(බිඟුන් මේනක ගමගේ)
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ජපන් අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්රදානය කිරීම සඳහා තෝරාගෙන පසුව අවස්ථාව නොදුන් සමෘද්ධිලාභී තරුණ තරුණියන් 21 දෙනාගේ අධ්‍යාපන සහතිකවල මුල් පිටපත් එම අධිකාරිය භාරයේ මේ වනවිට නැතැයි විශ්වසනීය ආරංචි මාර්ග කියයි.
සමෘද්ධි ප්‍රතිලාභී පවුල්වල තරුණ තරුණියන් සඳහා ජපන් භාෂාව සහ තාක්ෂණික නිපුණතාවය ලබාදීමේ අරමුණෙන් 2017 පෙබරවාරි 13 දින පල කරන ලද පුවත්පත් දැන්වීමක් මගින් සමෘද්ධිලාභීන් දැනුම්වත් කර පැවැත් වූ සම්මුඛ පරීක්ෂණයකින් 25 දෙනෙකු තෝරාගත් නමුත් එයින් අවස්ථාව ලැබුණේ 4දෙනෙකුට පමණකි.
අඩු අාදායම්ලාභී පවුල්වල අ.පො.ස. උසස් පෙළ සමතුන් පමණක් අයදුම් කළ යුතු බවට අදාළ පුවත්පත් දැන්වීමේ සඳහන්ව තිබුණු අතර මෙසේ අතරමග නතර කර ඇති ශිෂ්‍යත්ව 21 නිසා විශ්ව විද්‍යාල ප්‍රවේශ හිමි, රැකියාවන්වල නිරතව සිටි හා වෙනත් උසස් අධ්‍යාපන ආයතනවල නිරතව සිටි දරුවන් පිරිසක් අසරණව සිටිතැයි සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ සංගමයේ ලේකම් චාමර මද්දුම කළුගේ මහතා ‘ලංකාදීප‘ යට පැවසීය.
මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී සමෘද්ධි සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් ජිනසිරි දඩල්ලගේ මහතා අදාළ ශිෂ්‍යත්ව ප්රදානය හිටපු සමාජ සුභසාධන ඇමැති එස්.බී දිසානායක මහතාගේ මූලිකත්වයෙන් පෞද්ගලික ආයතනයක් මගින් කළ වැඩසටහනක් යැයි පැවැසීය.
ශිෂ්‍යත්ව ප්‍රදානයට බාධා පැමිණුනේ සිසුන්ගේ වීසා බලපත් ප්‍රතික්ෂේප වීමෙන් යැයි ද ඔවුන් සිය සහතික පත් ගැන විමසීමක් තවමත් කර නැතැයි ද කීවේය.
මෙම සිදුවීම ගැන සොයා බලන්නැයි සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ සංගමය සමාජ සුභසාධන ඇමැති පී.හැරිසන් මහතාට පසුගියදා පැමිණිලි කළේය.
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ජපන් ශිෂ්‍යත්ව හිමි සමෘද්ධිලාභීන්ගේ අධ්‍යාපන සහතිකපත් අතුරුදන්