හර්ෂණ තුෂාර සිල්වා
පවතින දේශපාලන අර්බුදය නිසා නැවත වරක් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අවප්‍රමාණය වෙමින් තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව අද (20) නිවේදනය කළ විනිමය අනුපාතවලට අනුව ඩොලරයේ සාපේක්ෂව විකුණුම් අගය 157.14ක් වූ අතර ගැනුම් අගය 153.36ක් ලෙස දැක්විණි.
මහ බැංකුව පෙරේදා (19) නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය 156.97ක් ලෙස දැක්විණි. පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වී දෙවැනි සතිය ද ගත වෙමින් තිබුණත් ජාතික ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙක අතරේ ඇති වී තිබෙන දේශපාලනමය අර්බුදකාරී තත්ත්වය නිසා ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අස්ථාවර තත්ත්වයක් නිර්මාණය වී ඇති බව ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ.
මේ හේතුව කොටස් වෙළෙඳපොළ මිල ගණන් අවස්ථා කිහිපයකදීම පහත වැටුණු අතර ආයෝජකයන්ගේ විශ්වාසය පළුදු වී තිබේ.
දේශපාලන අවිනිශ්චිතතාව හේතුවෙන් රුපියල තවදුරටත් අවප්‍රමාණය වීමේ අවදානමකට පත්ව තිබෙන රොයිටර් පුවත් සේවය අවස්ථා කිහිපයකදීම වාර්තා කර තිබිණි. එමෙන්ම මේ වසරේ මේ දක්වා කාලයේදී සියයට 1.3කින් රුපියල පහත වැටී ඇතැයි තොම්සන් රොයිටර්ස් දත්ත වාර්තා පෙන්වා දෙයි.
රජයේ ණය නැවත ගෙවීම් නිසා මේ වසරේදී රුපියල ඉහළ ද්‍රවශීලතාවක් ගනු ඇතැයි ද සියයට 2ත් 3ත් අතර අගයකින් පහත වැටෙනු ඇතැයි ද අපේක්ෂා කෙරිණි. පසුගිය වසරේදී රුපියල සියයට 2.5ක අගයකින් පහත වැටුණු අතර 2016 වසරේදී සියයට 3.9කින් පහත වැටිණි.
වර්තාමනයේ ඇති වී තිබෙන දේශපාලන අස්ථාවර සහ අර්බුදකාරී තත්ත්වය කඩිනමින් අවසන් කළ යුතු යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පසුගිය සතියේදී අවධාරණය කළේය.
එපමණක් නොව වත්මන් අර්බුදය කඩිනමින් අවසන් නොකළහොත් ආර්ථිකය තවදුරටත් අර්බුදකාරී තත්ත්වයකට ගමන් කරනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයන් බොහෝමයක් මේ වනවිට අනතුරු අඟවා තිබේ.
කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන් ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වෙයි
jeewa Tuesday, 20 February 2018 05:12 PM
රට ගැන හිතන්නේ නැතුව තව තව පුටු රත් කරන්න බල ලෝබයෙන් රණ්ඩු කරන්න
Chanak los angeles Tuesday, 20 February 2018 06:00 PM
මේකට වගකියන්න ඕනේ පසුගිය රෙජීමය ආණ්ඩුව අස්ථාවර කිරීමයි.
ගුණවර්ධන Wednesday, 21 February 2018 01:57 PM
ඕස්ට්‍රේලියාවේ ඉන්න මිනිස්සු දන්නේ කොහොමද මේ රටේ වෙන දේවල්..පිට රටට වෙලා යහපාලනේට ආවඩන්නේ නැතුව ලංකාවට ඇවිත් ඇත්ත තත්වය මොකක්ද කියලා හොයලා බලන්න හැමදේටම මහින්ද මහින්ද ගාන්නෙ නැතුව...
CHANDA Tuesday, 20 February 2018 09:34 PM
බහුතර ජනයා එදා ඉල්ලපු වෙනසේ රටට ලැබුණු අපමණ අගයක් එක.
