IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ජම්පරේ ඇඳගන්න සූදානම් වෙන්නැයි ඩිව් රවීට කියයි

මුදිතා දයානන්ද
 
බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිසමට බොරු සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් ජම්පරේ ඇඳගෙන හිරේ යන්න ලෑස්ති වෙලා ඉන්නැයි රවි කරුණානායක මහතාට මතක් කර සිටින බව හිටපු අමාත්‍ය සහ කෝප් කමිටුවේ හිටපු  සභාපති  ඩිව් ගුණසේකර මහතා අද (23) පැවසීය.
 
ගුණසේකර මහතා මෙසේ පැවසූයේ බැඳුම්කර වංචාව හා ජනාධිපති කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන්  ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී බැඳුම්කර වාර්තාවේ තිබෙන්නේ සාවද්‍ය තොරතුරු බවට රවි කරුණානායක මහතා කරන ප්‍රකාශ සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. 
 
ඩිව් ගුණසේකර මහතා මෙසේද පැවසීය.
 
‘රවි කරුණානායක මහතා කවද්ද ඇත්තක් කිව්වේ? මුලින් කිව්වා මෙවැනි සිදුවිමක් නැහැ කියලා. ඊට පස්සේ එයට තමන්ගේ සම්බන්ධයක් නැහැ කිව්වා. ඊටත් පස්සේ කොමිසමට ගෙනත් ප්‍රශ්න කළාම තමන්ට එපාර්ට්මන්ට් එකකින් ගෙයක් ලැබුණ විදිහ දන්නේ නැහැ කිව්වා. කොමිසමේ වැඩ අවසන් කළාට පස්සේ කිව්වා වාර්තාව හදාගන්න බැරුව කොමිසම හිරවෙලා පැටලිලා ඉන්නේ, ඒ ගොල්ලේ කරපු බොරුව අහුවෙන නිසා වාර්තාවක් එළියට දාන්නේ නැහැ කිව්වා. දැන් කියනවා වාර්තාව එයාට ලැබුණා ඒකේ තියෙන්නේ බොරු කියලා. 
 
අපි නම් දන්නේ එතුමා කියපු මේ සේරම බොරු කියලා විතරයි. කොමිසමේ වාර්තාවේ පැහැදිලිව එතුමාට චෝදනාවක් තිබෙනවා බොරු සාක්ෂි ඉදිරිපත් කළා කියලා. දැන් මේක තිබෙන්නේ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමේ ක‍්‍රියාවලියේ. ඒ නිසා එතුමාට බේරෙන්න බැහැ. එතුමාට හිරේ යන්න සිදුවෙනවාමයි. අපි කියනවා රවි කරුණානායක මහත්තයාට දැන් ජම්පරේ ඇඳගෙන හිරේ යන්න ලෑස්ති වෙලා ඉන්න කියලා. ‘



අදහස් (18)

ජම්පරේ ඇඳගන්න සූදානම් වෙන්නැයි ඩිව් රවීට කියයි

කුමාර් (ගල්ෆ්) Tuesday, 23 January 2018 10:19 AM

හොඳ වැඩේ මහා හොරු නීතියට යටත් කලවිට එය රටටම පාඩමක් වේවි.

:       584       727

සපුමල් බණ්ඩාර Tuesday, 23 January 2018 10:20 AM

මෙයා කෝප් කමිටු සභාපති වෙලා ඉන්නකොට සිදුවුනු වංචා, දූෂණ, බැඳුම්කර හොරකම් කිසි දෙයක් හෙළි කළාද​? මුදලට විකිණුනේ නැති ජවිපෙ හඳුන්නෙත්ති මංත්‍රීතුමාට සියළුම රටවැසියගේ උපහාරය හිමිවිය යුතුයි මේ මහා වංචාව හෙළි කළාට​.

:       2113       1974

BamunuarachchiTuesday, 23 January 2018 01:02 PM

තව ටිකක් සොයා බලා කතා කරන්න මොකද උනේ කියලා. ඔය වගේ කතා කියන කොට නොදන්නාකම හොඳට පෙන්නනවා.

:       459       246

sankaTuesday, 23 January 2018 02:06 PM

මේක ගැන ඉස්සෙල්ලම හෙව්වේ මෙතුමා සභාපති කාලේ. ඊට පස්සේ මහා මැතිවරණෙට පාර්ලිමේන්තුව විසිරෙව්වා. දන්නේ නැත්තන් නොදන්න ඒවා නොකියා ඉන්න.

:       212       314

VajiraTuesday, 23 January 2018 04:05 PM

දෙපැත්තෙම හොරුන්ට ආවඩන අය තමා මේ කොමෙන්ට් එකට අකමැත්ත ප්‍රකාශ කරලා තියෙන්නේ

:       52       161

sahan Tuesday, 23 January 2018 10:24 AM

මහරාජාගේ කටු කකා ඉදපු සුරතල් සුනකයෝ දැන් සිංහයෝ වගේ කෑගහනවා,

:       1467       1441

BamunuarachchiTuesday, 23 January 2018 01:06 PM

අනේ මෙහෙව් සිංහලයෝ.

