IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ජනපතිගේ විරෝධය නොතකා ටැබ් දෙන්න අමාත්‍ය මණ්ඩල අනුමැතිය

(අජන්ත කුමාර අගලකඩ)

රජයේ පාසල්වල අ.පො.ස උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගනක 183,000 ක් නොමිලේ ලබාදීමේ ව්‍යාපෘතිය ජනාධිපතිවරයාගේ විරෝධය නොතකා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇතැයි වාර්තා වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (07) පැවැති කැබිනට් රැස්වීමට මීට ආදාළ යෝජනාව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ඉදිරිපත් කර තිබූ බව දැනගන්නට ඇත.

ව්‍යාපෘතිය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් කෝටි 350 ක් වන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

යෝජනාව ඉදිරිපත් වූ අවස්ථාවේ අදහස දක්වා ඇති ජනාධිපතිවරයා තමා මෙම යෝජනාවට මීට පෙරද විරුද්ධ වූ බවත් මීට පෙර අනුමැතිය දුන්නේ ටැබ් පරිගනක නොමිලේ ලබාදීම නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට පමණක් බවත් පවසා ඇත.

ඒ සඳහා ටැබ් පරිගනක 1,83,000 ක් අවශ්‍ය නොවන බව ජනාධිපතිවරයා පවසා ඇතැයිද රජයේ ආරංචි මාර්ගවලින් පැවැසේ.

එහිදී අදහස් දක්වා ඇති අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලුදේ මේ වනවිට සකස් කර ඇති බව සඳහන් කර ඇත.

ඒ අනුව ජනාධිපතිවරයාගේ විරෝධය නොතකා යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇතැයි දැනගන්නට තිබේ.



අදහස් (69)

ජනපතිගේ විරෝධය නොතකා ටැබ් දෙන්න අමාත්‍ය මණ්ඩල අනුමැතිය

ගල්කටස් Tuesday, 07 May 2019 04:44 PM

රටෙ ආරක්ෂාවක් නැහැ ළමයි පාසල් යවනවද නැද්ද කියලා දෙමාපියන් දෙගිඩියාවෙන් ඉන්නෙ මේ අය ටැබ්වලට රණ්ඩු. අපෙ ළමයිට නම් ටැබ් වල අවශ්‍යතාවයක් නැහැ. ඒ වෙනුවට කලයුතු දේ බොහෝ තිබියදි කොමිස් නිසා ටැබ් දෙන්න දගලනවා.

:       9624       11506

RAveendraWednesday, 08 May 2019 12:59 AM

ඉතින් කිසි වෙනසක් නැහැනේ අවරුදු 70 ක් තරම් කුඩා කාලයක් වෙනකම් අප දියුණු වෙමින් සිටිනා ජාතියක් වන්නේ එසේ හොද කල් ක්‍රියා නිසා නොවේද ??

:       0       11

SenanayakeWednesday, 08 May 2019 02:34 AM

ලැබෙන කොමිස් එක වැදගත් හැම දේටම වඩා

:       7       281

PrabaWednesday, 08 May 2019 02:43 AM

බැලුවෝ 5492. මේ ප්‍රතිචාරයට ප්‍රතිචාර 4257 යි.

:       37       124

sachith Tuesday, 07 May 2019 04:52 PM

රටම ගිනි අරන් ළමයි පාසල් නොයවා ගෙදර තියන ඉන්න තත්වයක් තියෙනකොට තමන්ට ලැබෙන කොමිස් කුට්ටියට කරන දේවල්

:       525       1103

Pradeep Tuesday, 07 May 2019 04:53 PM

අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලුම ගැටළු අඩු පාඩු ඉවරයි, පරහකට තියෙන්නේ ළමයින්ට ටැබ් නැති එක විතරයි. ඒකත් දුන්නනම් සියල්ල සම්පුර්ණයි.. අනේ වාසනාවන්

:       360       638

d.upul Tuesday, 07 May 2019 05:13 PM

අනෙකුත් ඒවා ගැනත් ඉතින් කවර කතාද?

