IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ටීඑන්ඒ සහය සජිත්ට

(රොමේෂ් මධුෂංඛ)

ඉදිරි ජනාධිපතිවරණයේ දී දෙමළ ජාතික සන්ධානයේ සියලු පක්ෂවල සහයෝගය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට පියවර ගත් බවට එම සන්ධානය විසින් නිල වශයෙන් නිවේදනක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

ටොලෝ පක්ෂයේ වව්නියාවේ දී මධ්‍යම කාරක සභා සාමාජිකයින් රැස්වී සජිත් ප්‍රේමදාස මහතාට සහය ලබා දෙන බවට ප්‍රකාශ කිරීමෙන් පසුව දෙමළ ජාතික සන්ධානය විසින් මෙසේ නිල නිවේදනයක් නිකුත් කර ඇත.

මෙහිදී දෙමළ ජාතික සන්ධානය විසින් පත්වන නව ජනාධිපතිවරයා සතු ලක්ෂණ 4 ක් ද තිබිය යුතු බවද පෙන්වා දෙයි.

එහිදී පළමු කරුණ ලෙස ප්‍රජාතන්ත්‍රවාදයට සත්‍යවාදී ලෙස කැපවීමක් ඇති විරුද්ධවාදීන් නොඉවසන, අධිකාරිවාදයට හා ඒකාධිපතිවාදයට විරුද්ධ වන අයකු වීම පෙන්වා දෙයි.

දෙවැනි කරුණ වන්නේ, රාජ්‍ය ආයතන, ව්‍යවස්ථාදායක, විධායකයේ සහ අධිකරණයේ සේවාවන්වල, විශේෂයෙන්ම රාජ්‍ය සේවය, පොලිස් හා ත්‍රිවිධ හමුදා සේවය හා ඉහත සේවාවන් හි පාලන බය ඇති අනෙකුත් ආයතනවල නිදහස ආරක්ෂා කිරීම හා රැක ගැනීමට හැකි අයෙකු වීමයි.

තුන්වන කරුණ වන්නේ, මුලික අයිතිවාසිකම් හා මානව අයිතීන් උදෙසා කැපවු අයෙකු වීමයි.

අවසන් කරුණ වන්නේ, සාධාරණත්වය හා සාමානාත්මතාවය සහ සියලු ආගම් සහ ජාති භේද පසෙකලා ජාතික සහ ප්‍රාදේශීය ලෙස, රාජ්‍ය පාලනයට සත්‍ය ලෙසත් ඒ තුළින් නිර්මාණය වන එක්සත්, නොබෙඳුණු, බෙදිය නොහැකි, රටක් තුළ සියලූම පුරවැසියන්ගේ අනන්‍යතාවය පවත්වා ගැනීම සහ රැකගැනීම මඟින් ඔවුන් සමාන බව දැනෙන අතර එකම රටක් ඔවුන් සියලු දෙනාට අයිති වෙනවා සේම ඔවුන් එකම රටකට අයිති බව හැඟවිය යුතු බවයි.

ඉහත කරුණු සඳහන් වගකීම කවුරුන් හට ලබා දෙනවා ද යන තීන්දු ගැනීමේ දී ඡන්ද දායකයා ඉතා සුපරික්ෂාකාරී විය යුතු බවද ඒ නිසා සියලු කරුණු සළකා බලා විශේෂයෙන්ම පසුගිය කාලයේ සහ අනාගතයේ ඔවුන්ගේ ක්‍රියාවන් ද ප්‍රතිපත්ති ප්‍රකාශන ද සළකා බලා දෙමළ ජාතික සන්ධානය ( ඉලංගයි තමිල් අරසුකච්චි) විසින් සියලුම ජනතාවගෙන් විශේෂයෙන් නියෝජනය කරන දමිළ ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ නව ප්‍රජාතන්ත්‍රවාදී සංධානයේ අපේක්ෂකයා, හංසයා ලකුණෙන් ඉදිරිපත් වන සජිත් ප්‍රේමදාස මහතාට ලබා ලෙසත් ඔවුන්ගේ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

මෙම නිවේදනය දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්, ඉලංගයි තමිල් අරසුකච්චි නායක මාවෙයි සේනාධිරාජා, ටෙලෝ නායක සෙල්වම් අදයික්කලනාදන් හා ප්ලොට් නායක ධර්මලිංගම් සිද්ථාර්තන් යන අය විසින් නිකුත් කර ඇත.

එම නිවේදනය පහතින් දැක්වේ.



අදහස් (77)

ටීඑන්ඒ සහය සජිත්ට

nisar Thursday, 07 November 2019 06:55 AM

මෙයාලා නැවත නැවතත් තුන්බිය ඉල්ලන්නේ.

:       1381       1404

Rasika Thursday, 07 November 2019 07:52 AM

මෙය අලුත් දෙයක් නොවේ . ටී.එන්.ඒ එක කොහොමත් සහය දෙන්නේ සජිත්ට තමයි මුල ඉඳලම.

:       71       538

සංගීත් Thursday, 07 November 2019 12:43 PM

කුහක නොවී සජිත්ගේ ඉතිහාසය අරගෙන බලන්න. යුද්ධ කාලෙ එජාපේ සමහරු වෙන දේවල් කියද්දී සජිත් තමයි රණවිරුවො වෙනුවෙන් කතා කළේ. සජිත්ගේ පියා මැරුණෙත් කොටි බෝම්බෙකින්. සජිත්ට අපහාස කරන්න එපා ඒ කාරනේදී.

