IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඥානසාර හිමි නිදහස් කිරීම ගැන සන්ධ්‍යා එක්නැලිගොඩගේ විරෝධය

(හසිත රංග ගුණතිලක) 
 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිරගතව සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ව ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට ගෙන ඇති තීරණයට තමන් තදින්ම විරුද්ධ බව සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය කොළඹදී අද (23) පැවසුවාය.
 
ජනාධිපතිවරයා යම් ලෙසකින් ඥානසාර හිමියන්ව නිදහස් කළහොත් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් ප්‍රතිපාදන මත තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් ලෙස දක්වා ජනාධිපතිවරයාගේ තීන්දුව අභියෝගයට ලක් කරමින් අධිකරණය හමුවේ නඩු පවරන බවද එක්නැලිගොඩ මහත්මිය කීවාය.
 
මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍රයේ අද (23) පැවැති  ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය මෙම අදහස් පළ කළාය.

ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා



අදහස් (52)

ඥානසාර හිමි නිදහස් කිරීම ගැන සන්ධ්‍යා එක්නැලිගොඩගේ විරෝධය

දර්ශන Thursday, 23 May 2019 01:57 PM

එන් ඩී ඕ කාරයෝ ටිකක් සෙට් වෙලා වගෙයි ...

:       0       0

Chathura Thursday, 23 May 2019 02:25 PM

අනේ නෝනා....... උන් වහන්සේ රටට වටිනා චරිතයක්..... මුළු රටම බලන් හිටියේ උන් වහන්සේ එකනම්

:       0       0

Chanak los angeles Thursday, 23 May 2019 02:45 PM

මේවාට විරුද්ධ නොවුණොත් සෑම අපරාධකාරයෙක්ම සෑම දූශිතයෙක්ම ඔය ආකාරයෙන් හිරෙන් එළියට ගනීවි.

:       0       0

Keppetipola Thursday, 23 May 2019 02:46 PM

මෙයාගේ පිටුපසින් ඉන්නේ LTTE සංවිධානයයි. මෙයාගේ මනුස්සයා LTTE සංවිධානයට වැඩ කළා කියලා ඔප්පු කරන්න සාධක එමට තිබෙනවා. මෙයාගේ මනුස්සයා නවත්වපු තැන ඉඳන් මෙයා ඉතුරුටික LTTE සංවිධානය වෙනුවෙන් කරනවා. තමාගේ වාසියට රට පාවා දෙන අයව රටෙන් පන්නා දැමිය යුතුයි.

:       0       0

Rasika Thursday, 23 May 2019 02:50 PM

පිටරටින් සල්ලි එන එක ගැන පරීක්ෂණයක් කරන්න ඕනේ. මෙච්චර රටේ විනාශයක් වෙලා, මිනිස්සු 300කටත් වැඩිය මැරිලා... මුස්ලිම් ත්‍රස්තවාදය රටම බිලිඅරගෙන තියෙද්දී ඒ ගැන කිසිම ප්‍රකාශයක් නැහැ. ඒ ත්‍රස්තවාදය, ඒ අනතුර මුලින්ම පෙන්වා දීලා, මේ රටට ආදරේ ඇතිව කතාකළ මේ හාමුදුරුවෝ නිදහස් කරනවට විරුද්ධයි. හැබැයි.. බෝම්බ හදපු අය නිදහස් වුණාට කිසිම විරුද්ධ බවක් නැහැ. යන්තම් නිවීගෙන එන ගින්න තවත් අවුළුවන්නේ නැතිව පැත්තකට වෙලා ඉන්න. සමහර ප්‍රකාශත් ජාතික සමගියට හානි කරනවා. ඒ ගැනත් හොයන්න..

