IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


තලේබාන් නායකයාගේ සහෝදරයෙක් බෝම්බ ප්‍රහාරයකින් මරුට

පාකිස්ථානයේ ඉස්ලාම් දේවස්ථානයකට එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් මියගිය අය අතර ඇෆ්ගනිස්ථානයේ තලේබාන් නායකයාගේ සහෝදරයෙකු ද සිටින බව වාර්තා වී ඇත.

මෙසේ මියගොස් ඇත්තේ තලේබාන් නායක හයබතුල්ලා අක්හුන්සාදාගේ සොහොයුරා වන හෆීස් අහමදුල්ලා වන අතර තලේබාන් නායකයාගේ පුත්‍රයා ද ප්‍රහාරයෙන් තුවාල ලබා ඇතැයි සඳහන් වේ.

බෝම්බ ප්‍රහාරයෙන් හතරදෙනකු පමණ මියගොස් ඇති අතර 20 දෙනකු පමණ තුවාල ලබා ඇත.

පොලිසිය පවසන්නේ මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාමට ඉඩ ඇති බවයි. 

කටා නගරයෙන් කිලෝමීටර් 25ක් නිරිත දිගින් පිහිටි දේවස්ථානයකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර මියගිය අය අතර දේවස්ථානය භාර පූජකවරයා ද සිටින බව පැවසේ.

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවකු බාරගෙන නොමැත.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

 



අදහස් (4)

තලේබාන් නායකයාගේ සහෝදරයෙක් බෝම්බ ප්‍රහාරයකින් මරුට

Anwar Saturday, 17 August 2019 05:21 AM

අල්ලා දෙවියන් වෙනුවෙන් ජීවිතය පූජා කරන්නන් ස්වර්ගයට යන්නේ...

:       60       5

Naushad Saturday, 17 August 2019 08:15 AM

සහරාන්ටත් ස්වර්ගය ඔළුවට ගහපු නිසා තමයි. අද අහිංසක මුස්ලිම් ජනතාව ශ්‍රී ලංකාව තුළ කොතරම් පිඩා විඳිනවද? මිනීමරා ස්වර්ගයට යා හැකිනම් එය ස්වර්ගයක් හැටියට මා දකින්නේ නැත.

:       0       662

ධම්ම Saturday, 17 August 2019 02:37 PM

තලේබාන් නායකයාගේ සහෝදරයා හා පුත්‍රයා මෙම බෝම්බ ප්‍රහාරයේ වින්දිතයින් නම් මෙය මුසල්මානුවන් කල ප්‍රහාරයක් විය නොහැකිය.

:       8       4

sharm warn Monday, 19 August 2019 03:53 AM

මිය ගිය ය අය සහ බෝම්බකරු ..... දෙගොල්ලොම ස්වර්ගයට යනවාද ? එසේ නම් මෙවැනි අපරාධ වලින් ලබන වාසිය කුමක්ද ? දේශපාලන ගැටුම් වලට දෙවියන් මැදිහත් කරගෙන ආගමක් හෑල්ලුවට ලක් කරන ආකාරයක් පමණක් පෙනෙයි ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 531 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 337 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1072 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 63 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2331 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 430 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 228 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site