IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඩී.කේ.පී. දසනායක ජනාධිපති කොමිසන් සභාව හමුවේ සාක්කි දෙයි

(දසුන් රාජපක්ෂ)

සුදුවෑන් වලින් පුද්ගලයන් අතුරුදන් කරවීම සහ තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කළ බව කියන සිද්ධීන් සම්බන්ධයෙන් වත්මන් ජනාධිපතිවරයා සහ හිටපු නාවික හමුදාපතිවරයකු වූ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ යන මහත්වරුන් වැරදිකරුවන් කර සිරබාරයට ගැනීම සඳහා බලහත්කාරයෙන් තමාගෙන් ප්‍රකාශ ලබාගැනීමට යහපාලන ආණ්ඩුව උත්සහ කළ බව රියර් අද්මිරාල් ඩී.කේ.පී. දසනායක මහතා දේශපාලන පලිගැනීම්වලට ලක්වූවන් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසන් සභාව වෙත සාක්කි ලබාදෙමින් අද (25) ප්‍රකාශ කළේය.

එම ප්‍රකාශ ලබාගැනීම සඳහා අයි.එස්.ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ යුද පුහුණුවක් ලබමින් සිටි තමාව හදිසියේ යහපාලන ආණ්ඩුවේ බලධාරීන් විසින් නැවත ලංකාවට කැඳවනු ලැබූ බව ද රියර් අද්මිරාල් ඩී.කේ.පී.දසනායක මහතා පැවසීය.

මෙම ජනාධිපති කොමිසම විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ස්ථාපිත කර තිබෙන විශේෂ කාර්යාලයේ දී අද (25) රැස්විය.

මෙම ජනාධිපති කොමිසම නැවත අනිද්දා (27) යළි කැඳවීමට නියමිතය.



අදහස් (2)

ඩී.කේ.පී. දසනායක ජනාධිපති කොමිසන් සභාව හමුවේ සාක්කි දෙයි

Nadeeka Tuesday, 25 February 2020 07:45 PM

ඔයාගේ පුහුණුව වටින එකක් බව ඇත්ත... නමුත් ගැටළුව අර ළමයි 12 දෙනා, ඒ දෙමාපියන්ට තමන්ගේ ළමයින්ට මොකද වුනේ කියලා දැනගන්න පරම අයිතියක් තියෙනවා..

:       0       1

bule Wednesday, 26 February 2020 04:36 AM

රටට වැඩක් කරපු...වැදගත් නිලධාරියෙක්

:       11       28

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 153 0

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 91 0

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 151 0

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මත්පැන් බදු ජූනි 30ට පෙර අයකර ගන්න
2024 අප්‍රේල් මස 25 193 0

මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ලබන ජූනි 30 වැනිදා වන විට අයකර ගැනීමට කටයුතු ක‍රන්න ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරා


විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 342 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 778 2

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1688 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site