(රංජන් කස්තුරි)
තමා සේවය කරන ජාතික පාසලේ වසර තුනකට වඩා වැඩි කාලයක් සේවය සම්පූර්ණ කර ඇති ගුරුවරුන්ට එම පාසලටම සිය දරුවන් ඇතුළත් කර ගැනීමට අවස්ථාව ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ අනුව ජාතික පාසල්වල 1, 5, 6 සහ 11 ශ්‍රේණි හැර අනෙකුත් අතරමැදි පන්තිවලට දරුවන් ඇතුළත් කිරීමේදී ගුරුවරුන්ට එම තීරණය බලපැවැත්වෙන බවද අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
දරුවන් දහස් ගණනක් වෙනුවෙන් ඉගෙනුම් ක්‍රියාවලියට සම්බන්ධ ගුරුවරුන්ට ගැටලුවකින් තොරව සිය දරුවන් පාසල්වලට ඇතුළත් කරගැනීමට හැකිවීම ඔවුන්ගේ යහපත් මානසිකත්වය පවත්වා ගැනීමට ඉවහල් වන්නේ යැයිද අධ්‍යාපන ඇමතිවරයා කීවේය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ජාතික පාසලේ සේවය වසර 3ක් නම් දරුවනුත් එම පාසලටම
සිරිබිරිස් Wednesday, 10 July 2019 12:47 PM
ජාතික පාසැල්වල විතරද ගුරුවරුන් ඉන්නේ මෙය ඉතාම අසාධාරණ තීන්දුවක්. ජාතික පාසැල්වලට ගුරුවරුන්ට මාරුවක් ලබා ගැනීම කළුනික සෙවීම වැනි ඉතාම අපහසු කටයුත්තක්. මගේ බිරිය ගුරුවරියක්. ඇය උගත් පාසැල අපේ නිවස ආසන්නයේම තියෙන ජාතික පාසැලක්. නමුත් මගේ දරුවා එම පාසැලට ගන්න විදුහල්පති බැහැ කිව්වා. එහෙම කරන්න පුළුවන් පාසැලේ අයට පමණයි කියල. මේ නිසා විශාල පිරිසකගේ මානව හිමිකම් උල්ලංගනය වෙනවා. මෙතෙක් කල් ඔය ඇමති සිටින පක්ෂයට ඡන්දය දුන්නත් මෙය ඉවත් නොකරන්නේ නම් නැවත කිසිදා ඔය ඇමතිගේ පක්ෂයට ඡන්දය නොදෙමි අනෙක් පක්ෂයක් වුවත් මෙය වෙනස් නොකරන්නේ නම් ඔවුන්ටද කරන්නේ එයමය.
චමින්ද Wednesday, 10 July 2019 12:52 PM
මෙහෙම කරන්න නම් ශිෂ්‍යත්ව ආදී විභාග පවත්වන්නේ කුමටද? ඕකට තමා ශිෂ්‍යත්වය නතරකරනවා කිව්වේ. කොළඹට කිරි ගමට කැකිරි. ජාතික පාසල්වල ගුරුවරුන්ගේ පමණක් මානසිකත්වය යහපත් වුණාම ඇද්ද මහත්තයෝ?
RaveendraWednesday, 10 July 2019 02:42 PM
චමින්ද මයා වෙත, ඔබ විසින් මේ මහජන නියෝජිතයාට ඉතාම සුදුසු වචනය බාවිතා කිරීම පිළිබඳව අප අවංකවම අපගේ සතුට පළකරන්නෙමු. කිසිදින වැදගත් අවංක, නිහතමානී රටදැයට ආදරය කරන මිනිසුන්ට මහත්තයා හෝ මහත්තයෝ යන වචන අප විසින් භාවිතා නොකළ යුතුයි. එය අප ඔවුන්ට කරන නිගාවකි. මෙවන් හිඟන්නන්ට නම් මහත්තයා හෝ මහත්තයෝ යන වචනත් හොඳ වැඩියි.