:       0       0

Pubu Thursday, 23 May 2019 03:51 PM

අනේ මන්දා

:       0       0

රජින්ද Thursday, 23 May 2019 04:06 PM

ද්‍රෝහීන් සහ දේශප්‍රේමීන් අතර වෙනස මිනිස්සු දැන් දන්නවා... ඒ නිසා ඔබලාගේ සුරංගනා ලෝක සුනුවිසුනු වී යාම සිදු වෙමින් තිබේ.

:       180       1013

ජයන්ත මිලානෝ Thursday, 23 May 2019 04:20 PM

විධායක ජනාධිපතිදුරය කියන්නේ වඳුරට දැලිපිහිය ලැබුණ වගේ වැඩක් .මෙවැනි අන දීම් තුලින් සිදුවෙන්නේ රටේ නීතිය අභියෝගයට ලක්කිරීමයි.

:       647       511

BamunuarachchiSaturday, 25 May 2019 03:10 PM

දන්නා මගුලක් කතා කොරනවා හලෝ. වඳුරා ජනාධිපතිගෙන් දැලිපිහිය උදුරගන්නයි ලැහැස්ති උනේ සිංහලයගේ වාසනාවට වඳුරාට දැලිපිහිය ලැබුනේ නැහැ.

:       0       0

මම නොවන මම Thursday, 23 May 2019 04:27 PM

අපේ කාලයේ යකඩ ගැහැනිය. ඔබතුමියට තව තවත් ශක්තිය ලැබේවා.

:       3053       1041

indra Thursday, 23 May 2019 06:32 PM

ඔබට පැටලෙන්න කෙනෙක් නැතිවද ? මේ බුද්ධ චීවරය සමග සටන් කරන්නේ, උන් වහන්සේගෙන්නම් ඔබට හිරිහැරයක් නැහැ.

:       213       531

Chanak los angelesSunday, 26 May 2019 05:34 PM

මෙතන පැටලීමක් නැහැ. ඇය සාධාරණත්වය සොයා යනවා. ඒක වැරැද්දක්ද?

:       11       4

chandima Thursday, 23 May 2019 06:49 PM

ජිනිවා පැත්තෙත් ගිහින් ආවානම් නරකද?

:       6       223

nishan Thursday, 23 May 2019 08:48 PM

මේ නෝනා මහත්තය වෙනුවෙන් පිනක් දහමක් කරලා. අන්තිම කාලයේ දහමින් ජිවත් වීම තමයි හොදම විදිහ. පත්තර , ටීවී නෝනගේ ගෙදර නොගියා නම් ප්‍රශ්නය එතනින්ම ඉවරයි.

:       141       292

ලසන්ත Friday, 24 May 2019 12:05 AM

ගලගොඩවත්තේ හිමියන් නිදහස් කිරීම මේ කාන්තාවගේ පමනක් මානව හිමිකම් උල්ලංඝනය වීමක් විය හැකි වුනත් එය රටේ වැඩිම ජනතාවකගේ මානව හිමිකම් රැකීමක්

:       89       648

Bandara Friday, 24 May 2019 12:20 AM

ඔබ ගැන මට ඇත්තේ කලකිරීමක් පමණයි.

:       161       270

jayan Friday, 24 May 2019 01:10 AM

අර 350 මැරුණු එක කමක් නැද්ද එතකොට? යුද්ධෙන් රටේ 70000ක් මැරුණත් කමක් නෑ. ත්‍රස්ථවාදීන් වෙනුවෙන් පෙනී ඉන්න අයිතිවාසිකම් තියෙන්නත් ඕනේ, තමන්ගේ පවුල ‍රැක ගන්නත් ඕනේ. මේ වගේ අය නිසා තමයි මේ රට මේ තත්ත්වෙට වැ‍ටුනේ.

:       173       366

Lakshitha Friday, 24 May 2019 01:14 AM

රටට විහිලු සපයන්නේ නැතුව ඉන්න, මොකද දැන් අපිට විහිළු එච්චට අල්ලන්නේ නෑ.

