සුජිත් හේවාජුලිගේ
සිරගත කෙරුණු බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සම්බන්ධයෙන් බුද්ධ ශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා හා ජනාධිපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් හෙට (19) පැවැත්වීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් අධිකරණ ඇමැතිතුමිය සමඟ ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව ඇමැතිවරයා කීය.
ඥාණසාර හිමියන් සිරගත කිරීමේ සිද්ධිය පිළිබඳව පාර්ශව ගණනාවකින් ඉදිරිපත් වී ඇති කරුණු දැක්වීම් පිළිබඳ තමාගේ විශේෂ අවධානය යොමු වී ඇතැයි ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
පාස්කු ඉරිදා දින (31) විශේෂ දේව මෙහෙය වෙනුවෙන් දේවස්ථානවල ආරක්ෂාවට ආරක්ෂක අංශ නිලධාරීන් 6837 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහ
සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඥාණසාර හිමි ගැන ජනපති සමඟ සාකච්ඡාවක්
upasena Monday, 18 June 2018 11:56 AM
එහෙම සමාව දෙනවා නම් අධිකරණයෙන් බාධක නෑනේ.
shan Monday, 18 June 2018 12:07 PM
ඔහොම තර්ජන වලට හිරේ දැම්මා නම් තව කීදෙනෙක් ඉන්නවද දෙවියනේ?
jim brown Monday, 18 June 2018 12:07 PM
නීතිය කාහටත් එකයි. හාමුදුරුවන්ට එක නීතියක්, සාමාන්‍ය ජනයාට තව නීතියක් වෙන්න පුලුවන්ද අපේ හමුදුරුවනේ... ජනපතිතුමනි, ඔබතුමා කොන්ද කෙළින් කරගෙන වැඩ කරන්න.
සේනක Monday, 18 June 2018 03:20 PM
කොහෙද කොන්දක් තියෙන්නේ කෙලින් තියාගෙන වැඩ කරන්න. එහෙම කොන්දක් කෙලින් තියාගෙන වැඩක් කරන්න පුලුවන් වුණානම්, මේවට කලින් කොච්චර වැදගත් වැඩ තිබුණද කරන්න.
BamunuarachchiTuesday, 19 June 2018 06:51 AM
කොහෙද හලෝ නීතිය කාටත් එක වෙන්නේ. එකමරට ඇතුළේ උඩරට නීතිය උඩරටට ඒ ඒ අවස්ථාවල බලපානවා. තේසවලාමේ නීතිය යාපනයට ලැබී තිබෙනවා. දකුණේ තිබෙන ඉඩම් නීතිය නොවෙයි උතුරේ තිබෙන්නේ. මුස්ලිම් වරුන්ට විවාහ කීපයක් කරගන්න පුළුවන් නමුත් සිංහල අපිට පුලුවන්ද මුස්ලිම් නීතය පදනම් වෙලා තිබෙන්නේ ආගම මත. මොන විකාරද ඔබ කියවන්නේ
C.K.LANKAPUTHRA Monday, 18 June 2018 12:08 PM
මොනවද සාකච්ඡා කරන්න තියෙන්නේ? බුද්ධ ශාසනයට කුමක් වුවත්... දේශපාලන වාසි ගන්නේ කොහොමද කියන එක ගැන සාකච්ඡා කරන්නද? වැරැදි කරන්නාට දඬුවම් නොකිරීම, වැරැදි නොකරන්නාට කරන අපහාසයක් බව මතක තියාගන්න.
Kamal Monday, 18 June 2018 12:34 PM
ආයෙත් නීතිය වෙනස් කරන්න වගේ හදන්නේ ...
kamalMonday, 18 June 2018 03:18 PM
අපි මේකට ජනමත විචාරණයක් තියමු නේද...? මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියා මාර්ග, අනෙකුත් සියලු නඩු තීන්දු වෙනුවෙනුත් ගන්න..
rasika Monday, 18 June 2018 12:37 PM
සියළුම දෙනා නීතිය ඉදිරියේ සමාන නැද්ද එතකොට?
Ashan Monday, 18 June 2018 01:00 PM
ඇමතිතුමා උසාවි නියෝග වලට බලපෑම් කරන්නද හදන්නෙ? යහපාලනය කියන්නෙ ඕක නෙවෙයි. නීතිය කාටත් සමාන විය යුතුයි.
