IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


තමන්ට එරෙහි නඩුව විභාගයට නොගන්න’යි ගෝඨාභය ඉල්ලයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ ) 
 
ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වා ගෙන යාමට ඇවන්ගාඩ් සමාගමට අනුමැතිය දීමෙන් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කර ඇතැයි කියමින් තමන්ට එරෙහිව අල්ලස් ⁣කොමිසම ⁣පැවරු නඩුව විභාගයට ගැනීම අත්හිටුවන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (23) අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිශෝධන අයදුම්පතක් ගොනු කළේය .
 
අල්ලස් හෝ දූෂන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් මෙහි වගඋත්තරකරු ලෙස නම් කර සිටිති.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අල්ලස් හෝ දුෂණ වංචා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ ඇත.

නීතීඥ සනත් විජේවර්ධන මහතා විසින් ගොනු කර ඇති පෙත්සමේ මෙසේ ද සඳහන් වේ.

ගාලූ වරායේ නවතා තිබූ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑමට ඇවන්ගාඩ් සමාගමට අනුමැතිය ලබාදීම තුළින් ශ්‍රී ලංකා රජයට බිලියන 11.4ක පාඩුවක් කරන ලදැයි කියමින් අල්ලස් කොමිසම විසින් කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේ පෙත්සම්කරුට එරෙහිව නඩු පවරනු ලැබීය.

මෙම නඩුව පවත්වාගෙන යා නොහැකි බවට පෙත්සම්කරුවන් ඇතුළු පිරිස මූලික විරෝධතාවයක් ඉදිරිපත් කළත් එම මූලික විරෝධතාවය ඉවත දමනු ලැබීය.

එම නියෝගයෙන් අගතියට පත් පෙත්සම්කරු ඇතුළු පිරිස ඊට එරෙහිව කොළඹ මහාධිකරණයට ප‍්‍රතිශෝධන අයදුමක් ඉදිරිපත් කෙරිණි. එම ප‍්‍රතිශෝධන පෙත්සම ද ප‍්‍රතික්ෂේප කෙරිණි.

ඉන් අගතියට පත් පෙත්සම්කරු විසින් මෙම ප‍්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණය වෙත යොමු කෙරිණි.

වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද අදාළ නඩු විභාගය මෙම පෙත්සම් විභාගයට ගෙන අවසන් වනතුරු නවතාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද , මූලික විරෝධතාවය ප‍්‍රතික්ෂේප කිරීම ගත් තීරණය අහෝසි කර එය පිළිගැනීමට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු ඉල්ලා ඇත.



අදහස් (78)

තමන්ට එරෙහි නඩුව විභාගයට නොගන්න’යි ගෝඨාභය ඉල්ලයි

Dasuni Friday, 23 February 2018 09:03 AM

ඇයි වෙන මුකුත් එපාද?

:       4510       5109

namalSaturday, 24 February 2018 01:15 AM

ඒකෙන්ම පේනවා වැඩේ. පුහුල් හොරා කරින් දැනේ

:       0       55

රජින්ද Friday, 23 February 2018 09:11 AM

මම කියන්නෙත් මේ නඩුව ඉවත් කල යුතුයි කියලයි. මොකද ඇවන්ගාඩ් එකෙන් කලේ යුද්ධය සඳහා ඍජුව දායකත්වය දීලා සේවයෙන් ඉවත්වුණා. අපේ රණවිරුන්වන්ට ඔවුන් කල සේවයට සරිලන මාස්පතා ස්ථීර ආදායමක් ලැබෙන කර්තව්‍යයකට ඔවුන්ව යොදාගෙන ඔවුන්ටත්, රටටත් මුදල් ඉපයීමයි. මේ ආයතනය නිසා විශ්‍රාමික රණවිරුවන්ගේ පවුල් රජයට බරක් නොවී යැපුණා. අනික මේ ආයතනය මෙතුමා බිහිකළ ආයතනයක්. එහි ව්‍යුහය ගැන කිසිම හැඟීමක්, රණවිරුවාගේ අනාගතය ගැන තක්සේරුවක් නැති පිරිසක් මෙතුමාව අපකීර්තියට පත් කර, මෙතුමාට නින්දා කිරීම උදෙසා තමයි මේ ආයතනයට විරුද්ධව නඩු දැම්මේ. මෙය ඇත්තෙන්ම අසාධාරණයි.

:       10771       9611

සමන්තFriday, 23 February 2018 12:20 PM

මේවා මාර කථානේ. ඒ කියන්නේ රටේ නීතිය වලපල්ලට ගිහින්. අපි කරන්නේ අපිට ඕනේ දේ. ඔයාලට තියෙන්නේ බලාගෙන ඉන්න. ඉතින් රණවිරුවන්ට උදව් කළා නම්, ඒක හොඳ වැඩක් නම්, ජනතා පරමාධිපත්‍ය රැක දෙන, ව්‍යවස්ථාදායකය සහ අධිකරණයට ඇයි බය? යමක් හංගන්න තියෙන නිසා නේද..? මේ වගේ මිනිස්සු රටේ ජනාධිපති වුණොත් මොනවයින් මොනවා වෙයිද..?

