ඇමෙරිකාවේ මිනසෝටාහි මිනියාපොලිස් නගරයේ පොලිස් නිලධාරියෙකුගේ අමානුෂික ක්‍රියාකලාපය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් නමැති කළුජාතිකයාට යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා එරට සිදුකෙරෙන සිවිල් උද්ඝෝෂණ තවදුරටත් ක්‍රියාත්මක වන අතරවාරයේදී එම සිදුවීමට සම්බන්ධ සියලුම පොලිස් නිලධාරීන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමට ඇමෙරිකා පොලිසීය මේ වනවිට පියවර ගෙන තිබේ.
අමෙරිකානු සුදු ජාතික පොලිස් නිලධාරියෙකු අතින් ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් නිරායුධ කළු ජාතිකයෙකු ඝාතනයට ලක්වීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන වැඩ තහනමට ලක්කර සිටින පොලිස් නිලධාරීන් සිව්දෙනාට එරෙහිව මෙම චෝදනා ගොනුකර තිබේ.
ඝාතනය සිදුකළ පොලිස් නිලධාරියාට අධි චෝදනා ගොනුකර ඇති අතර සෙසු නිලධාරීන් තිදෙනාට ඊට ආධාර අනුබල දීම යටතේයි චෝදනා ගොනුකර ඇත.
මේ අතර ජෝර්ජ් ෆ්ලොයිඩ් වෙනුවෙන් යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා එරට සිදුකෙරෙන සිවිල් උද්ඝෝෂණ තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතී.
මේ විරෝධතා පැවැත්වෙන්නේ පනවා ඇති ඇඳිරි නීතිය ද නොතකමින් වීම විශේෂත්වයකි .
කළු ජාතිකයින්ට අඩු සැලකිලි තිබූ අමෙරිකාවේ, දෛවෝපගත ලෙස ජනපති මන්දිරයට පිවිසි එරට පළමු කළු ජනාධිපතිවරයා වන බරක් ඔබාමා ඊයේ විරෝධතාකරුවන් ආමන්ත්‍රණය කිරීමට කටයුතු කළා.
කොවිඩ් ව්‍යාප්තියේදී මෙන්ම විරෝධතා පාලනයේදී ද කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ප්‍රබල විවේචන එල්ල වෙමින් පවතියි.
මේ අතර අමෙරිකානු කළු ජාතිකයා ඝාතනයට ලක්වීමේ සිදුවීම පාදක කරගෙන මේ වනවිට වර්ණභේදවාදයට එරෙහිව ලොව පුරා රටවල් රැසක විරෝධතා ක්‍රියාත්මකයි.
( ගාඩියන් ඇසුරෙනි )
125
කොළඹ ආමර්වීදියේ ටයර් කඩයක ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි. කොළඹ ගිනි නිවීමේ ඒකකය සහ නගර සභාව එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරන බව ද පොලිසිය සඳහන්
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි
ගෑන්ඩ්පාස් ස්ටේට් පාරේදී පුද්ගලයෙකුට කතුරකින් ඇණ ඝාතනය කල පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කළ පොලිස් නිලධාරීන්ට චෝදනා ගොනු කෙරෙයි
සමිත සේනක අලුත්ගමගේ. Thursday, 04 June 2020 01:12 PM
නිල ඇඳුම ඇඟලාගත් පොලිසිය හෝ සන්නද්ධ හමුදා භටයෙකු හෝ නිලධාරියෙකු තම බලයෙන් උඩඟු වී කටයුතු කරන්නේ නම්, කිසියම් දිනෙක ඔහුටද මෙවන් දඬුවමකට මුහුණ දීමට සිදුවිය හැකිය...
