රෝවන් පෙරේරා
තබ්බෝව ජලාශයේ විවෘත කල වාන් දොරටු 20 න් 8 ක් වසා දැමූ බව පුත්තලම වාරිමාර්ග ඉංජිනේරු දිලීප හෙට්ටිආරච්චි මහතා පැවසීය.
අද අළුයම වාන් දොරටු විවෘත කිරීමෙන් තබ්බෝව 640 ජී පාවට්ටාමඩුව ග්‍රාම සේවා වසම සහ 640 ඩී තම්බපන්ති ග්‍රාම සේවා වසමේ පවුල් 40 ක සාමාජිකයින් 115 දෙනකු තබ්බෝව රජමහා විහාරස්ථානයේ ස්ථාපිත කර ඇති අවතැන් කඳවුරේ සිටින බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන් එච් එම් චිත්‍රානන්ද මහතා පැවසීය.
කරුවලගස්වැව මහජන සෞඛ්‍ය වෛද්‍ය කාර්‍යාලය මගින් මදුරුවන් පලවා හැරීම සඳහා දුමාරය ගැසීමද අද (25) සවස් කාලයේදී සිදු කෙරිණි.
640 ඩී ග්‍රාම නිලධාරීවරිය කඳවුරේ රැඳී සිටිමින් දිවා ආහාරය එම් ස්ථානයේ සකස් කරදීමට කටයුතු කළ බවත් කඳවුරේ සිටින පවුල් 40 සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමේ කටයුතු දිසාපතිතුමාගේ සහ කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම්වරයාගේ උපදෙස් මත සිදුකරන බවත් 640 ඩී ග්‍රාම නිලධාරීවරිය පැවසීය.
තබ්බෝව ජලාශයේ වාන් දොරටු විවෘත ස්ථානයට සහ කඳවුරට කරුවලගස්වැව පොලිසිය ආරක්ෂාවට යොදා ඇත.රාත්‍රී කාලයේදී වැසි පතිත වුවහොත් වසා දැමූ දොරටු යලි විවෘත කරන බව පුත්තලම වාරිමාර්ග ඉංජිනේරු දිලීප හෙට්ටිආරච්චි මහතා පැවසීය.
අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ
පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස
කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්
එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව
ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
තබ්බෝව ජලාශයේ වාන් දොරටු 20 න් 8 ක් වසා දමයි