(තිලකරත්න දිසානායක)
මෙවර උසස් පෙළ විභාගයේ රසායන විද්‍යාව 2 ප්‍රශ්න පත්‍රයෙහි තිබු ප්‍රශ්න කිහිපයක් ඇතුළත් අත් පත්‍රිකාවක් බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එය පරිගණක ගත කළ බව කියන පුද්ගලයා ගම්පහ නගරයේදී පොලිස් කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇත.
මොහු හට ලැබී ඇති ප්‍රශ්න කිහිපය පරිගණකගත කරමින් අදාළ අත් පත්‍රිකාව සකස් කොට ඇති බවත් විභාගය පැවති 19 වැනිදා විභාගය පැවැත්වෙන අවස්ථාවේදී ප්‍රශ්න එළියට ලැබී ඇති බවත් අනාවණය වී ඇතැයි පොලීසිය පවසයි.
මෙලෙස පරිගණකගත කළ තැනැත්තා කැලණිය ප්‍රදේශයේ පදංචි තැනැත්තෙකු බවත් ගම්පහ නගරයෙහි පරිගණක මධ්‍යස්ථානයක සේවය කරන්නකු බවත් පොලීසිය කියයි.
මෙම සිද්ධියට අදාල ටියුෂන් ගුරුවරයා අත්අඩංගූවට ගැනීමට වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙන අතර දැනට අත් අඩංගූවේ පසුවන ඔහුගේ පියා සහ සොහොයුරාද පරිගණක කටයුතු කළ පුද්ගලයාද අද(22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට පියවර ගන්නා බව ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල මහතා පැවසීය.
මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව
ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව
සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ටියුෂන් අත්පත්‍රිකාව සැකසූ පුද්ගලයා අත්අඩංගුවට
sampath Tuesday, 22 August 2017 07:21 AM
මෙහෙම අත්පත්‍රිකාවක් හැදීම සදාචාරාත්මක නොවුණත් නීති විරෝධී ක්‍රියාවක් වෙන්නේ කොහොමද? මේක අලෙවි ප්‍රවර්ධන උපක්‍රමයක් විතරයි.
ase Tuesday, 22 August 2017 11:46 AM
මේකේ අරමුණ මොකක්ද ?