:       56       174

chandima Tuesday, 07 May 2019 05:14 PM

ඔය ටැබ් උණ හැදිලා තියෙන්නේ ලංකාවේ අධ්‍යාපනය විදේශික සමාගමකට විකුනන්නද? සමහර රටවල පෙළපොත් විෂය මාලා සේරම සමාගම් මගින් පාලනය වෙන්නේ. ඒ ක්‍රමය ලංකාව වගේ දුප්පත් රටකට ගැලපෙයිද? ගම්බද පාසල් වල දරුවන්ගේ දෙමව්පියෝ අන්තර්ජාල පහසුකම් වලට මුදල් වියදම් කරනවා තියා එදාවේල කෑම ගන්නවත් කුලී වැඩක් හොයාගන්න බැරුව ඉන්නේ. අන්තිමේ වෙන්නේ වැඩි වැඩියෙන් කොළඹට කිරි අපට කැකිරි වෙන එකයි. ඔන්න රටේම පාසල් වලට ටැබ් බෙදලා ලැප්ටොප් දීලා පටන්ගන්නවනම් කමක් නැහැ රටේ සැමටම එක හා සමාන අධ්‍යාපනයක් ලැබෙන නිසා. ඒ එක්කම ඒ ලබාගන්න සහතික ලෝකය මොන තරම් පිලිගනිවිද. ඔන්ලින් අධ්‍යාපනය පටන්ගත්තු රටවල පවා සමහර ආයතන ඔන්ලින් සහතික ඒ තරම් පිළිගන්නේ නැහැ.

:       132       1019

prabha Tuesday, 07 May 2019 05:16 PM

අනේ මට නම් තේරෙන්නෑ අපේ ඇමතිවරු ජීවත්වෙන්නේ මොන ලෝක වලද කියලා. රටේ එක කොටසක දරුවන් ගස් යට ඩෙස් බැංකු නැතුව. මෙයාලට ටැබ් උණ. කොහෙන් හරි හොද කුට්ටියක්නම් ලැබෙනවා ඇති

:       38       717

විජිත් Tuesday, 07 May 2019 06:15 PM

ජනාධිපතිතුමනි, මේ ටැබ් සඳහා යන සියලුම වියදම් ශතයෙන් ශතය විගණනය කරන්න විගණකාධිපතිතුමාට උපදෙස් දෙන්න. මේ සඳහා ටෙන්ඩර් කැඳවීමක් කරනවානම් ඒ ගැනත් නෙත් යොමාගෙනම ඉන්න. මෙතන ලොකු මගඩියක් තියෙන බව ඕනෑම කෙනෙකුට වැටහෙනවා.

:       75       554

පාසල් සිසුවෙක් Tuesday, 07 May 2019 06:27 PM

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විරෝධය නිවැරදිය. අප පාසල් සිසුන් හැටියට එතුමාගේ අදහසට එකඟ වන්නේ එතුමා අප වගේ පරිගණක යුගයේ පුරවැසියකු නොව පාරම්පරික 20 වන සියවසේ අධ්‍යාපනය ලැබූ නිසා වන්නට ඇත.

:       2563       2444

indra Tuesday, 07 May 2019 06:35 PM

අකිල මහත්මයෝ මේකද රටේ දරුවන්ට අඩු ?

:       436       614

nuwan Tuesday, 07 May 2019 06:39 PM

ගල් යුගයේ...

:       773       715

samWednesday, 08 May 2019 08:30 AM

ගල් යුගයට එක්වෙන්න ඉස්සර නම් ටොෆි දෙන්න ඇති... දැන් ලැප්ටොප් දෙන්න ඕනෑ ඇති. එ්කයි ඔය කඩිමුඩියේ දඟලන්නේ...

:       19       4

Appuhami Tuesday, 07 May 2019 07:08 PM

හොඳ කොමිස් කුට්ට්යක් වගේ.

:       7       14

සේන Tuesday, 07 May 2019 07:15 PM

මොන ළමයද දැන් ටැබ් ඉල්ලුවේ ? උසස් පෙළට ටැබ් එකක තියෙන අවශ්‍යතාවය මොකක්ද ? මේවා විහිලු නෙවෙයි. අනිවාර්යයෙන්ම මෙතන තියෙන්නේ මේ මිනිස්සුන්ගෙ හොරා කෑමක්. කන්න නැතිව බල්ලන්ට හැට්ට මහනවා. හැබැයි ඉතිං මේ මීය කඩන්නෙ අත ලෙව කන්න නෙවෙයි.

:       20       51

මහකන්දේ විජිත සිරි හිමි Tuesday, 07 May 2019 07:21 PM

දරුවන්ට අඩු ටැබ් විතරයි. මුලික අවශ්‍යතා නැති පාසල් අනන්තයි. පරිනත ඇමතිවරු ඉද්දී කිසිම පරිනත කමක් නැති අකිල විරාජ්ව රනිල් අධ්‍යාපන ඇමති කලේ ඇයි කියලා රටම දන්නවා.