:       1604       1130

sunjuFriday, 08 November 2019 04:25 AM

මෙවර ජනාධිපතිවරණයේ දී සුළු ජාතීන්ගේ ඡන්ද 90%ක් සජිත් ප්‍රේමදාස මහතාට ලැබෙන බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. (2015 මහා මැතිවරනය රිෂාඩ් බදුර්ධීන් මනාප ගණන 26,291)

:       169       228

පෙරියසාමිThursday, 07 November 2019 08:04 AM

සජිත්ගේ ජය වළක්වන්න කාටත් බැහැ. උතුරු නැගනහිර දෙමළ සහ මුස්ලිම් වැඩි ඡන්දයෙන් මීළඟ ජනපති අපේ සජිත්.

:       4832       5010

එරංග Thursday, 07 November 2019 08:06 AM

පහුගිය ඔක්තෝබර් විසිහය කුමන්ත්‍රණයෙන් පස්සෙත් රජය නොවැටී තිබ්බේ ටි.එන්.ඒ එක නිසා. හැම ඡන්දෙකදිම අලි,කොටි ගිවිසුම් එළියට එනවා. පොහොට්ටුවේ කට්ටිය අලුත් බොරුවක් හොයාගන්න.

:       1206       1148

SuranimalaThursday, 07 November 2019 08:51 AM

එරංග, ඔයාගේ කතාව සහතික ඇත්ත. ඔය අලි,කොටි ගිවිසුම් ඒ කාලේ පට්ට බොරු කතා.දැන් තවත් බොරු බේගල් කියයි. අනික සජිත් කියනවා සැප වාහන සජිත් ගන්නෙත් නැහැ. කිසිම ඇමතියෙකුටත් නැහැ කියලා අපි මොනතරම් හිල්ලුවද ඊයේ පෙරේදා. මේ ඇමැතිවරුන්ගේ සැප වාහන දැකලා දැන් සජිත් කියන්නේ ඒ සියලුම සල්ලි පොඩි මිනිහගේ සුඛවිහරණයට යොදවනවා කියලා. කොච්චර අගය කළයුතු කතාවක්ද ? සජිත්ට ජයෙන් ජය!

:       2172       1506

[email protected]Thursday, 07 November 2019 10:42 AM

දෙමල මුස්ලිම් බහුතර ඡන්ද සජිත් මහත්තයට යන්නේ. සජිත්ත් මහත්තයට විතරයි අපේ ප්‍රශ්න තේරෙන්නේ. රනිල් මහත්තය අගමැති වෙන්න ඕනේ. එතකොට තමයි රට දියුණු වෙන්නේ.

:       873       769

GalaparaThursday, 07 November 2019 08:38 AM

සියලුම සුළු ජාතීන්ගේ එකමුතුවකින් නව සංකල්පයකින් යුත් ආණ්ඩුවක් හදන්න සජිත්ට වාසනාව අත්වේවා ! මොකද පරණ රෙජිමයට සුළු ජාතින් පෙන්නන්න බැහැ. ජාතිවාදය අවුස්සලා මුළු රටම අවුස්සනවා. මේ යල් පැනපු බොරු බේගල් කියලා යන එනමන් නැතුව ඉන්නේ. පාඨලී චම්පික අගමැති කරලා සජිත්ගේ නායකත්වයෙන් නව ලෝකයත් එක්ක හොද ගමනක් යන්න පුළුවන්.

:       689       1512

DilanThursday, 07 November 2019 11:20 AM

කෝ මෙතන කලින් අදහස් දක්වපු අය?

:       1       143

PahanThursday, 07 November 2019 11:50 AM

එක ජාතියේ කුරුල්ලෝ එක අත්තේ වහනවා.

:       0       29

nagalingam Friday, 08 November 2019 06:14 AM

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ වාර්තාව සෘණාත්මක එකක් බව ද්‍රවිඩ ජාතික සන්ධානය සිය ස්ථාවරත්වය ප්‍රකාශයට පත්කරමින් පවසයි.

:       103       0

රජින්ද Thursday, 07 November 2019 07:00 AM

අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පස්සේ මේ රටේ අති බහුතරයක් සිංහල ප්‍රජාව අපේක්ෂාවෙන් උන්නේ දෙමළ බෙදුම්වාදී හා මුස්ලිම් අන්තවාදී පක්‍ෂ මෙන්ම ඒවායේ දේශපාලකයින් ගාව නොගන්නා අපේක්‍ෂකයා මේ රටේ මීළඟ ජනාධිපති වෙයි කියලා. මිනිස්සු මාස ගානක් බලාගෙන උන්නේ දෙමළ සන්ධානය සහාය දෙන්නේ කාටද කියලා. ඒ වගේම මිනිස්සු බලාගෙන හිටියේ රිෂාඩ්ලා, හකීම්ලා සහාය දෙන්නේ කාටද කියලා. දැන් ඒ සියල්ලම පැහැදිලියි. හිස්බුල්ලා ඔවුන්ගේ ප්‍රදේශ වල අන්තවාදී ජන්ද බලාගෙන වෙනම ඉල්ලුවා. දැන් සිංහල මිනිස්සුන්ට එකම රටක් තුල ජීවත් වීමට ආරක්ෂාකාරී එකම විකල්පයයි තියෙන්නේ ඒ ගෝඨා පමණමයි.

