(ඉන්දිකා රාමනායක)
පොලිසියේ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ තිබූ ස්නයිපර් වර්ගයේ ගිනිඅවියක් අතුරුදහන්වී යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයාගේ නියමයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙම පරීක්ෂණ පවත්වාගෙන යනු ලැබේ. මීට මාස කිහිපයකට ඉහතදී ඔඞ්ඩුසුඩාන් ප්‍රදේශයේ දී ක්ලේමෝ බෝම්බ සමග අත්අඩංගුවට ගත් හිටපු එල්ටීටීඊ සාමාජිකයකුගෙන් හෙළි වූ තොරතුරු අනුව ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය විසින් මෙම ස්නයිපර් ගිනිඅවිය අත්අඩංගුවට ගෙන තිබිණි.
ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ තිබූ ස්නයිපර් ගිනිඅවියක් අතුරුදන් වී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු මීට පෙර පොලිස්පතිවරයාට දැනුම් දී තිබූ බව පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ සම්බන්ධයෙන් නීතිය හා සාමය පිළිබඳ ඇමති රංජිත් මද්දුමබණ්ඩාර මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මෙම ස්නයිපර් ගිනිඅවිය අතුරුදන් වී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයාට දැනුම් දුන් බවය.
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතාද මේ සම්බන්ධයෙන් පසුගිය 18 වැනිදා පාර්ලිමේන්තුවේදී ඇමති රංජිත් මද්දුමබණ්ඩාර මහතාගෙන් විමසීමක් කර තිබිණි.
අතිවිශේෂ ගිනිඅවියක් වන ස්නයිපර් අවිය ඉහළ සිට වෙඩි තැබීමට යොදා ගන්නා එකකි. මෙම ගිනිඅවියෙන් මීටර් 500 සිට 1000 දක්වා දුර ප්‍රමාණයක ඉලක්කයට වෙඩි තැබිය හැකි බවත්, මෙය පරිහරණය කළ හැක්කේ විශේෂ පුහුණුවක් ලැබූ ප්‍රගුණ වෙඩික්කරුවකුට පමණක් බවත් යුද හමුදා නිලධාරියක් පැවසීය.
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ත්‍රස්ත විමර්ශනයෙන් ස්නයිපර් ගිනි අවියක් අතුරුදන්
chandra weerasinghe Friday, 28 September 2018 03:01 AM
ත්‍රස්ත විමර්ශනයෙන් ම ත්‍රස්ත වාදීන්ට ආයුධ ලැබෙන කොට අපි කොහේ දුවන්නද?
m.w.n.ranes Monday, 15 October 2018 01:21 AM
ත්‍රස්ත විමර්සන ඒකකය කියන්නේ විශේෂ තැනක් ඇත්තටම කොහොමද මේවා ඇතුලේ තියෙන බඩු උස්සන්නේ. නිකම් ම නිකන් මිනුස්සු වෙන්න බෑ නේද. අනේ මන්දා.?