IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානියාට එරෙහි නඩු කල් යයි

( නිමන්ති රණසිංහ)
 
ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නේවී සම්පත්ට රැදී සිටීමට ආධාර අනුබල දුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට පවරා ඇති නඩුව ලබන අප්‍රේල් මස 03 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (16) නියෝග කළේය.


පුද්ගලයින් 11 දෙනකු පැහැර ගැනීමේ සිද්ධියේදී  නේවි සම්පත්ට රැඳි සිටීමට ආධාර අනුබල දුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන්  මෙම නඩුව කැඳැවේ.
 
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දුරකතන  විශේෂ  වාර්තා සම්බන්ධ විශේෂ පරීක්ෂණයක් සිදු වන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්  අධිකරණය වෙත දැනුම් දෙනු ලැබීය.
 
එම විමර්ශන ප්‍රගතිය ලැබෙනතුරු නඩුව කල් තැබීමට  අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව කළ ඉල්ලීම සැලකිල්ලට ගෙන මහෙස්ත්‍රාත්වරයා මෙම  නියෝග කළේය.

 
මෙම සිද්ධියටම සම්බන්ධ  ප්‍රධාන සාක්කිකරුවකු වු  ලුතිනන් කමාන්ඩර් ගලගමගේ ලක්සිරි නැමැත්තාට  තර්ජනය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන්  රවින්ද්‍ර විජේගුණවර්ධන මහතා  සම්බන්ධයෙන්  පරීක්ෂණ ඉදිරියටත් කරගෙන යාමට ද කොළඹ අපරාධ කොට්ඨාසයට මහෙස්ත්‍රාත්වරයා අද අවසර ලබා දුන්නේය.

ඒ අනුව එම නඩුවේ ඉදිරි විමර්ශන කටයුතු මාර්තු මස 06 වැනිදා තෙක් කල්තැබීමට නියෝග කෙරිණි.

ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානීවරයා ඇප මත සිටිමින් අද අධිකරණයේ පෙනී සිටියේය.

 



අදහස් (0)

ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානියාට එරෙහි නඩු කල් යයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 4 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


අනුර ස්වීඩන් යයි
2024 අප්‍රේල් මස 25 131 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද රාත්‍රී ස්වීඩනය බලා පිටත්ව යන බව එම පක්ෂය පැවසීය.


කුඩ්ඩෙක් සමග හාදකම් පෑ එස්.ටී.එෆ් සෙබළා අල්ලයි
2024 අප්‍රේල් මස 25 121 0

සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකා


රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 544 1

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 444 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 162 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 318 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1705 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site