IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ජනාධිපතිවරයා තෝරා ගැනීමේ පනත සංශෝධනය කළ යුතුයි

(හර්ෂණ තුෂාර සිල්වා)

එකම අදහස ඇති වගන්ති නිසා සිදුවන අර්බුද වළක්වා ගැනීමටත් වගන්තිවල ඇති පරස්පරතාව මඟ හරවා ගැනීමටත් ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමේ පනත සංශෝධනය කළ යුතු යැයි යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ දූත කණ්ඩායම කොළඹදී අද (24) ප්‍රකාශ කළේය.

මැතිවරණ කොමිෂන් සභාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී තිබෙන බලතල ශක්තිමත් කිරීමට පියවර ගත යුතු බවද යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ දූත කණ්ඩායම කීවේය.

කොළඹ හිල්ටන් හෝලයේ පැවැති මාධ්‍ය හමුවකදී සිය අවසන් වාර්තාව සහ නිර්දේශයට පත් කරමින් යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ දූත කණ්ඩායම ඒ බව සඳහන් කළේය.

යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ දූත කණ්ඩායම ඔක්තෝබර් 11 වැනිදා සිට දෙසැම්බර් 12 වැනිදා දක්වා ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ නිරීක්ෂණ කටයුතුවල නිරත වූ අතර නොවැම්බර් 18 වැනිදා ඔවුන්ගේ මූලික වාර්තාව ඉදිරිපත් කරන ලදි.

මැතිවරණ කොමිෂන් සභාවේ ආරාධනයක් අනුව ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ නිරීක්ෂණ කටයුතු වලට පැමිණි බවත් මේවා නිර්දේශ පමණක් බවත් ක්‍රියාත්මක කිරීම, පිළිගැනීම හෝ අහක දැමීම හෝ ශ්‍රී ලංකා රජයේ, ආණ්ඩුවේ සහ පාර්ශවකරුවන්ට අයත් කරුණක් බවත් අවසන් වාර්තාව සහ නිර්දේශ ප්‍රකාශයට පත් කරමින් යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ දූත කණ්ඩායමේ ප්‍රධානී මරිසා මටියාස් මහත්මිය කීවාය.

“සාම්ප්‍රදායික මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍යවල ව්‍යාප්ත වූ වාංග්ලංකාර,  වෛරී ප්‍රකාශ , අසත්‍ය තොරතුරු යනාදිය මධ්‍යයේ වුවද ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව ඉතා ඉහළ වෘත්තීය මට්ටමකින් සාමකාමීව ජනාධිපතිවරණය පැවැත්වීමට සමත් වුණා. මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයට මුදල් යෙදවීම සම්බන්ධයෙන් නීතියක් නොමැති වීම නිසාත් රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍යවල පක්ෂපාතී වාර්තාකරණය නිසා අපේක්ෂකයන් සියලු දෙනාට සම අවස්ථා හිමිවුණේ නැහැ.

බොහෝ අපේක්ෂකයන්ට ඔවුන්ගේ පණිවුඩය ලබාදීමට අවස්ථාවක් ලැබුණේ නැහැ” ඇය පැවැසුවාය.

යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ දූත කණ්ඩායම සිය අවසන් වාර්තාව මඟින් නිර්දේශ 23 ක් ඉදිරිපත් කර තිබෙන ඉන් හයකට ප්‍රමුඛත්වය දී තිබේ.

ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවට බලතල දෙමින් එය ශක්තිමත් කිරීම, ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීමේ පනත සංශෝධනය කිරීම, මැතිවරණ ප්‍රචාරණයට වියදම් කරන මුදල් සම්බන්ධයෙන් නීතියක් ගෙනඒම, සියලු දෙනාට සම මැතිවරණ ප්‍රචාරණ අවස්ථා ලබාදීමට නීති සංශෝධනය කිරීම, මැතිවරණ පරිපාලනය සහ මැතිවරණ කොමිෂන් සභාව ෆේස්බුක් ආදී සමාජ මාධ්‍ය ජාල අතර නිල සහයෝගීතාවයක් ගොඩනගා ගැනීම සහ කාන්තාවන්ගේ මහජන සහ දේශපාලන සම සහ ඉහළ සහභාගීත්වය වැඩි කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තිබෙන බාධක ඉවත් කර විශේෂ ක්‍රියාමාර්ග ගැනීම කෙරෙහි අදාළ ප්‍රමාඛ නිර්දේශ හයෙන් යෝජනා කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මැතිවරණ කොමිෂන් සභාවට පුළුල් බලතල ලබා දී තිබුණත් මැතිවරණ කොමිෂන් සභාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල බලතල මොනවාදැයි පැහැදිලි කරමින් නීතියක් සම්මත කරගැනීමට පාර්ලිමේන්තුවට නොහැකි වීම නිසා මැතිවරණ කොමිෂන් සභාවේ බලතල සීමා වූ බව ද යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ දූණ කණ්ඩායම් අවසන් වාර්තා වේ සඳහන් වේ.

අර්ථ ව්‍යාකූල වීම වැළැක්වීමටත්, අර්ථ නිරූපණ අතර ගැටුම් ඇතිවීම වැළැක්වීමටත් එමෙන්ම නව නීතී සහ වර්තමානයට ගැලපෙන පරිදිත් ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ පනත සංශෝධනය කළ යුතු යැයි ද එහි දැක්වේ.

අවසන් වාර්තාව විදේශ සබඳතා අමාත්‍යාංශයට සහ මැතිවරණ කොමිෂන් සභාවට බාරදෙන බවත් ඉදිරි දින කිහිපයේදී ආණ්ඩුව, විපක්ෂය ඇතුළු දේශපාලන කණ්ඩායම්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඇතුළු මැතිවරණයට සම්බන්ධ පාර්ශවකරුවන් හමුවී සාකච්ඡා පවත්වන බවත් මරිසා මටියාස් මහත්මිය තවදුරටත් කීවාය.



අදහස් (39)

ජනාධිපතිවරයා තෝරා ගැනීමේ පනත සංශෝධනය කළ යුතුයි

සඳුන් Friday, 24 January 2020 01:40 PM

කොඩියේ ලණුව සුද්දගේ... සිංහයා අපේ...

:       73       394

siri Friday, 24 January 2020 01:43 PM

මේ ගොල්ලන්ට කවුද බුලත් දුන්නේ?

:       229       429

ලසන්තSaturday, 25 January 2020 02:06 AM

මෙයා, ස්වාධීන මැතිවරණ නිරීක්ෂණ යන්නෙහි අර්ථය නොදන්න කෙනෙකි. මේ සඳහා ආරාධනා කරන්නේ රජයයි.

:       145       425

dilanMonday, 27 January 2020 11:32 AM

නොදන්නා දේවල් කියවලා නූගත්කම ප්‍රදර්ශනය කරන්න එපා. මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් වල කාර්යභාරය පැහැදිලිව සදහන් කරලා තියනවා. ඒ ගොල්ලෝ කරන්න ඕන යම් මැතිවරණ කාර්මික තාවයක් තියන්නම් ඒ පිළිබද වාර්තා කිරීම මිසක රටක ජනාධිපතිවරයෙක් තෝරාගන්න විදිහ ගැන උපදෙස් දීම නෙවෙයි. ජනාධිපතිවරයෙක් තෝරාගැනීමේ ක්‍රමවේදය තීරණය කිරීම අදාල රටේ පුරවැසියන්ගේ අයිතියක්.

