IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ජී.එල් ඇතුළු 5 ගෙන් මෝසමක්

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට  එරෙහිව ගොනු කළ මූලික පෙත්සම් විභාගය විනිසුරුවරුන් පහට වැඩි පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බලන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නායක මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ඇතුළු පස් දෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (16) මෝසමක් ගොනු කර ඇත.
 
නීතීඥ නිලන්ත විජේසිංහ මහතා මාර්ගයෙන් ගොනු කළ මෙම මෝසමේ සඳහන් වන්නේ  ජාතික වශයෙන් වැදගත් සහ ව්‍යවස්ථාම කරුණක් වන හෙයින් මෙය පහට හෝ ඊට වැඩි පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාගයට ගත යුතු බවයි.
 
එම මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට මැදිහත්ව කරුණු දැක්වීමට අධිකරණය විසින් අවසර ලබා දුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නායක මහාචාර්ය ජී.එල් .පීරිස් , අමාත්‍ය උදය ගම්මන්පිල , වැල්ලවත්තගේ ජගත් සිසිර සේන ද සිල්වා, මහාචාර්ය චන්න ජයසුමන සහ නීතිඥ⁣පී.දොළවත්ත යන පිරිස් විසින් මෙලෙස පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලා  මෙම මෝසම ගොනු කර ඇත .
 
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132 විධිවිධාන යටතේ පංච පුද්ගල , සත් පුද්ගල හෝ පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලා සිටින බවද මෝසමේ සඳහන් වේ.
 



අදහස් (3)

ජී.එල් ඇතුළු 5 ගෙන් මෝසමක්

dhamneth Friday, 16 November 2018 10:34 AM

ආණ්ඩුව ගෙනියන්න බහුතරයක් අවශ්‍ය නැහැ කියන මහාචාර්යවරයා ඇයි මේ නඩුව අහන්න බහුතරයක් විනිස්චකාරතුමන්ලා අවශ්‍ය බව කියන්නේ?

:       0       0

Ajith Nissanka Friday, 16 November 2018 03:20 PM

ඇයී මේ දවස්වල පාර්ලිමේන්තුවේ රැකෙන මුලික අයිතිවාසිකම් මදිද??

:       0       0

rocky Sunday, 18 November 2018 04:31 AM

ඔලුව ඇතුලේ මදයක් නැති ඩමියක්!

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 302 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 710 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 580 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1409 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2878 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1861 2

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 236 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1454 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site