(නිමන්ති රණසිංහ)
ඩෙංගු රෝගයෙන් මේ වසරේ 20 දෙනකුත් පසුගිය වසරේ 150 දෙනකුත් මරණයට පත්වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.
කොවිඞ් වයිරසයෙන් ජනතාව ආරක්ෂා කරනවා සේම ඩෙංගු රෝගයෙන් ද ජනතාව ආරක්ෂා කර ගැනීමේ වගකීමක් අප සතු බවත්, ඒ ස`දහා ජනාධිපතිවරයාගේ උපදෙස් මත ‘ඩෙංගු මර්දන කාර්ය සාධක බලකායක්’ පිහිටුවා ඇති බවත් අමාත්‍යවරිය සදහන් කළාය.
අමාත්‍යවරිය මේ බව සදහන් කළේ කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය මෙසේද පැවසුවාය. ඔබට අධික උණ තත්ත්වයක් ඇත්නම් එම රෝග ලක්ෂණය ඩෙංගු රෝගය වැළදීම හේතුවෙන් විය හැකියි. එවිට ඩෙංගු රෝගයට ප්‍රතිකාර කරනු ලබන ඔබ ප්‍රදේශයේ දිස්ත්‍රික්කයේ ඇති ප්‍රධානතම රෝහලකට යෑම වඩාත් සුදුසු වේ.
ඔබේ පරිසරය පිරිසිදුව තබා ගැනීම, ඔබ අවට ගොඩනැගිලි පිරිසිදුව තබා ගැනීම ඔබේ වගකීමක් ලෙස සලකා ක්‍රියා කරන ලෙස අප ඉල්ලා සිටිනවා. කොරෝනා වයිරසය පාලනය කිරීමේ කාර්ය භාරය සදහා පළාත් පාලන ආයතන විශාල කාර්යභාරයක් ඉටුකරනු ලැබුවා. විශේෂයෙන්ම හුදෙකලා කරනු ලැබූ ප්‍රදේශවලට අවශ්‍ය ආහාරපාන ඇතුලූ අනෙකුත් පහසුකම් සැපයීම ආදිය සිදුකරනු ලැබුවේත් ඔවුන්. මේ හේතුවෙන් කොරෝනා වයිරසය පාලනය කිරීම සදහා සහාය දැක්වූවා සේ ඩෙංගු රෝගය පාලනය කර ගැනීම සදහා සියලූම පළාත් පාලන ආයතන නියෝජිතයින්, පළාත් පාලන ආයතන නගරාධිපතිවරුන් මෙන්ම සභාපතිවරුවන්ගෙන් ද තවදුරටත් සහය ලබා දෙන ලෙස රජයක් ලෙස ඉල්ලා සිටිනවා.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඩෙංගු අවදානමෙන් මේ වසරේදී 20 ක් මිය ගිහින්
සමිත සේනක අලුත්ගමගේ. Thursday, 28 May 2020 01:30 PM
අප පරාණ බය.. කොරෝනා වලින් මැරුණේ 10 යි. ඒත්, අප බිය නැති ඩෙංගුවා 20 ක් මරලා... බල්ලන්, බළලුන් නොවෙයි මිනිස් ජීවිත.. මිනිස් ජීවිත ..
රොශාන් Thursday, 28 May 2020 03:06 PM
ගෙවල්වල අපජලය පොදු කාණු පද්ධතියට මුදාහැරීම තහනම්... නමුත් මේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ. මදුරුවන් බෝ වෙන්න ප්‍රධාන හේතුවක් තමයි මේ....
CHANDIMA Thursday, 28 May 2020 03:56 PM
එහෙනම් මේ කොරෝන එතරම් කජ්ජක්ද? කොරෝනා වලින් මැරිලා තියෙන්නේ දහදෙනානේ?
jayath Friday, 29 May 2020 06:26 AM
ඉස්සර... ඒ කියන්නේ මීට දශක 2කට විතර කලින් ඩෙංගු නිසා මිනිස්සු මලේ ඒ ගැන වෛද්‍ය කාර්ය මණ්ඩලයට තිබුණු අල්ප දැනුම නිසා. නමුත් දැන් එහෙම නැහැ.. ඕනෑම පුංචි රෝහලක ඉන්න වෛද්‍යවරයෙක් දන්නවා ඉතා හොඳින් ඩෙංගු කළමනාකරණය කරගන්න. ඉතින් දැන් කව්රුහරි මැරෙනවා නම් ඒ හුඟක් වෙලාවට නිසි වෙලාවට රෝහල් ගත නොවීම නිසා තමයි. අනික මේ මදුරු පාලනයට ජනතාව වගේම පළාත් ආයතනත් දක්වන උනන්දුව හොඳටම මදි...