:       10       26

Champa Friday, 24 January 2020 01:46 PM

මැතිවරණ කොමිසම දූෂිතයි කියලා ඒකෙ සාමාජිකයෙක්ම කියපු දේ දැකල නැහැ. ඔහු කිව්වා එම ප්‍රතිඵල කිසිම විදිහකට සොයා බලන්න කොමිසමේ සමාජිකයින්ට හැකියාවක් තිබ්බේ නැහැ කියලා. මැතිවරණ කොමිසම ස්වාධීන නැහැ. ජනතාවට සම්පූර්ණයෙන්ම වසන් කරලා අවසාන ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම බාරදීලා තිබුනේ කොමිසමේ සභාපතිගේ තනි තීරණයට තෝරාගත්ත පෞද්ගලික ආයතනයකට. ඔහු මේ වංචාව බාල ජනප්‍රියත්වයෙන් වහගත්තා. වෙන විදිහකට කියනවා නම් සභාපතිම මැතිවරණ ප්‍රතිඵල විකෘති කරන්න ඉඩහදල දීලා තියෙනවා. මේක එලිවුනේ ජනාධිපතිවරණයෙන් පස්සේ. යහපාලන ආණ්ඩුව පරද්දන්න ජනතාව එකමුතු වුණාට මැතිවරණ ප්‍රතිඵල වලට එහෙම බලපෑමක් කලේ අනාගත අත්හදා බැලීමක් කරන්න වෙන්න පුළුවන්. දැන් මේ කතාව එළිවෙච්ච නිසා මහමැතිවරණයට අලුත්ම විදිහක් කරන්න හදනවා වගේ පේනවා ICTA එක හරහා, රජයේ සහ පුරවැසියන්ගේ දත්ත කොහෙවත් නැති ICTA එකට දීම මගින්. මහමැතිවරණයේදී ICTA එකට ප්‍රතිඵල නිකුත් කිරීම බාරදෙන්න සහ එමගින් යූටර්න් ජනාධිපතිගේ පිරිසට මනාප වැඩි කරන්න කරන කුමන්ත්‍රණයක්. විපක්ෂය කිව්වා සභාපති තෝරාගත්ත පෞද්ගලික ආයතනයේ පුද්ගලයා සහ සභාපතිගේ සහෝදරයව ICTA එකට ලඟදි පත්කළා කියලා. තවත් සාක්කි ඕනද?

:       1137       642

සනත් ඉතාලියFriday, 24 January 2020 05:27 PM

කාලයක් කනක් ඇහිලා හිටිය චම්පා ආයෙත් තප්පුලන්න පටන් අරගෙන කාලෙන් කාලෙට එක එක පාට මලු අරගෙන කඩේ යනඑක තවම නවත්වලා නැහැ නේද?

:       45       542

ChampaSaturday, 25 January 2020 06:07 AM

කාලයක්? බොරුවක් වුණත් පිළිගන්න පුළුවන් ආකාරයට කියන්න කියලා පරණ ජනාධිපති කොමිසමක් කියලා තිබුණා. මම මෙතනට ලියන්න අරන් මාසයක්වත් නැහැ. මම ලියන්නෙත්, ලිව්වෙත් මට ඕනෑ දේ. කවුරු කිව්වත් මගේ ප්‍රතිපත්ති වෙනස් කරන්නෙත් නැහැ.

:       553       6

samudraSunday, 26 January 2020 01:07 AM

සනත් ඔයා කියන චම්පත් මෙයාට දෙවැනි නැහැ. එයාට අශුචි ගහලම මේ පිටුවෙන් එළෙව්වා. දැන් ඉතින් මෙයාටත් අසුචි බාල්දියක් ගහන්නම වෙනවා.. මාර කටාර් එකක්නේ... අනුන්ගේ දෙවල්වලටමයි කට දාන්නේ. ළඟ හිටියා නම් ගැහැණියෙක් කියලා බලන්නේ නැහැ.. දත් දෙකක් ගලවනවා.

:       2       5

ChampaSunday, 26 January 2020 02:35 PM

සමුද්‍ර - ඔබේ අදහසට මට හිනා ගියා. මෙතන කලින් ඉඳලා තියෙන්නේ බාල්දි උස්සන් යන අය බව නිහතමානීව පිළිගත්ත එක කොච්චර එකක්ද? ඔබේ මානසික මට්ටම ගැන ප්‍රසිද්ධියක් දීමත් හොඳයි.