:       3711       5135

bandara kuwait Saturday, 24 February 2018 03:47 AM

මෙවහේ අය රට බාරගත්තොත් අපි තවත් අගාදයට යනවා කොටිගනනක් මහජනයාගේ සල්ලි සොහොනට වියදම් කල මාලිගා හැදුව ලොව හැමතැනම මුළු පවුලම රටේ සල්ලිවලින් ඉතාම සැප ජීවිත ගතකරනවා ඉතින් සිතපල්ලා මිනිසුනේ මුන් අපේ ගැලුම් කාරයෝද කියා

:       31       16

බන්ඩාFriday, 23 February 2018 12:49 PM

මේ නඩුව මොකක්ද කියලා තේරුම් ගන්න. මෙතන රජයට පාඩු කළා කියන්නේ අැවන්ට් ගාඩ් සමාගම විසින් රජයට අයිති 'රක්නා ලංකා සමාගමට' පාඩු කලා කියන එකයි. 'රක්නා ලංකා සමාගම' කියලා සමාගමක් ගෝඨාභය අාරක්ෂක ලේකම් වෙන්න කලින් තිබුණේ නැහැ. ඉතා සුළු මුදලකින් 'රක්නා ලංකා සමාගම' පටන් ගත්තෙත් ගෝඨාභයයි. නමුත් ඉන්දියාව හෝ එංගලන්තය හෝ වෙනත් රටවල් කිසිවක් නැව්වලට සපයන මුහුදු අාරක්ෂක සේවා පවත්වා ගන යන්නෙ නැත්තේ සිවිල් නැව් සමග කටයුතු කිරීමේදී අායුධ වල අාරක්ෂාව පිළිබඳ ප්‍රශ්න මතුවෙන නිසයි. එ් නිසා අායුධ ගබඩා පවත්වාගෙන යෑම පමණක් 'රක්න ලංකා' සමාගමට පවරලා ලෝකෙ අනෙක් රටවල් වගේ ලංකාවෙත් අාරක්ෂක සේවා සැපයීම අැවන්ට් ගාඩ් වැනි සමාගම් වලට පවරලා... දැන් බිලියන 11.4 ක් රජයට පාඩු වුණා කියන්නේ ඔන්න ඔය පැවරීම නිසා අැවන්ට් ගාඩ් වැනි සමාගම් ලබා ගත්ත ලාභය, රක්නා ලංකා සමාගමට නැති වුණා කියන පදනම මතයි. යහපාලනය යටතේ අද මොකද වෙලා තියෙන්නේ? අර ලාභය අැවන්ට්ගාඩ් වලටත් නැහැ. රජයේ රක්නා ලංකා වලටත් නැහැ. රණවිරුවෝ 9,000 ක් ලක්ෂ ගණන් පඩි ගත්ත රක්ෂාත් නැහැ. කොහොමද යහපාලන දේශපාලන පළි ගැනීම්...

:       4328       3314

සමන්තFriday, 23 February 2018 02:49 PM

ඒක හරි...කෝක හරි.....හරි හෝ වැරදි ලෙස තීරණය කරන්න ඕනේ අධිකරණය මිසක් ගෝඨාවත්, වාසි ගත්ත මිනිස්සුවත් නෙමේ. මේ රටේ නීතියක් තියෙනවා. විනයක් කියලා දෙයක් තියෙනවා. ගෝඨාභයට ඕනේ දේවල් කරන්න මේක අම්බලමක්ද..? අනික යහපාලන ආණ්ඩුව කගෙන්වත් පලි ඇරන් නෑ. ඒ බොරු. එහෙම නම් හොරු එළියේ නිදහසේ ඉන්න එක ගැන මිනිස්සු චෝදනා කරන්නේ නෑ. පලිගත්තේ ඒ කාලේ. ලසන්තගෙන්, පෝද්දල ජයන්තගෙන්, කීත් නෝයාර් ගෙන්, ප්‍රශාන්ත ජයකොඩිගෙන්, සරත් ෆොන්සේකා ගෙන්..තව ඕනේද​..?

:       324       1409

මම හොරා නොවේ Friday, 23 February 2018 09:14 AM

නඩු විභාගයට ගැනීම අත්හිටුවන ලෙස ලංකාවේ සියලුම අධිකරණ වලින් සියලුම චූදිතයන් ඉල්ලන්න. ගොඨාභය යනු පිටසක්වලින් පැමිණි කෙනෙක්ද? ඔහුට ලංකා නීතිය වලංගු නැතිද? ඇමෙරිකන් පුරවැසියකු නිසාද? මෙවැනි හොරුන්ගේ අයැදුම්පත් අධිකරණය බාර ගන්නේ ඇයි? රන්ජන් රාමනායක හරි නේද?

:       2610       3786

gunarathna Friday, 23 February 2018 09:18 AM

එහෙම ඉල්ලන්නට නීතියේ ප්‍රතිපාදන තියෙනවද? නීතියේ ප්‍රතිපාදන තියෙනවා නම් හැමෝටම පුළුවන් වෙන්න ඕනෙනේ නඩු වලින් බේරෙන්න.

:       671       1731

senarathSaturday, 24 February 2018 10:30 AM

නීතියේ ප්‍රතිපාදන නැත්නම්, අධිකරණය එ්ක පිළිගන්නේ නැහැනේ.

:       18       211

ranjan Friday, 23 February 2018 09:21 AM

මේ විදිහට ඕනෙම කෙනෙකුට මේ වරම ලබාගන්න පුළුවන්ද? එහෙම වුණොත් උසාවි වලට නඩු නැතිව යාවිනේ පෙරකදෝරුවන් බඩගින්නේ...

:       583       886

sirimal Friday, 23 February 2018 09:22 AM

නඩු දාන්න එපා කියලත් නඩු දාන්න පුළුවන්ද?

:       622       1071

ජගත් Friday, 23 February 2018 09:32 AM

එහෙම කරලා එළියට ඇවිත් පත්තරේට කියනවා හොරකරලා නම් නඩු දාලා පෙන්නන්නලු. මේවා හොඳයි කිසිවක් හොයන්නේ නැතිව අන්ධයෝ වගේ මේ වගේ හොරුන්ට කඩේ යන අයට නම්...

