IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ජනපතිගේ ප්‍රධානත්වයෙන් නව සන්ධානයක්

(ඩයනා උදයංගනී)
          
එළඹෙන  ඕනෑම මැතිවරණයකට මුහුණ දීම සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහභාගීත්වයෙන් යුත් නව පුළුල් සන්ධානයක් ගොඩනගන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා පැවසීය.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද ඒකරාශී කරගනිමින් පිහිටුවන එම සන්ධානය සමඟ අත්වැල් බැඳගන්නා ලෙස දේශපාලන පක්‍ෂ හා විවිධ සංවිධාන වෙත තමන් ආරාධනා කරන බව ද මහලේකම්වරයා සඳහන් කළේය.


මෙම සන්ධානය සඳහා සුදුසු ලකුණක් පිළිබඳව මේ දිනවල සාකච්ඡා කරමින් සිටින බව කී මහලේකම්වරයා එයට පොදු නමක් යොදාගැනීමට හා පොදු ව්‍යවස්ථාවක් සකස් කිරීමට පියවර ගන්නා බව ද කීවේය.


එමෙන්ම පාර්ලිමේන්තුව විසුරුවීමට ජනාධිපතිතුමා ගත් තීන්දුව සම්බන්ධයෙන් අධිකරණය ලබාදෙන තීන්දුව දෙස බලා සිටින බව කී මහ ලේකම් රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා ලැබෙන තීන්දුව අනුව ඉදිරි ක‍්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ද ප‍්‍රකාශ කළේය.


එම තීන්දුව අනුව මහ මැතිවරණයකට යා හැකිනම් එයට සූදානම් වන බව කී මහ ලේකම්වරයා මහ මැතිවරණයකට යා නොහැකි නම් බහුතර බලය හිමි ආණ්ඩු පක්‍ෂයක් ගොඩනගන බව ද කීවේය.
 



අදහස් (47)

ජනපතිගේ ප්‍රධානත්වයෙන් නව සන්ධානයක්

පිටිගල මිලානෝ Sunday, 09 December 2018 09:27 AM

සුදුසු ලකුණ මෙතන ලිව්වොත් වැඩක්වෙන එකක් නැහැ....

:       68       437

SilverSunday, 09 December 2018 10:23 AM

අම්මෝ... පොදු අපේක්ෂක වෙන්න ආයෙමත්... වෙන්න වෙන්න එ්කටනේ මේ නැටුම් ඔක්කොම...

:       133       385

RaveendraSunday, 09 December 2018 11:28 AM

මම යෝජනා කරනවා ඉඳිඅාප්ප ලකුණ... කවුරුත් විරුද්ධත්වයක් ප්‍රකාශ කරන්නේ නැහැ නේද? හැබැයි " කලවැද්දත් " නරකම නැහැ... කොළ හිඟන්නන්ට දෙමු " මහා බැංකු ලකුණ"

:       134       566

BamunuarachchiSunday, 09 December 2018 11:31 AM

අනේ මෙතන ලියන්න එපා එක ඔබටම තියාගන්න. එච්චර ආසානම් නළලේ පච්ච කොටාගන්නකෝ. අපිනම් දන්නවා ඔබේ ලකුණ ඒ වුණාට කියන්න මොකක්ද වගේ...

:       150       263

Bangomunu.Monday, 10 December 2018 05:25 AM

මෙයාගේ ලකුණ නම් අර නළලේ පිහිටියාම කව්දෝ ආඩම්බර වෙනවයි කියන අක්ෂර තුනේ එක වගෙයි පේන්නේ...

:       0       34

raviMonday, 10 December 2018 09:29 AM

"බමුණුආරච්චි" හිතාගෙන ඉන්නේ , දැන් එයා තමයි" මහදැනමුත්තා කියලා ..!!! අන්තිමට... ඔලුවත් නැහැ. කළෙත් නැහැ.. තාප්පයත් නැහැ.. !