:       103       34

Jehaan Tuesday, 07 May 2019 08:54 PM

ටැබ් දෙන්න ළමයි ආරක්ෂාව සහිතව පාසලට එන්න එපාය. මෙහෙමත් මෝඩ අධ්‍යාපන සැලසුම් ලෝකේ මොන රටකවත් නැතිව ඇති. කාගේ හරි ව්‍යාපාරික සැලසුමක් මෙය පසුපස ඇති. ඔය ටැබ් දෙන වියදමින් ඉස්සෙල්ලාම පාසලේ ආරක්ෂාව තහවුරු කරන්න. ටැබ් ගන්න්න ළමයි කලින් ළමයින් ජීවතුන් අතර ඉන්න ඕන.

:       17       77

Bandula Wednesday, 08 May 2019 12:10 AM

ටැබ් ටැබ් ටැබ්. නවත්තන්නකො ඔය කතාව. ඇහිලා එපාවෙලා තියෙන්නේ.

:       0       5

Amila Wednesday, 08 May 2019 12:20 AM

මේ ගැන හොයන්න ඕන. එක්කෝ මේකේ ලොකු කොමිස් එකක් ඇති එහෙම නැත්තම් ත්‍රස්තවාදයෙක් ඉන්නවාද දන්නේ නෑ මේ ගෙන්වීම පිටිපස්සේ. මාට්ටු වෙන්න ඉස්සෙල්ලා ඩීල් එක ඉවර කරන්න හදනවා වෙන්නත් පුලුවන්. ඉතින් මේකත් එකෙම ඩීල් එකක් වෙන්නත් පුලුවන් නේද. මාධ්‍ය මහත්තුරුත් පොඩ්ඩක් මේක හොයලා බලන්න.

:       0       105

S.K.Hegodaarachchi Wednesday, 08 May 2019 12:35 AM

ප්‍රමාද වී හෝ ගත යුතුම ක්‍රියා මාර්ගයක්. අඩු පාඩු තිබුණත් නව ලොවට පිවිසෙන දොරටු සියල්ල සම්පුර්ණ වන තෙක් කියා නවතා දැමීම කල යුතු නැහැ. මම නම් හදවතින්ම සුබ පතනවා.

:       65       55

Bamunuarachchi Wednesday, 08 May 2019 12:54 AM

හා හා කොහොමද සිරිසේන උන්නැහේ මහින්ද මහතාට රිද්දන්න 19 සම්මත කොරගෙන කෙලව ගත්තා නේද? අපි ජාධිපති බලතල තිබෙන්නේ ඕනේ කියන්නේ ඔය නිසා. ආයිත් මේ සම්මතේ එජාපයේ ජනාධිපති කෙනෙක් එන්නේ නැත ඒ නිසා ජනාධිපතිට බලතල තිබිය යුතුය.

:       10       114

Rasi Wednesday, 08 May 2019 01:03 AM

පන්ති තියන්න ගොඩනැගිල්ලක් නැති ඉස්කෝල තියෙනවා. මේ අය කෝටි 350 ක් වියදම් කරලා ටැබ් දෙන්න යනවා. අපේ රටේ පාලකයන්ගේ ඔලු මේ රට හදන්න ගැලපෙන්නේ නැහැ.

:       0       47

Duminda Wednesday, 08 May 2019 01:05 AM

ඡන්දෙත් ලග නිසා ගානක් කපා ගන්න කරන වැඩක් විතරයි

:       4       17

vishaka premathna Wednesday, 08 May 2019 01:16 AM

මහා පොත් කන්දරාවක් උස්සගෙන යන වැඩේට වඩා ගොඩාක් හොදයි. හැබැයි හරියටම ක්‍රියාත්මක වෙන්න ඕනේ. ටැබ් එක හරියටම වැඩ කරන්න ඕනේ ළමයින්ගේ පාඩම් වෙලාවට. එකයි මෙතන තියන ප්‍රශ්නය. අනික තමයි මේවගේ කකුලෙන් අදින සිරිසේන ජනපතිගේ අන නොතකා ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා මහතාත් ආරක්ෂක ඇමති දුරයට පත් කරන්න ට්‍රයි කරන්න. එතකොට ජිවත් බයවෙන්න ඕනේ ද? .

:       90       40

ඈපා Wednesday, 08 May 2019 08:01 AM

උසස් පෙළ ළමුන්ට කොහෙද මහ ලොකු පොත් කන්දරාවක් තියෙන්නෙ ..? ඒ අයට විෂයන් තුනයිනෙ තියෙන්නෙ ..

:       0       121

rocky Wednesday, 08 May 2019 01:47 AM

පිටිසර පලාත්වල සමහර පාසල් වල ගොඩනැගිලි පවා අබලන්ව පවතින බව මාධ්‍යවලින් පෙන්නලා දෙනවා. අඩු ගානේ ඒවා ගැන වත් බලන්නේ නැතුව මොකෝ මේ `ටැබ් කුලප්පුව` .. කාගේ ඕන කමකටද? බොහොම ඉහල කොමිස් පාරක් වදිනවා ඇති, අධ්‍යාපන ඇමති තුමාට! දිය යුතු දේවල් දෙන්නේ නැතුව අනවශ්‍ය දේවල් බලෙන් දෙන්න හදන පුදුම දේශපාලුවෝ නේ, අපේ රටේ ඉන්නේ!

