IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ඩීඅයිජී නාලක අද සී.අයි.ඩියට

(නිමන්ති රණසිංහ සහ ශ්‍රීනාන් ප්‍රසන්න ජයසූරිය)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධියට අදාළව ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාරව සිටි නියෝජ්‍ය පොලිස්පති කෞෂාල් නාලක ද සිල්වා මහතා අද (16) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් පැවැසේ.

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට අද පෙරවරු 9.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහ මහතා හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත. 

මෙම ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් නාමල් කුමාර නමැත්තා හෙළි කළ හඬ පට සම්බන්ධයෙන් මෙන්ම පොලිස් මධ්‍යම අවි ගබඩාවෙන් ත්‍රස්ත විමර්ශන ඒකකයට ලබා දී තිබූ එල්.එම්.ජී. වර්ගයේ ගිනි අවි දෙක එම ඒකකයෙන් දින දෙකක් පිටතට ගෙන ගොස් තිබීම සම්බන්ධයෙන් ද නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ තිබී අතුරුදන් වූ බව කියන ස්නයිෆර් වර්ගයේ ගිනි අවිය සම්බන්ධයෙන් ද වැඩිදුරටත් ප්‍රකාශයක් සටහන් කර ගැනීමේ සූදානමක් ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

පොලිස් මධ්‍යම අවි ගබඩාවෙන් නීත්‍යානුකූලව ත්‍රස්ත විමර්ශන ඒකකය වෙත ලබා දී තිබූ අංක 2300448 සහ අංක 230551 දරණ එල්.එම්.ජී. වර්ගයේ ගිනි අවි දෙක ඉකුත් සැප්තැම්බර් මස 4 වැනිදා සිට 6 වැනිදා දක්වා අතර කාලයේදී නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ උපදෙස් මත පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුට පිටතට ගෙන යාමට අවසර ලබාදී තිබූ බවට කරුණු අනාවරණය වන බවට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි. ඒ අනුව එම සැහැල්ලු මැෂින් තුවක්කු (එල්.එම්.ජී. වර්ගයේ ගිනි අවි) දෙක කවර ආකාරයෙන් ක්‍රියාත්මක කර ඇත්දැයි යන්න සම්බන්ධයෙන් විද්‍යාත්මක සාක්ෂි ලබාගැනීම සඳහා විශ්ලේෂණ වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස අධිකරණය රජයේ රස පරීක්ෂකවරයාට නියෝගයක් ද නිකුත් කර ඇත.

කුමන්ත්‍රණ සිද්ධියේ පැමිණිලිකරු වන දූෂණ විරෝධී පෙරමුණේ විධායක අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් අවස්ථා හයකදී ප්‍රකාශ ලබාදී ඇත.

මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය බුද්ධි සේවාවේ නියෝජ්‍ය පොලිස්පති මිලන්ත ජයවර්ධන, පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් සහ බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ යන මහත්වරුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර ඇල්පිටිය කොට්ඨාස භාර පොලිස් අධිකාරී නිහාල් තල්දූව, තංගල්ල සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස්, වරකාපොළ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජනකාන්ත, කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු යන මහත්වරුන්ගෙන් ද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කිහිප දෙනකුගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.

මෙම සිද්ධියට අදාළව අධිකරණයට සහාය දැක්වීම සඳහා නියෝජ්‍ය පොලිස්පති කෞෂාල් නාලක ද සිල්වා සහ සිද්ධියේ පැමිණිලිකාර වූ නාමල් කුමාර යන දෙදෙනාට අධිකරණයේ පෙනී සිටින ලෙසට දැනුම් දෙමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය සිතාසි නිකුත් කර තිබුණේ ඉකුත් 5 වැනිදාය. 

ඒ අනුව ඉකුත් 8 වැනිදා අධිකරණයේ පෙනී සිටි මෙම තැනැත්තන් දෙදෙනාට අධිකරණයේ අවසරයකින් තොරව විදෙස්ගත වීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කරනු ලැබීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට නැගෙනහිර පළාතේදී ද සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් මහතාට කොළඹදී ද අනතුරක් සිදුකරන්නැයි ද පොලිස් කොමිසමේ නිලධාරීන්ට හා උසස් පොලිස් නිලධාරීන්ට අපහාස වන අන්දමින් සමාජජාලා වෙබ් අඩවිවලින් සහ මුහුණු පොතින් තොරතුරු පළකරන්නැයි ද නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා තමාට පැවැසූ බවට නාමල් කුමාර නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබිණි. 
ඒ අනුව මෙම සිද්ධියට අදාළ වූ ජංගම දුරකතනයේ ඇති දත්ත විශ්ලේෂණය කර වාර්තාවක් වහාම අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස අධිකරණය ඉකුත් නඩු දිනයේදී රජයේ රස පරීක්ෂකවරයා වෙත නියෝගයක් ද නිකුත් කර ඇත. 

මෙම සිද්ධියට අදාළව මර්සියෙල් තෝමස් නමැති ඉන්දියානු ජාතිකයා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව දින 90ක රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට ද අධිකරණය ඉකුත් 27 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර දී තිබිණි.

 



අදහස් (0)

ඩීඅයිජී නාලක අද සී.අයි.ඩියට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 251 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 2514 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 560 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 1167 3

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 153 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 98 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1509 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1414 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site