:       55       112

Raveendra Tuesday, 23 January 2018 10:34 AM

අපට විහිළු සපයනවා වගේ....ඇතුලට ගියත් ගිය වෙලේ සිට "ඔය අම්බරුවන්ට අසුහාරදහේ ලෙඩ " එතකොට නිතරම හැදෙන කිතුල් ගස් කලන්තෙත් නැහැ, පන යන්න ඔන්න මෙන්න. (දැන් පනයන විදියට තමා රගපෑම) එබැවින් අදාල ආරෝග්‍ය ශාලාවට කඩිනමින් රැගෙන යනු ඇත.පසුව ඇප මුදල්දී එලියටද එනු ඇත.ඔබ අප සියල්ලෝම හොදින් රැවටී ඇත.ලක්මවගේ මුදල් යහමින් සහ ඉතා හොදින් මෙම තිරිසනුන් ගිලදමා ඇත.මෙය තමා නාටකයේ පිටපත.

:       156       386

Hafeel Tuesday, 23 January 2018 11:04 AM

ලැජ්ජයි. මෙයාත් හිටියේ කෝප් කමිටුවේ සභාපති හැටියට පුටු රත් කරගන. මහින්දගේ පඹය වගේ ඉඳන්, දැන් කට අරිනවා.

:       0       0

de silva Tuesday, 23 January 2018 12:19 PM

මොන බොරුද ඡන්දෙන් පස්සේ අනිවාර්යයෙන්ම ඕක යට ගහනවා. අල්ලනවා නම් මෙපමණ සාක්ෂි තිබියදී අල්ලලා රිමාන්ඩ් කරන්න පුළුවන් නේද ? මම මේ කල්පනා කරන්නේ තාජුදීන් නාඩගම තවම කරලියට ආවේ නැත්තේ මොකද කියල සාමාන්‍යයෙන් ඡන්දයක් තිබෙන කොට ඒක කරලියට එනවා.

:       0       9

ජහමනයා Tuesday, 23 January 2018 02:31 PM

අපි කුමක් කරමුද? අසාගෙන සිටිමු.

:       0       3

sanath Tuesday, 23 January 2018 03:15 PM

අපි බලමු ජම්පරය අදින්නේ කවුද කියලා .

:       11       22

Sunil Tuesday, 23 January 2018 05:56 PM

ජම්පරේ අඳින්නේ කවුරු උනත්, මෙයාව කවුද පත්කළේ නඩු තීන්දු දෙන්න? මෙයා මේ නඩුව අහන නඩුකාරයාද? නඩුවක තීන්දුව එනතුරු විත්තිකරුවත් නිර්දෝෂී බව කියවෙනවා නේද?

:       62       58

Bamunuarachchi Wednesday, 24 January 2018 12:07 AM

මෙයාව පත්කළේ මේ ආණ්ඩුවෙන්ම තමයි. ඒ කලේ මෙයාගේ තීන්දුව එන්න කලින් මොකද වුනේ කියලා හොයලා බලලා කතා කලොත් දැනුමක් තිබෙන බව පෙනේවි.

:       0       0

sumith Wednesday, 24 January 2018 03:26 AM

රවී විතරද , පහුගිය ආණ්ඩුවේ ඉඳපු හොරුන්ට මොකද ජම්පරේ අන්දන්න එපාද , හොද වැඩේ පහුගිය කම්බා හොරු දැන් වේදිකාව දෙවනත් කරනවා , කඩු වලට බය වේවිද කියල බලමු ,

:       0       0

Dr. Vajira Fernando Wednesday, 24 January 2018 03:46 AM

එස්.ඒ. වික්‍රමසිංහ​, එන්.එම්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා, උඩකැන්දවෙල සිරි සරණංකර හිමි වැනි පතාකයින් නායකත්වය දුන් එදා වමේ පක්‍ෂ කොන්ඳේසි විරහිතව ජාතිවදයට එරෙහිව පෙනී සිටියා.

:       0       0

Bamunuarachchi Wednesday, 24 January 2018 02:16 PM

රවී විතරද? නැහැ නැහැ හොරකම් කල ඕනෑම කෙනෙකුට ජම්පර් අන්දන්න. නමුත් දැනට හොරා කියල අහුවෙලා ඇමැතිකමත් නැති වුණේ මෙයාගේ තමයි. පොකට් ගහපු අය අනික් අයට හොරා කිව්වට ඒ අය අල්ලන්න බැහැනේ.

:       0       0

Bamunuarachchi Wednesday, 24 January 2018 02:33 PM

නඩුවක තීන්දුව එනතුරු විත්තිකරුවත් නිර්දෝෂී බව කියවෙනවා නේද? එහෙනම් කොහොමද ඇමතිකම නැති වුනේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 12 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 233 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 49 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 477 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 1366 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 3483 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site