:       34       90

sanaWednesday, 08 May 2019 06:13 AM

ඔව් අපි පිටිසර පැතිවල ගුරු පාර තියෙන හන්දා අධිවේගී මාර්ග හදන එක නවතමු. ගමක මිනිස්සුන්ට යන්න සංගිලි පාලමක් තියෙන හන්දා නගරේ ගුවන් පාලම් හදන එක නවතමු. රෝහල්වල පහසුකම් සමාන වන තුරු පෙට් ස්කෑන් යන්ත්‍ර ගන්න එකත් නවතමු. අපරාදේ ඔයාට උගන්නවන්න කලින් ඔයාගේ අම්මලා තාත්තලා කාලා බීලා ඇඳලා කරලා සේරම සම්පූර්ණ කරගෙන හිටියේ නැත්තෙ

:       163       38

C.K.Lankaputhra Wednesday, 08 May 2019 02:00 AM

හොඳ දෙයක් කරන්න ගියත් නරක දේ කරන්න ගියත් මිනිස්සු විරුද්ධයි. ඒ මේ රටේ මිනිස්සුන්ගේ හැටි. කලත් වැරදියි නොකලත් වැරදියි. අවශ්ය නම් මහ පාර අවහිර කරල මේකට විරුද්ධව උද්ගෝශනය කරන්නත් කෙනෙකුට පුලුවන් මිනිසුන්ව පොලඹවන්න. මේ රටේ හැමදෙයක්ම දිහා බලන්න මිනිසුන් පුරුදුවෙලා හෝ පුරුදුකරවා තියෙන්නේ තමන්ගේ දේශපාලන ලැදියාව අනුව. අතලොස්සක් හැරෙන්න යමක් ගැන තර්කානුකුලව හිතල තීරන ගැනීම අපේ මිනිසුන්ට හුරු නෑ. මේකයි ඛේදවාචකය.

:       170       154

jayasekaraWednesday, 08 May 2019 06:10 AM

ලංකාපුත්‍ර.....ලංකාවේ නෙමේද ඉන්නේ? තව කොච්චර අඩු පහසුකම් ඇති ඉස්කෝල ලංකාවේ තියෙනවද? දැන් මේකද ලොකුම අඩුපාඩුව.... මේ ආණ්ඩුව අතීසාරයට අබුඩේ ගහනවා......

:       18       81

Perakum Wednesday, 08 May 2019 02:01 AM

"කොමිස්" කොතරම් බලසම්පන්නද කියල දැන් තේරෙනවද? බල්ලට රට කොමිස් අපට...!!!

:       6       116

Thushsara Wednesday, 08 May 2019 02:19 AM

මේ වගේ සීනිබෝල වැඩ කරන්න අගමැතිතුමා හරි දක්ෂයි , කොළඹින් පිට පොඩ්ඩක් ගිහිල්ල බැලුවනම් හරි ඒ පාසල් කොච්චර අඩුපාඩු තියනවද කියලා

:       71       114

යාපා Wednesday, 08 May 2019 02:24 AM

කොමිස් කුට්ටියට මේ පෙරේත ඇමතිවරුන්ගේ ක්‍රියාකලාපය හිරිකිතය. ගස් යට ඉන්න ලමයි වෙනුවෙන් වැඩපිලිවෙලක් හදන්න කිසිම උනන්දුවක් නැති මොවුන්ට මෙයට තිබෙන උනන්දුවෙන්ම ඇත්ත තේරුම්ගන්න පුලුවන්.

:       14       50

මවුබිමේ අනාතයා Wednesday, 08 May 2019 02:47 AM

තව අවුරුද්දෙන් අඩුතරමින් ඔය එලෙවල් ඡන්ද් 50% වත් ලබාගැනීම පරමාර්තයනම් ඒවා හරියන්නේ නැහැ. මොකද අලුත් ඡන්ද ගැම්මට දෙන්නෙ අවංකව රට ගැන හිතලා. ඔවුන් කාගේවත් බැලයෝ වෙන්ඩ කැමති නෑ.

:       15       115

ඈපා Wednesday, 08 May 2019 02:48 AM

අඩුම තරමෙ ලෙඩ සහිත ලැප්ටොප් දීම නවතා ඕවා විශ්වවිද්‍යාල සිසුන්ටවත් දුන්න නම් ඔවුන් ඒවායේ නියම පල ප්‍රයෝජනය ලබා ගනීවි..

