IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ජනාධිපතිවරණයට අපේක්ෂකයෝ 17 ක්

(රංජන් කස්තුරි)

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට අපේක්ෂකයින් 17 දෙනෙකු මැතිවරණ කොමිසමට දැනුම් දී ඇතැයි එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ලංකාදීපයට පැවැසීය.

පිළිගත් දේශපාලන පක්ෂ 14 ක් ලිඛිතවත් තවත් දේශපාලන පක්ෂ දෙකක් වාචිකවත් සහ ස්වාධීන අපේක්ෂකයෙකුත් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට දැනුම් දී තිබෙන බවද දේශප්‍රිය මහතා කීය.

මෙවර ජනාධිපතිවරණයට තරඟ කිරීමට අපේක්ෂාකරන්නේ නම් ඒ බව දැනුම් දෙන්නැයි මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂවලට දැනුම් දීමක් කර තිබිණි.



අදහස් (18)

ජනාධිපතිවරණයට අපේක්ෂකයෝ 17 ක්

නොකවුට් Sunday, 08 September 2019 04:02 PM

මැකෝ මාත් එනවා මෙදා..

:       0       86

Gamarala Sunday, 08 September 2019 04:47 PM

මෙහෙම දකිනකොට තවත් අයට ඉදිරිපත් වෙන්න හිතෙයි.

:       0       40

Sam Sunday, 08 September 2019 06:12 PM

ජනාධිපතිකම සෙල්ලමකට අරගෙන. ඒකෙ බරපතලකම හා වගකීම දන්නේනැති ජෝකර්ලා හැංගිමුත්තන් කරනවා.

:       0       102

sisil Sunday, 08 September 2019 09:52 PM

නමුත් එකම එක්කෙනයි සැබෑ වෙනසක් නව වෙයාවස්තාවකින් ගෙනවිත් ... අපේ රට මංකොල්ල කරුවන්ගෙන්ම මුදා ගන්නට එඩිතරව ඉදිරිපත් වී සිටින්නේ. ඒ නාගානන්ද කොඩිතුවක්කු. අනික් අය ඔක්කොම නිදහසේ රට සූරා කෑ හැකි පරණ වෙයාවස්ටාව මහින් පත්වීමට කෙල හලමින් සිටින අයයි. ඔවුනට දී හැක්කේ බොරු පොරොන්දු පමණි. ජනතාව මෙවර රැවටෙන්නේ නැත.

:       466       139

CHANDIMA Sunday, 08 September 2019 11:51 PM

මෙදාපාර උගත්තු බුද්ධිමත්තු ස්වාදීන අපේක්ෂකයෝ එමටයි. නමුත් රටේ වැඩියෙන් ඉන්නේ මොලේ කලඳක් නැති ඕනෑම අමකට රැවටෙන චන්ද දායකයෝ. ඒ නිසා විවාදයක් නැහැ ජනාධිපති වෙන්නේ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක කෙනෙක්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ එජාපයෙන් එක්කෙනෙකුයි ස්වාධීනව තවත් එජාප පක්ෂිකයෙකුයි ඉල්ලුවොත් වෙන තත්වයයි. එක්කෙනෙක්ගේ දෙවෙනි මනාපේ අනික් එක්කෙනාට ගැහැව්වොත් වැඩේ බරපතලයි. එහෙම නැතිනම් පොඩි ප්‍රචාරයක් ගන්න දෙපිලකට බෙදිලා අන්තිනේ එකතුවෙන්නත් පුළුවනි.

:       34       106

lion Monday, 09 September 2019 01:11 AM

මැකෝ කරුණාකර, ඉල්ලන අය කාටවත් චන්ද දායකු අකමැති නම් එය සඳ හන් කෙරීමට කොටුවක් චන්ද පත්‍රිකාවේ යොදන්න.මෙය අත්‍යවශ්‍ය දෙයක් ලෙස සලකන්න.

:       0       18

Chathuri Monday, 09 September 2019 01:33 AM

මම 2024 ඉදිරිපත් වෙනවා , හදහන බැලුවම එපා කිව්වා පක්ෂයකින් එන්න එපා කිව්වා , තනියම තරේගයට ඇවිත් , අලුත්ම ආණ්ඩුවක් හදන්න කිව්වා. අනිවාර්යෙන් දිනනවා කිව්වා , ඉතිහාසයේ නොවුන. දෙයක් සිදු වෙනවා කි. කිව්වා , සේරම හොරු ඇතුලට යනවා ලු රටට ජනතාවට කිරි ඉතිරෙනවා. කිව්වා පස්සේ. කියන්න පුළුවන් ඉතිරි ටික ,

:       3       5

ruwan kotuwelle Monday, 09 September 2019 02:04 AM

හේතුව නොමිලේ ලාබෙන එයාර් ටෛම් එකේ ප්‍රධාන පක්ෂ වලට කඩේ යන්න පුළුවන්

:       0       29

sisira Monday, 09 September 2019 02:52 AM

මමත් එනවා!! අඩුම තරමේ මගේ නෝනගේ හා ළමයි දෙන්නගේ චන්දෙවත් ලැබෙයිනෙ

:       1       12

Amila Monday, 09 September 2019 03:00 AM

නිකන් සුපර් ස්ටර් වගේ...

:       1       6

p.d goonawardena Monday, 09 September 2019 03:38 AM

ගෝඨාබය හැරුණු කොට අනිත් කිසිම කෙනෙකුට නිසි දැක්මක් නැහැ .......අනිත් අය ඔක්කොම එන්නේ දේශපාලන කොන්ත්‍රාත් වලට...රට අරාජික කරන අධිෂ්ටනයෙන්...

:       3464       3513

jagat Monday, 09 September 2019 04:29 AM

අපි නාගානන්ද මහත්තයට.

:       266       90

Sugath Premalal Monday, 09 September 2019 04:51 AM

කුවෛට් කුමරිත් ජනාධිපතිවරණයට ඉදිරි පත් වෙනවා වගේම හොද තරගයක් දෙනවලු....

:       0       4

lalithm Monday, 09 September 2019 04:54 AM

කාටවත් දැක්මක් නැහැ. නිකම් බලය හොයනවා විතරයි. ක්‍රියාකාරී දේශපාලනයේ නොයෙදුන කෙනෙක් ජනපති වෙනවා කියන්නේ භයානක ප්‍රශ්නයක්?

:       4       38

ajith Monday, 09 September 2019 04:57 AM

මේ එජාපයේ අපක්ෂකයා නැතිව නේද

:       0       7

amila Monday, 09 September 2019 06:13 AM

බන්දු සමරසිංහ හා ටෙනිසන් කුරේ නැද්ද ?

:       0       21

ravi Monday, 09 September 2019 08:34 AM

ලෝකයේ කිසිම රටක තවම" "ජනාධිපති අපේක්ෂකයින් 17 දෙනෙක් ඉදිරිපත් වෙලා නැහැ. ඉතින් මේකෙන්ම තේරුම් ගන්න පුළුවන් අපේ රටේ මිනිස්සුන්ගේ " සිතුම් , පැතුම් සහ ක්‍රියාකලාපය.."

:       0       18

Deepal Nirosh Tuesday, 10 September 2019 03:37 AM

ඒතකොට මේ 17 දෙනාට සජිතුත් අයිති ද? ජනාධිපති බලතල කප්පාදු කළා කිව්වට ඉල්ලුම නම් අඩුවක් නැහැ. තාම ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කළෙත් නැහැ. රට භාරගන්න කට්ටියගෙ තියන උනන්දුව?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 2179 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 1144 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 888 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 391 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 693 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 614 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1408 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site