IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ජනාධිපතිවරයා රනිල් ඉවත් කළේ හිටපු අගමැති දිමු ඉවත් කළ විදිහටමයි

විනීතා එම් ගමගේ
            

ජනාධිපතිවරයා විසින් 2015 දී අගමැති රනිල් පත් කළ ආකාරය නීතිවිරෝධී වන බවත් මෙවර ජනාධිපතිවරයා විසින් අගමැතිවරයකු පත්  කරන්නේ ඒ ආකාරයෙන්ම බවත් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප‍්‍රධාන ලේකම් ඩි. යු. ගුණසේකර මහතා ප‍්‍රකාශ කළේය. 


එදා ගොවි පුතෙකු වූ දිමු ජයරත්නට අගමැති අසුන නීතිවිරෝධී ලෙස අහිමි  කරද්දී නිහඬව සිටි බලවේග අද ඒ අයුරින්ම රනිල් ඉවත් කරද්දී දැඩි විරෝධය  පළ කරන්නේ ඔහු කොන්සර්වේටිව් නියෝජිතයකු වන බැවින් යැයි ද ගුණසේකර මහතා කියා සිටියේය. මෙහි පවතින්නේ පන්ති ප‍්‍රශ්නයක් යැයි ද ඔහු කීය. 


මේ අගමැතිවරු දෙදෙනාගේම පත් කිරීම් එකම වගන්තිය යටතේ සිදුකර ඇති පත්වීම් දෙකක් බවත්, 19 වැනි සංශෝධනය යටතේ ජනාධිපතිවරයා සතු එම අයිතිය වෙනස් වී නැති බවත් කී ගුණසේකර මහතා ජනාධිපතිගේ පරමාධිපත්‍යයට අභියෝග කරන්නට නොහැකි කියා සිටියේය. 


එදා විශ්වාසභංග යෝජනාවක් ගෙනාවා නම් රනිල් ගෙදර යන්නේ එදාම යැයි ද ගුණසේකර මහතා සඳහන් කළේය.
ජනාධිපතිවරයාට තනි පුද්ගලයකු ලෙස ජනතාව බලය දී ඇතැයි ද එවැනි බලයක් අගමැතිවරයාට දී නැතැයි ද කී කොමියුනිස්ට් පක්ෂ ලේකම්වරයා අගමැතිවරයා යනු මන්ත‍්‍රී 225 න් එක් අයෙකු පමණක් යැයි ද පෙන්වා දුන්නේය. 


පවතින ප‍්‍රශ්නය වන්නේ තම අගමැති තනතුර අහිමි කිරීමට විරුද්ධව රනිල් වික‍්‍රමසිංහ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට නොයන්නේ මන්ද යන්න යැයි ද එයට මෙතෙක් එක්සත් ජාතික පක්ෂයේ කිසිවෙක් හෝ පිළිතුරු දී  නැතැයි ද ගුණසේකර මහතා කියා සිටියේය. 


අපේ රට  පාර්ලිමේන්තු ක‍්‍රමයට මෙතෙක් ගොස් නැතැයි පැවසූ ඔහු එසේ පාර්ලිමේන්තු ක‍්‍රමයකට යෑම වළක්වනු ලැබුයේ රනිල් මහතා බවත් කීය. 


ජේ ආර් ජයවර්ධන මහතා ගේ සිට මහින්ද රාජපක්ෂ මහතා දක්වා සියලූ ජනාධිපතිවරුන්  කළ දේ මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් නොකරනු ඇතැයි සිතිය නොහැකි යැයි ද හෙතෙම වැඩි දුරටත් කියා සිටියේය. 


වත්මන් දේශපාලන අර්බුදයේ දී කථානායකවරයාගේ හැසිරීම ඉතා නින්දා සහගත යැයි පැවසූ ගුණසේකර මහතා මොලමුරේ මහතා ගේ සිට කරු ජයසූරිය මහතා දක්වා කථානායකවරු අතර අනුර බණ්ඩාරනායක වැනි ඓතිහාසික තීන්දු දුන් කථානායකවරු ද සිටියේ යැයි ද කීය. 


කල් දමා ඇති පාර්ලිමේන්තුවක් නැවත කැඳවන තුරු ඔහුට එවැන්නක් කරනු නොහැකි බවත් කරු ජයසූරිය මහතා සිරිකොත සාමාජිකයෙක් ලෙස කටයුතු කරන නමුත් කථානායකවරු පක්ෂයෙන් ඉවත් වන බව ද හෙතෙම සඳහන් කළේය. 