:       10526       10865

naradaThursday, 07 November 2019 07:22 AM

මේ ඔක්කොම මුලින්ම හංසයාට දාලා තමයි අපි 58% හැදුටේ ගෝඨට.

:       1175       1354

තිසේරා Thursday, 07 November 2019 08:09 AM

මහින්ද රජයේ කට්ටිය ඉන්නකොට ප්‍රශ්නයක් නැහැ. එතකොට එයාලා දේශප්‍රේමි, සජිත්ට එයාලා සහයෝගය දෙද්දී දේශද්‍රෝහී.

:       657       713

AmilaThursday, 07 November 2019 08:21 AM

මෙයා වෙන්න ඇති අර අංගොඩ පැත්තේ සිට අලි වැට ඉල්ලුවේ. 39% උපරිම. මිනීමරුවෙක්ට කවුද හලෝ ඡන්දේ දෙන්නේ ?

:       1220       1190

ranaThursday, 07 November 2019 07:29 AM

ජාතිවාදයෙන්, වෛරයෙන් රට විනාශ වෙනවා මිසක් හොඳක් නම් නොවේ. මෙය කෙළවරයකට පැමිණිය යුතුය. එය වපුරන අයට කළ නොහැකිය. එසේ නම් ?

:       78       481

ThusharaThursday, 07 November 2019 08:14 AM

සියලු සිංහල ඡන්ද එක අපේක්ෂකයෙකුට වැටුනේ නැත්නම් අන්තවාදීන්ගේ නියෝජිතයා පරද්දනවා බොරු.

:       889       943

සංජීව Thursday, 07 November 2019 10:18 AM

අන්න හරි. අපි සිංහල සේරම ඡන්ද ටික රණවිරු නායක මහේෂ් සේනානායක මහතාට දෙමු.

:       249       432

AmilaThursday, 07 November 2019 08:20 AM

පාස්කු බොම්බෙ ගැහුව අය එල්ලන්න ඕනේ.

:       1       283

AmilaFriday, 08 November 2019 05:22 AM

නිකමට අහන්නේ අර අලුත්ගම දැවන්ත කෝලාහලය වෙනකන් එවකට ආරක්ශක ලේකම් දන්නේත් නෑ. ඒ වගේම ඒක නවත්වන්න ක්‍රමයක් ඔහුට තිබුනෙත් නෑ. සෑහෙන වෙලාවක් ගොස් දෙගොල්ලටම විශාල හානියක් වුනාට පසුව නැවතෙනකන් උඩ බලන් හිටියානේ. ඉතින් එහෙම කෙනෙක් කොහොමද ජාතික ආරක්ෂාව තියා ප්‍රාදේශීය මට්ටමේ ආරක්ෂාවවත් සපයන්නේ? නිකන් කයිවාරුකාරයෙක් විතරයි .

:       149       302

මයුර Thursday, 07 November 2019 07:11 AM

කොන්දේසි 13 ක් ගැන කිව්වේ විහිලුවටද?

:       53       519

සාගර Thursday, 07 November 2019 08:14 AM

දෙමළ සන්ධානේ වියලේන්ද්‍රන් මන්ත්‍රී ඉන්නේ ගෝඨාභය මහත්තයත් එක්ක. එයා දේශප්‍රේමිද? ගිය පාර ඡන්දෙදි කෙනෙක් අලි කොටි ගිවිසුමක් පෙන්නුවා. පස්සෙ කිව්වා ඒක බොරු එකක් කියලා. කලින් රනිල් ඉල්ලද්දීත් එහෙමයි. දෙමළ ජනතාව මේ රටෙන් පන්නන්න පුලුවන්ද? එයාලා ප්‍රධාන අපේක්ෂකයෙකුට සහය දිය යුතුයි නේද? ඉතිං මේ බිල්ලෝ මවලා මොකද මිනිස්සු බය කරන්නෙ?

:       210       385

මයුරThursday, 07 November 2019 09:31 AM

ප්‍රශ්නය තියෙන්නේ දෙමළ ජනතාව සමග නොව ජාතිවාදී ආකල්ප සමගයි. කොන්දේසි 13 හොඳින් කියවා බලන්න. කවුද සැබෑ ජාතිවාදීන් ? සියලුම සිංහලයින් උතුරෙන් පන්නා දැමිය යුතු කොන්දේසියක් එහි තිබෙනවා නේද ? ගෝඨාට සහය දක්වන සුළු ජාතින් ජාතිවාදී අදහස් වලින් බැහැරවූ අයයි. සජිත්ට සහය දක්වන්නේ බෙදුම්වාදී අදහස් අත්නොහැරි අයයි.

:       516       1104

Dhilak Gamage Thursday, 07 November 2019 07:12 AM

කවුරු සහය දුන්නත් වැඩක් නැහැ මහජන සහය නැතිව. ඒ මොකද ඡන්දය දෙන්නේ මහජනයා මිස මන්ත්‍රීවරු නොවන නිසා .

:       20       479

Jayasuriya Thursday, 07 November 2019 07:14 AM

හොද පැහැදිලි කිරීමක් සහ මෙය තමයි සත්‍යය.

