IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ඥාණසාර හිමිගේ නඩුව කල් යයි

(නිමන්ති රණසිංහ)

රාජගිරිය නාවල පාරේ මාර්ග බාධකයක මත්ද්‍රව්‍ය වැටලීම් රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියකුගේ රාජකාරියට බාධා කර සාපරාධී බියගැන්වීමක් සිදුකළැයි කියන සිද්ධියට අදාළව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සම්බන්ධ නඩුව ලබන පෙබරවාරි මස 08 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් නේරංජනා ද සිල්වා මහත්මිය අද (07)  නියෝග කළාය.

මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ සිරදඬුවම් විදින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අසනීපව බන්ධනාගාර රෝහලේ ප‍්‍රතිකාර ලබන බැවින් අධිකරණය වෙත රැගෙන ඒමට නොහැකි බවට වෛද්‍ය වාර්තාවක් බන්ධනාගාරය විසින් මහෙස්ත‍්‍රාත්වරිය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් විය.

මෙම සිද්ධියට අදාළව චෝදනා ගොනු කිරීම සම්බන්ධයෙන් නීතිපති උපදෙස් සඳහා ගොනුවේ උදෘත යොමු කර ඇතැයි සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය අධිකරණය වෙත දැනුම් දී දෙනු ලැබීය.

මෙම සිද්ධියට අදාළව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ උප පොලිස් පරීක්ෂක සුභාෂන නැමැති නිලධාරියා විසින් ඉකුත් මැයි මස 19 වැනිදාය.



අදහස් (3)

ඥාණසාර හිමිගේ නඩුව කල් යයි

shan Friday, 07 December 2018 02:48 PM

අනේ මෙතුමන් එළියට දාන්න... හරිම නින්දිතයි... කුඩු කාරයෝ ළමා අපරාධ අය එළියේ... බුදුදහමට පළමු තැනදෙන්න.

:       0       0

Chanak los angeles Friday, 07 December 2018 03:07 PM

එහෙනම් මේ සිරගත වීමක් නොවෙයි රෝහල් ගතවීමක්...

:       0       0

දසුන් Saturday, 08 December 2018 01:04 PM

එයාට ඇති ලෙඩක් නෑ.... ආපහු හිරගෙට යවලා බොරු වෛද්‍ය වාර්තා දීපු වෛද්‍යවරයගේ වැඩ තහනම් කරන්න.

:       1692       4006

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 0 0

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 314 0

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 613 2

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 237 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 194 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 248 3

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1516 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site