:       7       16

ChampaSunday, 26 January 2020 02:39 PM

සමුද්‍ර - අනුන්ගේ දේවල් වලටමයි කට දාන්නේ කියන එකෙන් අදහස් කලේ මොකක්ද? මම මෙතන දාලා තියෙන ප්‍රවෘත්තියටයි අදහස් දක්වන්නේ. ඔබ තමයි අනුන්ගේ අදහසකට අදහස් දක්වලා තියෙන්නේ. සොක්‍රටීස් කියලා තියෙනවා කෙනෙක් එක්ක තර්ක කරන්න දෙයක් නැති වුණාම පරාජිතයා කරන්නේ අනිත් පුද්ගලයාට ගරහන එක කියලා...

:       5       53

මුණසිංහSaturday, 25 January 2020 01:30 AM

දැන්වත් තේරුම් ගන්න. විදේශීය බලපෑම් මත තමයි පහුගිය යූඇන්පී රජය විවිධ සංශෝධන ගෙනැල්ලා 19 නමින් රටට ඉදිරිපත් කලේ. එහෙම පිටින්ම කැඳහැලියක් කළා. පම්පෝරි ගහගෙන කොමිෂන් සභා දැම්මට නාමිකයි. ඔක්කොම හැන්ද දේශපාලකයාගේ අතේ. ඕක දකින්නේ නැති අය තප්පුලනවා. 19 හොඳයි කියකියා. ඒක ගෙනාවායින් පස්සේ තමයි අධිකරණයටත් දේශපාලනයට වැඩිපුරම යටත් වෙන්න වුනේ. (කලින් නැතිව නොවේ - මේකෙන් වැඩි වුනා). දැන් තව තවත් විදේශිකයින් අපිට උපදෙස් දෙන්න එනවා. ඒක වහාම නවත්වලා අපේම උගතුන් ලවා වැරදි නිවැරදි කර ගත යුතුයි. ජනතාවගේ වගකීම අවංක පුද්ගලයින් ව්‍යවස්ථාදායකය වෙත යැවීම...

:       51       335

කර්තෘ.Sunday, 26 January 2020 01:14 AM

ඔබගේ අදහස් කෙටියෙන් පලකරන්න. වැඩකට නැති දේවල් ලිවීමෙන් වළකින්න. මේ ඔබට දෙන මුල්ම අවවාදයයි...

:       0       2

Dilan Friday, 24 January 2020 01:47 PM

මෙයාලට ඕන කෙනා පත් නොවුනු නිසා පනතේ ඇද හොයනවා. මොවුන් කියන දේවල් අප අදාළ කරගත යුතු නෑ.

:       377       1252

Champa Friday, 24 January 2020 01:49 PM

යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ දූත කණ්ඩායම තමන්ගේ සීමවෙන් පිට පැනලා. ඔවුන්ට එන්න කිව්වේ මැතිවරණ නිරීක්ෂණයකට මිසක් රටේ ව්‍යවස්ථාව ගැන අදහස් පල කරන්න නෙමෙයි. රටේ ස්වාධීනත්වයට සහ ස්වෛරීභාවයට අනවශ්‍ය විදිහට ඇඟිලි ගහන්න හදන මොවුන්ව බ්ලැක්ලිස්ට් කළ යුතුයි.

:       277       904

Bamunuarachchi Friday, 24 January 2020 02:38 PM

මෙහි ඇත්තක් තිබෙනවා නම් සොයාබලා වෙනස් කළ යුතුයි. බොහෝ අවස්ථාවල කෙනෙක් කරන වැරදි පෙනෙන්නේ අනික් අයට. එ්කයි අපි ඇඳුම අන්දලා අනික් එක්කෙනාගෙන් අහන්නේ ලස්සනද කියලා. බෞද්ධයින් හැටියට මතකයිනේ සිවුරු පොට බිම ගෑවෙනවා කියා පොඩි හාමුදුරු කෙනෙක් පෙන්වාදීම...

:       231       312

RanjithSaturday, 25 January 2020 02:09 PM

වෙනස් කරන්න ඕනේ.. එ්ත් මහින්දයි නාමලුයි දෙන්නම කැමති නෑනේ.. මොකද ජනාධිපති කෙලින් වැඩ කරන්න ගියොත් ඒ දෙන්නට බලය ලැබෙන්නේ නැහැනේ...

