IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ජෝන් - අනුර - චන්දිම දිස්ත්‍රික් සංවර්ධන කමිටුවෙන් දොට්ට

(අජන්ත කුමාර අගලකඩ)

රත්නපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති ඩබ්ලිව්.ඩී.ජේ සෙනවිරත්න, ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති චන්දිම වීරක්කොඩි සහ කුරුණෑගල දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුන් එම ධූරවලින් ඉවත් කර තිබේ.

රත්නපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ නව සභාපති ලෙස සබරගමු හිටපු ඇමැති අතුල කුමාර රාහුබද්ධ මහතා පත්කර ඇති අතර ඔහු රත්නපුර ප්‍රදේශීය සංවර්ධන කමිටුවේ සම සභාපති ධූරයට ද පත්කර ඇත.

ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති ලෙස රාජ්‍ය ඇමැති පියසේන ගමගේ මහතා පත් කර ඇති අතර කුරුණෑගල දිස්ත්‍රික් සංවර්ධන කම්ටුවේ සම සභාපති ලෙස හිටපු ඇමැති දයාසිරි ජයසේකර මහතා පත්කරනු ලැබ සිටිති.

ඔවුන්ට පත්වීම් ලිපි ප්‍රධානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පිරිනැමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, එක්සත් ජනාතා නිදහස් සංධානයේ මහලේකම් ඇමැති මහින්ද අමරවීර, ඇමැති මහින්ද සමරසිංහ  යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගි වූහ.



අදහස් (15)

ජෝන් - අනුර - චන්දිම දිස්ත්‍රික් සංවර්ධන කමිටුවෙන් දොට්ට

Lakmal Friday, 21 September 2018 03:33 PM

කිසිම තේරුමක් නැති චරිත... ජනාධිපතිතුමාට ජය !!!

:       511       1132

Cisco Friday, 21 September 2018 04:48 PM

අර අනෙක් පක්ෂයේත් මේ විදියටම සංවිධායකවරු පත් කරගෙන පත්කරගෙන ගිහින් අන්තිමට විපක්ෂේ අවුරුදු ගණනාවක් හිටිය මගේ හිතේ!!! (ලෙඩා මලත් මොකෝ බඩ සුද්ද වුනානේ)

:       133       147

erdi Friday, 21 September 2018 06:21 PM

නිකං රට කකා ඉන්න හුලං ගිය බැලුන් වගේ. එහෙට යනවා මෙහෙට යනවා සත පහකට වැඩක් නැහැ. කරපු එක වැඩක් කියන්න රටට මොකුත්ම නැහැ නේද?

:       0       227

Kumara Friday, 21 September 2018 06:26 PM

එතකොට සුසිල් ප්‍රේමජයන්තලාට මොකද වෙන්නේ?

:       0       18

Bamunuarachchi Friday, 21 September 2018 10:03 PM

මේ බව නොදැන නොවෙයිනේ අයින් වුනේ. මෙය ප්‍රශ්නයක් නොවෙයි.. එම නිසා සිංහල ජාතියට අගතියක් වන කිසිම පනතක් සම්මතවීමට ඉඩ තියන්න එපා. 2020ට කලින් මෙම රජය පෙරලා ගන්න.

:       310       255

erdiSaturday, 22 September 2018 02:06 PM

අයින් කලා නෙවෙයි එලෙව්වා... දුකද බමුණුආරච්චිට ජෝන් - අනුර - චන්දිම දිස්ත්‍රික් සංවර්ධන කමිටුවෙන් දොට්ට. සත පහක වැඩක් නැහැ... ඕනෙම නම් ගෙදර එක්කන් යන්න.

:       17       98

BamunuarachchiMonday, 24 September 2018 10:56 AM

මට තිබෙන්නේ මොවුන් මහින්ද සමග යහපාලනය පෙරලා දැමීට එකතුවීම ගැන තිබෙන සන්තෝෂයි.

:       59       0

Sanka Saturday, 22 September 2018 02:50 AM

මේ රිලවුන් වගේ එහාට මෙහාට පනින හොර දේශපාලකයින් ගන්න පඩි නඩි සහ විශාල වරප්‍රසාද වලට ගෙවන කෝටි ගණන් මහජන මුදල් මොන තරම් අපරාධයක්ද? මහජනතාවට අනේක ලෙස බදු ගහලා, ඒ සල්ලි වලින් මේ හොරුන්ට පඩි ගෙවලා අද අපි අත ලෙවකනවා. මේ හොරුන්ට යන්න අපායක් තියේවිද? අනික මේ දේශපාලකයින් ගසා කාපු ප්‍රකෝටි ගණන් මහජන මුදල් නිසා අද ලංකාව බංකොලොත් රටක් වෙලා අවසානයි...

