(නිමල කොඩිතුවක්කු)
ව්‍යවස්ථා විරෝධීව කටයුතු කරන ජනාධිපතිවරයාට විරුද්ධව මහජන දෝෂාභියෝගයක් ගෙන ආ යුතු බව ප්රජාතන්ත්රවාදය සදහා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් පැවැසුහ.
හැට දෙලක්ෂයක් ජනතාවගේන් මෙන්ම ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය පිලිබඳ කලකිරීමෙන් සිටින සියලූම මහජනතාවට මේ සදහා ආරාධනා කර සිටින බවද ඔවුන් සදහන් කළහ.
ප්රජාතන්ත්රවාදය සදහා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් රාජගිරිය පිහිටි සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරයේ කාර්යාලයේ අද(18) පැවත්වූ මාධ්‍ය හමුවකදි මේ බව සදහන් කල අතර එහිදී අදහස් දැක්වූ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා මෙසේද කීවේය.
.‘‘‘ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යධුරයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීමත් සමඟ දැන් පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් දේශපාලන අර්බුධයක් ඇතිවෙලා තියෙනවා. මතක නැද්ද 2015 ජනවාරි මාසයේදී රනිල් වික්‍රමසිංහ මහතා මගේ කැමැත්තට පත් කළ බව කියලා මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීම පිලිබ`දව ජනාධිපතිවරයා ප්‍රකාශ කරලා තිබුණා.
එතකොට ජනාධිපතිවරයා කටයුතු කලේ 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවට අනුවයි. අපි 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරලා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවක් පෙබරවාරි මාසයේදී ගෙනාව බව ජනාධිපතිවරයාට මතක නැද්ද කියලා අපි අහනවා.
2015 අගෝස්තු මහමැතිවරණයෙන් වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගත්ත රනිල් වික්‍රමසිංහ මහතා අගමැති බවට පත් කර ගත්තා. මේක දෙකේ පන්තියේ ළමයෙකුටත් තේරෙනවා. එහෙම තිබියදී තමයි ඔක්තෝම්බර් 26 සිකුරාද වූ අනීතික ක්‍රියාවලිය දිගින් දිගටම කටයුතු කරගන්නේ.
විශ්වාසභංගයේ පළවෙනි වගන්තිය පාර්ලිමේන්තුව තුළ සම්මත විම ඉවත් කර ගැනිමට දැන් ජනාධිපතිවරයාට අවශ්‍ය වෙලා තියෙනවා. ඒක ඒතුමාට එරෙහිව ඉදිරිපත් වන දෝෂාභියෝගයකට මුල් විය හැකි නිසා තමයි මේ පියවර ගෙන තිබෙන්නේ.
මේ ව්‍යවස්තා විරෝධීව කටයුතු කරන ජනාදධිපතිවරයාට විරුද්ධව මහජනතාවගේ දෝෂාභියෝගයක් ආරම්භ කල යුතුයි කියළා හැට දෙලක්ෂයක් ජනතාවගේන් වගේම කළකිරිලා ඉන්න මේ රටේ මහජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා. අපි එතුමන්ට දුන් ඡන්ද අවලංගු කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කළ යුතුයි. අලූත් ජනාධිපතිවරයෙක් පත් කර ගැනීම වෙනුවෙන් අපි සියලූදෙනා කටයුතු කළ යුතුයි.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ජනපතිට විරුද්ධව ජනතා දෝෂාභියෝගයක් ගෙනා යුතු බව සරසවි ඇදුරෝ කියති
Rohana Sunday, 18 November 2018 11:14 AM
අදහස හොඳයි. අපෙත් සහයෝගය
Lakmal Sunday, 18 November 2018 11:18 AM
අනිවාර්යයෙන් කල යුතුම දෙයක්.
rocky Sunday, 18 November 2018 11:19 AM
බොහොම හොඳයි. එදා ඔහුට ඡන්දය දුන් කෙනෙකු හැටියට අද ඔහුගේ ක්‍රියා කලාපය හෙලා දකින , මගෙන් සිදු විය යුතු කුමක්ද?
Jaya Sunday, 18 November 2018 11:20 AM
ඔය හැට දෙලක්ෂයම ඔබතුමාලට තවමත් ඉන්නවා නම් ඡන්දෙකට ගිහින් වැඩි බහුතරයකින් රනිල්ව අගමැති කරවා ගන්නකෝ...