:       1       14

Chanak los angelesSunday, 09 December 2018 07:04 PM

ඇයි මේ ලංකාවේ මිනිසුන් හොරුන්වම ජනතා නායකයන් ලෙස පත්කරගන්න හදන්නේ ?

:       0       0

chamara Sunday, 09 December 2018 09:30 AM

ඔබ මෙතෙක් අපේ රටට කළ දේවල් දැක දැක අපි ඉන්නේ අාපහු ඔබ ඡන්දය ඉල්ලගෙන එනකල් තමයි. එන්න දෙන්නම් හොඳ කතිරපාරක්...!

:       195       739

LapayaSunday, 09 December 2018 09:59 AM

අපි දෙනවා මහබැංකුව නැතිව ඉතුරු බැංකු ටිකටත් වැඩක් දෙන්න පුළුවන් කෙනෙකුට.. කොහේහරි අමාත්‍යාංශයක උපදේශක හරි, අලෙවි ප්‍රවර්ධනකමක් හරි ලැබෙයි නේද?

:       69       350

sandy123Sunday, 09 December 2018 12:34 PM

ඡන්ද සලකුණ ලපය....

:       0       0

jim kuru Sunday, 09 December 2018 09:41 AM

වැඩේ කෙලවෙලා වගේ.... කෝ දැන් පොහොට්ටුව නැද්ද?

:       83       470

athula Sunday, 09 December 2018 09:48 AM

රටට කරලා තියෙන විනාශය නිසා එ්කත් විනාශ කරන්න සන්ධානයක් හදපල්ලා...

:       91       516

dias Sunday, 09 December 2018 09:51 AM

සිරිසේන නාමය අමරණීයයි. ඔබතුමාම ජනාධිපතිකමට සුදුසුයි.

:       1660       1022

සනත්Sunday, 09 December 2018 10:31 AM

පිස්සන්ටත් ඡන්දෙ දෙන මිනිස්සු... මුතුහෙට්ටිගම ඉන්න නිසා ඇපේ නම් කැන්සල් වෙන්නේ නැතිවෙයි.

:       0       0

nishanMonday, 10 December 2018 08:46 PM

ඕවා අහලා සාටක ඇත්තන්ට මල පනිද දන්නේ නෑ.

:       0       0

Janaka from Matara Sunday, 09 December 2018 09:56 AM

මානසික අාබාධිතයින්ගේ නව ජාතික සන්ධානය...

:       92       1026

sirimal Sunday, 09 December 2018 10:04 AM

ඔය සන්ධානයට පොහොට්ටුවේ කට්ටිය එයි කියලා තමා අපටත් බය. එක පක්ෂයක සාමාජිකත්වය තියාගෙන වෙනත් පක්ෂයකට බැඳීම නීත්‍යානුකූලද? එහෙම කට්ටියට දැන්නම් අම්ම මුත්තා කීවත් විනයානුකූලව කටයුතු කරන එකක්නම් නැහැ. මේ දඟලන්නේ ඒ ගොල්ලන්ගේ පිහිටෙන් ගොඩ යන්න වගෙයි අපට නම් පෙනෙන්නේ...

:       0       362

chamath Sunday, 09 December 2018 10:22 AM

මොනවා කිව්වත් ඔබතුමා නියම නායකයා බව අනාගතයේදී මෝඩයින්ට තේරෙයි. එ්කනිසා ඔබතුමා සමග උගත් ජනතාව ඉන්නවා... ජයවේවා!!!

:       961       832

senaSunday, 09 December 2018 01:40 PM

කීයේ පන්තියට යනකම් උගත්ද?

