රංජිත් රාජපක්ෂ
තලවකැලේ පොලිස් වසමට අයත් ඩෙරික්ලෙයාර් වතුයායේ වතු නිවාස ගණනාවක් නායයෑම හා ගිලා බැසීම හේතුවෙන් එහි පදිංචි පවුල් 33 ආරක්ෂිත ස්ථාන කරා යොමු කළ බව එම වතුයායේ පාලන අධිකාරිය කියයි.
පසුගිය දින කිහිපය තුළ තලවකැලේ ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ ඊයේ (22) අලුයම නිවාස තුනක් ගිලා බැසිමට පටන් ගෙන ඇති අතර පසුව ඒ අසලම තවත් නිවාස හතරක් ගිලා බැසිමට පටන් ගැනීමත් සමඟම එම ගිලා බැසිමට ලක්වන නිවාස වලට පහතින් පිහිටි වතු නිවාස 25 කට අයත් සාමාජිකයන් 100 ට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරිමට පියවර ගත් බව වතුයායේ වතු අධිකාරි අර්ජුන මැදගෙදර මහතා පැවසීය.
හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයට ආසන්නයේ හා සෙනක්ලෙයාර් දිය ඇල්ලේ නැරඹුම් මැදිරියට ආසන්නයේ පිහිටි ගිලා බැසීමට සහ නායයාමේ අවදානමට ලක් වි ඇති නිවාස යටින් විශාල ජල පහරක් ගලා බසින බවත් වතු අධිකාරිවරයා කීය.
මෙම නායයෑමේ අවදානමට ලක් වී ඇති වතු නිවාසවලට හා ප්‍රධාන මාර්ගයට ඉහළින් බදුල්ල කොළඹ දුම්රිය මාර්ගය ද පිහිටා තිබේ.
ගතවු දින කිහිපය තුළ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට බලපෑ අධික වැසි සහිත කාලගුණ තත්ත්වය මේ වන විට පහව ගොස් ඇත.
රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික
මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා
රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (
රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු
පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
තලවකැලේ වතුකම්කරු පවුල් 33 ක් ආරක්ෂිත ස්ථානවලට