකාරවම දන්නවා.

:       132       1582

ටි ඉන්දික Sunday, 08 December 2019 11:56 AM

මොනවා කළත් දැන් වැඩක් තියනවද ?ඔයා ආපුගමන් හැමදාම කලේ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා විනාශ කරපු එක. මොකක් වුණත් හික්මීමෙන් යුතුව ප්‍රශ්නය විසඳන්නේ නැතිව රටවල් අමනාප කරගෙන වැඩ කරන්න පුළුවන් කියලයි හිතන් ඉන්නේ.. හිතාගෙන ඉන්නේ ශ්‍රී ලංකාව ස්වයංපෝෂික රටක් කියලා ඒ වුණාට චුට්ට බැරි වුණු ගමන් හිඟාකන්න කොහේ හරි රටකට යනවා. තරහටම ආධාර, සහන නොවේ දෙන්නේ ගිනිපොලියට ණය.. එක ආධාරයක් දුන්නද? ඔබලා ආවට පස්සේ, යුරෝපේ කිසිම රටකින් අඩු තරමින් සුබ පැතුවද ජනපති පත්වුණාම.. එයාලා එකතුයි. කී දෙනෙකුට වීසා අහිමි වුණාද, ඔබලා කරපු වැඩේ නිසා...

:       500       750

සංජීව Sunday, 08 December 2019 02:50 PM

කුමන්ත්‍රණයේ සුලමුලත් දන්නවා නම්, කරපු අයත් දන්නවා නම් ඇයි මහත්තයෝ ඒක කියන්නේ නැතුව තටමතටම ඉන්නේ? ඡන්දෙට තව කල් තියෙන නිසාද? නැත්තම් ලොක්කගෙන් ඕඩර් එක එනකම් ඉන්නවද? මේ වගේ ප්‍රකාශ හොඳයි ගැලරියට.

:       0       119

athula Sunday, 08 December 2019 08:03 PM

හාපෝ, ඔයා නම් කතාකරන්න එපා ඔයාගේ කෙරුවාවල් අපි දන්නවා. ඉඩම් මංකොල්ල කාපු හැටි පාතාලය මගින් අර අජිත් පැස්කුවල්ට කරපු වැඩේ අපි දන්නවා. හිරිකිතයි...

:       0       47

sanath ithaaliya Sunday, 08 December 2019 08:32 PM

බුකියේ හිටපු මඩකරියෝ ඔක්කොම 16 වෙනිදායින් පස්සේ මෙතනට රිංගලා..

:       25       1

සමන්ත Sunday, 08 December 2019 08:35 PM

ඇත්ත කතන්දරේ මේ පවුලේ ඔක්කෝටම විකාර. රස්තියාදූකාර තගාලා. රටේ බලයට තියෙන කෑදරකම අනුව එකඑකාට කඩේ යනවා. නූගත් අමනයන් ජාත්‍යන්තරය ගැන නොදැන කට මැත දොඩවනවා.

:       0       53

de silva Sunday, 08 December 2019 11:58 PM

රාජිත කියන්නේ ලොක්කෝ දෙන්නම එක්ක හිතවත් කලින් කලට දෙන්නගෙම අවශ්‍යතා ඉෂ්ටවෙන විදිහේ ප්‍රකාශ කරන ඩබල් ගේම් කාරයෙක් , කව්රුවත් ඔහුට විරුධව කිසිම පියවරක් ගන්නේ නැහැ.

:       0       7

සැප දොරෝ ගලනවා Monday, 09 December 2019 04:22 AM

හප්පේ ලබපු වෙනස නම් මාර සැපයි. තව මේවා කියන්න එපා මෙච්චර කෙටි කාලයකින්... නැතිනම් සති දෙක තුනෙන්ම සැප වැඩිවෙලාම පණයනවා. ටික ටික දෙන්න දිරවා ගන්න වෙලාව දීලා...

:       0       28

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිව් හැවිරිදි දරුවාට සීනි කරිඤ්ඤං පොවලා
2024 අප්‍රේල් මස 18 53 0

අවුරුදු හතරක දරුවකුට සීනි කරිඤ්ඤං පොවන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අසල්වැසි නිවසයක 52 හැවිරිදි කාන්තාවක් හිඟුරුකඩුව පොලීසිය විසින් අත්අඩංගුව


දවසේ කාලගුණය
2024 අප්‍රේල් මස 18 6 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්


මගී වලියෙන් බදුලු දුම්රිය පැයක් ප්‍රමාද වේ
2024 අප්‍රේල් මස 18 39 0

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රියට හැටන් දුම්රිය ස්ථානයේදී ගොඩවීමට ගිය මගින් පිරිසක් සහ දුම්රිය මැදිරියක සිටි මගීන


තැනින් තැනට සවස වැසි
2024 අප්‍රේල් මස 18 17 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට ගිගුරුම් සහිත වැසි ඇති වේ.


පාර්ලිමේන්තු පිවිසුමේ සිවිලිම් කොටසක් කඩා වැටේ:පොලිස් නිලධාරියෙකුට තුවාල
2024 අප්‍රේල් මස 18 96 0

පාර්ලිමේන්තු සංකීර්ණයට පිවිසෙන ජයන්තිපුර ප්‍රධාන පරීක්ෂා මුරපොළේ සිවිලිමේ කොටසක් කඩා වැටීමෙන් පොලිස් නිලධාරියකු තුවාල ලබා ඇත.


ඉරාන නැවියෝ මෙරට නැවියන් 21 බේරා ගැනෙති
2024 අප්‍රේල් මස 17 1286 0

ඕමාන මුහුදේදී අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනකු බේරා ගැනීමට ඉරාන හදිසි සේවා සමත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 184 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1468 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1385 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site