IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


ජනපතිවරණය අවසන්වන තෙක් රාජ්‍ය දේපළ භාවිතය තහනම්

(රංජන් කස්තුරි)
 
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම පවත්වා අවසාන වන තෙක් රාජ්‍ය දේපළ හා රාජ්‍ය උත්සව භාවිත කර දේශපාලනඥයින් ප්‍රවර්ධනය කිරීමේ කටයුතු තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
 
රජයේ පළාත් සභාවේ හා පළාත් පාලන ආයතනවල මහජන මුදල් වැයකරමින් සිදුකරන මුල්ගල් තැබීම්, විවෘත කිරීම්, ජනතා අයිතියට පැවරීම් යනාදී උත්සව අවස්ථාවලදී දේශපාලනඥයින් ප්‍රවර්ධනය හෝ අගතියට පත්කිරීම හෝ සිදුනොකළ යුතු බවද මැතිවරණ කොමිෂන් සභාව කියයි.
 
රාජ්‍ය උත්සවවලදී සිදුකරන එවැනි ප්‍රවර්ධන කටයුතු හෝ අගතියට පත්කිරීමේ කටයුතු හෝ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කරන ලෙසද එම කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.



අදහස් (16)

ජනපතිවරණය අවසන්වන තෙක් රාජ්‍ය දේපළ භාවිතය තහනම්

sene Friday, 20 September 2019 10:24 AM

අශ්වයා ගියපසු ඉස්තාලය වැසීම...

:       0       6

dinesh Friday, 20 September 2019 10:32 AM

ගරු සභාපතිතුමාට අපේ උත්තමාචාරය, හැබැයි අපි බලාගෙන ඉන්නවා ඔය නීති ඔබතුමා හරියට ක්‍රියාත්මක කරනකම්.. කෙසේවෙතත් ඔබතුමාට පින් සිද්ධ වෙනවා ජනාධිපතිවරණය පැවැත්වීමට තීරණය කිරීම ගැන.

:       1       353

චමින්ද Friday, 20 September 2019 12:23 PM

රාජ්‍ය දේපල භාවිතා කරමින් දේශපාළුවන් ප්‍රවර්ධනය හෝ අගතියට පත්කිරීම නොකලයුතුයි කියනවා නම් මේවනවිට දුම්රිය වර්ජනයක් සිදුවීම දේශපාලකයින් අගතියට පත්කිරීමක් ලෙසට කියන්න වෙනවා.ඒ වාගේම විශ්ව විද්‍යාලවලත් පසුුගිය 10 වැනිදා සිටම වර්ජන නිසා දේශපාළුවන් අගතියට පත්වෙනවා. 18 වැනිදා වෛද්‍ය වර්වජනයක් තිබුනා තවත් මෙවැනි දේ තිබෙන්න පුළුවන්.අඩු තරමින් මෙම ප්‍රශ්ණ ගැනවත් බලන්නේ නම් සුදුසුයි.

:       1       173

RaveendraSaturday, 21 September 2019 02:37 AM

අප ඔබගේ වැදගත් අදහස් අගය කරන්නෙමු. අප විශ්වාස කරනවා රජයේ අවංක නිලධාරියෙකු හැටියට මැකෝට මේ අවස්ථාවේ බලතල වැඩියෙන් තිබෙන බැවින් ඔය වර්ජන සියල්ලම "මහබූරුවා තෝරන" තරගය ඉවර වෙනතෙක් තහනම් කිරීමට අධිකරණයේ සහාය පැතීමට... තවද ඔය “තකතීරු අපේක්ෂකයින්ට තම තමන්ගේ මූසල, වාචාල කටවල් " වලින් පරිසරය විනාශ කිරීමට නාලිකා පමණක් භාවිතා කිරීමට අධිකරණයේ සහාය ඇතිව නීති පැනවීමට හැකි නම් එය මහජනතාවට "මැකෝ" කරන තවත් වැදගත් සේවයක් නොවන්නේද? මක්නිසාද යත් ඔය තරගයට එන අය පිළිගැනීම් උත්සවවලදී මාර්ග අවහිරවීම් මිනිසුන්ගේ ගමන්බිමන් අඩාලවීම්, නාස්ති වෙන කාලය, මුදල් නාස්තිය ඒ සියල්ලම වළක්වා ගත හැකි නොවේද? අප විශ්වාස කරනවා "මැකෝ" අපගේ මෙම අදහස් පිළිබඳව ඔහුගේ අවදානය යොමු කරනු ඇතැයි කියා...