:       760       2826

ලසන්ත Friday, 23 February 2018 09:34 AM

අඹ වල්ලක් කැඩීම, පොල් ගෙඩි කිහිපයක් සොරකම් කිරීම වගේ දුප්පත් අහිංසක මිනිසුන්ගේ නඩු විතරක් අහල මේවගේ ලොකු ගණන් වල ඒවා අහන්නේ නැතිවම ඉවත දාන්න.

:       561       1271

Gota Friday, 23 February 2018 09:38 AM

අපිටත් එහෙම පුළුවන්ද?

:       579       810

KANDEPOLA Friday, 23 February 2018 09:39 AM

අනේ ඔය නඩුනම් දැන් වැඩකුත් නෑ. පිළුණු වෙච්ච කතන්දර.

:       1376       233

Buddika Friday, 23 February 2018 09:42 AM

ඔව් ඉතින් කරන්න.. මේ අයට හොඳයි. නඩු අහන්න නරකයි. හමුදාවේ පඩිය විතරක් ගත්ත පාරම්පරික ව්‍යාපාර, වතුපිටි නොතිබ්බ අය කෝටිපතියෝ වුණෞ කොහොමද? වැරැද්ද මේවාට දඬුවම් දෙන්න යන ප්‍රමාදයයි. හොරු නොදන්නවට ඒ අය හොරු බව අපි දන්නවා.

:       137       1670

Nandalal DE SILVA - France Friday, 23 February 2018 09:42 AM

නඩුවක් අහන්නත් ඉස්සර තුන්මුනින් දහඩිය දමාගෙන නටන මේ නාඩගම මොකද්ද? වැරද්දක් කරලා නැත්නම් ඇයි මෙච්චර බය? මේ නඩුව නම් ඇහිය යුතු නඩුවක් බව දැන් හිටන්ම පේනවා. රජයේ කිසිම ප්‍රධානියෙක් හෝ විසින් ගෝඨාභය ආරක්ෂා නොකළ යුතුයි!

:       587       1616

antonSaturday, 24 February 2018 11:14 AM

බයේ ගොත ගොතා කියන්නේ එ් නිසයි.

:       0       5

Sarah Qatar Friday, 23 February 2018 09:58 AM

හොරාම තමන්ට නඩු දාන්න එපා කියන ලෝකයක්... මොන විහිළුවක්ද?

:       691       1710

ranjth Friday, 23 February 2018 10:22 AM

හොඳ පූර්වාදර්ශයක් වෙයි. නඩු වලින් බේරෙන්න පුළුවන් ක්‍රමයක් වෙයි නේද?

:       572       735

Muhan Friday, 23 February 2018 10:33 AM

එයා හිතාගෙන ඉන්නේ එය වෙන්ඩ රජා කියලනේ...

:       1725       3136

Ranjan Friday, 23 February 2018 10:39 AM

ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වා ගෙන යාමට ඇවන්ගාඩ් සමාගම වගේ ව්‍යාපාරයක් මීට ප්‍රථම තිබුණද? එසේ නම් පාඩුව බැලිය හැකිය..

:       820       686

sujeewa Friday, 23 February 2018 10:46 AM

ප්‍රවෘත්ති පල කිරීමේදි සවිස්තරව පල කළා නම් හොඳයි. නැත්තන් එක පැත්තකට කඩේ යනවා කියල පේනවා.

:       35       676

සතයපාල Friday, 23 February 2018 10:47 AM

අයියා තවම රටේ රජකම් කරනවා කියලා හිතාගෙන ඉන්නවද දන්නේ නැහැ.

:       693       1183

Jehaan Friday, 23 February 2018 11:17 AM

මේවා හොඳයි දකුණු ඉන්දියානු චිත්‍රපටි තිරකතාවකට ! දැන් ඔය විදියටම බැඳුම්කර වංචාවේ සැකකාරයන් නඩුව කල් දමන්න කිව්වොත් කරාවිද?

:       99       322

Lapaya Friday, 23 February 2018 12:04 PM

නඩුවලට තිබෙන බය නෙමෙයි. බොරු නඩු වලට රිමාන්ඩ් කරලා මාස ගණන් ඇප නැතිව හිරේ තියාගෙන, අන්තිමට කරපු වැරැද්දකුත් නැහැ. නඩුවට වූ දේකුත් නැහැ... වෙන්නේ ඒකයි.

:       1273       870

anslam Friday, 23 February 2018 12:16 PM

මේ කට්ටිය කමෙන්ට්ස් කරලා තියෙන්නේ හරියට අැවන්ගාඩ් කියන එකෙන් මොකද වුනේ? ඒවාගෙන් රටට වූ කීර්තිය, සිදුවූ අවාසිය මොකක්ද...? හැම මගුලටම රාජපක්ෂවරු හිරේ දැම්මම, නඩු දැම්මම අායෙත් බලයට එන්න ලැබෙන්නේ නැතිවෙයි. නඩු දාන අයට ඡන්ද වැඩිවෙයි... මිනිස්සු සතුටුවෙයි කියලනේ ඔය කරන්නේ.. ගිය අවුරුදු තුනේම ඔය විදියට නඩු දැම්මා හිරේ දැම්මා ගොඩක්ම ඔප්පු කර ගන්න බැරි බොරු චෝදනා ..ඉතින් ඡන්ද අඩු වුණාද? නැහැනේ ...2015ට වඩා වැඩියි නේ... මේ විදියටම කරගෙන යන්න ඔය එක්සත් ජාතික පක්ෂය ගත්තු ලක්ෂ 39 ලක්ෂ 25 ට බහින්නේ ගෝඨාභය මහත්තයාට මොනවා හරි වෙච්ච දවසට .... මේ මිනිස්සු නැත්නම් අද ක්‍රියාත්මක වෙන්නේ පිටසක්වලින් වගේ ආපු මිනීමරු නීතිය.. ඔය කමෙන්ට්ස් කරන අයට, කමෙන්ට්ස් කරන්න වෙන්නේ මිස්ටර් ප්‍රභාකරන් කියලා විතරයි .. දැන්වත් මේ ඡන්දෙන් පාඩමක් ඉගෙනගෙන ගරුකළ යුතු අයට ගරු කරන්න ඉගෙන ගන්න.. බොරුව දිනන්නේ නැහැ.