:       142       292

Nishan Friday, 24 May 2019 01:33 AM

ව්‍යවස්ථාව රකින්න පත්වෙච්ච කෙනා එක පිට එක ව්‍යවස්ථාව කඩ කරමින් සිටිනවා. රටට අබ සරණයි.

:       157       315

lanka Friday, 24 May 2019 01:41 AM

මෙයා ඔය කෑ ගහන්නේ ඩොලර්වලට....

:       145       636

Sri Lankan Friday, 24 May 2019 02:31 AM

ඔයා කතා කරන්නෙ පෞද්ගලික කාරණයක්. උන්වහන්සේ මුළු මහත් රටක් වෙනුවෙන් පෙනීසිටි උතුමෙක්.

:       433       1152

kule Friday, 24 May 2019 03:36 AM

ලොක්කගේ වචනයෙන්ම කියනවා නම් බම්බුව තමයි.

:       68       147

jayath Friday, 24 May 2019 03:41 AM

මෙයා කොහොමද කියන්නේ හාමුදුරුවෝ නිදහස් කරන්න එපා කියලා.

:       295       2597

දිලුම් Friday, 24 May 2019 04:05 AM

මෙයාගෙන් අහල තමයි දැං රට පාලනය කරන්න වෙලා තියෙන්නේ.

:       139       402

wedage Friday, 24 May 2019 04:18 AM

අපිට මතකයි සුනිල්, සමාව කියල එකක් තියෙනවා ඒ සමාව මෙයට වඩා ගොඩක් වෙනස්

:       44       15

KANDEPOLA Friday, 24 May 2019 04:21 AM

විධායක ජනාධිපතිවරයාගේ බලතල වලට අභියෝග කරන්න, පුලුවන්ද ?

:       45       12

Bamunuarachchi Friday, 24 May 2019 04:29 AM

අපේ හාමුදුරුවන් නිදහස් කිරීම රටේ ජනතාවගේ කාලීන අවශ්‍යතාවයක් බව තේරුම් ගත්තොත් හොඳයි. අපිට එන්ජීඕ කාරයින්ගේ හඬට සවන් දීමට උවමනාවක් නැත.

:       158       1117

Thushara Friday, 24 May 2019 04:51 AM

කොහෙදෝ යන්නේ මරණින් පස්සේ පිං පව් එනවා අපි පසු පස්සේ

:       8       76

amali Friday, 24 May 2019 05:36 AM

NGO සල්ලි වලින් ඥානසාර හිමියන්ටත් ජීවිත තර්ජන තියෙන්න පුළුවන්.

:       87       764

Chanak los angelesSaturday, 25 May 2019 12:05 AM

නොර්වේ සල්ලි වලින් ආරක්ෂා වෙන්න පුළුවනි.

:       0       0

Keppetipola Friday, 24 May 2019 05:46 AM

කොටි ත්‍රස්තවාදීන්ට, මුස්ලිම් ත්‍රස්තවාදීන්ට කුලියට කහින අයට මේ ගැන බොහොම අමාරුවෙන් ඉන්නේ.