Kamal Sunday, 18 November 2018 11:30 AM
රට වෙනුවෙන් ඉක්මනින්ම කල යුතුම දෙයක්.
rohan Sunday, 18 November 2018 11:32 AM
ඒකතමා වෙන්න ඕනේ මොකද ඔය කියන හැට දෙලක්ෂයක් මමත් ඉන්න නිසා දුන් ඡන්ද අවලංගු කරන්නම ඕනේ.
Sanath Kandy Sunday, 18 November 2018 11:33 AM
අමන දේශපාලකයින් හිතුමතේ මේ රට විනාශ කරන්නේ උගතුන් බුද්ධිමතුන් නිහඬව බලා ඉන්නා නිසයි. අචාර්ය මහාචාර්ය වරුනි, කලාකරුවනි මේ ඒකාධිපති වියරුව පරාජය කිරීමට පෙරට එන්න.
Bandara Sunday, 18 November 2018 11:54 AM
සරසවි ඇදුරෝ පළමුව ගන්න පඩියට අනුව පර්යේෂණ කර රටට යමක් සොයා දිය යුතුය. ඉන් පසු රට ගැන කතා කල හැක. අද අප රටේ නව නිෂ්පාදනයක් බිහි කරන්නේ ඌව වෙල්ලස්ස සරසවියෙන් හා මොරටුවෙන් පමණි.. අන් සියල්ලම මේ පරිදිය..
මාරයා Sunday, 18 November 2018 12:40 PM
මෙන්න තවත් වහලෙක්..
vernonSunday, 18 November 2018 12:59 PM
මොනවද හැබෑටම ඌව වෙල්ලස්සෙන් කරලා තියෙන්නේ? එහෙම නම් ඇයි දේශීය ශ්‍රේණිගත කිරීම් පවා පහළින් ඉන්නේ?
samanSunday, 18 November 2018 01:21 PM
මේ බක පණ්ඩිතයෝ හරියට තමන්ගේ රස්සාව කරන එක ඇරුණාම අනිත් ඔක්කොම කරනවා...
ජයරත්නMonday, 19 November 2018 04:01 AM
ඌව වෙල්ලස්ස වි. වි. යෙන් අලුතින් හදපු එක දෙයක් පුලුවන්නම් කියන්න. මීට වසර දහයකට පමන පෙර එම වි. වි. ආචාර්යයවරයෙක් දොඹ තෙල් වලින් ජීව ඉන්ධනයක් සොයාගත් බවට විශාල ප්‍රචාරයක් ලබාදුනි. නමුත් එම ස්ථානයේ සිටී මා හොදින්ම දුටුවා ඔහු ඩීසල් හා මිශ්‍රකර දොඹ තෙල් වාහනයට එක්කරන අයුරු. පුලුවන්නම් එම පරීක්ශනය නැවත කර පෙන්වන්න. අන්න එහෙම දේවල් තමයි ලංකාවේ මහාචාර්යවරු සොයාගන්නේ.
Bamunuarachchi Sunday, 18 November 2018 12:11 PM
ව්‍යවස්ථා විරෝධීද? නැද්ද? කියන එක උසාවිය තීරණය කරාවි. අර කාගේද වැඩේ බූරුවෝ කරන්න ඕනේ නැහැ කියලා තිබෙනවනේ නේද?
Ruwan Sunday, 18 November 2018 12:16 PM
හැමෝම නොවෙයි සරසවි ඇදුරෝ සුළු පිරිසක් නේද? එයාලා හිතන් ඉන්නේ නීතිපතිට වඩා නීතිය එයාල දන්නවා කියලද?
sandy123 Sunday, 18 November 2018 12:19 PM
ජයවේවා!!! මෙවන් කුජීත ජනාධිපතිවරයෙක් ගෙදර යවනවට හිවල්ලු සහ වහල්ලු හැර ඔක්කොම කැමැතියි..
V.warnakulasuriya Sunday, 18 November 2018 01:09 PM
වහලුන් වෙනුවෙන් තෝරපු වහලෙකුගේ අයිතිය රැකීමේ ගෞරවය හිමිවෙනවා ඇත.