:       72       81

Hemantha Wednesday, 08 May 2019 02:50 AM

මීට වඩා හොඳයි උසස් පෙළ කොල්ලන්ට ක්‍රිකට් පිත්ත ගානේ දුන්න නම්. ඇමතිය එනකොට හොඳට පාවිච්චි කරයි.

:       13       75

ලුම්බිණි Wednesday, 08 May 2019 03:41 AM

මම හිතනවා මේ රුපියල් කෝටි 350 මීට වඩා පාසල් වලට අවශ්‍ය දේකට වියදම කල යුතුව තිබුනා.

:       10       51

Amila Wednesday, 08 May 2019 03:55 AM

මේ රටට ජනාදිපති වරයෙක් අවශ්‍ය නැත

:       3       18

rama Wednesday, 08 May 2019 03:55 AM

ළමයි ස්කොලේ එන්නේ නැති නිසා ගෙදර ඉඳන් ඉගෙන ගන්න වෙන්න ඇති ටැබ් දෙන්නේ.

:       8       43

jerry Wednesday, 08 May 2019 03:58 AM

ටැබ් හැමෝටම දීලා තිබුණා නම් පවතින මේ දුෂ්කර කාලවකවානුවේදී දරුවන්ට නිවසේ සිට ගුරුවරු හා සම්බන්ධ වී අධ්‍යාපන කටයුතු කරගෙන යාමට හැකියාව ලැබෙනවා.

:       66       100

tablet Wednesday, 08 May 2019 04:18 AM

මෙහෙමත් මෝඩ මිනිස්සු, මේ අය නම් ඉන්නෙ ගල් යුගයෙ ලිදක් අස්සෙ. මගෙ පුතාට අවුරුදු 6, ඉස්කොලෙ ඉගෙනීම තනිකරම ටෑබ් එකෙන් හරි කොම්පියුටර් එකෙන්. මෙහෙ ලමයිව නව තාක්ෂණයට යොමු කරන්නෙ මේ විදිහට. කරුනාකරලා මේ ලමයිගෙ අනාගතේ විනාශ කරන්න දෙන්න එපා පටු විදිහට හිතලා. ඉස්කොලෙවට අඩු පාඩු ඈති, නමුත් මේ වගේ දෙයක් එක්ක ඒවා සසදන්න එපා. මේක් ඉතා අගනා දෙයක් ලමයිට දෑනුම වෑඩි කරන්න. අපේ අය හිතන්නෙ ටෑබ් කොම්පියුටර් තියෙන්නෙ වල් වෑඩ කරන්න කියලා. ලිදෙන් එලියට එන්න කස්ටිය.

:       267       149

tabletWednesday, 08 May 2019 06:22 AM

මට ඩිස්ලයික් දාන කස්ටිය කොමෙන්ට් කොටන්නෙ ගල් ලෑල්ලකද? දෑන් මේ අය හිතන විදිහට, සමහර ඉස්කෝලවල ලමයිට ජීවිත කාලෙදිම තොරතුරු තාක්ෂනය ඉගෙන ගන්න බෑ. ඒ ඉස්කෝලෙ ළමයි ඉන්න ඕනෙ තමන්ගෙ පාසෑලේ හෑම දෙයක්ම අන්ග සම්පුර්න වෙනකම්, ටෑබ් එකක් , කොම්පියුටර් එකක් ලබා ගන්න. මහා කුහක පටු අදහස්. ඔය කියන විදිහට, රාජ්‍ය සේවකයන්ට , දොස්තරලට කාර්, බයිසිකල් පර්මිට් දෙන්නත් හොද නෑ.. රාජ්‍ය අංශයේ, රෝහල්වල කොච්චර අඩු පාඩු කම් තියෙනවද ?

:       266       164

harsha Wednesday, 08 May 2019 04:20 AM

රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දී එපා කියද්දී ඇයි මේ ටැබ් දෙන්න මෙච්චර දගලන්නේ අකිල ඇමතිතුමා. ටැබ් දෙන්නත් කලින් කොමිස් එක අරන් ඉවර ඇති. දැන් දෙන්නම වෙනවා නේ. 5% කොමිස් එකක් ගැහුවත් කොටි 17.5

:       46       89

Ruwan Wednesday, 08 May 2019 04:21 AM

මෙතන තියෙන අරමුන පැහැදිලි, උසස් පෙල සිසුන් තමයි ඉලගට ඡන්ද දායකයන් වෙන්නෙ, කෙලින්ම ලක්ශ ගානක් ගොඩ දාගන්න පුලුවන්, නැත්නම් විශ්ව විද්‍යාල සිසුන්ට දෙන්න තිබුනනෙ, ඔව්න් දන්නවා උසස් පෙල සිසුන් තමා ලේසියෙන් නම්ම ගන්න පුලුවන් කියලා

:       16       90

siri Wednesday, 08 May 2019 04:35 AM

හයිටි රජයේ තරුණ පරපුර විනාශකළේ ටැබ් දීලා , අපේ තරුණ පරපුරටත් එම විනාශයම කරන්නට පරගැත්තෝ මානබලති.