:       7       225

Perera Thursday, 07 November 2019 07:19 AM

මොන බොරුද? යටින් ගිවිසුම් ගහලා දැන් නිකන්ම එකතු වෙනවලු. දැන් තමයි සිංහල හැමෝම එකතු වෙන්න ඕන වෙලාව. නැත්නම් අපිට රටක් නැහැ.

:       1442       2212

විසල් Thursday, 07 November 2019 07:23 AM

කොළඹ ජනපති මැදුරෙන් එළියට බැස ඈත ගිරුවා පත්තුවේ අහිංසක ජනතාව සමග කුරහන් තලප කා ඔවුන්ගේ දුක තමන් හා බෙදාගෙන එම සියලු ජනතාවට තම හැකි පමණින් සේවය කළ සජිත් ප්‍රේමදාස මහතා ජනපති විය යුතුයි. හමුදා සේවයේ සිට එය අතහැර ඇමෙරිකාවට ස්ථිර පදිංචියට ගිය පුද්ගලයින්ට වඩා සජිත් නියම දේශ ප්‍රේමියෙකු වේ. මේ රටේ බහුතර පොදු ජනතාව එය තීරණය කර හමාරයි.

:       2021       1378

amila Thursday, 07 November 2019 07:25 AM

දැන් ඉතින් කවුරු මොනවා කිවුවත් ජන්දේ දෙන්නේ ගෝඨාට.

:       4027       5409

සංජීව Thursday, 07 November 2019 10:26 AM

ඇයි කලින් දෙන්න හිතන් හිටියේ සජිත්ටද?

:       84       207

amilaThursday, 07 November 2019 10:58 AM

ඇත්තටම කිව්වොත් දෙන්න හිතන් හිටියේ අනුරට, එත් මේ නිව්ස් එකෙන් පස්සේ අදහස වෙනස් කලා.

:       142       150

සමන්ත Thursday, 07 November 2019 07:25 AM

මේ රටේ සියලු ජනතාව සමගියෙන් සමාදානයන් සිටිය යුතුයි. අන්තවාදී බලවේග පරාජය කළ යුතුයි. ප්‍රේමදාස මහතා යනු නියම සිංහල බෞද්ධයෙකි. ඔහුට මඩ ගහන අය හිතට ගන්න තම රටේ කොටස් වෙනත් අයට පැවරීමට ඔහුට කිසිම පිස්සුවක් නැත. බොරු බිය ජනතාව අතර පතුරුවන්න එපා.

:       1538       1020

AsankaThursday, 07 November 2019 08:23 AM

සජිත් ප්‍රේමදාස නාමික බෞද්ධයෙක්. ඔහු වෙනත් ආගමක් අදහන්නෙක්. හොයලා බලන්න.

:       418       867

සංජීව Thursday, 07 November 2019 10:29 AM

කොහොමද සජිත් ගැන කවුරුත් නොදන්න දේවල් දන්නේ ?

:       36       128

Supun Thursday, 07 November 2019 07:26 AM

බාබු හිටියානම් ඔහුගේ සහයත් සජිත්ට.

:       581       864

Bandara Thursday, 07 November 2019 07:42 AM

නැතුව නැතුව....ටී.එන්.ඒ කොහොමත් සහය දෙන්නේ යූ.එන්.පී එකට. කලින් දුන්නේ තාත්තා. දැන් පුතා.

:       8       189

යාපා Thursday, 07 November 2019 08:05 AM

අන්තවාදීන් සියල්ලගේම සහාය සජිත්ට. මේ රටේ අහිංසක මිනිස්සු 300ක් මරපු බදියුදීන්ලා,හකීම්ලා,රට බෙදන්න ඉල්ලන සම්බන්ධන්ලා ඔක්කොම මේ රට විනාශ කරන්න ගිවිසුම් ගහගෙන සජිත්ට සහාය දෙනවා. සිංහල මුස්ලිම් දෙමළ මැලේ ප්‍රගතිශීලී සියලුම ජනතාවට හිතන්න අවස්ථාව මේ. මෙවැනි අන්තවාදීන්ගෙන් රටට වන යහපතක්නම් නැත. මොවුන් පරාජය කළ යුතුමයි.

:       1117       2086

සංජීව Thursday, 07 November 2019 10:49 AM

එතකොට හිස්බුල්ලා? ඇයි දැන් පොහොට්ටුවේ අය හිස්බුල්ලා ගැන වචනයක් කියන්නේ නැත්තේ..? අර කරුණලා, පිල්ලෙයාන්ලා වගේ ඔහුත් දැන් සත්ගුණවත් වෙලාද?

:       29       580

රජින්දThursday, 07 November 2019 12:21 PM

බොළඳ වෙන්න එපා. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මතු වෙච්ච අන්තවාදී ජන්ද ටික ජනාධිපතිවරනේදී ඩැහැගෙන මීළඟ මහ මැතිවරණය උඩින්ම දිනන්නයි හදන්නේ. සමහර අය කොහොමත් යටින් සහාය දුන්නේ එජාපෙට බව අමතකද? මතුපිටින් පේන හැමදේම විසංවාදයකින් තොරවම පිළිගන්නෙපා. මේ රටේ දේශපාලනය සම්පුර්ණයෙන්ම වෙනස්.

