IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


තංගල්ල හිටපු ප්‍රා.සභාපතිගේ අභියාචනය සළකා බැලීම ලබන වසරට කල්යයි

 
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 
තංගල්ල ‘‘ද නේචර් ’’ හෝටලයේදී බි‍්‍රතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් නැමැත්තා මරා දමා ඔහුගේ පෙම්වතිය දුෂණය කරන ලදැයි චෝදනාවට කොළඹ මහාධිකරණය මඟින් තංගල්ල ප‍්‍රදේශීය සභාවේ  හිටපු  සභාපති සම්පත් විදානපතිරණ ඇතුළු චූදිතයින් සිව් දෙනෙකුට නියම කර ඇති වසර 20ක සිර දඬුවමට එරෙහිව නීතිපතිවරයා සහ විත්තිකරුවන් විසින් ගොනු කළ අභියාචන පෙත්සම් දෙක ලබන වසරේ මාර්තු 01  වැනිදා විභාගයට ගැනිමට අභියාචනාධිකරණය අද  (15) තීන්දු කළේය.
 
මෙම අභියාචන පෙත්සම් දෙක අද (15) අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන එස්.තුරෙයිරාජා සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන් හමුවේ සලකා  බැලූ අතර එදිනට පෙත්සම් විභාගයට ගැනීමට එහිදී විනිසුරු මඩුල්ල තීන්දු කරන ලදී.
 
තංගල්ල ප‍්‍රාදේශීය සබාවේ හිටපු සභාපති සම්පත් විදානපතිරණ , උඩුවේගෙදර සම්පත් දේශප‍්‍රිය , ප‍්‍රගීීත් චතුරංග සහ ළහිරු කැලූම් නැමැත්තන් විසින් තමන්ට පැනවූ සිර දඬුවම ලිහිල්කර තමන් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා එක් අභියාචන පෙත්සමක්ද , විත්තිකරුවන්ට පැනවූ සිර දඬුවම් මරණ දඬුවම දක්වා වැඩි කරන්නැයි ඉල්ලා නීතිපතිවරයා විසින්  අනෙක් අභියාචන පෙත්සම ද ගොනු කරනු ලැබීය.
 
2011 වසරේ දෙසැම්බර් 25 වැනදා තංගල්ල නේචර් පාක් හෝටලයේදී බි‍්‍රතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් නැමැත්තා ඝාතනය කොට ඔහුගේ පෙම්වතිය දුෂණය කරන ලදැයි අතුළු චෝදනා 17 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ ගොනු කරන ලදී.
 
නීතිවිරෝධී ගිනි අවියක් ළඟ තබා ගැනීම ,අයුතු ජනරාශිය ,මිනීමැරීම ,ස්ත‍්‍රී  දුෂණය ඇතුළු චෝදනා එම අධි චෝදනා වලට අයත් විය. මෙම නඩුව විභාගයට ගැනීමෙන් පසු විනසුරු රෝහිනී වල්ගම මහත්මිය 2014 ජූලි 17 වැනිදා සිය තීන්දුව ප‍්‍රකාශ කරමින්  විත්තිකරුවන්ට බරපතල වැඩ සහිත වසර 20ක සිරදඬුවම් නියම කෙරිණි.
 
මෙම තීන්දුවෙන් සම්බන්ධයෙන් අතෘප්තියට පත් දෙපාර්ශවය විසින් ඊට එරෙහිව අභියාචනාධිකරණයට අභියාචන පෙත්සමක් යොමු කෙරිණි.
 
අයුතු ජනරාශියක් වී ඇති බවට මහාධිකරණය විසින් නිගමනය කර තිබියදී නීතිවිරෝධී ගිනි අවි සන්තකයේ තබා ගැනීම චෝදනාවට එක් විත්තිකරුවෙකු පමණක් වරදකරු කිරීම වැරදි බව කියා සිටින නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට නියම කළ දඬුවම් ප‍්‍රමාණවත් නැතැයි සඳහන් කරමින් ඔවුන්ට ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවම් හෝ මරණ දඬුවම නියම කරන ලෙස ඉල්ලා සිය අභියාචන පෙත්සම ඉදිරිපත් කළේය.
 
