IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ජිනීවා මානව හිමිකම් සැසියේදී ශ්‍රී ලංකාවෙන් ප්‍රතිඥා 12ක්

 

ජිනීවා නුවර පැවති මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සැසිවාරයේ දී  ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ අදාළ වාර්තාවේ නිර්දේශ 253ක් අතරින් නිර්දේශ 177ක් පිළිගත් අතර ඒ සදහා ශ‍්‍රී ලංකාව ස්වෙච්ඡාවෙන් ප‍්‍රතිඥා 12ක් ද ලබාදෙනු ලැබීය.
අනතුරුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ‍්‍රී ලංකාවේ විශ්ව කලාන්තර සමාලෝචන පිළිබඳ තුන්වන චක‍්‍රය සම්මත කරගෙන තිබෙන බව ජිනීවා හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය කියා සිටියේය.
විශ්ව කාලාන්තර සමාලෝචනයේ තුන්වැනි චක්‍රය යටතේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කරනු ලැබූ සමාලෝචනයේ අවසන් වාර්තාව සම්මත කර ගැනීමෙන් අනතුරුව මානව හිමිකම් කවුන්සිලයේ තිස් හත් වන සැසිවාරය අමතමින් ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ මහතා සදහන් කළේ ශ‍්‍රී  ලංකාව විශ්ව කාලාන්තර සමාලෝචන ක‍්‍රියාවලියට ප‍්‍රබල ලෙස සහය දක්වන රටක් බවයි.

පසුගිය නොවැම්බර් මාසයේ සිට ගෙවුණු මාස හතර ඇතුළත අදාළ වාර්තාවේ අඩංගු නිර්දේශ රැසක් ක‍්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව ද රවිනාථ ආරියසිංහ මහතා මෙහිදි පෙන්වා දුන්නේය.

අතුරුදන්වූවන්ගේ කාර්යාලය පිහිටුවීම, නව ත‍්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ක‍්‍රියාත්මක කිරීම, ළමා අයිතිවාසිකම් පිළිබද සම්මුතිය ක‍්‍රියාත්මක කිරීම ඇතුළු මානව හිමිකම් ආරක්ෂා කිරීම සදහා වන ක‍්‍රියාවලියට ශ‍්‍රී ලංකාව ලබා දී ඇති දායකත්වය පිළිබදව රවිනාථ ආරියසිංහ මහතා දීර්ඝ වශයෙන් මානව හිමිකම් කවුන්සිලය දැනුවත් කර තිබේ.

විශේෂයෙන්ම පසුගියදා මහනුවර ප‍්‍රදේශයේ ඇති වූ සිද්ධීන් පිළිබඳව මෙන්ම ඊට හේතු වූ කරුණු පිළිබදව ද රවිනාථ ආරියසිංහ මහතා විසින් සිය ප‍්‍රකාශයේ දී අදහස් පල කළ අතර ශ‍්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ලබාදෙන සහයෝගය ද අගය කරනු ලැබීය.
එහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා වැඩිදුරටත් කියා සිටියේ ජගත් සංවිධාන පද්ධතිය සහ එහි සියලුම නියෝජිත ආයතන සමඟ ශ්‍රී ලංකාව සක්‍රීය සහයෝගීතාවකින් කටයුතු කරන බවයි.

තවද නව ත්‍රස්ත මර්දන පනත මානව හිමිකම් සුරක්ෂිත වන අයුරින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සකස් කරන බවත් ල එම පනත සකස් කිරීමේ ප්‍රගතියක් ලබා ඇති අතරල නුදුරේදීම ඒ සඳහා වූ නීති කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන බවද හෙතෙම වැඩිදුරටත් කවුන්සිලය හමුවේ සදහන් කර ඇත. 

මහනුවර දිස්ත්‍රික්කයේ පසුගිය දා ඇති වූ සිද්ධීන් පිළිබඳවද එහිදී අදහස් පළ කළ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා කියා සිටියේ එම සිද්ධීන්  ඇතැම් සංවිධානාත්මක කණ්ඩායම් සහ පුද්ගලයන් සිදුකළ බියසුළු ක්‍රියාවන් ලෙසයි. 

