IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ජාතික ආර්ථික සභාව අහෝසි කිරීමට කැබිනට් අනුමැතිය

(අජන්ත කුමාර අගලකඩ)

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා යටතේ ඇති ජාතික ආර්ථික සභාව අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි වාර්තා වේ.
 

ඒ සදහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට  අද (15)  පැවති කැබිනට් රැස්වීමේදී අනුමැතිය හිමිවූ බව රජයේ ආරංචි මාර්ග සදහන් කරයි.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති ආර්ථික කළමනාකරණ කමිටුවේ කටයුතු ගැන සෑහීමකට පත්විය නොහැකි බැවින් ජනාධිපතිවරයා මීට ඉහතදී එය අහෝසි කර ජාතික ආර්ථික සභාව පිහිටුවීය.
 
ජනාධිපතිවරයාගේ නිල කාලය තවත් මාසයකින් අවසන් වන බැවින් ඔහු යටතේ පැවති ජාතික ආර්ථික සභාව මෙසේ අහෝසි කර ඇතැයි දැනගන්නට තිබේ.



අදහස් (5)

ජාතික ආර්ථික සභාව අහෝසි කිරීමට කැබිනට් අනුමැතිය

chandima Tuesday, 15 October 2019 11:16 PM

පටන්ගන්න කොට මාස හයයි, අන්තිමට මාස හයයි, සැලසුම් හදන්න අවුරුද්දයි, ඔහොම ගියහම රටේ කෝටි දෙකක ජනතාවගේ අනාගතේ වතුරේ දාපු කාලේ පාලන කාලෙන් භාගෙකටත් වැඩියි. මෙදාපාර නම් හරි වැඩපිළිවෙලක් නැති කෙනෙකුට ඡන්දෙ දෙන්නේ නැහැ. පන්සල් පල්ලි හදන්න පාලම් බෝක්කු හදන්න ජනාධිපතිලා පත්කරන්න ඕන නැහැ ප්‍රාදේශීය සභාවට ගිහින් කිව්වනම් හදලා දෙනවා. ධර්ම සංගායනා තියන්න ආගම ධර්මේ රකින්නත් ඒ ඒ ආගම් වල මහනායකලා, කාදිනල් වරු, මවුලවිල, පුසරිලා ඉන්නවා. රටේ ණය බර නැතිකරලා මිනිස්සුන්ට වැඩි ආදායමක් ලැබෙන අනාගත පරම්පරාවට සෞභාග්‍යමත් රටක් හදන වැඩපිළිවෙලක් නැති කෙනෙක් පත්කරගෙන අන්තිමේ අපිටයි අපේ ළමයින්ටයි ඉස්සරහට වෙන්නේ පන්සල්වල දන්සල්වල පින්බත් කකා ඉන්නයි.

:       8       13

HemaWednesday, 16 October 2019 03:26 AM

චන්දිමගේ අදහස පැහැදිලියි

:       10       6

Bamunuarachchi Wednesday, 16 October 2019 12:53 AM

රටට වැඩකට නැති ආයතන සභා මණ්ඩල අහෝසි කර දමන එක බොහොම හොඳයි. ඔය කැබිනට්ටුවත් නොවැම්බර් 16 අපි අහෝසි කර දමන්නම්.

:       10       123

ranabahu Wednesday, 16 October 2019 02:54 AM

වැඩකට ඇති වැඩක් කෙරුවෙම නැහැ.

:       14       3

Rohana Wednesday, 16 October 2019 05:10 AM

පොළොන්නරුවට පමණක් වැඩ කරන්න ජනාධිපති වරයෙක් අවශ්‍යද? පළාත් සභාවෙන් එය කරන්න පුළුවන් නේද? ජාතික මට්ටමින් ජනතා යහපතට තීන්දු තීරණ ගෙන රට දියුණු කිරීම තමයි ජාතික නායකත්වයකින් බලාපොරොත්තු වෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 115 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 251 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1071 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 139 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 336 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 312 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site