:       66       52

wimal Wednesday, 08 May 2019 04:39 AM

මේ කඹ ඇදිලි ප්‍රචාරය වීමෙන් මහජනයා තුල ඇතිවෙන්නේ තව තවත් විශ්වාශය බිඳ වැටීමය. කලකිරීම ඇතිවීමය.

:       2       20

ranjith Wednesday, 08 May 2019 04:56 AM

මේ මගින් දරුවන්ට සමාජ මධ්‍ය ජාල වලට අවතීර්ණ වෙන්න පුළුවනි නම් අන්තවාදීන්ට මේ ළමයි ගොදුරු කරගන්න හැකි වෙයිද මේවා ගැනත් හිතල තීරණ ගත්තොත් නේද හොද.

:       0       6

Thushara Wednesday, 08 May 2019 05:33 AM

මේකේ කොමෙන්ට් දාල තියන අම්බරුවෝ කොච්චර කුහකද කියල පේනවා. පාසල් වල අඩු පාඩු ගැන කියන්නේ විෂය නිර්දේශයට අදාළ පාඩම් සහ ටෙස්ට් පරිඝනක ගත කලාම ළමයින්ට ටැබ් එකෙන් ඕන තැනක ඉඳන් ඉගෙනේගන්න පුළුවන් කියන එක තේරුම් ගන්න බැරිද?

:       79       44

himal Wednesday, 08 May 2019 05:41 AM

දැන් මෙතන කට්ටියක් කියනවා කොමිස් ගහනවලු. ඉතින් දන්නවා නම් ඇයි අල්ලස් කොමිසමට යන්නේ නැත්තේ? කට්ටියක් කියනවා ඉස්කෝල්වල වෙන ප්‍රශ්න තියෙනවලු. හැබැයි ටැබ් දුන්නොත් ඔය අයගේ ළමයින්ට ගන්න එපා කියනවද? නෑනේ. අනික ළමයින්ට ටැබ් දෙන්න ඉස්කෝලවල තියෙන සියලුම ප්‍රශ්න විස‍ඳෙනකම් ඉන්න ඕන කියලා දෙයක් නෑ. ඉන්දියාවේ ලමයි වැසිකිළි, සෙරෙප්පු නැතිව හරි තොරතුරු තාක්ෂණය ඉගෙන ගත්තා. අද ඉන්දියාව තොරතුරු තාක්ෂණයෙන් කොතනද ඉන්නේ?

:       37       59

AkilaWednesday, 08 May 2019 06:12 AM

ඉන්දියාවේ මෙහෙම ටැබ් දීල නෙමයි තොරතරු තාක්ෂනය දියුණු කලේ , අනික ඔය ටැබ් එකෙන් කරන්න පුළුවන් ඉන්ටෙනට් යන එකයි , ගේම ගහන එකයි , එකෙන් පලවෙනි එක කෙසේ වෙතත් දෙවෙනි එකනම් කරයි කට්ටිය , ඉන්දීය ගැන කතාකරපු හින්ද ඉන්දියාවේ මුම්බායි වල අද හැටි ගිහින් බලන්න , ලෝකේ නවීන නගරයක් විදිහට එක දියුණු කරලා තියෙන්නේ ඒගොල්ලෝ , අපේ එහෙමද කොටුව ප්‍රධාන දුම්රිය පොළ පැත්තේ ගිහින් බලන්න ,හතරවෙනි ලෝකේ තියන නගරයකටත් වඩා අන්තයි , ඔය සල්ලි වලින් ගොඩක් දේවල් කරන්න පුළුවන් ලංකවේ

:       40       6

akila dadWednesday, 08 May 2019 06:37 AM

ඔයාගේ පුතා එහෙමද කරන්නේ ? ටැබ් එකේ ඇක්සෙස් කොන්ට්‍රෝල් කරන්න පුළුවන් කියල දන්නේ නැද්ද?