:       40       15

BamunuarachchiSaturday, 25 January 2020 02:53 PM

කවුද කියලා දන්නවා.. එ්ත් ගොබ්බකම ලෝකෙට පෙන්වන්න එපා.

:       41       1

ramaniSunday, 26 January 2020 01:12 AM

බැඳුම්කර හොරකමට මිලියන 10400 ක් ගහලා. රනිල් ගත්තේ මිලියන 980 යි. දැන් ඉතින් වහලුනි.., ලැහැස්ති වෙයල්ලා.. මේ හොරුන්ව හිරේට යන එකෙන් බේරාගන්න මොනවා හරි බොරුවක් ගොතන්න. අවාසනාවකට නාගානන්ද වගේ කෙනෙක් ආවේ නැහැ. නාගයා ආවා නම් මහින්ද කෙලින්ම කූඩුවේ..

:       0       3

Raveendra Friday, 24 January 2020 03:24 PM

අනේ නංගියේ අපි අපේ රෙදි සෝදා ගන්නම්... නංගිලා ගිහින් තමන්ගේ රටේ අසුචි ගාගත්ත කඩමලු ටික හෝදාගන්නකෝ... මේ අනුන්ගේ සීනි කිරන්න හැබෑටම නගාලට එහෙ වැඩ නැද්ද අම්මපා..?

:       963       1147

maheel Friday, 24 January 2020 04:23 PM

සජිත් දිනුවා නම් අනිවාර්යයෙන් මේ අය කියාවි "ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩක් ශක්තිමත්... බහුතරයක් ප්‍රගතිශීලීන්ගේ ජනමතය පවුල්වාදී, ආගම්වාදී, ජාතිවාදී හඬ නිහඬ කළා" කියලා...

:       767       1307

dama Friday, 24 January 2020 06:39 PM

නියම නිවාඩුව, මුළු වින්ටර් එකම ගත්තා... කාගේ වුණත් බදු සල්ලි නේද?

:       21       296

RaviSaturday, 25 January 2020 12:14 AM

නියම කමෙන්ට් එක...

:       10       22

Chris Friday, 24 January 2020 09:32 PM

තවම මෙයාලා ගෙදර ගියේ නැද්ද? මේ අයට පවුල් නැද්ද? හොඳ හොලිඩේ එක...

:       0       31

sunil perera Friday, 24 January 2020 09:37 PM

යුරෝපා සංගමයත් විසුරුවලා ඔයාලත් ස්වාධීන රාජ්‍ය ලෙසට ඉන්න කියලා අපි නිර්දේශ ඉදිරිපත් කළොත්, ඔබලා.. සලකා බලනවද? අනුන්ගේ සීනි කිරන්නේ නැතුව උඹලගේ වැඩක් බලාගෙන හිටපල්ලා බන්..? ලෝක විනාශයට උඩගෙඩි දෙන නුඹලාගේ ක්‍රියාකාරකම් නවත්තපල්ලා..

:       31       79

ලුම්බිණි Friday, 24 January 2020 11:21 PM

දෙයක් කිව්වම, කියපු කෙනා සුදුද? කළුද? කියලා බලන් නැතුව මේ කියපු දේ වැදගත්ද? නැද්ද? කියලා පළමුව බැලිය යුතුයි.

:       51       22

nimali Saturday, 25 January 2020 01:40 AM

මෙයාලා කවුද? අපේ පනත් ගැන කතා කරන්න. අපේ රටට පාලකයෙක් පත්කර ගන්න අපේ ජනතාවට නිදහස තිබිය යුතුයි. ඔය පහුගිය කාලයේ හිටපු අතේ නැටවෙන කොන්ද පණනැති නායකයින් කෙරුවාව තමයි. නිවට කරණවෑමියව දැක්කම එළුවත් රැවුල පානවලු මගෙත් රැවුල බාපන් කියලා. මෙයාලා හිතනවද? දන්නේ නැහැ රටේ සියලුම නායකයින්, සියලුම වැසියන් නිවටයි කියලා...