:       126       4061

nishanthika Friday, 24 May 2019 06:01 AM

මේ වෙලාව රට ගැන හිතලා තීරණ ගන්න ඕන වෙලාවක් . තමන් ගැන නොවෙයි

:       27       150

දීපාල් ලොකුගේ Friday, 24 May 2019 06:36 AM

අපි දන්නා විදිහට මේ කාන්තාව තාම හොඳින් ඉන්නවා... කිසිම දෙයක් වෙලා නැහැ ජීවත් වෙන්නේ ස්විස් රටේ, හැම අවුරුද්දෙම මේ ස්විස් යන්නේ, ඒ කියන්නේ ජිනීවා යන්නේ අපේ රටට විරුද්ධව කෑ ගහන්න..!!! ඒ ගියාම මාස දෙක තුනක් ඉන්නවා.. යන්න එන්න තැනක් නැතුව හිටිය මේ අයට අද වනකොට තිබෙන සැප සම්පත් හා තියෙන මුදල් කන්දරාව කොහෙන්ද...? ඒ සේරම අපේ රටට එරෙහිව කතා කියපුවාට ලැබුණු මුදල්. මේ හාමුදුරුවන්ට එතරම් ලොකු ඉතා අසාධාරණ දඬුවමක් දුන්නෙත් මේ වගේ රටට, ජාතියට සත පහක වැඩක් නැති අයව ඉස්සරහට දාලා... පිටිපස්සෙන් ආපු ජාතිවාදී කුමන්ත්‍රණකාරයන්... මේ මනුස්සයාට සල්ලි දුන්නා නම් ඕනෙම දෙයක් කරයි... ප්‍රගීත් එක්නැලිගොඩ, එයා ගේ කටහඬින් කරපු කතාවක් අපි ඇහුවා.. එ්කේ තිබුණේ ගුවන්යානයකට පහර දීලා එය විනාශ කරන්න ඕනේ හැටි කියන ප්ලෑන් එකක්... ඉතින් මේ වගේ එ්කේ අරුමයක් නැහැ ...!!! වෙන රටක නම් පිටුවහල් කරලා ...!!!

:       67       1017

Chanak los angelesFriday, 24 May 2019 04:53 PM

හොඳින් ඉන්න එපායැ තම ස්වාමියා වෙනුවෙන් සාධාරණය ඉෂ්ට කරගන්න...

:       0       0

asoka Friday, 24 May 2019 06:38 AM

මොකද තව කීයක් හරි ලැබෙනවා කියල හිතාගෙනද?

:       2       218

PA - RA Friday, 24 May 2019 07:47 AM

ඉතින් ඇයි මෙයාට විරුද්ධව නඩු නොදමන්නේ? මිනිස් ඝාතන, ත්‍රස්තවාදීන්ට ඔත්තු සැපයූ එක්නැලිගොඩලාගේ රහස් රැකීම සහ ආරක්ෂා කිරීම පමණයි වෙන්නේ...

:       33       239

saliya Friday, 24 May 2019 08:29 AM

මේවගේ චිංචි මානවිකාවෝ බුද්ධ කාලයේත් හිටියා, නමුත් මතක තියාගන්න දේශපාලන හැලිය රත්වනකල් ඔයාට නටන්න පුළුවන්. මේ රටේ බෞද්ධයන්ට පුළුවන් ස්වාමීන් වහන්සේලා හිරකරන්න හදන ඔයගොල්ලන්ට විරුද්ධව ආගමික නිදහස වෙනුවෙන් ගරු අධිකරණයට යන්න. ඒ විතරක් නෙවෙයි... ස්වාමීන් වහන්සේලාට ගහන්න, ගහන්න බෞද්ධයින් එක්රොක් වෙනවා. එය tv එකෙන් දකින්න ඇති නේද? "චිංචි මානවිකාව" ඔබට ඒ ගැන ස්තුතියි...

:       8       585

Chanak los angelesFriday, 24 May 2019 05:08 PM

කෙතරම් බුදුන්ට අවමන් කලත් ඒ චින්චිමානවිකාවන්ට බුදුන් විසින් අපහාස හා තර්ජනය කලේනම් නැත.

:       44       7

BamunuarachchiSaturday, 25 May 2019 05:29 AM

"බුදුන් විසින් අපහාස හා තර්ජනය කලේ නම් නැත". නමුත් එකල රට වැසියා චින්චිමානවිකාවන්ට අවමන් කළා. මෙතනත් අපේ හාමුදුරුවෝ මැයට අවමාන අපහාස කලේ නැත. මේ චිච්චිමානවිකාවට අපහාස කරන්නේ සිංහල අපිය. එය නවත්වන්න වයිමාටත් බැරිය...