:       14       4

AkilaWednesday, 08 May 2019 07:21 AM

උසස් පෙළ කරන කොල්ලොන්ටද ඔයා ඇක්සස් කොන්ට්‍රෝල් දාන්න යන්නේ ? නිකන් විහිලු කතා කියන්න එපා

:       50       36

himalWednesday, 08 May 2019 07:54 AM

තමුන්ට ටැබ් එකක් තියා පරිගණයක් ගැන තබා තොරතුරු තාක්ෂණය ගැන තියෙන දැනුම පේනවා දාලා තියෙන ප්‍රතිචාරයෙන්. ටැබ් එකක පිවිසුම් පාලනයක් කරන්න හැකියි වගේම ඇයි ටැබ් එක නිසා ඉගෙනුම් ක්‍රියාවලියට වෙන පහසුව පේන්නේ නැත්තේ? තමුන් වගේ කුහකයෝ අභ්‍යාස පොත් එන කාලේ හිටියා නම් කියයි ගල් ලෑලි විතරයි කියලා.

:       48       12

Nimal Wednesday, 08 May 2019 05:52 AM

පාලන අධිකාරියේ නාකයින් හට එකට වැඩ කරන්න බැරි ආණ්ඩුවකින් රටට පලක් තියේවිද? යම පාලනයකින් යහපාලනයක් හොයාල අපිත් කරගත්තු මෝඩ කමක හැටි!

:       20       27

Indhika Wednesday, 08 May 2019 06:17 AM

මට නම් මේක ඉතාම හොද පුවතක්. මම ඉන්නෙ විදේශ රටක. මගේ මාමා දුශ්කර පාසලක විදුහල්පති කෙනෙක්. එයාගෙ පාසලේ බිල්ඩිමක වහලය අලුත්වැඩියා කරල දෙන්න පුලුවන් ද කියල ඇහුව ටික කාලෙකට කලින්. බලදාරීන් කරල දෙන්නෙ නැති නිසා. මම මගේ යාලුවො දෙන්නෙකුත් එකතු කරන් වැඩේ කරල දුන්න. වැඩ ඉවර වුනේ දෙසැම්බර් අග. තව එක බිල්ඩිමක් තියෙනව. ඒකෙ වියදම මට දරන්න බැරි නිසා ඒක මම ඉගෙන ගත්ත පාසලේ ආදිශිෂ්‍ය සංගමයෙන් කරන්න මම කටයුතු සංවිධානය කරල තියෙන්නෙ. දුශ්කර පාසලටත් ටැබ් දුන්නොත් අලුත් බිල්ඩිමේ වහලෙ උලු වෙනුවට පාවිච්චි කරන්න පුලුවන්. කොහොමත් ඒව පාවිච්චි කරල උගන්වන්න ගුරුවරු ඒ පාසලේ නැතිත් එක්ක.

:       128       225

දිලමු Wednesday, 08 May 2019 06:43 AM

රටේ ආරක්ෂාවට හෝ එදා පාස්කු ඉරිදා දින වූ ඛේදවාචකය දැන දැනත් ඒ සඳහා නිසි පියවර ගැනීමට නොතිබූ ටැබි දීමට තිබූ මේ උනන්දුව මොකක්ද. ඊලග ඡන්දෙන් මේ කාලකන්නි පැරදෙන බව මුන් දන්නවා. මුන් දැං හදන්නේ ඉන්න ටික කාලෙද බැරිවෙච්ච සීනී බෝල වැඩ ටික සම්පූර්ණ කරල කොමිස් ටික කඩා ගන්න. එහෙම නැතුව ලංකාවෙ ළමයි ගැන දුකක්වත් මේ රට සංවර්ධනය කිරීමේ හෝ නූතන ලොව කරා ගෙන යාමේ උනන්දුවක්වත් මේ පරයින්ට නැත. නූතන ලොක්යට අපේ ළමයා ගෙනයා යුතු නම් මේ කල යුත්තේ ටැබ් දීම නොව යල්පැන ගිය විෂයමාලා වෙනුවට නිර්මාණශීලි පර්යේෂනාත්මක බවින් වැඩි ව්ෂයමාලා හදුන්වාදී ගුරුවන්ට නිසි පුහුණුව ලබාදී ඒවා පාසැල්වල ඉගැන්වීමට කටයුතු කිරීම හා හැම පාසැලකටම ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීමයි. නොදකින් මේ අය අපිට ආයෙත් දක්නිනටවත් නොලැබේවා.

:       11       113

NuwanWednesday, 08 May 2019 08:08 AM

ඔබට ස්තුතිිය , ඔබ පමණයි සැගවුණු අදහස සමඟ ගතයුතු ක්‍රියාමාර්ගයත් දැනුවත් කලේ.....

:       11       4

ravi Wednesday, 08 May 2019 07:30 AM

ඕක ඉතින් අහන්න දෙයක් නොවෙයි ... බුද්ධ පුජාව පුජා කරන්නත් ඉස්සෙල්ල ... එකේ තියන මාලුකැල්ල හොරෙන් ගිලින මනුස්සයෝ ඉන්න රටේ ඕක මොකද්ද ..