:       438       65

pradeep Thursday, 07 November 2019 08:11 AM

දෙමළ මිනිසුන් හොඳ සිංහල බෞද්ධ නායකයකුට ඡන්දය දෙන එක ගැන සිංහලයන් හැටියට අපි සියලු දෙනාම සතුටු විය යුතුයි.

:       117       1551

DasunThursday, 07 November 2019 10:13 AM

අනිවාර්යයෙන්ම. පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ සිංහල බෞද්ධයට සහය පලකරන අතරේම සිංහල බෞද්ධයින් උතරෙන් ඉවත් කලයුතු බවට පොඩි යෝජනාවකුත් ඉදිරිපත් කිරීමයි

:       315       376

NuwanThursday, 07 November 2019 11:28 AM

මරු පිළිතුර. සහතික ඇත්ත.

:       38       195

sumu Thursday, 07 November 2019 08:41 AM

දැන් නම් ඡන්දෙ දෙන්නේ කාටද කියල හිත හිතා ඉන්න දෙයක් නැහැ.

:       24       181

ධනා Thursday, 07 November 2019 09:07 AM

සජිත් ඓතිහාසික ජයක් ලබනවා

:       1532       747

මුණසිංහ Thursday, 07 November 2019 09:41 AM

ගෝඨාගේ ප්‍රතිශතය 53.7% යි. සජිත්ට 39.2% යි. අනුරට 4.8% යි.

:       576       1046

ChandiThursday, 07 November 2019 10:29 AM

ඔබ ගොඩක් දුරට නිවැරදියි. තව පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන්න පුළුවන්. ගෝඨා -52% සජිත් -40% යි.

:       247       434

සංජීව Thursday, 07 November 2019 10:54 AM

සුමනදාසගේ මල්ලිද? නැත්තම් අයියද?

:       26       320

Chandi Thursday, 07 November 2019 08:52 PM

කවුද සුමනදාස කියන්නේ?

:       0       0

NanaThursday, 07 November 2019 05:54 PM

සජිත් හිතුවට වඩා ඡන්ද ගන්න වගේ. එ්ත් 42% පන්නන්න අමාරුය්. ගෝඨාභයද 53-55 අතර නවතිනු ඇත. 16 රෑ නිදිමරන්න එපා. ඔන්න අවසන් ප්‍රතිඵලය.

:       0       3

ජේකොබ් Thursday, 07 November 2019 09:45 AM

සජිත්ගේ ජය තහවුරුයි. අතිශය තියුණු සටනක් නමුත් සජිත් දිනනවා.

:       1765       537

ChandiThursday, 07 November 2019 10:42 AM

කොහොමත්ම වෙන්න බැරි දෙයක්. 17 වෙනිදට බලන්න මොකද වෙන්නේ කියලා.

:       215       539

maarayaa Thursday, 07 November 2019 09:47 AM

ජය වේවා! කොන්දේසි 13 ම දෙන්න පොරොන්දු වෙන්න ඇති මොකද සුළු ඡන්ද ගොඩක් ලොකු වෙනසක් කරනවා දකුණේ අය බෙදිලා ඉන්න නිසා. අන්තිමට සිංහලයට යන එනමන් නැතිවෙනවා. බොරුවට කියයි මුකුත් පොරොන්දු නැහැ කියලා. මිනිස්සු අන්දන්න නියම හපන්නු.

:       130       530

Romesh Thursday, 07 November 2019 09:50 AM

ඔය කොටිය පැන්නෙ මල්ලෙන් එලියට. ඔහොම දේවල් දැක දැකත් අලියගෙ නැට්ටෙ එල්ලෙන්නෙ එසේ මෙසේ කට්ටිය නෙමෙයි.

:       173       396

namal Thursday, 07 November 2019 10:24 AM

දැන්වත් සිංහල අපි පාට පක්ෂ නැතුව එකතුවෙමු අපේ පින්බිම එකාමෙන් රැකගමු.

:       168       421

සංජීව Thursday, 07 November 2019 10:51 AM

එහෙම වෙලා රණවිරු නායක මහේෂ් මහතාට ඡන්දය දෙමු.

:       30       107

Suranga Thursday, 07 November 2019 10:39 AM

2015 ජනාධිපතිවරණයේ දී මෛත්‍රී පිලේ හිටිය කවුද කියලා අපි පොඩ්ඩක් පැහැදිලි කර ගමු. මෛත්‍රී පිලේ හිටපු කට්ටිය (1) එක්සත් ජාතික පක්ෂය (2) ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය (3) ජාතික හෙළ උරුමය (4) ද්‍රවිඩ ජාතික සන්ධානය (5) දිගම්බරම්ගේ වතු කම්කරු සංගමය (6) සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (7) අසාද් සාලි ගේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ (8) ජනතා විමුක්ති පෙරමුණ(ජනතා විමුක්ති පෙරමුණ කෙලින්ම සහය නොදැක්වුවද ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරය දියත් කළේ සියයට 99 මහින්දට විරුද්ධව ය) (9) මෛත්‍රීපාල දුමින්ද රාජිත අතුරලියේ රතන හිමි ෆයිසර් මුස්තාපා ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කඩා ගෙන ගිය පිරිස (10) මාදුළුවාවේ සෝභිත හිමි සරත් විජේසූරිය දබර අමිල හිමි නිර්මාල් රන්ජිත් වික්‍රමබාහු කරුණාරත්න ආදියගෙන් සමන්විත වුනු සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය (11) නිදහස් මාධ්‍ය ව්‍යාපාරය (12) අලුත් පරපුර (13)විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ආදි තවත් ලොකු කුඩා බොහෝ සංවිධාන සිරිපාලට සහයෝගය දැක්වූවා. නමුත් මෛත්‍රීට ජයගත හැකි වූයේ ඡන්ද ලක්ෂ 4 කින් පමණි. නමුත් අද තත්වය එයට වඩා ඉඳුරාම වෙනස්ය.