:       4539       2334

සමන්තFriday, 23 February 2018 02:58 PM

මේ අපි දැනගෙන කතා කරමුද​? ඡන්ද අඩුවෙලා තියෙන්නේ රාජපක්ෂලාටයි. 2015 දී 49%. 2018 දී 44.6%. හොඳයි නේද..? අනික යු.ඇන්.පී එක ට වැඩි වෙලා. 2015 ඉඳලා මේ වෙනකම් කවුරුවත් හිරේ යවලා නෑ. ඇමෙරිකාවට නම් යවලා තියෙනවා. ප්‍රශ්නය ඒකයි.

:       30       227

Ajith NissankaFriday, 23 February 2018 04:29 PM

අැවන්ගාඩ් කියන එකෙන් මොකද වුනේ කියල හරියටම පෙන්නලා දෙන්න දැන් මෙතුමාට අවස්තාවක් තියෙනවානේ! විශේෂයෙන් 2020 ජනාදිපති වෙන්න කැස කවන කෙනෙක් හැටියට මෙතුමාට වගකීමක් තියෙනවා තමන් නිර්දෝශයී කියල ජනතාවට ඔප්පු කරන්න! එහෙම නැතුව බොරු දේශප්‍රේමිත්වය දාල ශේප් වෙන්න ඉඩ තියන්න බැහැ!

:       0       72

බන්ඩාFriday, 23 February 2018 04:34 PM

මෙතන කොමෙන්ට් ලියන හුඟක් අය 'අැවන්ට්ගාඩ් සමාගම' මොකක්ද 'රක්න ලංකා සමාගම' මොකක්ද නඩුව මොකක්ද රජයට පාඩු උනා කියල පොලීසිය කියන්නෙ කොහොමද කියල වත් දන්නෙ නැහැ. තමන්ගෙ දේසපාලන ගැති කම අනුව (පක්ෂෙ අනුව) ගෝටාභය වැරදිකාරයද නිවැරදිකාරයද කියල තීරණය කොරනවා. අැවන්ට්ගාඩ් සභාපති 2017 අගෝස්තු 28 දෙරණ tv එකට දුන් ඉන්ටවිව් ඒක youtube එකෙන් ගූගල් කර බලන්න. අද රටට වෙන විපත තේරැම් ගන්න.

:       37       83

Sanath Friday, 23 February 2018 12:32 PM

පුංචි ඡන්දෙන් පස්සේ ආණ්ඩුව දැන් බයවෙලා.. එයාලගේ පදේට නටයි කියලා හිතනවාද දන්නේ නැහැ.

:       489       1012

Upul Friday, 23 February 2018 12:38 PM

අනේ මෙහෙමත් විකාර.. නිවැරදි නම් මෙතරම් බය කුමටද?

:       744       1511

පිටිගල මිලානෝ Friday, 23 February 2018 12:43 PM

අයියා අවුරුදු දෙකකට කලින්ම යවලා දායි කියලා කවුද හිතුවේ? සරත් ෆොන්සේකාව කුදලාගෙන ගිය හැටි හීනෙනුත් පේනවා ඇති නේද? අෂ්ඨ ලෝක ධර්මේ කැරකෙනවා කියන්නේ මේකටයි.

:       874       2230

Lakmal Friday, 23 February 2018 01:37 PM

කමෙන්ට්ස් කරලා තියන අය සොරෙකු බවට පත්කරලා ඉවරයි. මේක තේරුම් ගන්න ඕනෑ. සමාගමක්, අලුත් ප්‍රොජෙක්ට් එකක් ඉදිරිපත් කරලා රජයෙන් බිස්නස් එකක් කරන්න අවසර ඉල්ලනවා. ඒකට අවසර දුන්නාම කාටවත් කියන්න බැහැබිස්නස් එක රජය කළා නම් රජයට ලබා ගන්න තිබුණා.... දැන් කම්පැණි එකක් කරන නිසා රජයට පාඩුවුණා කියලා. එහෙනම් සියළු බිස්නස් ආණ්ඩුව කරන්න ඕනෑ.

:       1305       807

rocky Friday, 23 February 2018 01:41 PM

ඇයි, වරදක් කරලා නැත්නම් ඕව `බොරු චෝදනා` නම් උසාවියේදී කරුණු ඉදිරිපත් කරලා නිදහස් වෙන්න බැරි? ඇයි, උසාවියට බයද?

:       581       1294

Rohan Friday, 23 February 2018 01:48 PM

මෙතුමා රට බේරගත්ත නිසා මෙතුමාට නඩු පවරන එක සදාචාර නැහැ.

:       1532       771

Ambalangoda senaviFriday, 23 February 2018 06:36 PM

සරත් ෆොන්සේකාට බෙලෙක් පිගානේ කන්නදීල හිරේ දැම්ම එක මතකද දෙවියනේ. රත්තරන් මුද්දේ දාපු අතකින් ටොක්කක් කෑවම රිදෙන්නෙව් නැද්ද රොහාන් ?