මුස්ලිම් ජන කොටස මෙරට බහුවිධ සමාජයේ වෙන් කළ නොහැකි කොටසක් ලෙස හැදින්වූ ඔහු සියලු ජන කොටස්වලට සමාන අන්දමින් නීතිය ක්‍රියාත්මක කරලීමට රජය කටයුතු කරන බව අවධාරණය කළා. 

එම සිද්ධීන් සමඟ පැනවුණු සමාජමාධ්‍ය තහනම ඉවත් කිරීමට ද රජය පියවර ගත් බව ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ ජිනිවා මානව හිමිකම් මණ්ඩලය වෙත දැනුම් දුන්නා.

මේ අතර ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස්වරයාගේ කාර්යාලය විසින් හෙට දිනයේ දී ලිඛිත යාවත්කාලීන වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. 

එම සැසිවාරයට ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපනල විශේෂ කාර්යය භාර අමාත්‍ය සරත් අමුණුගම සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා සහභාගී වීමට නියමිතව තිබේ.

 

(125)
 



අදහස් (7)

ජිනීවා මානව හිමිකම් සැසියේදී ශ්‍රී ලංකාවෙන් ප්‍රතිඥා 12ක්

සතයපාල Tuesday, 20 March 2018 11:48 AM

මහරජුරුවන්ගේ පාලන කාළය දිගටම තිබුණා නම් සමහර විට එක්සත් ජාතීන් ලංකාවට ආර්ථික සම්බාධක දමන්නත් ඉඩ තිබුණා. රටේ වාසනාවකට රජාව පරාද කලේ. කොහොම උනත් මානව හිමිකම් සංවිධාන හෝ මහාබලවතුන් කියන නිසා නොවේ අපිත් ශිෂ්ඨ සමාජයක ජීවත්වන පුරවැසියන් විදියට මේරටේ මානව හිභිකම් හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වලට ගරු කරන ශිෂ්ඨ පාලන ක්‍රමයක් මේරට තුල ස්ථාපනය කල යුතුමය.

:       1010       248

samTuesday, 20 March 2018 04:19 PM

සත්‍යපාල අසත්‍ය කියන්නේ නැතුව ඉන්න. මෙතන වෙන්නේ ඒක පාර්ශිකව කොටි ඩයස් පෝරාව කියන දේවල් අපිට බලෙන් පටවන එක.

:       0       0

BamunuarachchiWednesday, 21 March 2018 05:53 PM

මෙයා කියන ඒවා ගනන්ගන්න එපා

:       0       0

Nimal Tuesday, 20 March 2018 01:07 PM

සත්‍යපාල වෙත, මහරජ්ජුරුවන්ගේ පාලන කාලයක් නොතිබුණා නම්, සම්බාධක දාන්න රටක් ඉතුරු නොවෙන්න තිබුණා.

:       0       0

Ajith NissankaWednesday, 21 March 2018 03:13 PM

දැන් කට්ටියම එකතු වෙලා මාර රටක් ඉතුරු කරලා තියනවානේ! ඔහොම යමු චීන කොළනියක් වෙනකම්ම!

:       0       0

Chandima Tuesday, 20 March 2018 06:09 PM

හැබැයි අතුරුදහන් උනා කියල කිව්වට කොටි කඳවුරු වල ගිහින් හිටපු අය ගැන නම් අපිට වග කියන්න බැහැ

:       0       1

rocky Wednesday, 21 March 2018 01:53 PM

චන්දිම, මහ රජ්ජුරුවෝ ගියේ යන යකා කොරහත් බිඳ ගෙන ගියා වගේ නේද? රජ්ජුරුවෝ තව ටිකක් කල් හිටියා නම් රට අහෝසි වෙන්න ඉඩ තිබුනා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 271 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 664 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 564 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1392 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2849 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1854 2

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 236 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1454 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site