අදහස් (17)

ජනාධිපතිවරයා රනිල් ඉවත් කළේ හිටපු අගමැති දිමු ඉවත් කළ විදිහටමයි

sandy123 Thursday, 08 November 2018 08:58 AM

මල්ල ලැහැස්තියි කඩේ යන්න. මේ කොමියුනිස්ට් වාදියෝද? කොමියුනිස්ට් වාදියෝ වහ කනවා දන්නවා නම්...

:       0       0

appuhami Thursday, 08 November 2018 08:58 AM

ඩී. යු. ගුණසේකර,..ගැටළුවක්ද?

:       0       0

Janaka Silva Thursday, 08 November 2018 09:14 AM

මෙය සත්‍යයක් නොවේ. දීමු ඉවත් කිරීමට පෙර එවකට ආණ්ඩුවේ සභානායක හා අනෙකුත් මන්ත්‍රීවරු තමන්ට බහුතරය නොමැති බව ප්‍රසිද්ධියේ පිළිගත් අතර විරෝධය පෑමක් ද නොවිය. පවිත්‍රා, අනුර යාපා, ඩිලාන්, සුමේධා සහ තවත් අය රනිල් යටතේ ඇමතිකම්ද ලබා ගත්තේය. මේ තත්වය එදාට සමාන කිරීම මෝඩ ප්‍රයත්නයකි. ප්‍රධානම කාරණය වන්නේ දීමු තමාට බහුතරය නොමැති බව පිළිගැනීමයි.

:       0       0

JAP Thursday, 08 November 2018 09:29 AM

ගොවි පුතා නෙමේ...

:       0       0

rohan perera Thursday, 08 November 2018 09:34 AM

සුපුරුදු වාමාංශික ප්‍රලාප අවනීතිය සාධාරණය කරන්න.

:       0       0

භානුක සම්පත් Thursday, 08 November 2018 09:40 AM

දිමු ජයරත්න මහතා ඉවත් කරන ලද්දේ නීත්‍යානුකූලව පසුගිය ව්‍යවස්ථාව යටතේ මේ ව්‍යවස්ථාව යටතේ අගමැති ඉවත් කළ නොහැකියි...

:       0       0

chaminda Thursday, 08 November 2018 09:52 AM

ඕනම දෙයක් මතක හිටින්නේ දවස් 7යි. 2015 මැතිවරණයේදී මෛත්‍රී ජනපති වුනොත් රනිල අගමැති කරනවා කියල ඡන්ද රැස්වීම්වල කිව්වා. ජනතාව ඡන්දය දුන්නේ ඒනිසා. මෙවර අගමැති පත්කලේ ඡන්දයකින් පසුව නොවේ.

:       0       0

Bamunuarachchi Thursday, 08 November 2018 10:09 AM

එකනේ ඉතිහාසය නැවත සිද්ද වෙනවා කියන්නේ. හැබැයි ඒගොල්ලෝ නම්බු ඇතිව ගියා.

:       0       0

මල්ලී Thursday, 08 November 2018 10:34 AM

19 වෙනි සංශෝදනය ඇත්තටම පාස් උනාද?

:       18       143

suranga Thursday, 08 November 2018 11:46 AM

19 ට පෙර ජනාධිපතිවරයට එවැනි බලතල තිබූණා. නමුත 19 න් අගමැති පත්කිරිම කල හැකි වුවත් ඉවත් කිරීම ජනාධිපතට කල නොහැක.එසේම හිටපු ජනිධිපතිවරයා මහජනතාව විසින් ජන්දයකින් ඉවත් කලවිට ඔහුට සහායට සිට කැබිනට්ටුව සහ එහි ප්‍රධානිය වන අගමැති ද නිතතිතිනම ඉවත්වේ. තවද සිරිසේන ජනාධිපති අපේක්ෂකයා ජනතතාව ජනාධිපතිවරයට පෙර රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස පත් කරන බව ජනතාවට ප්‍රකාශ කලා එම සමය තුල එම ප්‍රකාශය වැරදි බව කිවිවෙත් නැත

:       0       0

weerakoon Thursday, 08 November 2018 12:24 PM

මේ තරම් බුද්ධිමත් මිනිස්සු ඉන්න රටක් මන්ද තවම දුප්පත්...

:       0       0

perera Thursday, 08 November 2018 12:46 PM

වයසට යනකොට ඔහොම තමයි. සිරිසේන ජනාධිපතිවරයා දී. මු ජයරත්නව ගෙදර ඇරියේ පරණ ව්‍යවස්ථාවෙන් 2015 ජනවාරි 9. 19 වෙනි සංශෝදනය ආවේ 2015 අප්‍රේල් 22. ඒ හින්ද කරපු වැඩේ නීති විරෝධියි, ගුණසේකර උන්නැහේට 5 පන්තියේ ළමයෙක්ගෙන් අහන්න කියන්න.