සාක්කි දුර්වලතා මෙන්ම සිද්ධිමය කාරනා පිළිබඳව වන සිද්ධාන්තමය දුර්වලතා නොසලකා හැරීමෙන් මහාධිකරණය විසින් මෙම තීන්දුව ලබාදී ඇති නිසා එම තීන්දුව බලරහිත කරන ලෙසත් ඉල්ලා සිටින විත්තිකරුවන් තමන්ට නියම කළ දඬුවම ඉවත් කර නිදහස් කරන ලෙසද ඉල්ලා මෙම ඇපෑල ඉදිරිපත් කළේය.
 
පළමු විත්තිකාර පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥ දර්ශන කුරුප්පු මහතාද , දෙවැනි විත්තිකාර පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥ මංජුල මාකුඹූර මහතාද, තුන්වැනි විත්තිකාර පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා ද පෙනී සිටියහ.
 
නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා පෙනී සිටියේය.මෙම අභියාචන පෙත්සම් ලබන මාර්තු 01 වැනිදා යළි කැඳවේ.



අදහස් (6)

තංගල්ල හිටපු ප්‍රා.සභාපතිගේ අභියාචනය සළකා බැලීම ලබන වසරට කල්යයි

සතයපාල Monday, 15 October 2018 12:24 PM

ඔන්න නීතිය නවපු ඉතිහාසය නැවත නැවත කරළියට එනවා. මිනීමෑරීම, ස්ත්‍රී දූෂණය, නීති විරෝධි ගිනි අවි ලඟතබා ගැනීම වගේ අපරාධ චෝදනාවලට දඬුවම වසර විස්සක හිර දඞුවමක්. සමහරවිට තීන්දුව ලිව්වේ මැදමූලන වලව්වේ ඉඳගෙන මතට තිත තියන ගමන් වෙන්න ඇති. ආයේ පතමුද එවන් යුගයක්... !

:       0       354

පිටිගල මිලානෝ Monday, 15 October 2018 01:57 PM

මොහු සිදුකර ඇත්තේ ලංකා ඉතිහාසයේ සිදුවුණු බරපතලම සහ හද කම්පා කරවන අපරාධයක්. ඔහුට ලැබිය යුතු මරණ දඬුවම නොලැබුන එක මට නම් විමතියක්. මෙයින් අභියාචනය කරන්නේ නිදහසද? තංගල්ලේ-මැදමුලනේ මේ අයට කිරි පොවලා හැදුවේ කවුද කියලා රටම දන්නවා. හැබැයි, ඒ එක්කෙනෙක් හරි නැවත බලයට ආවොත් මෙයත් ඇතුළුව තව ගොඩක් අපරාධකාරයින් නිදහස් වන බව නම් ස්ථීරයි.

:       0       369

බද්රානි Monday, 15 October 2018 03:03 PM

හැකි පමණ ඉක්මනින් මරණ දඬුවම දිය යුතුයි.

:       3       257

rohana Monday, 15 October 2018 03:45 PM

මිනිසුනේ බඩ ගැන විතරක් හිතන්න එපා.

:       0       14

කල්ප Tuesday, 16 October 2018 04:36 AM

මොහු කර ඇත්තේ ලෝකය ඉදිරියේ අපේ රටට ලොකුම අපකීර්තියක්. එම සිද්ධයත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගනය කිරීමක් සේ සැලකිය නොහැකිද.?

:       0       0

Chanak Los angeles Friday, 19 October 2018 12:59 AM

විත්තිකරුවනට හා මුදල් වලට මොවුන්ට පෙනී ඉන්න නීතිවේදීන්ට හැර අන් කිසිදු කෙනෙක් මොවුන්ව නිදහස් කිරීමට තුන් හිතකින් වත් පෙළඹීමක් හෝ ප්‍රාර්ථනයක් කරන්නේ නැහැ ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 337 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 213 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 881 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 56 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2205 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 409 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 227 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site