IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ත්‍රස්තවාදය මර්ධනය‍ට අදාළ වගන්ති හදිසි නීතිය යටතේ ගැසට් කෙරේ

ත්‍රස්තවාදය මර්දනයට අදාළ වගන්ති පමණක් අද රාති‍්‍ර 12.00 සිට හදිසි නීති රෙගුලාසි යටතේ ගැසට් කීරීමට රජය තීරණය කර තිබේ.
 
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයන් අද (22) පැවැති ජාතික ආරක්ෂක මණ්ඩලය රැස්වූ අවස්ථාවේදී  ගත් තීරණ කිහිපයකට මෙම තීරණයද ඇතුළත්ය.
 
රටේ සහ ජනතාවගේ  ආරක්ෂාව තහවුරු කිරීමට පොලිසියට සහ ති‍්‍රවිධ හමුදාවට බලය ලබාදීම වෙනුවෙන් එම පියවර ගෙන ඇත.
 
ඊයේ සිදු කළ ත‍්‍රස්ත කි‍්‍රයාවට අදාළ සංවිධාන, ඊට අදාළව අත්අඩංගුවට ගත් ත‍්‍රස්තවාදීන් සහ අනුබල දුන් තවත් බලවේග ඇත්නම්  එම සියලූ විනාශකාරී බලවේග සම්පූර්ණයෙන්ම විනාශ කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර  ඒ පිළිබද ඉදිරි පියවර ගැනීමට ජනාධිපතිවරයා විසින්  පොලිසියට සහ ති‍්‍රවිධ හමුදාවට උපදෙස් දෙනු ලැබීය.



අදහස් (7)

ත්‍රස්තවාදය මර්ධනය‍ට අදාළ වගන්ති හදිසි නීතිය යටතේ ගැසට් කෙරේ

Raveendra Monday, 22 April 2019 11:20 AM

හා හා බලාගෙන සූත්තර පුංචාගේ ඩොලර් නඩේ මිනිස් අයිතිවාසිකම් ගැන අඬන්න ගනී...

:       3       196

TGL Monday, 22 April 2019 11:27 AM

300ක් මැරුණට පස්සේ තමා නැගිටලා තියෙන්නේ.

:       17       133

lal Monday, 22 April 2019 12:30 PM

ත්‍රස්තවාදය මර්දනය කරන්න ගිහිල්ලා නේද අපේ හමුදා විරුවෙක් අද මරණීය දණ්ඩනයට යටත් වෙලා එල්ලා මරණ පෝලිමේ ඉන්නේ? තව කී දෙනෙක් හිරේ විලංගුවේ දාන්න දවස ගානෙම රහස් පොලීසියට ගෙනැල්ලා ප්‍රශ්න කරනවද? මේ ඒවායේ ප්‍රතිඵල නේද?

:       1       263

janahitha Monday, 22 April 2019 12:57 PM

2009 ට ආපසු හැරි බලමු. රට ජනතාව ගැන සිතා වහාම නිසි දඬුවම් කරන්න. ත්‍රස්තවාදය රටින් තුරන් කිරීමට සියලුම ජනතාව එකාවන්ව පෙළ ගැසෙමු.

:       1       57

සේන Monday, 22 April 2019 01:03 PM

දේශපාලන ගැත්තන්ට මොන හේතුවකටවත් අපේ හමුදාවට දඬුවම් පැමිණ වීමට ඉඩ නොලැබෙන ගැසට් එකක් නිකුත් කරන්න.

:       1       107

Bamunuarachchi Monday, 22 April 2019 01:58 PM

නැවත ත්‍රස්තවාදයක් ඇතිවෙන්නේ නැහැ කියල නේද නේද මේ රිලව් ටික කිව්වේ? ත්‍රස්තවාදී මර්දන පනත අහෝසි කරන්න එපා කියලා මහින්ද මහතා කිව්වා නේද? දැන් මහින්ද මහතා හරි කියා පිළිගමු නේද?

:       13       283

rasika Monday, 22 April 2019 03:43 PM

රටක් උනාම දැක්මක් තියෙන්න ඕනේ.. රටේ ආරක්ෂාව එක එක දේශපාලන පක්ෂ වලට ඕනේ විදියට වෙනස් කරන්න දෙන්න බැහැ.. බුද්ධි අංශේ නිලදාරීන් හිරේ දානකොට, ඔවුන්ට දඩුවම් දෙන්න කියල කැ ගැහුවේ කට්ටියටත් අන්තිමට පිහිටට ඉන්නේ හමුදාවම තමා... 2015 පස්සේ හමුදාවට සලකපු හැටි කවුරුත් දැක්කා. උතුරේ තියෙන හමුදා කදවුරු ඉවත් කලා. දේශපාලකයන්ට සහ NGO කාරයන්ට ඕනේ දේවල් කලා. ඇමෙරිකන් තානාපතිනි නිල නොලත් විදියට රට පාලනේ කලා.. අන්තිමට දේශපාලකයෝ බේරුනා.. අහිංසක මිනිස්සු සියගානක් මැරුණා. ක්‍රිස්තියානි පල්ලි වලට බෝම්බ තියල මැරුණා, ඒ වගේම තමා යුද්දේ කලේ, පන්සල් වල හාමුදුරුවෝ, අහිංසක මිනිස්සු සිය ගණනින් මැරුවා, දළදා මාලිගාවට බෝම්බ තිබ්බා ඔක්කොම ත්‍රස්තවාදීන් , මුස්ලිම් හෝ දෙමල කොටි කියල වෙනසක් නැහැ. සිංහල , මුස්ලිම්, දෙමල ඔක්කොම එකතුවෙන්න ඕනේ මෙතන, මොකද මේ මැරෙන්නේ හැම ජාතියකම මිනිස්සු.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොල් ගෙඩියක් 4000 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 25 83 0

යාපනය තරුණයින් පිරිසක් විසින් වාර්ෂිකව සිදුකරනු ලබන පොර පොල් තරඟයක් වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා පොල් ගෙඩි කිහිපයක් වෙන්දේසි කිරීමේදී එක් පොල් ගෙඩිය


මැතිසබයෙන් දොස්තර හවුලක්
2024 අප්‍රේල් මස 25 454 1

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සිටින වෛද්‍යවරුන්ගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු වෛද්‍ය මන්ත්‍රීවරුන්ගේ සංසදය නමින් නව සංසදයක් අද (25) පිහිටුවා ගනු ලැ


සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 1933 6

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 207 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 707 5

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 1041 6

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 314 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1696 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1540 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site