:       0       313

RaveendraSunday, 09 December 2018 03:37 PM

chamath මයා වෙත, ඔබගේ අදහස් ඉතාමත්ම කාලෝචිතය. පැරණි කියමනක් තියෙනවා " මෝඩයෝ දහසක් එක්ක තර්ක කර දිනුම ලබාගත හැකියි.. එ්ත් එක් උගතෙක් එක්ක තර්ක කර කවදාවත් දිනන්න බැරි බව ." එය මේ ඔබ කියන උගතාටත් වලංගුයි. කරුණාකර නිල්, කොළ, රතු පාදඩයන්ගේ මූසල පක්ෂවලට ගැති නොවන්න. අපගේ මාතෘ භූමියට අවංක මිනිසුන් සමග එකතු වන්න. පළමුව අප අපට අවංක වෙමු.

:       0       0

jagath Sunday, 09 December 2018 10:30 AM

හොර තක්කඩියන්ගේ සන්ධානය...

:       56       1028

shan saudi Sunday, 09 December 2018 10:33 AM

රජවීම සදහා කරන නිමක් නැති " සිරිසේන නියාය " රටට ආදරය කරනවා නම් කරන්න ඕනේ සන්ධාන හදන එක නෙවේ. මේ ව්‍යවසනයෙන් රට මුදවා ගන්න එක මෙයාගේ මොලේ අමාරුවක්ද කොහෙද?

:       0       0

Buddika Sunday, 09 December 2018 10:36 AM

සිරිසේන නාමයම රටට හෙනයක්... සියලුම චෝදනාවලට රාජපක්ෂ පිළිතුරු දිය යුතුයි. රටේ ජාතික ධනය අම්මගෙ, අප්පගේ බූදලයක් නෙවෙයි. සියල්ල කරලා සුදුත් ඇඳගෙන පන්සලුත් යනවා...

:       303       1174

dewa Sunday, 09 December 2018 10:54 AM

එලඑල ඔහොම්ම එන්නකෝ ඩබලම...

:       105       612

Bamunuarachchi Sunday, 09 December 2018 11:26 AM

එතකොට රනිල්ගේ සන්ධානයට මොකක්ද කියන්නේ? දෙමළ සන්ධානය රනිල්ට සහය පල කරන දමා ඇති කොන්දේසිවලට ඔබලාත් කැමතිද? 2015 ඡන්දය දුන් ජනතාවගෙන් 42% අකමැතිව තිබියදී 45% ඡන්ද ලබාගත් රනිල්ගේ හිතුමතේට ද්‍රවිඩ සන්ධානයේ ඉල්ලීම් ඉටුකරන්න රනිල්ට අයිතියක් තිබෙනවාද?

:       0       0

nihal Sunday, 09 December 2018 11:41 AM

පොදුජන පෙරමුණ බිහිවීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වූ විනාශයේ වගකීමෙන් ගැලවීමට ජනාධිපතිතුමාගේ සට කපට ක්‍රියාවෙන් පොහොට්ටුව විනාශකර එක්සත් ජනතා සන්ධාන වෙනුවට එයට නව නමක් දී ඒ සංධානයේම නායක වී පරණ තැනටම ඒමේ ක්‍රියාවට පොදු මහත් ජනතාවම එයට කැමති වේවිද කියලයි සැක...

:       0       13

රවින් Sunday, 09 December 2018 12:37 PM

සුදුසුම සලකුණ තමා "අාප්පය".

:       0       0

dadi Sunday, 09 December 2018 12:40 PM

මෙයාගේ නායකත්වයෙන් එන්න මහින්දට පිස්සුද? තියන ඡන්ද ටිකත් නැතිවෙයි. වෙනම ඉල්ලලා ඕනෑ වුණොත් පසුව එකතු වෙන්න. තවත් ලණු කන්න එපා.

:       0       0

කර්තිනි රහීම් Sunday, 09 December 2018 01:04 PM

කොන්සේර්වටිව් පක්ෂය

:       0       0

de silva Sunday, 09 December 2018 01:27 PM

කටුස්සා ලකුණ සුදුසු බව මගේ අදහසයි... තහනම් වචනය ආප්පයයි.