:       0       113

channa Friday, 23 February 2018 02:23 PM

හිරේ යන්න වෙනබව දැනගෙන පණ බයෙන් ඉන්නවා. පත්තර ඉස්සරහ නම් බොරු සිංහයෙක්...

:       760       1435

RanjanSaturday, 24 February 2018 12:35 AM

ඔබට හෝ තව කෙනෙකුට පුලුවන්ද අලාබය තක්සේරු ක‍රන්න. මන්දයත් මීට ප්‍රථම මෙවනි ව්‍යාපාරයක් තිබුනේ නෙහෙ.

:       0       13

danru Friday, 23 February 2018 02:55 PM

නොදන්නා නිසයි අහන්නේ. මේ නඩුව ඇසුවොත් ගෝඨාභය මහතාට තම නිර්දෝෂී බව ඔප්පුකරන්න බැරිද? අමාත්‍යාංශ ලේකම්වරයකුට ව්‍යාපාර කටයුතු කරන්න පුළුවන්ද?

:       2       100

Saman Friday, 23 February 2018 03:44 PM

එක එක නඩුවෙන් නම ඉවත් කරගන්න පුලුවන්නම් හොඳයි, අන්න පොලිස් ලොක්ක ලසන්තගෙ මරණය ගැන හුඟක් දේවල් කියල තියෙනව කියල ආරංචියි.

:       0       0

HS Friday, 23 February 2018 03:54 PM

අෂ්ඨ ලෝක ධර්මේ කැරකෙනවා

:       0       0

nishantha Friday, 23 February 2018 04:14 PM

අර මගෙත් තියෙනවා බයිසිකලේ හෙල්මට් නැතුව ගියා කියල නඩුවක් දාල , දැන් මමත් ඉහල උසාවියකට ගිහින් එක දාන්න දෙන්න එපා කියල ඉල්ලලා නඩුවක් කතා කරලා බලන්න ඕනේ ....

:       0       0

rohana kumara mendis Friday, 23 February 2018 04:20 PM

ලාබ පාඩු කොම වෙතත් මෙයාලා හොදට හම්බ කරගත්තා.නීති විරෝදී ලෙස ආයුධ එක එක්කෙනා අතට ගියා.ආණ්ඩුවට කොමත් පාඩු තමයි මෙයාල සේරම කලේ.එත් දැන් ගොඩක් අය‍ට අයේ මෙයාලව ලොකු වෙලා.මෙය ඇතුළු රාජපක්ෂ රෙජීමය .අනේද කියන්නේ.රටක ත්‍රස්තවාදය නැති කරන එක රජයක යුතුකම.හැමෝම හැම රජයක්ම යුද්ධ කළා.ජීවිත ගොඩක් නැති උනා.

:       3       1

nimal Friday, 23 February 2018 04:35 PM

මගේ නෝනා නඩු දාන්න යනවලු නඩත්තු ඉල්ලලා.ඊට කලින් මම නඩුවක් දානවා නඩු දාන්න එපා කියලා.

:       0       6

සරත් ගුණසේකර Friday, 23 February 2018 04:40 PM

කෝටි ගණන් විදේශ විනිමය ගෙනාපු සමාගම. දැන් නාවික හමුදාව අරගෙන අදායම අඩු වුනා. ඕක රටක නාවික හමුදාවකට කරන්න බෑ... හරියට හොයල බලනවා. නීතියේ ප්‍රතිපාදන නිසා තමයි නඩු එපා කියන්නේ... කාටවත් එකට ඇගිලි ගහන්න බෑ. ඒක ලංකාවේ නිතිය. මේ මනුස්සයා නීතියෙන් හැංගිලා නෑ.

:       0       19

parakkrama Friday, 23 February 2018 04:48 PM

මාධ්‍යවේදීන් ඉදිරිපිටදී හිනාවෙලා ප්‍රශ්න මොකුත් නැතිවා වාගේ පෙන්නුවාට මොකද අධිකරණය ඉදිරියේදී ඔප්පුවන යම් වරදක් සිදුවී තිබෙන බව මේ හැසිරීම් විලාශයෙන් පෙන්නුම් කැරෙනවා. ඒ නිසා තමයි මේ ඔක්කොම් උප්පරවැට්ටි දමන්න බලනේ. අනික් අතට, යමෙක් හෝ යම් කණ්ඩායමක් හෝ කිසියම් වරදක් සිදුකර ඇතිබවට ලැබෙන තොරතුරක් හෝ අනාවරණය වීමක් හෝ නිසා ඒ පිලිබඳ වරද හෝ නිවැරැද්ද හෝ සොයා බැලීමට අධිකරණය හමුවේ විමසීමට එරෙහිව ආඥාවක් ඉල්ලන්නේ ඇයි? මේක වක්‍රව යම් උපාය මාර්ගයකින් වැරදි යටපත් කිරීමට යෙදෙන ප්‍රභල උත්සහයක් බව ඒත්තු ගැන්වෙයි. කලින් අත්අඩංගුවට ගැනීමෙන් වලකින්න නියෝගයක් ගත්තා. දැන් නඩු අහන්න එපා කියල නියෝගයක් ඉල්ලනවා. මේ වැරදි පූර්වාදර්ශ උපයෝගී කරගෙන ඒ අඩි පාරේ කීප දෙනෙක්ම ගොඩ යන්න උත්සහ කළා මතකද? නායකයෝ හැසිරෙන්න ඕන මෙහෙමද? පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයෙන් සියල්ල යටපත් කර ගොඩ යන්න පෙරමග සැකසීමක් වගෙයි. 2020 දී මෙවන්නන්ටද රට භාර දෙන්න කියන්නේ ?