:       34       118

Warnakulasuriya Saturday, 25 January 2020 03:14 AM

මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයට මුදල් යෙදවීම සම්බන්ධයෙන් නීතියක් නොමැතිවීම... රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍යවල පක්ෂපාතී වාර්තාකරණය... ඉහතින් අදහස් දක්වා ඇති බොහෝදෙනා එයටවත් එකඟ නොවන්නේද? විමල් වීරවංශගේ මානසික මට්ටමෙන්වත්, කියන්නා කළුද සුදුද යන්නවත් නොසිතා අදහස හරිද වැරදිද පමණක් යමෙක් සිතන්නේ නම් මැනවි...

:       26       20

SL Saturday, 25 January 2020 03:47 AM

කෙනෙක් 19 සංශෝධනය කරලා පාර්ලිමේන්තුවටවත්, ජනාධිපතිවරයාටවත් කිසිම වැඩක් කරගන්න බැරි ව්‍යවස්ථාවක් හදලා ස්විට්සර්ලන්තයට පැනලා ගියා. දැන්!. කාලෙන් කාලෙට හතු පිපෙනවා වගේ එළියට එන අයගෙන් පරිස්සම් වෙන්න ඕනේ රටක් මේක..

:       24       146

Asanga Saturday, 25 January 2020 03:48 AM

ආපු රාජකාරිය කරලා යන්න කියන්න. නිකන් බොරු ෂෝ දාන්නේ නැතිව.. මේවාට උඩගෙඩි දෙන අය හින්දා තමයි මෙච්චර දඟලන්නේ.. තමන්ගේ රටවල ප්‍රශ්න විසඳන්නේ නැතිව අනුන්ගේ ඒවා හොයනවා.

:       22       56

anura Saturday, 25 January 2020 04:41 AM

ඔය ගොල්ලන්ට හැකියාවක් තියෙනවා නම් ගිහින් ඇමෙරිකාවේ ජනාධිපතිවරයා තෝරාගැනීම දූෂිතයි කියලා කියන්න. ඔයගොල්ලන්ට හිතවත් අය මෙහෙ පත්වුණා නම් මුකුත් සද්දයක් නැහැ. මාධ්‍ය ආයතන මහජනතාව දැනුවත් කළේ රෑ වැටුණු වළේ දවල් වැටීම වැළැක්වීමටයි. ජනාධිපතිවරණයෙන් මාස දෙකක් ගියාම කාටත් තේරිලා තියෙනවා කවුද හරි, කවුද වැරදි කියලා. අපේ රටවල් නරකාදි බවට පත් කරන්නේ ඔය ගොල්ලන්... ඒක නිසා ආපු තැනට ගිහිල්ලා තමන්ගේ රටවල වැරදි හරි ගස්සා ගන්න.

:       32       105

janahitha Saturday, 25 January 2020 05:06 AM

මේක ලංකාව... යුරෝපය නොවේ. අපි ඡන්දෙ දුන්න එක්කෙනෙක් පත්කරගත්තා.. අපි එහෙමයි... දැන් තියෙන්නේ පාලක පක්ෂයට වැඩ කරගෙන යන්න. පවුලක්, දෙකක් අතරේ තනතුරු බදාගෙන හරි, රජයේ මුදල් වලින් මිතුරියන්ට ගොඩනැගිලි හරහා සල්ලි පොම්ප කරන්න හරි සුවිසල් හෝටල් ඩුබායිවල හදන්න නැවත මහා බැංකුව කොල්ල කාගෙන හරි එතනෝල් ගෙන්වලා හරි අපිට ඕනෑම විදිහකට විරුද්ධ පක්ෂයට තියෙන්නේ බෙරිහන් දෙමින්, අවලාද කියමින් තව වසර 5ක් පමණ බලාගෙන ඉන්න. නැවත බැංකු කොල්ලය පටන්ගන්න.. ඔන්න ඕකයි තත්වේ..

