IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ට්‍රෝලර් යාත්‍රා හිමිකරුගේ නිවසින් ලක්ෂ 59 ක්

ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ
 
රුපියල් කෝටි 277 ට අධික වටිනාකමකින් යුත් හොරොයින් මත්කුඩු  තොගයක්  ජාත්‍යන්තර මුහුදු සීමාවේ සිට  මෙරට මුහුදු සීමාවට රැගෙන එමින් සිටියදී අත්අඩංගුවට ගත් යාත‍්‍රාවේ හිමිකරුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ 59 ක් හා සැටලයිට් දුරකතන දෙකක්  සොයා ගත් බව  පොලිසිය කියයි.


පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස්  කණ්ඩායමක්  සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේ දී මෙම භාණ්ඩ සොයාගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උසස් නිලධාරියෙක් කීය.


මෙම මුදල් සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමෙන්  උපයාගත් මුදල් බවට සැකකරන බවත්  අත්අඩංගුවට ගත් සැටලයිට් දුරකතන ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා යොදා ගත් බවට සැකකරන බව එම උසස් නිලධාරියා සඳහන් කළේය.


මෙම සැකකරුට මත්ද්‍රව්‍ය සැකකරු විශාල ධනයක් උපයාගෙන ඇති බවත් ඒ අතර ස්විසල් නිවාස, ටෝලර් යාත‍්‍රා තුනක් බව පොලිස් මත්ද්‍රව්‍ය  නාශක කාර්යාංශ අංරංචි මාර්ග පවසයි.


මෙම සැකකරුගේ ආදායම් සහ දේපළ සම්බන්ධයෙන් මුදල් විශූද්ධිකරණය පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  හරහා පරීක්ෂණ පැවැත්වීමට කටයුතු  කරන බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.


 මෙම සිද්ධියට සම්බන්ධ ඔහුගේ ගෝලයන් 5 දෙනෙකු දැනට ප‍්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.


මෙම සැකකරුද සිද්ධියෙන් පසු පලා ගොස් යටියන්තොට ප‍්‍රදේශයේ සැඟව සිටියදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රධාන  සැකකරුගේ සොහොයුරා ඇතුළු තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර ඇත. 



අදහස් (0)

ට්‍රෝලර් යාත්‍රා හිමිකරුගේ නිවසින් ලක්ෂ 59 ක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 124 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 334 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 826 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1119 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 389 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 183 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 302 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site