:       0       7

බුද්දික Friday, 23 February 2018 04:50 PM

මෙතන හොරා හොරා කියන අය පොලිසියට ගිහින් කට උත්තයක් දෙන්න කෝ. අපිට වද නොදී

:       0       0

chamika s de silva - las vegas Friday, 23 February 2018 05:38 PM

මෙයාට තියෙන චෝදනා මොන තරම්ද....එක සැරයක් ශ්‍රී ලන්කන් ගුවන්යානයක ගමන වහාම කැන්සල් කරලා ඒ ගුවන් යානය මගින් නොමැතිවම ස්විට්සර් ලන්තයට යවනුලබුවා මෙයාගේ බිරිඳට " බල්ලෙක් "ගෙනෙන්න...මේවා දුෂණ නොවෙයිද....

:       0       8

අසෝක ජයතිලක මිලානෝ Friday, 23 February 2018 05:41 PM

සරත් ෆොන්සේකලා වගේ නෙවෙයි මෙයා බයයි. එකනේ රට පනින්නේ. පත්තර වලට නම් චන්ඩියා වගේ කියනවා හොරකම් කරලා තියෙනවානම් නඩු දාලා පෙන්නන්න කියලා.

:       0       7

sanath Friday, 23 February 2018 06:18 PM

එය ඇමෙරිකානු පුරවැසියෙක් නිසා නඩු දැමීමට පෙර ඇමරිකන් රජයෙන් අවසර ගතයුතුයි. ඩොනල්ඩ් ට්‍රුම්ප්ට පුළුවන් මෙයාව නිදොස් කොට නිදහස් කරන්න කියල ශ්‍රී ලංකා රජයට නියෝග කරන්න.

:       0       3

migida Friday, 23 February 2018 06:32 PM

යකෝ මේක මාර ඉල්ලීමක්. හැබැයි !අයියන්ධි මැරෙන සැටි පෙන්වමි' කියල මද්දුදුම බණ්ඩා කිව්වලු.

:       0       7

chris Friday, 23 February 2018 09:40 PM

ඇයි නඩුවලට ඔච්චර බය වරදක් කරලා නැත්නම් බය නැතුව නඩුවට ඉදිරිපත්වෙන්න .මට හිතාගන්න බැහැ මේ යුද්දය අවසන් කරන්න දායක උන නායකයෙක්ද කියල S F කියන කතා ඇත්ත වගේ .

:       0       6

Sathyayaa Friday, 23 February 2018 10:51 PM

ගෝඨාභය කියන්නේ සංකීර්ණ චරිතයක්. දේශප්‍රේමිත්වය ඔහු ළඟ නොතිබුනා නොවේ. ශ්‍රී ලංකා වැසියන්ට ඇත්තෙන්ම රට බේරා ගත් නායකයෙක් අවශ්‍ය නම් තෝරා ගත යුත්තේ බොරු කියන මහින්ද නොව කෙලින් කතා කරන ගෝඨාභයයි. එහත් ඒ ගෞරවයෙන් වැඩි කොටසක් හෝ 50% අයිති විය යුත්තේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාටයි. අසල්වැසි රටක තානාපති වරයෙක් හා රාජපක්ෂ පවුලේ ඥාතියෙක් ගෝඨාභය හා සරත් ෆොන්සේකා අතර තිබු සුසංයෝගයට ඊර්ෂ්‍යා කර ඒ දෙදෙනාවත් ජෙනරාල් ට විරුද්ධව ජනාධිපති මහින්දවත් කෙටෙව්වා. එහි ප්‍රතිපලය ඉතාමත් ඛේදනීය වුනා. ජාතිය විසින් එක්ව පිදිය යුතු යුද හමුදා පති වරයා සිත් පිත් නැති අන්දමින් සිර ගත කළා. ජාතිය දෙකඩ වුනා. සතුරන් ජය පැන් බීවා. රඛ්නා ලංකා හා ඇවන්ගාඩ් සංකල්ප නරක දේවල් නොවේ. නමුත් රඛ්නා ලංකා ආයතනයට හමුදාවේ ආයුධ ලබා දීමත්, එහි ආරක්ෂක භටයින්ට යුද හමුදාව මගින් පුහුණුව ලබා දීමත් නොකට යුතුව තිබුනා. එය තම නිළය අයුතු ලෙස ප්‍රයෝජයන ගැනීමක් යන්න අවිවාදාත්මකයි. මෙහි කිසියම් දෙයක් සැඟවීමට උත්සහයක් දැරූ බවට හෙළිවූයේ රඛ්නා ලංකා ආයතනයෙන් ඇවන්ගාඩ් ආයතනය ට ලබා දුන් ආයුධවල අංක මකා දැමීමයි. ඉතිරි හරිය නීති අංශ වලට බාරයි.

:       0       9

samalka Friday, 23 February 2018 11:00 PM

අැවන්ගාඩ් කරපුදේ හරිද කියල බලන්න නඩුවක් අහන්නම ඕනිනේ. උසාවිය හරි වෙරදී තීරණය කරයි. මොකද එකට බය? මොනවවත් හන්ගපුදෙවල් තියනවද? ඔයාට විරුද්දව නඩු අහන එකත් පව් සිද්ද වෙන පාපයක්ද? එහෙම කියනවනම් රාජපක්ෂලාට විරුද්දව නඩු අහන්න එපා කියල පාර්ලිමේන්තුවට පනතක් ගෙනල්ල සම්මත කරගන්න. හෙට අනිද්දා කියාවි ලසන්තගේ නඩුවත් අහන්න එපා කියල.