:       0       255

rohana kumara mendis Sunday, 09 December 2018 04:20 PM

මොන පෙරමුණවල් හැදුවත් මොනවා කළත් ඔය කට්ටිය පරාදයි හොඳේ... ජනතාවගෙන් උසාවිවලින් ප්‍රතික්ෂේපයි ලෝකෙන් ප්‍රතික්ෂේපයි.

:       0       0

Kumara Sunday, 09 December 2018 05:33 PM

කරුණාකරලා ඔය මෝඩතකතීරු සෙල්ලම ගෙදර ගියා නම් තමයි වඩා හොඳ...

:       0       0

Nandalal DE SILVA - France Sunday, 09 December 2018 06:03 PM

ඡන්ද ලකුණ හැටියට "අත" එපා... "පොහොට්ටුව" එපා.... "ආප්පය" ළඟ "කළු කෝපි" ලකුණ නම් නියමයි..! ප්‍රධාන කාර්යාලය සඳහා අංගොඩ මානසික රෝහලේ හිස් වාට්ටුවක් ඉල්ලාගන්න..

:       0       0

Chanak los angeles Sunday, 09 December 2018 07:17 PM

ලංකාවට නිදහස ලැබී අවුරුදු 30 යි කියපු කෙනෙක්වද නායකත්වයට ගෙනෙන්න හදන්නේ ?

:       0       0

Reality Check Sunday, 09 December 2018 10:03 PM

ලබන ඡන්දයෙන් ජනතාව කරන්නේ සුදුසු අය පත්කිරීම නොව, ඉන්න බල- පෙරේත, ජනතා ද්‍රෝහීන්ව සදහටම එලවා දැමීමයි.

:       0       0

rocky Monday, 10 December 2018 01:42 AM

සත්‍යය පිළිගැනීමට තරම් විචාර බුද්ධියක් නැති මිනිස්සු අනිත් අය මෝඩයන් හැටියට හඳුන්වන බව සමහර කොමෙන්ට්වලින් පේනවා. සාමාන්‍යයෙන් මෝඩයා හිතන්නේ තමා හරි බුද්ධිමතෙක් කියලයි! මේ ජනාධිපතිතුමා ඇත්ත වශයෙන්ම ඉතිහාස ගත විය යුතුයි. ඒ මොන හේතුවක් නිසාද කියා කියන්න ඕන නැහැනේ?

:       0       0

Deepal Nirosh Monday, 10 December 2018 03:23 AM

ඕක අරමුණු කරගෙන ද මේ වියවුල් සහගත දේශපාලන පරිවර්තනය කළේ? හිටපු අගමැති ඉවත් නොකර සන්ධාන ඇමතිවරු පමණක් ඉවත්කරගෙන ජවිපෙ හා ටීඑන්ඒ සහායෙන් එජාපයට ඉතිරි ආණ්ඩු කාලය ගෙනයන්න දීල ඕක කරන්න තිබුණණෙ. එහෙනම් මේ දේශපාලන අවුලත් නැහැ. විනාශකාරී 20 වන ව්‍යවස්ථා සංශෝධන අනුමත වෙන්නෙත් නැහැ.

:       0       1

vidya Monday, 10 December 2018 03:42 AM

අපේ ගමේ වේද මහත්තය ලවා ඔලුව පරීක්ෂා කරලා ඉස කුඩිච්චියක් දම්මවාගන්න ...... මොලේ අමාරු කාරයන්ට ප්‍රතිකාර කරන්නේ එම වේද මහත්තය තමයි........අත්දුටුවයි....ප්‍රත්‍යක්ෂයි

:       0       116

Indunil Priyantha Monday, 10 December 2018 04:39 AM

මගේ ඡන්දෙ මෙදා ජවිපෙට...

:       0       0

Rohana Monday, 10 December 2018 06:25 AM

මුළු රටක් අවුල් කරමින් සිරිසේන උන්නැහේට ජනාධිපති අපේක්ෂයකයා කරන්න ලෑස්ති වනබව මේ ප්‍රකාශවලින් පෙනීයනවා...