:       0       126

maheshika Friday, 20 September 2019 01:36 PM

දේශපාලකයන් ඔය විවෘත කිරීම් වලට සහභාගි වීම, විශේෂයෙන් ජනාධිපති අපේක්ෂකයන්, සම්පූර්ණයෙන් නවතන්න. මන්ද ඔවුන්ගේ කටවල්වලට ඉබ්බන් දැමිය නොහැකිවූ නිසා...

:       0       32

vidya Friday, 20 September 2019 07:37 PM

එතකොට සිල් රෙදි, ලිත් , පුටු , බත් පැකට් සමග මත ද්‍රව්‍ය , බස් වලින් සෙනග ගෙන එම තහනම්ද ? දන්නේ නැති නිසා අහන්නේ ,

:       0       0

C.K.Lankaputhra Friday, 20 September 2019 11:18 PM

ජනාධිපතිවරනය ඉවර වුණාට පස්සේ පුලුවන්. එහෙමද?

:       0       0

Amila Saturday, 21 September 2019 02:06 AM

ස්ට්‍රයික් සහ උද්ඝෝෂණද මැතිවරණ කාලයේ තහනම් කළයුතුය. නැතිනම් ඔවුන් මැතිවරණය ඉලක්ක කර මස් රාත්තලම ඉල්ලන ආකරයේ වැඩ කරයි. ආණ්ඩුත් ඡන්ද ඕනෑ නිසා ඉල්ලන ඒවා දෙනවා. වහාම ඒවා නැවැත්වීමට කටයුතු කරන්න...

:       0       33

Amila Saturday, 21 September 2019 03:04 AM

ඔය එක එක ඉල්ලිම් ඉල්ලමින් වැඩවර්ජන කරන, උපවාස කරන සහ උද්ඝෝෂණ කරන අයට නීතිය ක්‍රියාත්මක කරන්න මැතිවරණ කොමිසම ඇයි ඔච්චර බය?

:       0       43

PA - RA Saturday, 21 September 2019 03:59 AM

නූගතුන් වන ඔවුන් මහජනතාව රවටා ඡන්දයෙන් දිනුවා. ඔවුන් අාවේ ඔව්න්ගේ සුඛවිහරණය, සැපත සොයා, මහජනතාව රවටා සහ නොබැලු ඔවුන් දැන් පරදිනබව දැනදැන ඔවුන් මෙවන් විට රැකියා දෙන මුවාවෙන් තරුණ ඡන්ද ගන්න වෙනම කපටි ක්‍රමයක් සකසාගෙන මේ මොනවද කරන්නේ? ඡන්දයට තව දින 55යි, (මස 1යි දින 25යි ) රැකියාව ස්ථිර වන්න මාස 6ක් යන්න ඕනෑ, ආණ්ඩුව වෙනස් වුනොත් දන්නවද වෙනදේ?

:       1       11

lalithmSaturday, 21 September 2019 07:52 AM

මෙතෙක් කල් තිබුණු හැම ආණ්ඩුවක්ම ඔය දේ කළා. අන්තිම මොහොතේ හරි තමන්ට කඩේ ගිය අයව ගොඩ දමන්න ඕනෑනේ. අායෙමත් එන්න හදන අය රස්සා නොවේ විශ්ව විද්‍යාලෙට ශිෂ්‍යයිනුත් දාන්න ගිය එක මතකද?

:       0       58

Rata Perata Saturday, 21 September 2019 06:51 AM

බොරු බයිලා. අපේ රටේ නීතිනම් ලක්ෂ ගාණක් තියෙනවා. සාමාන්‍ය මිනිස්සු පිළිපදින... දේශපාලකයෝ හැම නීතියෙන්ම රිංගලා කිසි කරදරයක් නැතුව ඉන්නවා.