Nandalal DE SILVA - France Monday, 18 June 2018 01:22 PM
අධිකරණයක් මගින් චූදිතයෙක් වී සිර දඬුවම් ලබන හැම කෙනෙක් ගැනම ඇමති මණ්ඩලය රැස්වී, සාකච්චා කර ජනපති හමුවීමද යහපාලනයේ නව ප්‍රතිපත්තිය වී තිබෙන්නේ? මෙහෙම ගියොත් ශ්‍රී ලංකාවට අධිකරණ පද්ධතියක් ඕන වෙන්නේ නැහැ. ඇමතිවරු, ජනපති හමුවී වැරදිකරුවන්, නිවැරදි කොට ගෙදර යවන එකෙන් රටට අති විශාල මුදලක් ඉතිරි කර ගන්නත් පුළුවන් වෙයි!!!!!!
සතයපාල Monday, 18 June 2018 01:22 PM
දැන් අපි හිතමු ජනපති සමාවක් යටතේ හාමුදුරුවන්ට සමාවක් දුන්නා කියලා. නීතියේ එහෙම ප්‍රතිපාදන තිබුණත් ඒකත් නීතිය නැවිමක් වෙන්නේ නැද්ද. ඊළග කාරණය වෙන්නේ උන්වහන්සේට නිකම්ම සමාවක් දෙනවට වැඩිය හොද නැද්ද යම් එකගතාවයකට පැමිණීම. විශේෂයෙන්ම පුද්ගලයන්ට තර්ජණය කීරිම සමාජිය වශයෙන් නොසන්සුන් වන ක්‍රියාවලින් වැලැක්වීම වැනී කරුණු වලට එකගව නිදහස් කිරිම වැදගත්වේ.
BamunuarachchiMonday, 18 June 2018 05:59 PM
නීතිය නමලා නැත. නීතිය ක්රීයාත්මක වුණා. සමාව දෙන්නේ ජනාධිපතිට තිබෙන බලතල අනුව. ජනාධිපති රටේ විශේෂ අවස්ථාවල සිරකරුවන්ට නිදහස දෙනවා... එ්ක නීතිය නැමීමක් නොවෙයි.
BamunuarachchiTuesday, 19 June 2018 04:09 AM
මීට කලින් ජනාධිපතිවරු එල්ලුම් ගහට නියමවූ මිනීමරුවන් නිදහස් කර ඇත.
නීතිවේදී ධම්මික අරන්දර Monday, 18 June 2018 01:25 PM
අවසාන නඩු තීන්දුව දුන්නු අයගේ පැටිකිරිය කොළඹ විශ්ව විද්‍යාලයේ අපි දන්නවා. කාන්තා අයිතීන් ගැන එම්.ඒ. උපාධිය ගත්ත හැටිත් අපි දන්නවා. රන්ජන් රාමනායක ඇමතිතුමා නිවැරදියි. ළමයින් පැහැරගත් සහ නගරාධිපති බරපතල වැඩ සහිතව හිරේ දැමිය යුතු වුවත්, ජම්පරය ඇන්ද විය යුතු වුණත් එහෙම නොකළේ ඇයි? නීතියක් නෑ. අවනීතිය තියෙනවා.
Chanak Los angelesMonday, 18 June 2018 11:07 PM
දීර්ඝ විභාගයකින් පසුව නඩුව ඔප්පු වුනානේ.දැන් මේ විදියට අනෙකුත් රැන්දවියන්ගේ ප්‍රශ්නත් මේ විධියට සිද්ධ වෙන්න ගියොත් මොකද වෙන්නේ ?
DasaTuesday, 19 June 2018 03:03 AM
ධම්මික නීතිවේදී තුමාට මෙම විනිසුරුතුමත් එක්ක මොකක් හරි පෞද්ගලික තරහක් ඇති බව පේනවා. විශ්ව විද්‍යාලේ ඒවා විනිසුරු වෘත්තියට පෙර සිදුවුණු පෞද්ගලික කාරණා නේද?
Saththaya Monday, 18 June 2018 01:47 PM
රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ රටේ නීතිය අනුවයි. නමුත් හැමවෙලේම බලන්නේ රට ගිය අගාධය නෙමේ, ඡන්ද පදනම... මේ කුණු වුනු දේශපාලනය මනුස්සකම් නැති කරලයි තියෙන්නේ. එ්කයි මේ රටට ගිය හෙනේ... දැන් ආගම ධර්මයත් විකුණගෙන කනවා. මුදලට, බලයට යට වුනාම සීලයක්, ධර්මයක් රකින්න පුළුවන්ද ? මෙතැනින් එහාට දරුවෙක් පරපුරක් ගුණදම් රකියිද?
නීතිවේදී ධම්මික අරන්දර Monday, 18 June 2018 01:47 PM
ගෝනවල සුනිල් නැමැති පාතාල නායකයාට සමාව දුන්නා යූ. එන්. පී. ආණ්ඩුවකින්...