V.warnakulasuriya Sunday, 18 November 2018 12:47 PM
2015 මෙතුමාට අපි ඡන්දය දුන්නෙත් එතුමාට අනුව රාජපක්ෂවරුන් සමඟ දූෂිතයන්, මිනීමරුවන් පළවා හැරීමටයි. එතුමා ඡන්දය ඉල්ලුවෙත් ඒ සඳහාය. අද ජනාධිපතිවරයා ඒ පාර්ශවය පිළිගන්නේ නම් බලය ලබාගැනීමට එදා එතුමා ජනතාවට කළේ බරපතල වංචාවකි. එතුමාට අනුව අද දූෂිතයන්, මිනීමරුවන් වෙන අය තව අවුරුදු දෙක තුනකින් එතුමා පිළිගන්නවාට සැක නැත. එතුමා රට ගැන, ජනතාව ගැන සිතන කෙනෙක් නම්, අඩුම තරමින් මතය වියයුත්තේ දෙපාර්ශවයම එකම කාසියක් බවය. ජනතාවට වෙනම ගමනක් සඳහා නායකත්වයක් ලබාදිය යුතුව තිබුණි. එසේ වුනේ නම් ගෙදර ගියත් හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනවාට සැක නැත. අද මේ මොහොතේ මෙතුමා ගැන ජනතාවගේ මතය සාධාරණයි.
menna Sunday, 18 November 2018 01:15 PM
මට නම් මේ ජනාධිපතිගේ වරදක් පේන්නේ නැහැ. දෙවන වරට වුවද ජනාධිපතිකමට සුදුසුයි කියා මම නම් හිතන්නේ. එක්සත් ජාතික පක්ෂය රට දෙකඩ කරනවා. දෙකඩ කරපු සෑමවිටම සමථයකට පත් කරන්නේ ශ්‍රීලනිප. එජාප යුද්දේ ඉවර වෙලත් රටට හොඳක් කරයි කියලා හිතුවා. මේ කට්ටියට සුළු පක්ෂයක තරම්වත් ගොඩ එ්මක් නැහැ ඊළඟ වතාවේ. රට අරාජිකයි.. .මෙවුන්දැලා රට අරාජික කරලා... ජනාධිපතිට දෝෂාභියෝගයක්..? ජනාධිපති රටට හොඳද නැද්ද? කියලා ජනාධිපතිවරණයේදී උත්තර දෙන්නම් ඔබතුමන්ලා මහමැතිවරණයක් තියලා උත්තරයක් ගන්න...
Prabath Sunday, 18 November 2018 01:19 PM
බූරු කතා කියන්න එපා. අපිත් යුනිවර්සිටි එකේ කථිකාචාර්යවරු තමා. මගුලක් අටවගත්තට අපි ඕකට එන්නේ නැහැ. ඕකට ඉන්නේ 10 ක් විතර. බම්බුව තමයි. රනිල් පත්කළේ ඕවා කරන්නද? රට කන්නනේ ගියේ... කන්න කලින් තමයි අයින් කළේ...
nishaSunday, 18 November 2018 01:47 PM
බූරු කතා කියන්නේ ඔබ... පක්ෂ වැඩක් නැහැ. රටක තියන ව්‍යවස්ථාවට රැකියා ඕනෑ.
BamunuarachchiMonday, 19 November 2018 01:34 AM
ඔබ හරියට හරි මේ අවුරුදු 4 ට රනිල්ගේ ආණ්ඩුව රටකරපු කිසිම දෙයක් නැත.
Cisco Sunday, 18 November 2018 01:20 PM
මේ ගොල්ලෝ පටන් ගත්තේ නම් 6%න්. පහුගිය කාලේ 6% ලැබුණාද? දැන් තවත් බයිලා!!!
සම්පත් Sunday, 18 November 2018 02:48 PM
මේ වෙනකොටත් ජනාධිපතිට උපදෙස් දෙන්නේ ආචාර්යවරු කිහිපදෙනෙක් තමයි. එයින් සිල් රෙද්දේ මහමොල කරු ජපුර කෙනෙක්.. මොලේ ලොකුවෙලා තියෙන්නේ ජරා වැඩ කරලා. නැතුව අධ්‍යාපන කුසලතා වලට නොවේ. බලන්න මේ ලොක්කා හේත්තු වෙච්ච කෙනා පරාදයි. මුලින්ම සරත් පොන්සේකා. ඊට පස්සේ මහින් ද රාජපක්ෂ, දැන් මෛත්‍රීපාල. කවුරු ආවත් මේ අය කනවා. ඊළඟ බලාපොරොත්තුව තානාපතිකමක්. අපේ රට ගොඩගන්න මේ අයට දැනුම නෑ. කාටහරි අංචියක් ඇදලා තනතුරක් ගන්න හරි දක්ෂයි. ඒක මුළු විශ්වවිද්‍යාල පද්ධතියම දන්නවා.