:       1       255

Raveendra Friday, 24 May 2019 09:36 AM

අතීතයේත් දේශද්‍රෝහීන්ට දඬුවම මරණයයි. වර්තමානයේත් එලෙසම මරණය මෙන්ම අනාගතයේත් දේශද්‍රෝහීන්ට දඬුවම මරණය හැර වෙන කිසිඳු දඬුවමක් එවන් නිවටයින්ට අදාළ නැත.

:       0       0

ජයන්ත මිලානෝ Friday, 24 May 2019 10:21 AM

එක්නැලිගොඩ නෝනට මෙවැනි අවලාද කියන අය තමන්ගේ අම්මාට මෙවැනි අකටයුත්තක් සිදුවුණා නම්... හිතලා බලන්න. තමන්ගේ මහත්තයා අහිමි වුණා. එ් මදිවට මරණ තර්ජන... අනේ කාට කියන්නද?

:       0       0

ප්‍රීති කුරේ Friday, 24 May 2019 01:54 PM

ජයන්ත මිලානෝ මොනවද ඔයා දන්නේ..? ලංකාවේ දැන් නීතියක් තියෙනවද..? බොරුවට පිටරටට වෙලා ලංකාව ගැන කිඹුල් කඳුළු හලනවා. තමුන් ඔහේ මිලානෝ වලටම වෙලා ඉන්නවා. ලංකාවට එන්න එපා. ආවොත් මේ රටත් කාලාදමයි..!!! පිටරටවල් වලට වෙලා ලංකාවේ වෙන්නේ මොනවද දන්නේ නැති ආතක්, පාතක්‌ නැති ඔහෙලා වගේ අය ඉන්නවා. හැබැයි ගොඩක් අඩුයි..තප්පුලෑවම තමයි දන්නේ හරක් කියලා..!!! අනික් ගොඩක් අය රටවල්වල ඉන්නවා අපේ රටට පණ වගේ ආදරේ උදවිය ...!!!

:       0       3

Chanak los angelesFriday, 24 May 2019 04:51 PM

එතකොට සාටක පවුලේ වුන් පිටරට ඉඳගෙන හලන්නේ මොන කඳුළුද?

:       0       0

Chanak Los Angeles Sunday, 26 May 2019 05:41 PM

රටට පණවගේ ආදරේ අය පිටරටවල ඉන්නවා කීවේ රතු වරෙන්තු පිට හැංගිලා ඉන්න සාටක සාමාජිකයන් ගැන වෙන්න ඇති..

:       0       0

ashan Friday, 24 May 2019 03:29 PM

මැයට බනින අය තමන්ගේ පියා හෝ ස්වාමිපුරුෂයා හෝ සහෝදරයා හෝ අතුරුදන් වුණානං තමන් හැසිරෙන හැටි ගැන පමණක් ටිකකට සිතන්න. ඉන් පසු ඇයට අදහස් දමන්න.

:       264       59

ashan Friday, 24 May 2019 03:29 PM

මැයට බනින අය තමන්ගේ පියා හෝ ස්වාමිපුරුෂයා හෝ සහෝදරයා හෝ අතුරුදන් වුනානං තමන් හැසිරෙන හැටි ගැන පමණක් ටිකකට සිතන්න. ඉන්පසු ඇයට අදහස් දමන්න.