BamunuarachchiTuesday, 19 June 2018 04:12 AM
ඒ විතරක් නොවෙයි මිනී මරුවන්ටත් නිදහස දුන්නා මතකද.?
jayatissa Monday, 18 June 2018 03:25 PM
ධම්මික මහතා - විනිසුරුතුමන්ට අපහාස කිරීම නම් සාධාරණ නැහැ. එසේ නම් ඔබලාට අභියාචනයක් කළ හැකියි නේද?
BamunuarachchiTuesday, 19 June 2018 04:17 AM
අපි රන්ජන් සමගත් එකඟයි දම්මික සමගත් එකඟයි වෘතිය කරන අය සහ වෘතිකයින් ලඟින් ඇසුරු කරන අය මේගැන හොඳට දන්නවා.
ගයාන් Monday, 18 June 2018 11:56 PM
දේශපාලඥයෙක් වරදි කලාම හිරේ කියල යන්නෙ නර්සිං හෝම්. එහෙම නැත්තං නඩුව කල් යනවා හිතා ගන්න බැරි විදියට. අැයි දෙයියනේ බලාපල්ලකො ලෝකෙ තවත් රටවල් තියෙනවා, මේවගේ වැඩ කරනවද කියල. නිතියට , රටට ගිය කළක්....
Dewa Tuesday, 19 June 2018 01:28 AM
ඒ කියන්නේ අර රන්ජන් මහත්තයා කියන දේවල් සනාථ වෙන ලකුණු පෙනෙන්නට ඇත.
Chandra Tuesday, 19 June 2018 02:05 AM
ඔය 'ජනපතිගේ සමාව' නීති පොතෙන් අයින් කලොත් නේද හොද ? නැතිනම් මේ රට කවදාවත් හැදෙන්නේ නැහැ. දේශපාලනය වෙනදෙයක්, රටේ නීතිය දේශපාලනයෙන් අයින් වෙන්න ඕන . හරි අසෝබනයි.
kalani Tuesday, 19 June 2018 06:50 AM
තර්ක ඥානයට වඩා භාවාත්මක තීරණ ගැනීම උචිතය යැයි සිතුවත් ප්‍රශ්නයක යථාව ඉන් ඉස්මතු නොවේ. සැමියා මගහැරුණු කාන්තාවකට කුමන හේතු මත හෝ තර්ජනය කිරීම, යටත් කරගැනීම සදහා උස් හඬින් කතා කිරීම බෞද්ධ භික්ෂුන් වහන්සේ නමකට තරම් නොවේ. අනගාරික ධර්මපාල තුමා හෝ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් විසු කාලයට වඩා මානව ගෞරවය අගය කරන පරිසරයක් අද ලෝකය පිළිගනිමින් සිටියි. එබැවින් ඥානසාර හිමියන් එම අදහස පිළිගත යුතුව ඇත. සෑම රටකට ම නිවැරදි දෘෂ්ටියක් අවශ්‍යය. මානව සාරාර්ථවලට සැබවින්ම භක්තිමත් නැති සිංහල බෞද්ධ පුරුෂාර්ථයන් කණපිට පෙරලා ගත සමාජයක් ඉදිරියේ සැබෑ දැකීමක් පවත්වා ගත යුතුමය. මෙවැනි ප්‍රශ්නයකදී , බෞද්ධ සමාජයෙන් එල්ලවන පීඩනය තිව්ර විය හැකිය.
maaraya Tuesday, 19 June 2018 06:54 AM
භික්ෂුන් යටත් වන්නේ, බුද්ධ නීතියට. භික්ෂුන් අතර ඉන්නවා අධිකරණ සංඝනායක හිමි වරුන්. නඩු අහන්නේ එයාල. දඬුවම් දෙන්නේ විනය පිටකයට අනුව. භික්ෂුවකගේ සිවුරක් ගැලවීම මහා පාපකර්මයක්. එයට උරදුන් සැම, එයට වචනයකින් හරි උදවුවන අය අනිවාර්යෙන් අපාගතවෙනවා. දඬුවම දෙන්න අපිට බැහැ. එයට වෙනම විනම පිටකයට අනුව කරන්න ඕන දෙයක්. දේශපාලන බලපෑමට මෙහෙම කරපු අයට වැඩ වරදියි ළඟදීම
SapumalThursday, 21 June 2018 02:25 AM
පෙර රජවරු දුසිල්වත් භික්ෂුන් සාසනයෙන් ඉවත්කොට ශාසනය පිරිසිඳු කළා.