IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ඩෙංගු රටම ගිලගන්නට සැරසෙයි.

(ආරියරත්න රණබාහු)

නැගෙනහිර පළාත ඇතුළු ප්‍රදේශ ගණනාවක ඉතා තදින් පැතිරෙන ඩෙංගු රෝගය මැඩපැවැත්වීමට රජය උපරිම අයුරින් කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මේ වන විටත් අවශ්‍ය පියවර ගෙන තිබෙන බවත් ඒ සඳහා අවශ්‍ය සම්පත් රජය සපයන බවත් අගමැතිවරයා කීවේය.

ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව කීය.

මහජන නියෝජිතයින් දහස් ගණනකගේ සහාය ලබාගෙන ඩෙංගු රෝගය පැතිර යාම වැළැක්වීමට තිබුණ ද පළාත් සභා විසුරුවා හැර තිබීම නිසා රජයට ඒ සහය ලබා ගැනීමට නොහැකි වී ඇතැයි දිනේෂ් ගුණවර්ධන මහතා කීවේය.

මේ වන විට දිවයින පුරා ඩෙංගු රෝගීන් 21 000ක් පමණ සිටින බවත් ඉන් 8800ක්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවත් ඒ මහතා කීවේය.



අදහස් (6)

ඩෙංගු රටම ගිලගන්නට සැරසෙයි.

දිමුත් Thursday, 23 March 2017 02:02 PM

කෝ සෞඛ්‍ය ඇමති?

:       51       1

lalith Thursday, 23 March 2017 02:33 PM

අපරාදේ පඩි ගෙවල මහජන සෞඛ්‍ය නිලධාරීන් තියාගෙන ඉන්නේ. එයාලව විසුරුවා ඇරලා මහජන නියෝජිතයෝ තියාගන්නයි තිබුනේ? මේ දවස්වල කජ්ජ ගහේ තියෙද්දී පුහුලම බිම වැටෙන කාලේ නිසා.

:       0       1001

ranjith Friday, 24 March 2017 12:42 AM

ඩෙංගු මර්කෙට් කරලා එම ආයතන හොඳට හම්බ කරනවා මේ විදියට කෘමිනාශක ගැහුවොත් පරිසරය ඉවරයි ඩෙංගු ගැන වගකියන එක ආයතනයක් ඩෙංගු අඩු වුනොත් නම් වගකීම බර ගන්න කට්ටිය ඉන්නවා එන්න එන්නම්මේ විදියට ඩෙංගු වැඩිවෙන කොට මොනා හරි වැරැද්දක් තියෙන බව තේරුම් ගන්න ඕනෑ

:       0       94

mahee Friday, 24 March 2017 01:36 AM

ඩෙංගු මර්දනය කරගන්න බැරි, ආණ්ඩුව ඩෙංගු මදුරුවන්ගෙන් ගානක් අරගෙන හින්ද කියලයි මං හිතාගෙන හිටියේ. දැන් දිනේෂ් මැතිතුමා ඔන්න හේතුව පහදලා දීල තියෙනවා. පළාත් සභා ඡන්දෙ නොතිබ්බ හින්ද නේ මේක වෙලා තියෙන්නේ. ඇත්ත වෙන්න ඕන. ඒ ඡන්දෙ තිබ්බ නම් ඩෙංගු මදුරුවෝ උන්නැහේල වෙනුවෙන් ඡන්ද වැඩට බහින හින්ද උන්ට මිනිස්සුන්ට විදින්න වෙලාවක් නැතුව. ඩෙංගු නිකම්ම මර්දනය වෙනවා.

:       1       2

thilinaFriday, 24 March 2017 05:43 AM

දිනේෂ් මැතිතුමා කියපු දේ තේරෙන්නේ මොලයක් තියෙන මිනිස්සුන්ට මිසක් පාට කන්නාඩියක් දාපු අයට නෙමෙයි..අද නගර සභා ප්‍රාදේශීය සභා ඔක්කොම අක්‍රීය වෙලා තියෙන්නේ ඒවා විසුරවලා තියෙන නිසා..ඒවා පරිපාලනය කරන්නේ තනි නිලදාරියෙක්..මහජන නියෝජිතයන්ගෙන් වෙන්න ඕන දේවල් පරිපාලන නිලදරියෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ..

:       72       28

sanjeewa Friday, 24 March 2017 02:09 AM

වැඩක් කරලා පෙන්නනවල. බයිලා ගගහ දේශනා තිය තිය රටේ වටේ ගියාට වැඩක් වෙන්නේ නෑ. නිකන් කාලේ කන රැලක් තමයි 2015 පස්සේ රට පාලනය කරන්නේ. තව එකෙකෙනෙක් මෙගා පොලිස් කියා කියා පාරවල් වල අලුතින් ඉරි අඳිනවා. එක තමයි ලොකුම සංවර්නධය.

:       282       245

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1693 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 838 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 689 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 339 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 590 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 539 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1403 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site