(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
අධිකරණයට අපහාස කළා යැයි සඳහන් කරමින් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඇතුළු තිදෙනෙකුට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සමක් ලබන මැයි 13 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය අද (17) නියම කළේය.
අපවත් වී වදාළ මුලතිව් ගුරුකන්ද රජමහා විහාරාධිපතිගේ දේහය මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය මඟින් තහනම් කර තිබෙන ප්‍රදේශයක අධිකරණ නියෝග නොතකා ආදාහනයට කටයුතු කිරීම හේතුවෙන් ඥානසාර හිමි ඇතුළු පිරිසට එරෙහිව මෙම පෙත්සම ගොනුකර තිබේ.
එම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ.එච්.එම්.නවාස් සහ විනිසුරු අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූ අතර පෙත්සම මෙදින කල් තැබිණි.
දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීනී ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා මහත්මිය ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් බොදුබල සේන සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් , මුලතිව් ප්‍රදේශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා , මුලතිව් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ.
මුලතිව් ගුරුකන්ද රජමහා විහාරයේ අනවසර ඉදිකිරීමක් පිළිබඳව හබයක් පැවතිණි.මෙම තත්ත්වය තුළ සාමාන්‍ය පුරවැසියන්ට එම ස්ථානයට යාම තහනම් කර තිබිණි.
තත්ත්වය මෙසේ තිබියදී එම විහාරස්ථානයේ විහාරාධිපති අපවත් විය. උන්වහන්සේගේ දේහය මෙම ප්‍රශ්නගත ප්‍රදේශයේ ආදාහනය කිරීමට පිරිසක් සූදානම් වූහ.මෙම තත්ත්වය තුළ ප්‍රදේශයේ නොසන්සුන්කාරී ස්වභාවයක් උද්ගත වූහ.ප්‍රදේශයේ පාර්ලිමේන්තූ මන්ත්‍රීවරයා වශයෙන් පෙත්සම්කරුද ඊට සහභාගී විය.
කෙසේ නමුත් මුලතිව් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මේ පිළිබඳව මහේස්ත්‍රාත් උසාවියට සැල කිරීම හේතුවෙන් අධිකරණය අපවත් වූ හිමියන් ගේ දේහය ප්‍රශ්නගත ප්‍රදේශයේ ආදාහන කිරීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කළේය.
පෙත්සම්කරු එම ස්ථානයේ සිටියදීම ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් පැමිණ අපවත් වූ හිමියන්ගේ දේහය තහනම් කළ ප්‍රදේශයට රැගෙන පැමිණියහ.ඉන්පසු එම ස්ථානයේදී අපවත්වූ හිමියන්ගේ මෘත ශරීරය ආදාහනය කළහ.
මේ ක්‍රියාවෙන් ඥානසාර හිමියන් අධිකරණයට අපහාසයක් සිදු කර ඇත.මීට පෙරද ඒ හිමියන් අධිකරණයට අපහාස කිරීමේ වරදට වරදකරු වී වසර 6 ක සිර දඬුවම් නියම කෙරිණි.පසුව ජනාධිපති සමාව ප්‍රදානය කිරීම හේතුවෙන් නිදහස ලැබිණි.
එබැවින් මේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණයක් පවත්වා සුදුසු දඬුවම් නියම කරන ලෙස පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.
පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥ එම්.ඒ සුමන්තිරන් මහතා පෙනී සිටියේය.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද රාත්‍රී ස්වීඩනය බලා පිටත්ව යන බව එම පක්ෂය පැවසීය.
සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකා
රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික
මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා
රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (
රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඥානසාර හිමිට එරෙහි පෙත්සමක් සලකා බැලීමට දින නියම වෙයි