:       85       1325

සංජීව Thursday, 07 November 2019 10:53 AM

ඔව් දැන් 2015දීත් ඔය කියපු පොරොන්දු ඉටුකරලා උතුර නැගෙනහිර කොටියට ලියලා දුන්නනේ නේද? දැන් කොටිනේ පාලනය කරන්නේ ඒක. ඔය බොරු දැන් පරණයි. අලුත් ටිකක් හොයාගන්න

:       664       740

ruwan Thursday, 07 November 2019 11:25 AM

දැන් ඉතින් ගෝඨා ගේමක් නැතුව ලක්ෂ 75 පන්නල ඡන්ද ගන්නවා.

:       557       1122

kaavinga Thursday, 07 November 2019 11:51 AM

සිංහල බෞද්ධයිනි, දැන්වත් ඇස් ඇරලා බලන්න. කන් ඇරලා අහන්න. මෙදා පාර වැරදුනොත් 2015 වැරදුනා වගේ නෙමේ. මෛත්‍රී මහත්තයා රටට ආදරේ මිනිහෙක් නිසා ලංකාව මෙහෙමවත් ඉතුරු උනා. මෙදාපාර වැරදුනොත් රටක් ඉතුරු වෙන්නේ නෑ. මෙයාලා ඉන්න වේදිකාවට හුරේ දාන්න කලින් හංසයාට කතිරේ ගහන්න කලින් ලක්ෂ පාරක් හිතන්න.

:       45       9

Akila Thursday, 07 November 2019 01:30 PM

සජිත් සර් ඔය හරි කරේ හරිම කැත වැඩක්. රනිල් සර්ව ඉස්සරහට දාලා TNA එකේ සපෝර්ට් එක අරගත්තා. TNA එක සපෝර්ට් කරනවා කියපු ගමන් ඔයා රනිල් සර්ව කපල දැම්මා. කලින් රනිල් සර්ට අගමැතිකම දෙනවා කියල දැන් වෙන කතාවක් කියනවා. ඕවා හරිම කැත වැඩ.

:       13       3

Don S Thursday, 07 November 2019 04:06 PM

ගෝඨාභය ජයග්‍රහණය මේ වනවිට ස්ථිර වී ඇති බව පවසනවා...!

:       56       1

ChandiSaturday, 09 November 2019 04:16 PM

ඔව්. එජාපෙන්ම බුද්ධි අංශ වලින් ගෝඨා දිස්ත්‍රික්ක 16 ක් ජයගන්නා බව සොයාගෙන ඇත. මේ අනුව 18 වෙනිදා වෙනකොට අපේ රටේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ.

:       49       2

සංජීව Monday, 11 November 2019 11:43 AM

2015 දී කිව්වෙත් ඔය මඟුලම තමයි...

:       0       0

sapumal Thursday, 07 November 2019 07:08 PM

ඔකේ ප්‍රශ්නේ හරියට තේරෙන්නේ නැහැ බොහෝ කට්ටියට , මහින්දලා එක්ක ටීඑන්ඒ එක එකතුවෙනවා කියන්නේ එකක් සහ රනිල් එක්ක එකතුවෙනවා කියන්නේ තව එකක්. ප්‍රතිපල දෙකක්. මහින්ද ගාවට ගියොත් මහින්දලාගේ විදිහට ඉන්න ඕන , නටන්න බැහැ. නමුත් යුඑන්පි ගියොත් උන් ගහන පදේට යුඑන්පි කාරයෝ නටනවා. ඕකයි වෙනස ඔන්න කෙලින්ම කිව්වා.

:       66       328

සංජීව Thursday, 07 November 2019 07:24 PM

ඇමරිකන් ඡන්දත් එක්කද?

:       0       0

ranjith Thursday, 07 November 2019 11:08 PM

ජාතිවාදය සහ තක්කඩි කම රට පාලනයට සුදුසු දෙයක් නොවෙයි.

:       0       5

ranjith Thursday, 07 November 2019 11:20 PM

ජාතිවාදී විදෙස් කුමන්ත්‍රණ බොරු ගෝනි බිල්ලෝ ගෙනත් ඡන්ද ගන්න බැහැ සදාකාලික

:       0       1

සෙනෙවිරත්න Friday, 08 November 2019 05:18 AM

සුළු ජාතීන් කොන්කිරීමෙන් සිදුවනුයේ ඉබේම රට බෙදීමකට පාර කැපීමකි. මෙහි අදහස් දැක්වූ සියල්ල ඒ බව දැනගතයුතුය. සුළු ජාතීන්ට වෙනස්කම් කර විදෙස් මැදිහත්වීම් හරහා ජනමත විචාරණ හරහා බෙදු රටවල් ලොවේ පවති. සුඩානය සහ තිමොරය ඒවාය. එවන් අවස්තාවකට රට පත්වුවහොත් ඔය බොරු ජාති ආලයෙන් කොඩි වැනිමෙන් හෝ පපුවට ගසා බේරුම් කළ නොහැක. කළ යුතුවන්නේ ඔවුන් ඉල්ලන සාධාරණය ඉටු කිරීමයි. දැනටමත් අමාරුම ඉල්ලිම වන බෙදුම්වාදයෙන් ඉවත්ව ඇත.