:       0       12

kehelpannala Friday, 23 February 2018 11:07 PM

අනේ මටත් තියනවා කෙහෙල්කනක් හොරකම කරා කියල දාපු නඩුවක්. එකනම් රු400ක් තමා වටින්නේ.ඔයාගේ නඩුවත් එක්කම මගේ නඩුවත් අහන්න එපා කියල කියන්නකෝ.

:       0       6

Manel Friday, 23 February 2018 11:25 PM

කොමෙන්ට්ස් දාන සමහර අය මොනවද වෙන්නේ කියල දනී නැත්ද එක්කෝ දන්නේ නේ වගේ පෙන්නනවද? ගොටභය කොහොම හරි හිරේ දැම්මොත් ඊළඟ ජනාධිපති මැතිවරණයට ඉල්ලන්න බැරි කරන එකයි මේ වයේ අරමුණ. එතකොට රනිල්ටයි, සිරිසේනටයි වාසි වෙයි කියලයි මේ ගොල්ල හිතන්නේ. ගොට වැනි මිනිසුන් රටේ පිනට පහල උන බව නොතේරෙන මිනිසුන් ඉන්නේ රටේ අවාසනාවට. කුහකයෝ නම් කොහොමත් ඉන්නවා.

:       6       24

naradha Friday, 23 February 2018 11:51 PM

ගෝඨාභය මැතිතුමා 30 වසරක් පැවති කුරිරු යුද්ධය නිම කිරීමට දුන් නායකත්වය ගැන සලක බලා මෙවැනි නඩු පැවරීම් නොකළ යුතුයි.

:       0       0

nimal Saturday, 24 February 2018 01:12 AM

මේක , මේ රටේ ජනතාව තාමත් අදුරේ අතගාන පිරිසක් ඉන්නවා .. අන්න ඒ මිනිසුන්ගෙන් . බලයට පත්වූ නායකයින්ට මෙය හොදයි. මොකද ඔය මිනිසුන් ඉදිරියටත් කරන්නේ අපේ රටේ අර අහිංසක ජනතාව මුලා කරගෙන .. මෙහි වැජබිලා. මේ රටේ ජනතාවගේ මුදලින් යැපෙන්නයි.මොකද මේ රටට වෙලා තියෙන්නේ මුලිකවම ඕකයි. උන් දන්නවා .. මොනවගේ බොරුවක් කීවොත්ද මේ ජනතාව මොහුන්ගේ පැත්තට යොමුකරවගන්නේ කියල... විශේෂයෙන්න්ම , මහින්ද රාජපක්ෂ , ඇතුළු ඔය පවුලේ අය..මොකද ඔය යු .එන් . පි එකේ ඉන්න . ඔය මෝඩ මහත්තය කරන අමන වැඩ .. වලින් ප්‍රතිපල ගන්නේ කව්ද අන්න ඒ අයයි. ඉතින් ඕක ජනතාවට තෙරුම්කරලා දෙන්න බැ... මගේ මතය ගෝටාබය නොවෙයි . මොන ජගතා වුනත් , වරදට දඩුවම් දිය යුතුයි .ජනාධිපති කෙනෙක්ගේ වගකීම තමයි , රටට පිටතින් හෝ ඇතුලතින් පැමිණෙන ඕනෑම බලවේගයකට මුහුණදීලා රට බේරගන්න එක , එක මේ පුල පුලා කිවයුතු දෙයක් නොවෙයි. ඇත්තෙන්ම කියනවනම් , මොකද මාත් හරිම කැමතියි . ඔය මහින්ද , මහත්තයටයි , ගෝටබයටයි, නමුත් අපි ඔහුන් කෙසේ හෝ බලයට පත්කරහම. එතනින් අපි නොදැනුවත්වම පාතාල කල්ලි ගොඩනැගිල . එතන එ්කදිපතිතාවයක් ගොඩනැගෙනවා. .. නැත්නම් මේ අවස්ථාව රටට අනිවාර්යෙන් අවශ්‍ය කාලයක් . ..

:       0       5

Rohana Saturday, 24 February 2018 01:21 AM

ලංකාවේ ජනතාවට ගැලපිල යන්නේ ගෝඨාභය වගේ ජනාධිපති වරයෙක්. 2020 පත් කරගමු.

:       0       0

අසෝක ජයතිලක මිලානෝ Saturday, 24 February 2018 01:28 AM

යුද්ධයේ ලොකුම වීරයා වූ සරත් ෆොන්සේකා මහතාව බිම දිගේ ඇදගෙන ගොස් හිර කලේ බලු කුඩුවකටත් අන්ත ටකරන් වහපු තැනක. එතුමාට කන්න දුන්න බත් පිඟානේ කුඹි. නිදාගන්න දුන්නේ සිමෙන්ති පොලව, ඒ නිසාම එතුමාගේ අභ්‍යන්තර තුවාල පැසවන්න ගත්තා. එලියට පැමිණි විට හමුදාවේ පොඩ්ඩෝ දාලා හු කියෙව්වා. කවුද ඔහුව මෙලෙස ටික ටික මරන්න ලැස්ති වුනේ? එතුමා කල වැරැද්ද යුද්ධය දාලා ගොස් නැවත පැමිණි කෙනෙක්ට සර් කිව්වේ නැති එකද?

:       0       11

Lal-Santha Monica-California Saturday, 24 February 2018 01:34 AM

මෙයාගේ කෙරුවාවල් අපිත් බලාගෙන තමයි ඉන්නේ. ආයෙත් මෙහෙට පනියි වගේ. මෙයා කොහොමත් බයයි නඩු වලට.

:       0       21

SUNIL (Pasadena-California) Saturday, 24 February 2018 02:11 AM

මෙච්චර බයයි නම් මේ දේවල් නොකර ඇමරිකාවටම වෙලා ඉන්න තිබුනනේ? සරත් ෆොන්සේකාව නොමරා මරුවා. මොන වරදකටද? රට බේරාගත්ත වරදටද හිරේ දැම්මේ?