:       4       139

EsalaSaturday, 25 January 2020 11:06 AM

හිතාගෙන ඉන්නේ 5ක් කියලද? තව 25කට පොහොට්ටුව තමයි.

:       2       23

Warnakulasuriya Saturday, 25 January 2020 05:56 PM

මාස දෙකට අක්කර තුනයි. අවුරුදු 25කට එහෙම වුණොත්, සිංහලෙන් ජාතික ගීය කියන්න පර්චස් කීයක් ඉතුරුවෙයිද? ප්‍රශ්නයකුත් නැහැ මොකද, බදුදෙන්නේ නැහැ කිව්වෙත් නැහැනේ. බයියන්ට අනුව රටත් ආරක්ෂා වෙනවනේ...

:       0       3

beau Saturday, 25 January 2020 09:54 AM

කවුද මේ අය ඇවිත් අපිට නීති පනවන්නේ...? ගන්න ඉලපත අතට, දෙන්න පිටිපස්සට තුන හතරක්...

:       26       56

prakaash Saturday, 25 January 2020 11:39 AM

මේ රටේ තීන්දු තීරණ ගැනීමට මොවුන්ට අයිතියක් නැත. මේ බටහිර කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරන අය පිටුවහල් කළයුතුය. මොවුන්ට මැතිවරණ නිරීක්ෂණවලටද කතා නොකළ යුතුය. රටේ ජනතාව වුවද මොවුන්ට විරෝධය පළකල යුතුය.

:       21       68

සෙනෙවී Saturday, 25 January 2020 12:37 PM

බිල් ක්ලින්ටන් වැනි ඇමරිකන් කාරයිනුත් අපේ මැතිවරණ ක්‍රම සහ විධි අනුගමනය කළා නම් ඇයි මේ සුද්දන්ගේ උපදෙස් අපිට...?

:       22       28

Aris Saturday, 25 January 2020 05:53 PM

ඇත්ත තමයි. අපේ රටේ ව්‍යවස්ථාව නීතිරීති ඔක්කොම හදලා තියෙන්නේ යුරෝපා රටවල්වලින් කොපිකරලා. ඒ නිසා මේ නිරීක්ෂණ කණ්ඩායම් කියන දේ ගැන ඇහුම්කන් දිය යුතුයි.

:       0       0

denin Sunday, 26 January 2020 12:29 AM

අපි දැන් 1972 සිට අවුරුදු 47ක් ව්‍යවස්ථා වෙනස්කළා. සංශෝධන ගෙනාවා. නැවතත් ව්‍යවස්ථා වෙනස් කිරීමට පෙර මෙතෙක් කරපු වෙනස්කම්වලින් රටට හෝ ජනතාවට සෙතක්වූවාද කියා සොයාබැලීමට කොමිසමක් පත්කළ යුතුයි. මෙතෙක් කළ වෙනස්කම් වලින් නම් බලයට පත්වන දේශපාලකයින්ගේ මනදොල සපුරන එකයි වුනේ.. කියන එකයි බොහෝදෙනා කියන්නේ...

:       0       0

lalithm Monday, 27 January 2020 03:05 AM

ලෝකයේ බොහෝ දියුණු රටවල ව්‍යවස්ථාවක් නැහැ. පිළිගත් සම්ප්‍රදායකට අනුව නීතිරීති මත රට ආණ්ඩු කරනවා. මෙහෙ ලියවිල්ලක් බදාගෙන රට කනවා. මුදලුත් නිකම් අනවශ්‍ය දේවල් කරන්න කොමිසම්වලට වියදම් කරනවා. හිතවතුන් ඉහළ තනතුරුවලට පත්කර ගන්නවා. මේවා ඔය ආපු කිසිම බයියෙක් කියලා නැහැනේ... ඔවුන්ට ඒවා පෙනුනේ නැතිද නැතිනම් මාධ්‍ය ඒවා ප්‍රචාරණය කරන්නේ නැතිද?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 401 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 80 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 701 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 710 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1143 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1047 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1532 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site