:       31       0

saliyaSaturday, 25 May 2019 06:39 AM

මේ රටේ ජාතිය, ආගමික නිදහස වෙනුවෙන් තමන්ගේ ස්වාමිපුරුෂයා, සහෝදරයා, පුතා, අසල්වැසියා වගේ සියදහස් ගණනක් ජීවිතේ පූජාකරලා තියෙනවා. එහෙම බේරගත්ත රට වෙනුවෙන් ඔයා හැසිරන හැටි හරිම ලැජ්ජයි. රාජසිංහ රජ්ජුරුවන්ට සුද්දගේ උවමනාවට අරක්කුදීලා සිහිය විකල් කරලා සිංහලුන්ට වද දීලා, රජුව එපා කරවපු එක්නැලිගොඩලා, සුද්දා සතුටු කරවන්න කළ දේ ගැන හොයලා බලන්න. ඉතිහාසය ඉගෙනගන්න. මේ ඔවුන්ගේ නවීන පරම්පරාව සුද්දන්ගේ සල්ලිවලට වරප්‍රසාදවලට, අරක්කුවලට, මස් වලට, ආගම නෙවෙයි ඕන දෙයක් පාවලා දෙයි.

:       0       386

Chanak los angeles Friday, 24 May 2019 05:12 PM

ඔව් කන්දෙපොල පුළුවන්. 19 සංශෝදනය කියවලා බලන්න අභියෝග කරන්න බැරිද කියා ...

:       0       11

isurandi Saturday, 25 May 2019 07:00 AM

මෙතුමියට දැන් ඩොලර් කාක්කන්ගෙන් බේරිල්ලක් නැතුව ඇති. මෙතුමියට දැන් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඔය යාචකයින්ට අවනත වෙන්න සිද්ධ වෙනවා...

:       0       10

විග්ටන් ද සිල්වා Saturday, 25 May 2019 02:05 PM

මේ වෙලාවේ කව්රුත් හාමුදුරුවන්ට විරුද්ධව කතාකරන්නේ නෑ.. හාමුදුරුවන් දේශනා කළ දේ ඇත්ත වූ බැවින් හාමුදුරුවන්ට දෝෂාරෝපණය කළ බොහෝදෙනෙක් දැන් පසුතැවිලි වෙනවා. ඒකයිනේ වැලිකඩට ගියේ හාමුදුරුවන් බලන්න... පක්ෂ, විපක්ෂ දෙගොල්ලන්ම... මේ වගේ මාධ්‍ය සාකච්ඡා රටට මෙපමණ දෙයක් වෙලා තිබියදීත් පවත්වන්නේ ඇයි? කියලා ජනතාව තේරුම් ගතයුතුයි. මොකද මේ බත් බැලයන් පිටරටට පෙන්විය යුතුයි. අපි තවමත් ක්‍රියාකාරියි කියලා, නැතිනම් මොවුන්ට ලැබෙන මුදල් නොලැබෙන නිසා...

:       0       0

Wigton de Silva Saturday, 25 May 2019 02:17 PM

මේ වෙලාවේ කව්රුත් හාමුදුරුවන්ට විරුද්ධව කතාකරන්නේ නෑ. හාමුදුරුවන් දේශනා කළ දේ ඇත්ත වූ බැවින් හාමුදුරුවන්ට දෝෂාරෝපණය කළ බොහෝ දෙනෙක් දැන් පසුතැවිලි වෙනවා. ඒකයිනේ වැලිකඩට ගියේ හාමුදුරුවන් බලන්න... පක්ෂ විපක්ෂ දෙගොල්ලන්ම... මෙතුමියගේ කර උඩ නැග තවදුරටත් රවටාගෙන රටට මෙපමණ දෙයක් වෙලා තිබියදීත් මේ වගේ මාධ්‍ය සාකච්ඡා පවත්වන්නේ ඇයි කියලා ජනතාව තේරුම්ගත යුතුයි. මොකද මේ බත් බැලයන් පිටරටට පෙන්විය යුතුයි. අපි තවමත් ක්‍රියාකාරියි කියලා... නැතිනම් ලැබෙන මුදල් නොලැබෙන නිසා.

:       0       0

sara Sunday, 26 May 2019 04:49 AM

මේ වගේ බිරින්දෑවරු කීපදෙනෙක් පසුගිය කාලයේ ඩොලර් වලට කැස්සා...

:       0       16

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 770 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 143 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 974 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1001 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1320 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1182 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 220 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site