:       0       73

[email protected] Saturday, 21 September 2019 07:54 AM

අර ලක්ෂ 15වේ ව්‍යාපෘතියට ලක්ෂ 7ක සමරුඵලකයක් හදලා විවෘත කළයි කියන්නේ කෝප් කමිටුව...

:       0       46

Chanak los angeles Saturday, 21 September 2019 05:00 PM

රාජ්‍ය දේපොළ රාජ්‍ය මුදල් නොමැතිව තමාගේ සාක්කුවේ මුදල් වලින් ඡන්ද කරන්නේ කවුද? 2015 සාටකයන් ඡන්දයට වියදම් කලේ රාජ්‍ය සම්පත් බව තිබෙන නඩුවලින් පෙනෙනවා . අණ පනත් නම් දමනවා. නමුත් රාජ්‍ය සම්පත් අවභාවිතා කරනවා ගජරාමෙට. බලයට පත්වුනාට පසු අනපනත් දමපු පුද්ගලයන්ම මේ අයට සර් මැඩම් කියමින් වැඳ වැටෙනවා .

:       0       62

siri Saturday, 21 September 2019 09:21 PM

හැබැයි,ඊයේ පෙරේදා වෙනකල් පත්වීම්, උසස්වීම්, මුල්ගල් තැබීම්, සිදු වුනා. තව වෙනදා අමු අමුවේ මහජන මුදල් අව භාවිතා කළ බව අපි දැක්කා.තව දුරටත් නොවෙයි කියන්න අමාරුයි.ඒවාට ජනතාව දෙන පිළිතුර බලමු.

:       0       1

chandima Tuesday, 24 September 2019 12:44 AM

ඒ කියන්නේ ඊට පස්සේ පුළුවන්?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කම්හල් විසිදාහක් කම්කරු අංශයට පොලු තියලා
2024 අප්‍රේල් මස 16 0 0

දිවයින පුරා කර්මාන්තශාලා විසි දාහකට වැඩි සංඛ්‍යාවක් කම්කරු දෙපාර්තමේන්තුවට ලියාපදිංචි ගාස්තු ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත්


‘උමා ඔය’ විවෘත කිරීමට ඉරාන ජනාධිපති එයි
2024 අප්‍රේල් මස 16 850 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රධානතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියක් වන ‘උමා ඔය’ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමේ නිල උත්සවය ඉරාන ජනාධිපත


කුඩුත් එක්ක ඇල්ලූ ධීවරයින්ගෙන් ප්‍රශ්න කරන්න අවසර
2024 අප්‍රේල් මස 16 328 0

රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 263 ක් සමග අත්අඩංගුවට පත් දෙවුන්දර ධීවරයින් 10 දෙනා ලබන 22 දින දක්වා පොලිස් මත්ද්‍රව්‍ය කා


විපක්ෂ නායකයා පාර්ලිමේන්තුවේ යකා නටයි
2024 අප්‍රේල් මස 16 1226 0

මතභේදයට තුඩුදුන් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙද්දී, ජෝර්ජියා විපක්ෂ නායක මාමුකා මිඩිනරාඩ්සේ, පාර්ලිමේන්තුවේ කලහ ක


ජනපති නුවරඑළියේ සංචාරයක
2024 අප්‍රේල් මස 16 790 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය සුන්දර කඳුකරය ආශ්‍රිත සංචාරක කාර්මාන්තය පිළිබඳ සොයා නුවරඑළිය උඩුපුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් කෝට් ලොජ්


කොස්තාපල් නිවෙසට පැන කතකගේ දත් 14ක් කඩලා
2024 අප්‍රේල් මස 16 736 0

දිවුල්වැව ප්‍රදේශයේ ඉඩමකට අයුතු ලෙස ඇතුළු වී එම ඉඩමේ නිවෙසක කාන්තාවකට පහරදී ඇයගේ දත් දාහතරක් කඩා දැමූ බව කියන පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 142 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1424 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1350 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site