IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඩොලරය 174 පනී

හර්ෂණ තුෂාර සිල්වා

 

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් වාර්තාගත ලෙස පහළ යමින් ඉතිහාසයේ පළමු වතාවට එක්සත් ජනපද ඩොලරයකට ගෙවන රුපියල් ප්‍රමාණය 174 ඉක්මවා ගියේය. 

 

මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව අද (23) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 174.12 ක් ලෙස සටහන් වූ අතර ගැනුම් මිල රුපියල් 170.23 ක් ලෙස දැක්විණි. 

 

පසුගිය මස 21 වැනිදා ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයකට ගෙවන රුපියල් ප්‍රමාණය 170 සීමාව ඉක්මවා ගියේය. ඉන් පසුව අඛණ්ඩව අවප්‍රමාණය වෙමින් තිබෙන රුපියල ස්ථාවර අගයක පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මැදිහත් විය. 

 

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල මෙම මාසයේ මේ දක්වා කාලයේදී 1.66 % කින් ද සැප්තැම්බර් මාසයේදී 4.7 % කින් ද දුර්වල වී ඇත.

 

මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට ඔක්තෝබර් 19 වැනිදා දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල 10.7 % කින් අවප්‍රමාණය වී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

 

මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට ඔක්තෝබර් 19 වැනිදා දක්වා කාලයේදී ඉන්දීය රුපියලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය 2.4 % කින් වැඩි වී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

 



අදහස් (3)

ඩොලරය 174 පනී

suran Tuesday, 23 October 2018 08:28 AM

රුපියලට අපමණ අගයක් ලබාදුන් යහපාලන ආණ්ඩුවට අනෙක වාරයක් ස්තුතියි..

:       0       0

Harshana Tuesday, 23 October 2018 10:55 AM

සතුටුයි ලක්ෂ 62 දුන්න අපමණ අගය ගැන හරිම සතුටුයි. වැඩි ගානට තෙල් ගහගෙන වැඩි මුදලට කඩෙන් බඩු අරගෙන ලොක්කෝ දෙන්න ගැන වර්ණනා කර කර යනවා දකිද්දි පුදුම විදියේ සතුටක් තියෙන්නේ...

:       1       25

menna Tuesday, 23 October 2018 12:38 PM

ඔහොම යං ඩොලරේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 448 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 280 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 979 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 61 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2276 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 425 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 228 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site