IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


තරුණයකු පිහියෙන් ඇන මරා දැමූ දෙදෙනෙක්ට මරණ දඬුවම

( තිළිණි ද සිල්වා  සහ රංජන් කටුගම්පොළ )

කොටහේනේදී 17 හැවිරිදි තරුණයකු පිහියෙන් ඇන මරා දැමීමේ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකරුවන් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් මරණ දඬුවම නියම කරන ලදී

කොටහේන ප්‍රදේශයේ පදිංචි ගුරුසාමි මිල්ටන් සහ කළුතන්ත‍්‍රීගේ රුවන් හෙවත් ආජා නමැති විත්තිකරුවන් දෙදෙනාට මෙලෙස මරණ දඬුවම නියම විණි.

මෙහි ගුරුසාමි මිල්ටන් නැමති විත්තිකරු මේ වනවිට අධිකරණය මඟ හැර පළා ගොස් සිටින අතර ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා මහාධිකරණ විනිසුරුවරයා විවෘත වරෙන්තු ද නිකුත් කර ඇත.

2001 වසරේ අපේ‍්‍රල් 12 වැනිදා කොටහේන ප‍්‍රදේශයේදී පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් 17 හැවිරිදි පණ්ඩුක ප‍්‍රසාද් විස්වන්ත නැමති තරුණයෙකුට පිහියෙන් ඇන මරා දැමීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කෙරිණි.

දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප‍්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බව තීන්දු කළේය.

ඒ අනුව ඔවුන්ට මරණීය දණ්ඩනය නියම කරන බවද විනිසුරුවරයා සිය තීන්දුවෙන් සඳහන් කර සිටියේය.

 



අදහස් (2)

තරුණයකු පිහියෙන් ඇන මරා දැමූ දෙදෙනෙක්ට මරණ දඬුවම

rocky Friday, 13 December 2019 03:50 AM

අපරාදේ! කලින්නම් මොකක් හරි ජිල්මාට් එකක් දාලා ජනාධිපති සමාව ලබා ගන්න ඉඩ තිබුනා.

:       0       0

KANDEPOLA Friday, 13 December 2019 04:00 AM

අවුරුදු 18ක් නඩු අහලා තීන්දු දෙනකොට වැරදිකාරයො අන්තරස්දාන වෙලා. අනේ මෙහෙමත් රටක්. දැන් කාටද දඬුවම් කරන්නේ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 96 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 226 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 975 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 122 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 309 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 285 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site