විජිත් Thursday, 04 June 2020 03:08 PM
සැබෑ වීරයන් බිහිවෙන්නේ කියා කියා නොවෙයි.. හදිසියේම. ඇත්තම කිවොත් වීරයා දන්නෙත් නැහැ ඔහු ' වීරයෙක්' ද කියලා. 'ෆේක්' වීරයන්.. එහෙමත් නැතිනම් ' ඩුප්ලිකේට් ' වීරයන් .. තමන් වීරයන් ලෙස තමන්ම හඳුන්වා ගනිද්දී.. සැබෑ වීරයන් සිටින්නේ පස් කඳු යටයි. සමහරවිට අහසට මුසුවුන දුම් වලා අතරයි. මේ අපි කතාකරන ජෝර්ජ් ෆ්ලොයිඩ් ගැන සමහර විට දැනගෙන හිටියේ එයාගේ නෑදෑ හිතමිතුරන් පමණක් වුනාට අද වෙනකොට මුළු ලෝකයම දන්නවා. කෘර පොලිස් නිලධාරියෙක් ඔහුගේ ගෙල පාගාගෙන සිටිද්දී ..ඔහු ඉතාම අපහසුවෙන් ..අමාරුවෙන්, කොඳුරපු." I can't breathe .." යන වචන අද අප හැමෝගෙම දෙසවන් වලට යවුලකින් අනින්නාක් මෙන් වේදනා දෙනවා. මියයන්නට මොහොතකට පෙර ව්‍යාජ ඩොලර් 20 නෝට්ටුවක ප්‍රශ්නයකට අපරාධ කාරයෙක් ලෙස චෝදනා ලබපු ඔහු ..මියගොස් මොහොතකින් " වීරයෙක් "වුනා.සංවේදී මිනිසුන්, ජාති , ආගම් ,හමේ පැහැය ..ආදී නිස්සාර භේදයන් නොසලකා ඔහුවෙනුවෙන් නැගිසිටියා.ඒ මහජන පිබිදීමට හැකිවුනා ලෝකෙටම ලොක්කා කියන රටේ ජනාධිපති භූගත බංකරයක සඟවන්නට. මනුෂ්‍ය ජිවිතයක වටිනාකම . ජාතිය, ආගම, වත්පොහොසත්කම, දේශපාලන මතය. වැනි දේ මත රඳා නොපවතිනබව ඔහු ලොවට පෙන්වූවා. ඇත්තටම ඔහු යුගයේ වීරයෙක්....
Prabha Thursday, 04 June 2020 03:19 PM
මමත් ජාතිවාදයට වර්ණ භේද වාදයට විරුද්ධයි. නමුත් අත්දැකීමෙන් දන්න දෙයක් නම් කිවයුතුයි. ලෝකයේ කොහෙත් කලු මිනිස්සු ටිකක් දරුණුයි.
KumarFriday, 05 June 2020 07:15 PM
සමේ පාට නිසා කෙනෙක් දරුනු වෙන්නේ නැහැ. ඇමෙරිකාවේ ඒ අයව අන්ත දුගී තත්වයට පත් කරලයි තිබෙන්නේ. සිදුවන අසාධාරණය නිසා තමා මේ තත්වයට පත්වුණේ. දෙවන ලෝක සංග්‍රාමයේදී ඉතා දක්ෂම ෆිටර් ගුවන්යානා නියමුවන් කණ්ඩායම වශයෙන් සැලකුවේ කළු නියමුවන්ගේ කණ්ඩායමයි. යුද්ධයට පසු ඒ අය ඉවත දැමුවා. ලංකාවෙත් අප්‍රිකාවෙන් පැමිණි අය ඉන්නවා. ඒ ගම්මානවල ඉන්න අය ඉතා කරුණාවන්ත වගයි මම අහල තිබෙන්නෙ. කළු කෝටිපති සිටියට දුප්පත් අයට උදව් කරන්නේ ටික දෙනයි. ඇමරිකාවේ ලොකුම බැංකුවක ප්‍රධානියා කලුජතිකයෙක්.
ලැවොයිසියර් Thursday, 04 June 2020 03:21 PM
නඩු කතා කරල තීන්දුව ලැබී විදුලි පුටුවට යන්ඩ කලියෙන් මේකුන් කොරෝනා හැදිල මැරෙන්න ඉඩ තියෙනවා.... මොකද, ජෝර්ජ් ලොයිඩ්ටත් කොරෝනා තිබුණලු නේ?
Pradeep Thursday, 04 June 2020 04:02 PM
මොන්ගොලියානුවනි කහවන් ආසියාවේ.. කොකෙසියානුවනේ සුදුවන් යුරෝ දේසේ නීග්රොවරුනි කළුවන් අප්‍රිකාවේ.. උරය පලා සැතකින් බලන් රුහිරු එක රතු පැහැයෙන් ගලා හැලෙන අයුරු.