:       0       3

Chadra Wednesday, 08 May 2019 07:36 AM

ජනපතිතුමනි, ඔබේ දරුවන්ට ඔබ කොම්පියුටර් අරන්දුන්නා නේද ඉගෙනුම පහසු කරගන්න. ඇයි ඒ පහසුකම් සාමන්‍යය මිනිස්සුන්ගේ දරුවන්ට ලබාදෙනවට අකමැති වෙන්නෙ.

:       31       51

banda Wednesday, 08 May 2019 07:52 AM

කුහකයෝ මොනවා කිව්වත් මේක හොද වැඩක්

:       52       14

sam Wednesday, 08 May 2019 09:10 AM

මේ ටැබ් එකෙන් උගන්වන්නේ මොනවද? ඒවා රටේ හැම උසස්පෙළ ළමයාටම දෙනවා නම් ඒ ළමයින්ට මේවායෙන් උගන්වන්න පුළුවන් ගුරුවරු ඉන්නවද? එහෙම නැත්නම් ළමයින් මොකද කරන්නේ? ටැබ් එකෙන් අවශ්‍ය ප්‍රයෝජන ගන්න යටිතල පහසුකම් තිබෙනවද? මෙයින් ළමයින්ට සහ සමාජයට සිදුවන හොඳ සහ නරක දෙකම හිතලා අවශ්‍ය පිළියම් යොදලා තිබෙනවද? මේ සියල්ලම හොයලද මේවා දෙන්නේ නැතිනම් රත්තරන් බ්‍රේස්ලට් දෙන්න හිතුවා වගේ ඡන්දෙ විතරක් බලාගෙනද? මේ අපේ රටට වැහි නැති හෙන පාත්වෙන වෙලාවක මේ වැඩේ කරන්නේ... මම ඉන්නේ පිටරටක, වැඩ කරන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ ඉගැන්වීම සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ රජයේ ආයතනයක. මේ ඉතාමත් දියුණු රටේ ළමයින්ට ලැප්ටොප් දෙන්නේ ඔය කියූ සියලු දේ බලලා...

:       114       55

samThursday, 09 May 2019 10:18 AM

මේකට ඩිස්ලයික් දාන කට්ටිය කරුණාකරලා මුලින්ම අහලා තියෙන ප්‍රශ්න පහට උත්තර දෙන්න.

:       0       0

BamunuarachchiThursday, 09 May 2019 10:51 AM

ඩිස් ලයික් දාපු අය ටැබ් කියන්නේ මොනවද කියාවත් දන්නේ නැත.

:       114       0

AkilaFriday, 10 May 2019 02:48 AM

එහෙම ඉගැන්වීමක් සඳහා මේක යොදාගන්න හදනවනම් එක තමයි මේගොල්ලෝ මුලින් කියන්න ඕනේ , ටැබ් එක එකට අවශ්‍ය තාවයක් නිසා ටැබ් බෙදනවා කියලා කියන්න පුළුවන් එත් මෙතැන් එහෙම දෙයක් මන් දැක්කේ නැහැ , පොලවේ පය ගහල ජිවත් වෙන්නේ නැති දේශපාලුවෝ බලයට එව්ව එකේ ප්‍රතිපල තමයි මේ වගේ අනවශ්‍ය මුදල් නාස්තිය

:       0       2

ඈපා Wednesday, 08 May 2019 09:18 AM

එක පාට කණ්ණාඩියකින් බලන ඔයාලා වගේ අයට නම් එහෙම වෙන්නැති..

:       4       2

Perakum Thursday, 09 May 2019 02:11 AM

19 පාස් කරගෙන ඇන ගත්ත ගම රාළට හොඳ පාඩම. අපේ රටට විධායක බලතල උපරිමයෙන් අවශ්‍ය බව දැන් වත් තේරුම් ගත්තොත් හොඳයි.

:       1       64

පෙරේරා Thursday, 09 May 2019 07:44 AM

ඕක තමා රටෙහි තියෙන එකම අඩුපාඩුව.

:       0       1

ඩි.එදිරිසිංහ Thursday, 09 May 2019 11:04 AM

රටේ ආරක්ෂාවට අධි තාක්ෂණය එපා

:       10       0

චතුරංගනි Friday, 10 May 2019 04:00 AM

ටැබ් එක විතරයි අඩු සමහර පාසල් වල ළමයින්ට යන්න වැසිකිලියක් හරියට නෑ.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 21 0

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 348 0

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 660 4

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 250 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 207 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 255 3

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1516 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site