:       0       336

BamunuarachchiSaturday, 22 September 2018 12:55 PM

මොනවා දනගෙනද පනින රිලව් ගැන කතා කරන්නේ? අද දෙරණ "මැති සබයට" සවන් දුන්නාද? ඒවා මැති සබයේ වූ කතා... කරුණාකරලා ඒ වගේ වැඩසටහන්වලට සවන් දීලා ඔලුව පිරිසිදු කරගෙන මෙතන ලියන්න. විනාඩි 15 කතාවක් තිබුණා. කව්රුත් මීයට පිම්බාවගේ අහගෙන සිටියා.

:       406       0

banda Saturday, 22 September 2018 03:05 AM

අනුර ප්‍රියදර්ශන තමන්ගේ ගේ වටේ තිබුණු පාරවල් ටික හැදුවේ නැහැ. හිටියට වැඩක් නැහැ. එන්නකෝ මේ පාර...

:       0       174

sugandhi Saturday, 22 September 2018 08:08 AM

රටටම වැඩක් නැති ගසාකෑ අය තමයි ඉන්නේ..

:       0       17

sirimal Saturday, 22 September 2018 09:33 AM

පොදුජන පෙරමුණේ සාමාජිකත්වය අරගෙන කෙලින්ම කටයුතු කරන්නේ නැතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උදුරා ගැනීමට කුමන්ත්‍රණය කරන එකේ තේරුම පක්ෂ ප්‍රතිපත්ති ආරක්ෂා කරගෙන ඒ අනුව කටයුතු කිරීම නොව එක පුද්ගලයෙක් නැවත බලයට ගෙනඒමට බව ඉතාම පැහැදිලියි. පොදු ජන පෙරමුණේ ප්‍රතිපත්ති මොනවාද? සාමාජිකයින් කීයක් ඉන්නවාද කියන්නේ නැතුව නාමිකව කිසිම පෞරුෂත්වයක් හෝ ආකර්ෂණයක් නැති නෝන්ජල් නායකයෙක් කියා කෙනෙක් තියාගෙන වැඩේ දුවන්නේ වෙනත් කෙනෙකුගේ නමින් නේද? ඔය පක්ෂය කියන එකේ ප්‍රතිපත්තිය තමා ඒ පුද්ගලයාගේ වචනය. එයා කියන අන්දමට තමා සේරම වෙන්නේ. වෙඩි මුර කිය කියා රැස්වීම් තිබ්බට, පෙළපාලි ගියාට "වොයිස් කට්" දුන්නට කයිවාරු ගැහුවට ඒ සියල්ල එක්කෙනෙකුගේ "අසාමාන්‍ය දිශ්නය" මතින් බැබලෙන දේවල් මිස වෙනත් හරි හමන් බලවේගයක් නැති බව මේ සේරම දන්නවා. ඒකයි ඒ ගොල්ලෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සවිමත් අත්තිවාරම මතින් තමන්ට අවශ්‍ය මාලිගාවක් හදා ගන්නට මේතරම් වලි කන්නේ. මේගොල්ලෝ තනතුරුවලින් අස් කරලා හරියන්නේ නැහැ. හොර ගල් අහුලන්නේ නැතුව සාමාජිකත්වයෙනුත් නෙරපිය යුතුයි.

:       161       124

de silva Saturday, 22 September 2018 12:37 PM

මේ ගොල්ලන්ට රට සංවර්ධනය කිරීම කෙසේවෙතත් තමාගේ සහ තම පවුලේ අාර්ථිකය නම් හොඳින් සංවර්ධනය කරගන්න පුළුවන්...

:       0       175

antho jata Saturday, 22 September 2018 01:08 PM

අනිත් අයත් එළවමු.

:       0       1

de silva Sunday, 23 September 2018 02:50 AM

පක්ෂ පාට කුමක් වුනත් මෙම පුද්ගලයන් පසුගිය අවරුදු 10-15 තිබුන සෑම රජයක් යටතේම ලොකු ඇමති තනතුරු සහ තව තවත් ලොකු ලොකු තනතුරු දරුවත් රටේ ආර්ථිකය බරපතල කඩාවැටීමකට ලක් විය...... නමුත් මොවුන්ගේ සහ පවුල්වල උදවියගේ වත්කම් සීඝ්‍ර ලෙස ඉහළ ගියේය ඉදිරියටත් මොවුන් පත්කර ගැනීමෙන් සුභාධයක වෙනසක් බලාපොරොත්තු විය නොහැක.... අපට කල හැකි එකම දෙය මොවුන්ට මනාප නොදී අපි කැමති පක්ෂයේ අලුත් කෙනෙකුට මනාපේ දීමය...... පැරදුනත් මොවුන් පක්ෂ නායකයෝ පස්ස දොරින් ඇතුළට ගනීවි...... නමුත් මොවුන් සියලු දෙනාටම ලිස්ට් එකෙන් එන්න බැරිය.....එහෙම වුනොත් අපට පොඩි සහනයක් හෝ ලැබේවි .

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 149 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 320 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1396 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 203 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 413 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 369 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site