:       0       118

ඩරුස්මාන්Friday, 08 November 2019 07:37 AM

එය කළයුතු වන්නේ මධ්‍යස්ථ දෙමළ දේශපාලන නායකයින් සමග මිසක් TNA වැනි අන්තවාදීන් සමග නොවේ. TNA යනු ප්‍රභාකරන්ගේ දෙශපාලන අංශයයි. ඔවුන්ගේ තියරිය "Little now ,more later" දැනට ටිකක් පස්සේ තව ටිකක්...

:       86       6

Dhanuka Friday, 08 November 2019 07:30 AM

මේ සියලු දෙනා එකතු වෙලා 2015 හංසයා ලබා ගත්තේ වැඩි ඡන්ද 449072ක් පමණි. ඒ තුල ජ.වී.පෙ ඡන්ද ටික තිබුණා. නමුත් මෙවර ඒ ටික මාලිමාවට වැටෙනවා. එවිට වෙනසක් නැති වෙනවා. හංසයා 2015 දිස්ත්‍රික්ක 12ක් දිනුවා. නමුත් මෙවර ගම්පහ, පොළොන්නරුවට දිනන්න බෑ. විශාල වැඩි ඡන්ද ගණනකින් ඒවා මෙවර පොහොට්ටුව දිනනවා. පුත්තලමත් බොහෝවිට පොහොට්ටුව දිනනවා හේතුව පුත්තලම ආසනය හැර අනික් අසන 4ම විශාල වැඩි ඡන්ද ගණනකින් පොහොට්ටුව දිනන නිසා. අනික 2015 මහින්ද දිනපු දිස්ත්‍රික්ක 10 එදා දිනුවේ අඩු. වැඩි ඡන්ද ගානකින් මෙවර ඒවා දිනන්නේ විශාල වැඩි ඡන්ද ගණනකින්. දැනට පවතින සමාජ වටපිටාව හා 21 දා ප්‍රහාරය එක්ක අලුත් ඡන්ද බොහොමයක් හංසයාට ලැබෙන්නේ නෑ. ඒ අනුව තාර්කිකව දිනන කෙනා හිතාගන්න .

:       789       4337

ChandiFriday, 08 November 2019 08:33 AM

ඔබ හරි. එ්ත් අපි කැපුවත් UNP කියාගන්න කට්ටිය ඇත්ත තේරුම් ගන්නේ නැහැ. 17 වෙනිදාට තමයි කට්ටියට තරු පේන්නේ....

:       120       10

Chanak los angelesFriday, 08 November 2019 09:43 AM

ඒ කියන්නේ ලංකාව පාලනය කරන්න ඕනේ හොරු, දූෂකයින් ඝාතකයන් කියන එකද? එහෙම පාලනයක් තිබෙන රටක මානසිකව වැටි වැටී ජීවත් වීමට ඔබලා මොනතරම් පව් කරලා ඇතිද..?

:       4       39

Ranjan Friday, 08 November 2019 08:44 AM

TNA ප්‍රකාශනයේ තියෙන්නේ එක්සත්, නොබෙදුණු, බෙදිය නොහැකි, රටක් තුළ කියලා, එතකොට සජිත් මහත්තයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඒකීය රටක කියලා කියන්නේ නැද්ද? ඒකීය සහ එක්සත් කියන්නේ තේරුම් දෙකක්. සජිත් මහත්තයා සිංහල මිනිස්සුන්ව රවට්ටන්න සිංහලෙන් ඒකීය කියලා කියනවා. දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ යුනයිටඩ් කියලා. එ්කේ තේරුම එක්සත් කියන එක. බලාගෙන යනකොට සජිත් මහත්තයා සිංහල මිනිස්සුන්වත්, දෙමළ මිනිස්සුන්වත් දෙගොල්ලන්වම රවට්ටන්න යන්නේ. මේ වගේ බොරුකාරයින්ට රැවටෙන්න එපා. සජිත් මහත්තයට කොන්ද පණ තියනවා නම් කියන්න ඕනෑ බලය බෙදන්නේ ඒකීය ශ්‍රී ලංකාවක් තුළ මිසක් එක්සත් ශ්‍රී ලංකාවක් තුළ නෙවෙයි කියලා...

:       0       2

sharuka Friday, 08 November 2019 02:57 PM

මේ ආණ්ඩුවේ කාර්යක්ෂමතාවය බලාගන්න පුළුවන් දෙයක්... අරලියගහ මන්දිරයෙන් පෙනෙනවා. මම පහුගිය වසර 6ක් තිස්සේ උදේ සවස අරලියගහ මැදුර ඉදිරිපිටින් යන කෙනෙක්... මහින්ද පරදිනකොට එටිසලාට් ගොඩනැගිල්ලට ලඟම අරලියගහ මන්දිරය තුළ ලොකු ගොඩනැගිල්ලක් ඉදිකර වැඩ 98%ක් ඉවර කර තිබුණා. ඒ වනවිට ඒ සඳහා පලංචි ගසා තිබුනේ. වසර 6ක් තිස්සේ එම ගොඩනැගිල්ලේ වැඩ ඉවර නොකළා පමණක් නොවෙයි අර යකඩ පලංචි අද දක්වාම එලෙසම පවතිනවා. තමන්ගේ නිවාස වත් හරිහැටි පාලනය නොකරන පාලනයක් අපව බලාගනීද?