සුසිල් Tuesday, 20 February 2018 10:53 PM
හෙට අනිද්දට කියයි අපනයන ආදායම ඉහල ගියා කියලා
Sathyayaa Tuesday, 20 February 2018 11:21 PM
රුපියල රැකගන්න බැරි මිනිස්සු රටක් ජනතාවක් රකින්නේ කොහොමද? රුපියල බාල්දු වුනා කියා මැති ඇමතිවරුන්ගේ පාරිභෝජනය පාර්ලිමේන්තුව පත්වූ දා සිට මේ වනතුරු බාල්දු වී නැත. ලෝකය ඉදිරියේ ශ්‍රී ලාංකිකයින්ට තිබු පිළිගැනීම බාල්දු වී ඇත. සාර ධර්ම අන්තයටම බාල්දු වී ඇත. දේශපාලුවන්ට කියා රට බාල්දු කර ගන්න ජනතාවගේ මුදල් මේ තරමට වැය කළ යුතුමද?
lalithsjm Wednesday, 21 February 2018 01:50 AM
අන්ත පරාජයක් ලද ජනපති බලේ රැකගෙන තමන්ගේ ජාමේ බෙර ගත්ත එජාපය ගෙදර යවන්න හදනවා. ජනතා කැමත්තට ඉඩ දුන්නනම් ප්‍රශ්න බොහෝ දුරට නැතිවෙනවා
daham Wednesday, 21 February 2018 03:43 AM
මේ ආර්ථික ඔස්තාර්ලාගේ යහපාලන ආණ්ඩුව එන විට ඩොලර් එක රුපියල් 135. දැන් 157. කොහොමද වෙනස, සැපද?
රජින්ද Wednesday, 21 February 2018 05:25 AM
මම දකින්නේ ලංකාවේ දැනට උද්ගතව ඇති දේශපාලන අස්ථාවරත්වය සමනය කිරීමට රටේ විධායකය හෝ ව්‍යවස්ථාදායකය උනන්දු නොවීමක් ලෙසයි. ඔවුන් ජනතා කුපිතකිරීමක් සිදු වී රට අරාජික කිරීමට උත්සාහ දරන බවක් පෙනෙන්නට තිබේ. ප්‍රධාන කරුණු 3කින් එය සාධනය කල හැක. 1. රටේ පැවති මුල්‍ය විනය බරපතල ලෙස දුෂණය කිරීම. 2. මැතිවරණ ප්‍රමාද කරවීම තුලින් ජන මතය ගැන යහපාලනය තැකීමක් නොකිරීම. 3. ජනමතය ප්‍රකාශ වී සති දෙකකට ආසන්න කාලයක් ගතවී ඇතත් ජනපතිවරයා ජාතිය අමතා රජයේ සැලසුම් ජනතාවට නොපැවසීම. මේ යන විදිහට අපේ රට ආර්ථික හා දේශපාලනික යන දෙයන්ශයෙන්ම කඩා වැටෙනු ඇත.
banada Wednesday, 21 February 2018 07:47 AM
රනිල් පන්නන සටනට මුළු රටම එකතුවෙමු ...
Mahendran Wednesday, 21 February 2018 11:18 AM
මේවා ආර්ථික මොල නොවෙයි. ආණ්ඩුව අච්චාරු හැළියක්...
සයිමන් Thursday, 22 February 2018 03:49 PM
ඇමෙරිකානු ඩොලරයේ අගය අඩුවන්නේ ලාංකිකයන් නිෂ්පාදනය නොකර සෑම දෙයක්ම පිටරටින් එනකල් බලාසිටිම නිසාය. ලෝකයේ හොඳම රබර් ලංකාවේ තියෙද්දී මකන කෑලිත් චීනයෙන් . ලෝකයේ හොඳම මිනිරන් ශ්‍රී ලංකාවේ තියෙද්දී පැන්සල් ඉන්දියාවෙන් .ලෝකයේ හොඳම තේ ලංකාවේ තියෙද්දී කසල තේ නිර්යාත කෙරෙනවා අපට හදාගන්න වෙලාවක් නැහැ .හැබැයි කන්සා රජ්ජුරුවන් බලන්න රුපෙට්ටිය ගාවා වෙලාව තියෙනවා.