:       0       116

de silva Monday, 10 December 2018 07:39 AM

එතකොට ඔබතුමා හිතන් ඉන්නේ මහින්ද මහත්මය ඇතුළු පොහොට්ටුවේ නායකයින් පිරිස "අනේ සර් ඔබතුමා තමා නියම සුදුස්සා, මේවා ඔක්කොම ඔබතුමාම බාරගන්න කියලා" පොහොට්ටුව ඇතුළු සන්ධානයේ නායකකම ඔබතුමාට දීල, 2020දී සන්ධානයේ ජනාධිපති අපේක්ෂකකමත් ඔබතුමාටම දීලා, මැද මූකලානට වෙලා විවේක සුවයෙන් ඉඳීවි කියලද?

:       0       104

Jehaan Monday, 10 December 2018 08:10 AM

මෙන්න අපිට විනෝදසමය පෙන්වන්න යනවා. ඇනස්ලි, බර්ටි සැමුවෙල් මහත්වරු කරලියේ නැති හින්දා ඒ පුරප්පාඩුවට අයදුම් කළ උදවියත් ඉන්නවා එහෙනම්...

:       0       5

Chanak los angelesTuesday, 11 December 2018 06:15 AM

ඒ උතුම් කලාකරුවන්ට විහිලුවට හරි මේ වගේ දේශපාලකයන්ව ගාවන එක ජාතික අපරාධයක්.

:       0       0

Ananda Monday, 10 December 2018 09:07 AM

මම යෝජනා කරනවා ඉඳිඅාප්ප ලකුණ... කවුරුත් විරුද්ධත්වයක් ප්‍රකාශ කරන්නේ නැහැ නේද? හැබැයි " කලවැද්දත් " නරකම නැහැ...

:       0       82

leel gunawardena Monday, 10 December 2018 01:24 PM

මුළු ලෝකයටම විහිළුවක් වුණු අපේ මේ පාර්ලිමේන්තුව අවසන් ගමන් යන්නේ කවද්ද?

:       0       12

Chanak los angeles Tuesday, 11 December 2018 07:31 AM

මහාචාර්ය තුමෝ නිර්පාක්ෂික වෙන්න ඉන්න කෙනාට කරදර කරන්නේ ඇයි?

:       0       0

de silva Tuesday, 11 December 2018 03:57 PM

ඔබතුමාට අල්ලපු අත්තත් පයගහපු අත්තත් දෙකම නැතිවෙලා, දැන් කරන්න තියෙන හොඳම දෙය, පාර්ලිමේන්තුව නැවත කැඳවල වැඩි බලේ තිබෙන කණ්ඩායමකට ආණ්ඩුව කරන්න දීල, හෙමිහිට සද්ද නැතුව වෙන්නේ මොකද කියල බලාගෙන ඉන්න එකයි. තවදුරටත් පිස්සු නැටුවොත් 2019 වෙනකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළා කියලා නඩු දෙකතුනකුත් වැටිලා අවසානේ හිරේ, විලංගුවේ වැටෙන්න වෙන්නත් පුළුවන්... උඩින් හිනාවෙලා හිටියට ඔබතුමා 2015දී කළ වැඩේ නිසා පොහොට්ටු කාරයෝ ඉන්නේ ඔබතුමා එක්ක විශාල වෛරයකින්, එජාපෙ ස්ථාවරයත් එයට වැඩි වෙනසක් නැහැ. ඔය දෙකෙන් මොන එක බලයට ආවත් 2020දී ඔබතුමාගේ ජනාධිපතිකම නැතුව ගියොත් ඔබතුමා අමාරුවේ. දැන් ඉඳලම විශ්‍රාම ගියාම දේශපාලන රැකවරණ ගන්න පුළුවන් රටක් හොයාගන්න එක නුවණට හුරුවේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 140 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 360 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 917 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1200 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 412 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 196 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 302 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site