:       119       9

Arachchi Sunday, 10 November 2019 12:15 AM

සජිත් ප්‍රේමදාස දිනුවොත් ඔහු ඔය ගිරිය පුම්බාගෙන කෑ ගහ ගහා දෙන පොරොන්දු එකක්වත් ඔහුගේ තනි තීරණයෙන් දෙන්න. එක්සත් ජාතික පක්ෂයේ මහා පුටුව අත්පත් කරගෙන් සිටින රනිල් වික්‍රමසිංහ ඉඩ නොදෙන්නේය. සජිත් ප්‍රේමදාසට ඔහුගෙන් ගැලවීමක් නැ. රනිල් වික්‍රමසිංහට අපි නොදන්නා හේතුවක් නිසා ඇමෙරිකාව සතුටු කරන්නයි ඕනෑ. ඒ සඳහා ඔහු මංගල සමරවීරත් සම්බන්ධ කරගෙන සිටී. රනිල් වික්‍රමසිංහට ඕනෑ ලංකාවට ෆෙඩරල් ක්‍රමයක් සඳහා ව්‍යවස්ථාවක් ලියා එය සම්මතකරගන්න. මොනයම් බලවත් හේතුවක් නිසා ඇමෙරිකාවට අන්ධ භක්තියකින් වැඩකරන රනිල් වික්‍රමසිංහ ඇමෙරිකාව සමග මිලේනියම් ගිවිසුම අත්සන් කර ඇමෙරිකාවේ හිත දිනාගෙන ඩොලර් මිලියන 480ත් ලබාගැනීමයි ඔහුට උවමනා.....ලංකාවට මොන විනාශයක් උනත් ඔහුටවත් ඔහුගේ සගයාවන මංගල සමරවීරටත් ඒ ගැන කම්පාවීමක් නොමැත.

:       0       12

Kumar Sunday, 10 November 2019 06:04 PM

තව දින කිහිපයකින් ඔය සෑම දෙනාගේම ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙනවනේ. එතෙක් ඉවසීමෙන් කටයුතු කරන්න. ජනපතිවරණයෙන් පසු තම ප්‍රතිවාදීන්ට හිරිහැර කරන්න එපා. ඔයගොල්ලෝ සියලුදෙනාම ලාංකිකයෝ වගේ වැඩකරන්න. ඔය කවුරු දිනුවත් යස ඉසුරෙන් පිරි ලංකාවක් ඇතිවේ කියලා සිතන්න පුළුවන්ද? ඕනවට වඩා බලාපොරොත්තු ඇතිකරගන්න එපා...

:       0       0

ශිරෝ Monday, 11 November 2019 06:22 AM

දෙමළ ජාතිය සහ මුස්ලිම්වරු ඔවුන්ගේ අරමුණු උදෙසා එක් මතයකට එක්වේ. අහෝ සිංහල අපි දෙකට තුනට බෙදී අපේ ශක්තිය අහිමිකර ගනිමින් සියලු අයිතීන් අහිමි කර ගනිමින් කුලල් කා ගනිමින් සිටිමු... සිංහල දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් එක අරමුණකට එමු. සිංහල ඡන්දවලින් ආණ්ඩුවක් බිහිකරගෙන කේවල් කිරීම්වලට අසු නොවී සිංහල දෙමළ, මුස්ලිම් හැමෝටම ප්‍රතිලාභ ලැබෙන ලෙස රට සංවර්ධනය කිරීමට මේ අවස්ථාව යොදාගනිමු. දෙමළ හා මුස්ලිම් සහයෝගයෙන් ආණ්ඩුවක් හැදුවොත් ආණ්ඩුවට වෙනවා රට සංවර්ධනය කිරීම වෙනුවට ඔවුන්ව සතුටු කිරීමට බලය රැකගන්නට...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැටුප් ප්‍රශ්නය විසදන්න ගුරු බලය සංවිධානයට ලිපියක්
2024 අප්‍රේල් මස 24 127 0

ගුරු විදුහල්පති සේවයන්හි වැටුප් විෂමතාවක් නැතැයි පවසමින් ගුරු බලය සංවිධානයට ලිපියක් යැවූ ගුරු ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියගෙන් ඒ සම්බන්ධයෙන් ක


ෆොක්ස්හිල් අනතුරේ රියදුරන්ට ඇප
2024 අප්‍රේල් මස 24 177 0

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තරගකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්


’’ගෝඨාභය පොත ලිව්වේ පව් සෝදා ගන්න’’
2024 අප්‍රේල් මස 24 202 0

ගෝඨාභය පොත ලියා ඇත්තේ ඔහු විසින් කළ පව් සෝදා ගන්නට යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.


ඉන්දීය ආධාර ගම්මාන හතරක් ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 471 0

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු


වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක
2024 අප්‍රේල් මස 24 417 3

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 1746 4

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1666 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1525 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site