(නිමල කොඩිතුවක්කු)
ඉදිරි ජනාධිපතිවරණයේදී කුමන පාර්ශ්වයකට සහාය ලබාදෙන්නේද යන්න සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය මෙතෙක් තීරණයක් ගෙන නැතැයි එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ලස් නිර්මලනාදන් මහතා ලංකාදිපයට පැවසීය.
තම සන්ධානය ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකරන බැවින් තම ගැටලුවලට ස්ථිර විසඳුම් ලබාදිය හැකි සහ ඒ අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති මත පදනම්ව තීරණයක් ගන්නා බවත් ඔහු සඳහන් කළේය.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වීමෙන් පසු හා ඒ ඒ අපේක්ෂකයන් ස්ථීර ලෙස ප්‍රකාශයට පත්වීමෙන් පසු දෙමළ ජාතික සන්ධානයට අයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැස්වී මේ පිළිබඳ ස්ථීර තීරණයක් ගන්නා බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ටීඑන්ඒ තීරණය ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වීමෙන් පසු
අමා Wednesday, 14 August 2019 03:00 PM
මේ ගොල්ලන්ගේ ප්‍රතිපත්ති එක්ක ඉන්නේ එජාපයේ අය විතරයි.
Hafeel Wednesday, 14 August 2019 03:24 PM
ඇයි පොහොට්ටුවට ගැලපෙන්නේ නැද්ද? ඇයි එහෙමනං දින 52 හොර ආණ්ඩුවේ මහින්ද, සම්බන්ධන් සමග සාකච්ඡා කරලා දෙමළ සංධානයේ සහායත් ඉල්ලුවේ? සුමන්දිරන් කිව්වා නාමල්, යෝෂිතලා දෙන්න පොරුන්දු වුණු දේවල් හැලිකරන බව. මහින්ද කරනවිට හොඳයි.
samanThursday, 15 August 2019 02:06 AM
ඕකේ අපිටනම් මහා අමුතු දෙයක් නෑ. අපි දන්නවා මොනා කිව්වත් අන්තිමට ඔබ යු.එන්.පී එක්ක හිටගන්නවා කියල.
peduru Wednesday, 14 August 2019 03:59 PM
එජාපය කල චෝදනා එකක්වත් ඔප්පු කළාද? එකක්? දෙමල්ලු මෙන්න කියලා දෙයි ගෝඨාට සහය. අපි නොදන්නා දේශපාලනේ..
MD Thursday, 15 August 2019 03:24 AM
අදාළ නැත.
DILUM Thursday, 15 August 2019 04:00 AM
මේ පාර TNA කියන සාධකය වැදගත් නෑ. මොකද දැනටමත් එයාල 4ට කැඩිලා... පෙරුමාල් නෑ. වියලේන්ද්‍රන් නැගෙනහිර ඡන්ද ගලවලා. විග් තවත් කොටසක් කඩලා. සම්බන්ධන්ට ලොකු චාන්ස් එකක් නෑ. මොකද එයාලා දෙමල මිනිස්ස්සු රැවැට්ටුවා..අරුල් එක්ක ලොකු තරුණ කණ්ඩායමක් යථාර්තවාදී අදහස් දරනවා.. අමතක කරන්න එපා දෙමල සමාජයේ බොහොම දෙනෙක් උගත් අය කියන එක. TNA එකට හැමදාමත් ප්රභාකරන් විකුණගෙන කන්න බැහැ. මිනිස්සුන්ට බඩගින්න දැනෙද්දී ඕව එකක්වත් බලපාන්නේ නෑ. දෙමළ අයටත් අපිට වගේම රැකියා කරන්න අවස්ථාව දෙන්න ඕනෑ. එයාලත් අපි වගේම මිනිස්සු...
chandana Thursday, 15 August 2019 06:49 AM
මේ ගොල්ලෝ හැමදාම බලය බෙදීම, බෙදුම්වාදය, ත්‍රස්තවාදය වැනි අදහස් කරේ තියාගෙන තමයි දේශපාලනය කලේ. ඒත් දෙමළ ජනතාවට දැන් තේරෙනවා ඔවුන්ටත් තියෙන්නේ ජාතිබේදයක් නැතිව හැමෝටම තියෙන පොදු ප්‍රශ්ණ බව. බෙදී වෙන්වෙලා වැඩක් නැති බව දෙමළ ජනතාව දැන් ටික ටික තේරුම් ගනිමින් සිටිනවා.
Ranil Thursday, 15 August 2019 07:19 AM
අනේ බොරු සෝබන එපා. ඔයාලගේ තීරණේ මොකක්ද කියල රටම දන්නවා.