Maheshika Sunday, 18 November 2018 04:17 PM
බල්ලාගේ වැඩේ බූරුවෝ කරන්න ගිහින් තව ප්‍රශ්න දිග්ගස්සවන්න. අපිට අඩු ඔච්චර තමයි. සරවියට එන නවක සිසුන්ට අසාමාන්‍ය වදහිංසා පමුණුවන එකට එක වචනයවත් කතා නොකරන කට්ටිය ඩොලර් ගිලලද හදිසියේම මෙහෙම දෙයකට යන්නේ...
gayanMonday, 19 November 2018 08:33 AM
නවකවදය තිබුණොත් තමයි අපි රැඳෙන්නේ යන මතයේ විශ්ව විද්‍යාලවල ඉන්න පාලනයේ ඉන්න අය හිතනවා. එකක් තමා තමනුත් නවක වදය දීපූ නිසා. අනෙක විශ්වවිද්‍යාල දියුණු කරන්න තමන්ට හැකියාව නැති බව රටට පේන නිසා. ඒ බව බොහෝ සරසවි වලින් පේනවා. රටේ අනාගතයට වැඩ පිළිවෙලක් නෑ. තමන් ඉගෙන ගත් ටිකමයි උගන්වන්න කැමැති. අපි රටට මොකුත් නුදුන්නට මහජනයා අපට සලකන්න ඕනේ යන ආකල්පයෙන් බොහෝ ආචාර්යවරු සිටිනවා. පාසල් ගුරුවරු මීට වඩා දහස් ගුණයකින් සේවය කරනවා. එළියේ ඉන්න අති දක්ෂයෝ කවදා හරි විශ්වවිද්‍යාලවල ඉගැන්නුවොත් මේ රට දියුණු වේවි... දැන් නම් බුදු හාමුදුරුවෝ ආවත් බෞද්ධාගම උගන්වන විදියක් නෑ සුදුසුකම් නැති නිසා...
Lakmal Sunday, 18 November 2018 04:24 PM
ජාතික සම්පත් විකුනනකොට මහ බැංකුව හොරාකනකොට, ඡන්ද කල් දානකොට මේ සරසවි ඇදුරෝ කොහෙද හිටියේ.
ලහිරු Sunday, 18 November 2018 04:32 PM
මතක තියාගන්න ඔබතුමා ඔය කථා කරන්නේ 2015 ජනවාරියේ තිබුණු ව්‍යවස්ථාව ගැන නොවන වග සහ ඉන්පසු රනිල් වික්‍රමසිංහ මහතා විසින් බලයට කෑදර කමේ මෙවැනි තත්ත්වයක් ඇති වෙයි කියලා ගෙන ආපු ව්‍යවස්ථාව ගැන කියලා.
Rata Perata Sunday, 18 November 2018 05:22 PM
ඉතා කාලෝචිත යෝජනාවක්.
disa Monday, 19 November 2018 01:49 AM
සහතික ඇත්ත.
JAYASEKARA Monday, 19 November 2018 04:53 AM
මහා දවල් බැංකු සුද්ද කරනකොට, මේ සරසවි ඇදුරු තුමා කොහෙද දන්නේ නැහැ හිටියේ....
saman Monday, 19 November 2018 05:07 AM
දෝශාහියොගය හරි මොකක් තිබ්බ්ත් ඔය ඉන්න අය නෙ මතය ප්‍රකාශ කරන්නෙ.
Bandula. Monday, 19 November 2018 11:33 AM
දැන්වත් පැති බෙදිලා බුරනෙක නැතිකරලා ඡන්දෙයක් තිබුනොත් බලමු වන්නේ මොකද වෙන්නේ කියල? නිකන් ප්‍රසිද්ධ වෙන්න බුරල රටට වැඩක් නැහැ.