ජෝර්ජ් ෆ්ලොයිඩ් නමැති කළු ජාතිකයාගේ මරණය සම්බන්ධයෙන්, සුදු පොලිස් නිලධාරී ඩෙරික් චෝවින් වරදකරු විය. ෆ්ලොයිඩ් ඝාතනය සම්බන්ධ නඩු විභාගය සති දෙකකට වැඩි කාලයක් තිස්සේ පැවැත්වුණු අතර තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද්දේ 12 දෙනකුගෙන් සමන්විත ජූරි සභාවක් මගිනි.
ජූරි සභාවේ 6 දෙනකු සුදු ජාතිකයන් වුණු අතර, ඉතිරි 6 දෙනා ඇමෙරිකන් කළු ජාතිකයන් මෙන්ම ඇමෙරිකාවේ වෙසෙන සෙසු බහු වාර්ගියකයන්ගෙන් සමන්විත විය. ජූරි සභාව පැය 10 ක් තිස්සේ සාකච්ඡා පවත්වා අවනස් තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය සම්බන්ධයෙන් 45 හැවිරිදි මිනියැපොලිස් පොලිස් නිලධාරී ඩෙරික් චෝවින් ට පුද්ගල ඝාතන චෝදනා 3 ක් එල්ල වී තිබුණු අතර ඔහු එම චෝදනා තුනටම වරදකරු විය.
පසුගිය 2020 මැයි 25 වැනිදා, ඩෙරික් චෝවින්, ජෝර්ජ් ෆ්ලොයිඩ් අත්අඩංගුවට ගත්තේ ෆ්ලොයිඩ් ට මාංචු දමා බිම පෙරළා, දණ නවා ෆ්ලොයිඩ්ගේ ගෙල සිරකර ගනිමිනි. එම සිදුවීම ජංගම දුරකතන හරහා පටිගත වුණු අතර, පසුව එය ඇමෙරිකන් මාධ්‍ය හරහා ලොව පුරා ප්‍රසිද්ධියට පත් වූයේ මහත් කම්පනයක් ඇති කරමිනි. ‘මට හුස්ම ගන්න බෑ’ යනුවෙන් ෆ්ලොයිඩ් කෙඳිරි ගාමින් සිටින අයුරු ද වීඩියෝවෙන් දකින්න ලැබුණි.
(රොයිටර්)
ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්
රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.
මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ
බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ
අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය: සුදු පොලිස් නිලධාරියා වරදකරු වෙයි
Gonta Wednesday, 21 April 2021 10:43 PM
නිවස් සැප ලැබේවා...
රාජුන් Thursday, 22 April 2021 02:14 AM
ලංකාවෙත් නඩු ඇහුවොත් (හරි විදිහට) පොලිසියෙන් බාගයක් හිරේ