:       0       29

vijitha Saturday, 24 February 2018 02:14 AM

මේ මිනිස්සුන්ට මේ තරම් appeal කරන්න මුදල් කොහෙන්ද ?. සාමාන්‍ය මිනිහෙකුටනම් මෙහෙම රුපියල් ලක්ෂ ගණන් වියදම් කරලා appeal කරන්න පුලුවන්ද. මේ මුන් හරා කාපු මහජන මුදල් නේද? නැතුව මැදමුලන පොල්වත්තෙන් ලැබෙන ආදායමෙන් නෙවෙයි නේද ?

:       0       8

Goda Perakadoruwa Saturday, 24 February 2018 03:33 AM

බොරු නඩු දාල මස ගණන් රිමාන්ඩ් කරලා නඩුව ඔප්පු කර ගන්න බැරි නම්, ඊට පස්සේ කරන්න තියෙනේ නඩු දාපු උන්ව හොයල ඊට උපදෙස් දුන්න උන්වත් එක්ක රිමාන්ඩ් කරලා සියලු දේපල රාජසන්තක කරලා බොරුවට හිටපු කාලේ ඩබල් කරලා හිරේ දාන්න පුළුවන් නීති ගෙන එක. එදාට පුළුවන් බොරු නඩු දන එක නවත්වන්න.

:       0       1

Shirantha Saturday, 24 February 2018 03:33 AM

ගෝටාභය මහත්තයා වැරැද්දක් කරල නැත්නම් නීතිය ඉස්සරහට ඇවිත් නිදහස් වෙනවා මිසක් නැට්ට කකුල් දෙක අස්සෙ ගහගෙන හැන්ගෙන එකෙන් යම්කිසි වැරැද්දක් වෙලා තියන බවව්පේනව. උදයන්ග ගෙ කතාවත් මේකම තමය් .

:       0       12

suran Saturday, 24 February 2018 04:10 AM

මේ දිහා දේශපාලන කෝණවලින් බලන පුද්ගලයන්ට තම දේශපාලන රුචිකත්වයට අනුව විවිද මත ඉදිරිපත් කල හැක. තමන්ගේ හිතට එකගව මේ දිහා බැලුවොත් නිවැරදි කුමක්ද යන්න වැටහෙනු ඇත.

:       0       10

bbbb Saturday, 24 February 2018 04:40 AM

ඇවන්ගාඩ් එකෙන් ඉස්සර ගෝඨාභයගේ හයිය අරන් කරපු වැඩ කොළඹ සමහරුන්ට නම් රහසක් නෙවේ. පුද්ගලික වාසි වලට නැතුව නීතිවලට යටත්ව මේ අවි ගබඩාව කළා නම් හොඳ ආයෝජනයක්... තිබුණු විදිහට ගියා නම් රජයේ අනුග්‍රහය යතේ මෙහෙයවෙන පාතාලයකුත් වෙන්න බැරි නැහැ.

:       3       184

සක්විති Saturday, 24 February 2018 05:33 AM

රටට මෙලෝ සේවයක් නොකල අපතයො කිසිම නඩුවක් නැතුව වැජඹෙද්දී මෙතුමා ගෙ ඉල්ලීම සාධාරණයි.

:       2       0

Ran Saturday, 24 February 2018 05:52 AM

දැන ගැනීම පිණිසයි අහන්නේ. ඇමෙරිකන් (හෝ වෙනත් රටක) පුරවැසියකුට ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම් විය හැකිද? නීතිමය ගැටළුවක් නැතිද?

:       0       114

Lanka Saturday, 24 February 2018 07:37 AM

තමුන් හරිනම් ඇයි මෙච්චර බය වෙලා ?

:       0       4

Shan Saturday, 24 February 2018 09:28 AM

වැරැදි ඇති.. නැත්නම් මොකද මෙච්චර බය? බලයේ ඉන්නකොට නම් කුඩුකාරයෝ බලන්නත් ගියානේද එළිපිටම...?

:       0       153

Perakum Saturday, 24 February 2018 03:44 PM

තමා නිර්දෝෂී නම් අධිකරණයට ඇයි ඔයතරම් බය? උසාවියෙන් නිදොස්වී නිදහස් වුනාම කොයි තරම් අගේද?

:       0       5

ATHULA Saturday, 24 February 2018 10:43 PM

මටනම් තේරෙන්නේ නැහැ ඇයි ගෝඨාභය මෙච්චර බය කියල. නීති සංගම් වලටත් කොන්දක් නැහැ.

:       0       71

Lakshaan Sunday, 25 February 2018 06:15 AM

මෙයා බයයි..!

:       0       4

R.Liyanage Monday, 26 February 2018 07:39 AM

තමා වරදක් කර නොමැතිනම් මේ බයට හේතුව කුමක්ද? සරත් ෆොන්සේකාට කරපු දේවල්වලට දෙවියන්ගෙන් දඬුවම් ලැබීම කාටවත් වළක්වන්න බැරිබව ලෝකයාට දැනගන්න පුළුවනි.

:       0       0

rocky Monday, 26 February 2018 03:06 PM

උන්නැහේ අපේ රටේ ජනාධිපති හැටියට? බුදු අම්මෝ !! අඩු ගානේ ඉඩි අමීන්, ජුවන් පෙරොන්, මාර්කෝස්, පොල්පොට්, චෝචේස්කු වගේ කෙනෙකුවවත් හොයා ගන්න බැරිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 13 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1386 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 290 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1402 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1388 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1561 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 223 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1537 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site