(ඩයනා උදයංගනී)
ජනාධිපතිවරණයක් පැමිණෙන්නේ නම් ඒ වෙනුවෙන් වැඩ කිරීමට තමාද සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ ගණනාවක් එක්ව ඉදිරියේදී ගොඩනගන සන්ධානය හෝ එක්සත් ජාතික පක්ෂය ද මෙතෙක් ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ ස්ථිර අදහසක් නැතැයි දයාසිරි ජයසේකර මහතා කීවේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් විය යුතු බව වුවත් අනෙක් කණ්ඩායම වෙනත් නම් යෝජනා කරන බව කී ජයසේකර මහතා ජනාධිපතිවරයා ද මෙතෙක් තමන් තරග කරන්නේද නැද්ද යන්න ප්‍රකාශ කර නැතැයි ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරණය කැඳවිය යුත්තේ මෙම වසර අවසානයේ දී බව කී මහලේකම්වරයා ඊට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බව ද කීවේය.
එබැවින් ජනාධිපතිවරණයක් ගැන කතා නොකර කඩිනමින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන්නැයි තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම කියා සිටියේය.
ශ්‍රී.ල.නි.ප මහලේකම්වරයා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී අද (18) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ජනාධිපතිවරණයක් එනවා නම් මමත් සූදානම්
chandana Friday, 18 January 2019 12:44 PM
පනින්නද සුදානම්?
Chanak los angelesSaturday, 19 January 2019 04:09 AM
ඒකනේ රිලාසිරි කියන්නේ...
Bamunuarachchi Friday, 18 January 2019 01:09 PM
මොකද ඔබ සූදානම් නැත්නම් ජනාධිපතිවරණය නවත්වයිද? ඔබේ දේශපාලන වයස තවම අවුරුදු 18 නේද?
chathuri Friday, 18 January 2019 01:42 PM
ඔබ වගේම පක්ෂයට ආදරේ කරන සැවොම මහන්සි වී වැඩකරලා. තම නායකයා රටේ නායකයා කරනවා. ඊට පසු මොකද වෙන්නේ? බලය ගත් පසු එයාගේ ලඟට යන්නත් බයයි නේද? මොන ප්‍රශ්න තිබුණත් නායකයාට ඕනෑ විදියට රට ගෙනියන්නේ. එයා දන්නේ නැහැ වගේ. නැවත අලුත් ජනපති කෙනෙක් තෝරන වග... ඉන්න ටිකකාලේදී පිස්සු නටලා තව කෙනෙකුට නොඑන්න පාර වහලා යන්නේ. ඉතින් මෙවැනි අය වෙනුවෙන් ඔබගේ වටිනා කාලය නාස්ති නොකර, විදේශ තනතුරක් ලබාගෙන දියුණු වුනොත් නරකද? උන් වෙනුවෙන් අපි ඉන්නවා නමුත් අපි වෙනුවෙන් උන් ඉන්නවද? ලංකාවේ දේශපාලනය පිරිසිදු නැහැ. කවුරු කවුරුත් තමන්ගේ වැඩක් බලාගන්න..
Hafeel Friday, 18 January 2019 02:04 PM
"ජනාධිපතිවරයාද මෙතෙක් තමන් තරග කරන්නේද නැද්ද යන්න ප්‍රකාශ කර නැතැයි" කියලා ඔබ කිව්වට, ජනාධිපතිතුමාට සදාචාරයක් නැහැ... නැවතත් තරග කරන්න. ඇමතිතුමාමයි කිව්වේ දින සීයෙන් ජනාධිපති ධුරය අහෝසි කරන බවත්, එක් වතාවක් පමණක් ධුරයේ ඉන්න බවත්, පසුව පොළොන්නරුවට ගිහින් විශ්‍රාම සුවයෙන් ඉන්න බවත්...
Nishantha Friday, 18 January 2019 02:12 PM
මෙතුමා ඒ දවස්වල හම්බන්තොට වරාය නම් බලබල හිටියා.
Hafeel Friday, 18 January 2019 04:13 PM
එ්ක තමයි කන්න හම්බවුණත්, කබරයාත් තලගොයියා වෙනවා කියලා...
vidya Friday, 18 January 2019 05:20 PM
මේ හාදයෝ හින්දා අපට අන්තිමට කුණු කරෝල තමයි කන්න වෙන්නේ...
Nandalal DE SILVA - France Friday, 18 January 2019 05:46 PM
ඔහේලා ආවත්, නාවත් දින වකවානු හරිගියාම මැතිවරණ කොමසාරිස්වරයා ඒවා නියමෙට කරාවි..! ගඟ හත් ගව්වක් තියා අමුඩේ ගහන්න සූදානම් වෙන්න ඕනේ නැහැ. ඉතුරු හරිය ඡන්ද දායකයෝ බලාගනීවි. අත්තෙන් අත්තට පනින රිලව්, වඳුරෝ වගේ අය නම් ටිකක් බයවෙන්න ඕනෑ..!
Kumara Friday, 18 January 2019 06:24 PM
ඔබතුමාගේ මහන්සියෙන් නම් මෙවර වැඩක් වෙන එකක් නැහැ
Deepal Nirosh Saturday, 19 January 2019 07:01 AM
දැන් තමුන්නාන්සේලා වාඩිවෙලා ඉන්නෙ විපක්ෂයේ, අවිනිශ්චිත ජනාධිපත්වරණ ගැන කතා නොකර තමුන්ට පැවරිලා තියෙන විපක්ෂයේ කර්තව්‍යය ඉටු කරලා ඉන්න. මොකද අවුරුද්දක් හමාරක් විපක්ෂයේ ඉන්න බැරි ගාය?
Rohana Saturday, 19 January 2019 07:01 AM
ජනපතිවරණයට සන්ධානයක් විදියට මෛත්‍රීට නාමයෝජනා දීමට පොදුජන පෙරමුණ කැමතිවේ දැයි කියලා සැකයක් තිබෙනවා...
Nuwan fernando Saturday, 19 January 2019 09:36 AM
කවුරුන් කෙසේ කීවත් අතිගරු ශ්‍රීමත් මෛත්‍රිපාල සිරිසේන ජනපතිතුමන් ඉතිහාසයේ වැඩිම ඡන්ද ප්‍රමාණය ලබාගෙන ජනපති වනු ඇත..
Chanak los angelesSaturday, 19 January 2019 04:15 PM
ලංකාවේ චන්ද දායකයන්ගේ ඇති දැනුම ගැන බලන විට එය එසේ සිදුවිය හැකියි ..