IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


තරුණයන් තිදෙනෙකු ඝාතන කළැයි පාතාල සාමාජිකයෙක්ට මරණ දඬුවම්

(මනෝප‍්‍රිය ගුණසේකර)

නව යෞවන වයසේ පසුවු තරුණයින් තිදෙනකුට වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු පාතාල සාමාජිකයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහෙන්ද්‍රන් මහතා  අද  (20) මරණ දඬුවම් නියම කළේය.

කිසිඳු සිද්ධියකට සම්බන්ධයක් නොමැති අවුරුදු 16, 17 සහ 18 නව යෞවන වයස්වල පසුවු අහිංසකයින් බව කියන තරුණයින් තිදෙනාට මීට වසර 02කට ඉහතදී වැල්ලම්පිටිය ප‍්‍රදේශයේදී  ටී-56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කළ බවට විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුට මරණ දඬුවම් නියම කළේය.

චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස මරණ දඬුවම් නියම වුයේ මොහොමඞ් රවුෆ් මොහොමඞ් හිල්මි හෙවත් ගමා නැමැත්තාටය. 

මෙම විත්තිකරු සමගම චෝදනා ලැබ සිටි මොහොමඞ් සාදික් මොහොමඞ් අන්දාම් නමැති විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නැතැයි තීරණය කළ විනිසුරුවරයා ඔහු නිදොස් කොට නිදහස් කළේය.

2006 නොවැම්බර් මස 02 වැනිදා හෝ ඊට ආසන්න දිනයක වැල්ලම්පිටිය ප‍්‍රදේශයේදී යෞවන වයස්වල පසුවු තරුණයින් තිදෙනකුට වෙඩි තබා ඔවුන්ගේ මරණ සිදුකළ බවට විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.

මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී පාතාල සමාජිකයින් බව කියන විත්තිකරුවන් ඔවුන්ගේ විරුද්ධවාදීයකු ඝාතනය කිරීම සඳහා ටී-56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ඇති බවත් ඒ අවස්ථාවේදී විරුද්ධවාදීයා ඒ අසල තිබු ආවරණයකට මුවා වීම නිසා ඔහු වෙඩි පහරවලින් ගැලවී ඇති බවත් ඒ අසල සිටි නව යෞවන වයස්වල පසුවු අහිංසකයින් බව කියන තරුණයින් තිදෙනාට වෙඩි වැදී එතැනදීම මියගොස් ඇති බවත් නඩු විභාගයේදී හෙළි විය.

ඉදිරිපත් වු සාක්කි අනුව එක් විත්තිකරුවකුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් ෂාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නැතැයි තීරණය කරමින් ඔහු නිදහස් කළ විනිසුරුවරයා මොහොමඞ් රවුෆ් මොහොමඩ් හිල්මි හෙවත් ගමා නමැති විත්තිකරුට එරෙහි චෝදනා  පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් ඔහුට මරණීය දඬුවම් නියම කළේය.



අදහස් (7)

තරුණයන් තිදෙනෙකු ඝාතන කළැයි පාතාල සාමාජිකයෙක්ට මරණ දඬුවම්

සතයපාල Friday, 20 July 2018 01:10 PM

අපි මුලින් පටන් ගන්නේ නැතිව අගින් පටන් අරන් ඉස්සර වෙලාම මෙයාගේ මරණ දඬුවම ක්‍රියාත්මක කරමු.

:       3       41

MaheeFriday, 20 July 2018 08:21 PM

මාත් කැමතියි සත්‍යපාල, හැබැයි එල්ලන්න හදන්නේ කුඩු කාරයෝ විතරයි. එතනත් ඉන්නේ කුඩු ප්‍රවාහකයෝ මිසක් කුඩු මුදලාලිලා නොවන බවයි මගේ නම් වැටහීම. කොහොම වුනත් දැන් ඒ කට්ටියටවත් දඬුවම් දී ගන්න බැරුව ලතවෙන වෙලාවේ මේ වගේ අනිකුත් පාතාලයන් කරා, මිනීමරුවන් කරා, ස්ත්‍රී දුෂකයන් කරා, ළමා අපචාරකරුවන් කරා මරණ දඬුවම ව්‍යාප්ත කිරීම මේ කපේදී නම් සිද්ද වෙන්නේ නෑ.

:       1       2

Sanath Friday, 20 July 2018 04:07 PM

උසාවියෙන් මරණ දඬුවම දුන්නට පස්සේ ඒක ක්‍රියාත්මක කරන්න නීති විශාරදයෙක් නොවන ජනාධිපති ගාවාගන්නේ මොන එහෙකටද?

:       0       0

sanath Saturday, 21 July 2018 05:10 AM

මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නේ නැත්නම් මොකටද ඕක දුන්නා කියලා ප්‍රකාශ කරන්නේ?

:       1       3

pissa Saturday, 21 July 2018 07:51 AM

සනත් - සහතික ඇත්ත. ජීවිතාන්තය දක්වා හෝ අවරුදු කිහිපයකට රක්ෂිත බන්ධනාගාර කල බව පැවසුවානම් ඉවරනේ.

:       0       1

banda Saturday, 21 July 2018 09:22 AM

නඩුකාර හාමුදුරුවනේ නොකෙරෙන දඩුවමක් ගැන කතා කරන්නේ නැතිව ඔන්න ඔය අහිංසකයව නිදහස් කරලා දාන්න.

:       0       5

tikka Saturday, 21 July 2018 02:55 PM

සහතික ඇත්ත... රටේ නොකෙරෙන දඬුවමක් ගැන කතා කරනවට වඩා හොඳයි දෙන්න පුළුවන් දඬුවමක් ගැන කියන එක...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 2101 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 1092 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 849 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 385 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 677 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 599 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1408 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site