IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ජනපතිට එරෙහිව සිතාසි නිකුත් කරන්න බෑ

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

 
මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන ලලිත් සහ කුගන් අතුරුදන් වීම සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වන නඩුවේ සාක්කිකරු හැටියට නම් කර සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව සිතාසි නිකුත් කළ නොහැකි බව ජනාධිපති වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා අභියාචනාධිකරණය හමුවේ අද (14) පැවසීය.

මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනෙකු වූ ලලිත් සහ කුගන් අතුරුදන් වීම සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාගේ පවුලේ ඥාතීන් ගොනු කළ හබයාස්කෝපුස් පෙත්සමට අදාළව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ වෙනත් පෙත්සමක් අද අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා මේ බව කියා සිටියේය.
අභියාචනාධිකරණ සභාපති ඒ.එච්.එම්.ඩී නවාස් සහ විනිසුරු සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවිණි.


එහිදී වැඩිදුරටත් අධිකරණය හමුවේ කරුණු දැක්වූ ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයා සතුව මුක්තිය ඇති බවය.


එබැවින් ජනාධිපතිවරයාව සාක්කිකරුවෙකු හැටියට අධිකරණයට කැඳවිය නොහැකි බවත් , ජනාධිපතිවරයා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් සිතාසි නිකුත් කළ නොහැකි බවද ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා කීය.

මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනෙකු වූ ලලිත් සහ කුගන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නුවන් බෝපගේ මහතා කියා සිටියේ ජනාධිපතිවරයා සතු මුක්තිය සාක්කිකරුවකු වශයෙන් කැඳවීමේදී අදාළ නොවන බවය.

එසේම නඩුවේ ජනාධිපතිවරයා නම් කර ඇත්තේ සාක්කිකරුවෙකු හැටියට  වුවද ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා ඔහුගේ පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ ජීවිත තර්ජන ඇති බැවින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවත්වෙන නඩුව වෙනත් අධිකරණයකට මාරු කරන යවන ලෙස බවත් නීතීඥ නුවන් බෝපගේ මහතා කියා සිටියේය.

දෙපාර්ශවයේම කරුණු සළකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල පෙත්සම සළකා බැලීම අගෝස්තු 26 වැනි දිනට කල් තැබිණි.
 
මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනෙකු වූ ලලිත් සහ කුගන් අතුරුදන් වීම සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාගේ පවුලේ ඥාතීන් ගොනු කළ හබයාස්කෝපුස් පෙත්සමට අදාළව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම පෙත්සම ගොනු කළේය.



අදහස් (9)

ජනපතිට එරෙහිව සිතාසි නිකුත් කරන්න බෑ

Rata Perata Tuesday, 14 July 2020 03:47 PM

මෙන්න මෙවැනි නීති වෙනස් කළ යුතුයි. නීතිය ඉදිරිවේ ඕනෑම කෙනෙක් සමාන විය යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදී රටවල් පාලනය කළ යුත්තේ එහෙමයි.

:       101       158

සේන Tuesday, 14 July 2020 07:02 PM

තාම කොටි ඒ අයට ඕනෑ විදිහට නටනවා..

:       50       32

චමින්ද Wednesday, 15 July 2020 01:00 AM

2015 ත් 2019 ත් අතර කාලයේ ජනාධිපති අධිකරණයට කැඳවිය හැකිවනසේ ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් කලා කියලා ඒකාලේ ප්‍රචාරය වුනා. නීතිඥ මහතා නිවැරදිනම් ව්‍යවස්ථා සංශෝධනය බොරුවක්ද. ඩිස්ලයික් නොදා පැහැදිලි කරදෙන්න.

:       69       75

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 15 July 2020 02:38 AM

ජේ.ආර්. ට බැන බැන භුක්තිවිදින විධායක බලයේ මහිමය .... !!!

:       1       224

Karl Wednesday, 15 July 2020 03:02 AM

ලලිත් කුගන් කෝ..... අපට මොකෝ!!!

:       79       83

rana Wednesday, 15 July 2020 03:36 AM

ජනාධිපතිට නීතිය සෑමට සමාන බව ඔප්පු කිරිමට හොඳම අවස්ථාව.

:       33       108

kalusomeWednesday, 15 July 2020 09:34 AM

එතකොට අර නඩුත්, බඩුත් රාජුගේ කිව්වේ කොයි රටේද?

:       0       2

Wca Wednesday, 15 July 2020 09:07 AM

දැන් JRට බැන බැන ඉන්න බෑ.. කාටත් මොකද ඔය ව්‍යවස්ථාව වෙනස් කරන්න 2/3 හම්බවෙලා තියෙනවා දෙතුන් පාරක්... දැන්වත් ඔය මැරිච්ච මනුස්සයාට පාඩුවේ ඉන්න දීලා වෙන අතක් බලා ගත්තානම් හොඳයි..

:       1       0

අතුල Wednesday, 15 July 2020 01:32 PM

මේවා ජනාධිපති කාලේ කරපුවා නෙවෙයිනේ. ඉතින් මොකද බැරි?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 2166 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 1131 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 879 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 390 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 689 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 609 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1408 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site