:       0       0

Saththaya Thursday, 08 November 2018 01:15 PM

අසව්'''' අසව්'''' මේ ශ්‍රී ලංකාදීපයේ දේශපාලකයෙක් . 19 ව්‍යවස්ථා සංශෝධනය දන්නෙත් නැහැ , කියවලත් නැහැ වගේ . එතකොට තිබුනේ 18 , අනික ජාතික රජයක් ගොඩ නගා දින 100 වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න තමයි වික්‍රමසිංහ මහතාව අගමැති හැටියට පත් කලේ . ඒ ගැන අවබෝදයක් ඇතිව , පට්ටම් ලබා ගැනීම සදහා හිටපු මැති ඇමතිවරු නිශ්ශබ්දව රාජකාරි කළා . නැතිනම් වහාම විශ්වාස භංගයක් ගෙන්න තිබුනානේ . ඒක නේද ඇත්ත . අනික එක්සත් ජනතා නිදහස් සන්දානයේ නායකත්වය සිරිසේන මහතා අතට පත් වුනා නේද ? එතකොට ඒ ආණ්ඩුවේ අගමැති වික්‍රමසිංහ . දැන් එකයි මේ කෙරුවාවයි එකද ? එහෙම වෙද්දී දැන් ක්‍රියාත්මක වෙන්නේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය . දැන් 18 වලංගු නැතිය . හරිය .

:       0       0

suranga Thursday, 08 November 2018 02:07 PM

දි.මු ඉවත් කිරීමට ජනාධිපති රටට කිව්වා රනිල් අගමැති කරනවා කියලා..

:       0       0

chinthaka Thursday, 08 November 2018 05:02 PM

අපි නොදන්නවට ලෝකේ කියමනක් තියනවා "සිදුවන හැම දෙයක්ම යම් කාල පරාසයක් තුල නැවත නැවතත් සිදුවෙනවා" කියලා. ප්‍රශ්නේ තියෙන්නේ නූගත් මිනිසුන්ට එදා වූ දේ අද වෙද්දී තණ්හාව නිසා උහුලාගෙන බලා ඉන්න බැරිවීමයි...

:       0       0

Fiyaz Friday, 09 November 2018 04:05 AM

19 වැනි ව්‍යවස්ථාව අනුව අගමැතිවරයෙක් ජනාධිපතිතුමාට ඉවත් කලකල හැකිද ? පත් කිරීම කෙසේවෙතත්. අගමැතිවරයා සිටිනවිට කෙසේද තවත් කෙනෙක් පත් කරන්නේ?

:       0       235

ase Friday, 09 November 2018 05:36 AM

උවමනා වෙලාවට කබරයා තලගොයා වෙනවලු නේ !!

:       0       144

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රොෂාන් රණසිංහත් ජනපති සටනට
2024 අප්‍රේල් මස 23 463 0

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කරන බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රුෂාන් මලින්ද මහ


දුම්රිය සාමාන්‍යාධිකාරි බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි
2024 අප්‍රේල් මස 23 858 0

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ වර්තමාන සාමාන්‍යාධිකාරීවරයා වන එච්.එම්.කේ.ඩබ්. බණ්ඩාර මහතා හදිසි අසනීප තත්වයක් හේතුවෙන් අද (23) පෙරවරුවේ අභාවප්‍රා


තායිවානයේ භූ කම්පන වැලක්
2024 අප්‍රේල් මස 23 893 0

තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයේ ඊයේ රාත්‍රියේ රිප්ටර් මාපකයේ 6.3 ප්‍රබලතම භූමිකම්පනයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.


පළාත් කීපයකට හවස වැස්ස
2024 අප්‍රේල් මස 23 147 0

බස්නාහිර,සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණපසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්ත


පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට
2024 අප්‍රේල් මස 23 2483 0

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අ


කාර් රේස්වලට ආදරේ කළ දියණිය රේස් කාරයක් බිළි ගනියි
2024 අප්‍රේල් මස 22 2647 0

මගේ චුටි නංගිගේ උවමනාවට මගේ මාමායි අපේ වත්තේ 27 දෙනෙක් එකතු වෙලා බස් එකක් අරගෙන දියතලාවේ කාර් රේස් එක බලන්න ගියේ. කාර් රේස් බලන්න හරිම ආසාවෙන් සිටි අපේ ච


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 267 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1614 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1505 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site